Friday, May 27, 2011

කැරළි

කැරළි යනු කුමක්ද?

Riots Paris 2007.jpg

1. කැරළි හැදින්වීම

යම් සමාජ සන්දර්භයක් සාමකාමී ලෙස දිස් වුවද, මතුපිටින් නොපෙනිය හැකි ප‍්‍රතිවිරෝධතා මෙන්ම එම සමාජයට ආවේණික වු දුර්වලතා හේතු කොටගෙන කැරලි බිහිවීම සිදුවේ. එම කැරලි විවිධාකාර ස්වරූපයන් ගන්නේ එයට පදනම සපයන හේතු සාදක මතයි. සමාජයෙන් සමාජයට කැරලිකාරිත්වය වෙනස් වන්නේ මෙම හේතු සාධකයන්ද සමාජයෙන් සමාජයට වෙනස් වන බැවිනි. මෙම පරිච්ෙඡ්දය තුළදී මෙලෙස හ`දුනාගත හැකි කැරලි පිළිබ`දව සමාජයේ පවතින, විවිධ විද්වතුන් ඉදිරිපත් කළ නිර්වචන සංකල්ප අදහස් ආදිය විමර්ශනයකට ලක් කෙරේ. එමෙන්ම කැරළි නිශ්පන්න වීම කෙරෙහි බලපාන යථාර්ථවාදි සාදක පිළිබ`දවද අප මෙහිදී අවධානය යොමු කළෙමු. සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ විවිධ රූපාකාරයන් ඇත. කැරළි යනු එම සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ එක් රූපාකාරයක් පමණි. සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ අනෙකුත් ශාඛාවන් වන ත‍්‍රස්ත‍්‍රවාදය, සමූල ඝාතන හා කල්ලි ප‍්‍රචණ්ඩත්වය තුළින් කැරළි වෙනස් වන්නේ කෙසේද? ඒවා අතර ඇති සබ`දතාවය කවරේද සොයා බැලේ. කැරළි යන ප‍්‍රචණ්ඩත්වයේ අනුකොටස තුළ ද විවිධ ප‍්‍රවර්ගයන් පවතී. එම වර්ගීකරණයට මූලික පදනම සැපයෙන්නේ කැරළි කෙරේ බලපා ඇති මූලික සාධක, කැරළිවල ප‍්‍රතිඵල මෙන්ම කැරළිවලට සම්බන්ධ පාර්ශවයන් මත වේ. ඒ අනුව කැරළි වර්ගීකරණය තුළදී ප‍්‍රධාන වශයෙන් රස්තියාදුකාරී කැරළි, පොලිස් කැරළි, බන්ධනාගාර කැරළි, වාර්ගික කැරළි, ශිෂ්‍යය කැරළි හා නාගරික කැරළි ලෙස හ`දුනාගත හැක. මේ අනුව කැරළි හා ඒවාට බලපාන හේතුන් ප‍්‍රචණ්ඩත්වයේ විවිධ ස්වරූප හා කැරළි අතර සබ`දතාවය මෙන්ම කැරළි වර්ගයන් පිළිබ`ද මෙම පරිච්ෙඡ්දය තුළදී අවධානය යොමු කෙරේ.

1.1 කැරළි යනු කුමක්ද?

Chumbunt.gif

කැරළි යන සංකල්පය නේෂන් මාස්ටර් විශ්ව කෝෂයට අනුව නිර්වචනය වන්නේ ප‍්‍රචණ්ඩත්වය දේපොල හානි කිරීම වෙනත් අපරාධයන්හි උග‍්‍රතත්වය හා ක්ෂණිකව මතුවන සංවිධානය නොවු කණ්ඩායම්වල ප‍්‍රහාරයන් මගින් නිරූපනය කෙරෙන සිවිල් කැළඹීමක ආකෘතියක් වේ. පුද්ගලයන් කැරළි දියත් කිරීමේදී සහ එය පාලනය කිරීමට උත්සහ ගැනීමේදී කැරළි අවුල් සහගත වේ. එසේම එමගින් රංචු හැසිරීම ප‍්‍රදර්ශනය කරයි.


කැරළි යනු සංසිද්ධිය ප‍්‍රචණ්ඩත්වයේ එක්තරා මුහුණුවරකි. එසේම එය මිනිස් සමාජය තුළ ඕනෑම විටක ක්ෂණිකව පැන නැගීමට හැකියාවක් තිබේ. කැරළිකාරී කණ්ඩායම තම විරුද්ධවාදීන් කෙරෙහි ඇති ප‍්‍රතිවිරෝධය ප‍්‍රචණ්ඩත්වය තුළින් ප‍්‍රකාශනයට පත් කරයි. එහිදී තම කණ්ඩායම පීඩාවට පත් කරන, සුරා කෑමට ලක් කරන නැතිනම් ආන්තීයකරණයට ලක් කරන කණ්ඩායමට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය දියත් කරනු ලබයි. එහිදී දේපොල විනාශ කිරීම, ජීවිත නැති කිරීම පමණක් නොව වෙනත් ආකාරවල ප‍්‍රචණ්ඩත්වයන්ට ද යොමු විය හැක. කැරළි බිහිවන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවු අවස්ථාවක විය හැක. එසේම එය ක්ෂනිකව මතුවන අතර විවිධ ප‍්‍රදේශයන්ටද බොහෝ විට පැතිරී යාමේ ප‍්‍රවණතාවයක් ඇති බව කැරළි විමර්ශනය තුළදී පෙනී යයි. මෙහිදී කැරළිකරුවන් සංවිධානය වීමත් දක්නට නොලැබේ. එතෙක් එම සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය කෙරෙහි පැවති විරෝධතාවය සමාජතලයට මුසු කරයි. කැරළි ඉබේ පහළ නොවේ. එය යම් යථාර්ථවාදී සාදක මත පදනම්ව නිශ්පත්තිය ලබයි. ෘැ්ාකහ ැඑයබසජ රසදඑ යන කෘතිය තුළ හොරෝවිට්ස් දක්වන්නේ වාර්ශික කැරළි යන අහඹු සිදුවීමක් නොවන බවයි. එය පවතින සමාජ ආර්ථික දේශපාලන ව්‍යකූලත්වයේ ප‍්‍රකාශනයකි. සමාජය තුළ සිටින පුද්ගලයන්ට දැනෙන්නාවු පීඩනය, අනෝමීය තත්වය මෙන්ම ඉච්ඡුාභංගත්වය හේතු කොටගෙන කැරළිකාරී තත්වයන් නිශ්පත්තිය ලබයි. එසේම මෙවන් වු ප‍්‍රචණ්ඩ මානසිකත්වයක් ගොඩ නැගීම කෙරෙහි සමාජය තුළින් පුද්ගලයන්ට බලපාන සමාජ ගැටලූ ආදිය බලපාන ලබයි. දුප්පත්කම, අසමානතාවය, උග‍්‍ර රැුකියා හි`ගය වාර්ගිකව වෙනස්කොට සැලකීම, පොලීසියේ ප‍්‍රචණ්ඩත්වය, වාර්ගික සංක‍්‍රමණ, කෝලාහල, ආරක්ෂිත ජාලය යන දේවල් නිසැකයෙන්ම දැවෙන සෑම මුලිකාංග සමස්තයක් නිර්මාණය කරයි. මෙම ගිනි ගැනීම සාධාරණ නිරීක්ෂකයෙකුට බලාපොරොත්තු විය හැක.


මතුපිටින් දක්නට ලැබෙන කැරළිවලට දායක වු ක්ෂණික හෝ ආසන්නම හේතුවන් පමණි. එයට අමතරව දෘශ්‍ය හෝ අදෘශ්‍ය ආකාරයට කාලයක් තිස්සේ සමාජගත හේතු සාදක විශාල වශයෙන් පවතී. මෙලෙස කැරළිකාරිත්වයන් කෙරෙහි බලපාන ක්ෂණික හෙවත් ආසන්නම හේතුව යම් ලෙසකින් සිදු නොවුයේ නම්, කැරළි ඇතිවිය නොහැකි බවට යමෙකුට තර්ක කල හැක. මෙහිදී ඔහු කැරලිකාරීත්වය කෙරෙහි බලපා ඇති සැබෑ සාධක හ`දුනා නොගන්නේ, එම සිදුවීම මතුපිටින් ස්පර්ශ කිරීමේ වරද නිසාවෙනි. එම ක්ෂණික හේතුව ඇති නොවුවත් වෙනත් හේතුවක් පාදක කොටගෙන එම සමාජය තුළ කැරළි බිහිවීම අනිවාර්යය කරුණකි. මෙය ජලය යම් සෙල්සියස් අංශක ප‍්‍රමාණයකදී උතුරන්නාක් මෙන්, වෛෂයික සාධකයන් උපරිමයට සකස් වු ආස්ථානයේදී කැරළි හෝ එවැනි වෙනත් ප‍්‍රචණ්ඩත්වයන් බිහි විය හැක. මෙහිදී නාගරික මුඩුක්කු ප‍්‍රදේශයන්හි නොදියුණු බව දරිද්‍රතායවය, විරැුකියාව, අඩු අධ්‍යාපන මට්ටම යනාදී සාධක දැකිය හැක. එමෙන්ම ධනේශ්වර ආර්ථික රටාව තුළ තිබෙන සංවර්ධනය මෙවන් ප‍්‍රදේශවලට ගලා නොයාම හා රාජ්‍ය යන්ත‍්‍රණයේ කි‍්‍රයාකාරිත්වය හරහා මෙම තත්වයන් අහෝසි කිරීමට කටයුතු නොකිරීමත් සුභ සාධනය අවශ්‍යම අයට ගලා යාමේ දුර්වලතාවයන් ප‍්‍රබල ගැටලූකාරි තත්වයන් බිහි කොට තිබේ. එසේම රාජ්‍ය එක වාර්ගික කණ්ඩායමකට පමණක් විශේෂ වරප‍්‍රසාද ලබාදීම තවත් ගැටලූවකි. වාර්ගික හා ජනවාර්ගිකයන්ට වෙනස්කොට සැලකීම අවම තත්වයට ගෙන ඒමේ වර්ධනය මගින් මුඩුක්කුවල දුප්පතුන් ස්පර්ශකොට නැත. සාමුහික විරෝධතා හා ප‍්‍රචණ්ඩත්වය හරහා දුක්ගැනවිලි නැවත ආමන්ත‍්‍රණය කරන උත්සාහයක් පහත බසින, දීර්ඝකාලීන දුක්ගැනවිලි වර්ධනය වන ප‍්‍රහේලිකාවට අප මුහුණ දී ඇත.


බොහෝ යුරෝපා රටවලට මෙවැනි මුඩුක්කු වැනි වරප‍්‍රසාද අහිමි ජනතාව සංක‍්‍රමණිකයන් වේ. මොවුන් ඉහත පීඩාකාරිත්වයේ ගොදුරු බවට පත්ව ඇත. මෙම ජනයා තම අවශ්‍යතා ඉටු කරවා ගැනීමට මෙන්ම තම දුක්ගැනවිලි කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරවා ගැනීමට උත්සහකරන්නේ ප‍්‍රචණ්ඩත්වය හරහාය. වරප‍්‍රසාද රහිත පංතියේ ඓතිහාසික අත්දැකීම වුයේ තම අයිතීන් දිනාගත හැකි එකම මෙන්ම ප‍්‍රබලම මාධ්‍ය ප‍්‍රචණ්ඩත්වය බවයි. සවිඥාණිකව හෝ අවිඥාණිකව එනිසාම ප‍්‍රචණ්ඩත්වය වැළ`ද ගැනීමට මොවුන් පෙළඹෙන බව වැඩිදුර අධ්‍යයනය කිරීමේදී ප‍්‍රත්‍යක්ෂ වන සනාතන සත්‍යයකි. වර්ධනය වන ඇමෙරිකානු කළු ජාතික හා සුදු ජාතිකයන් එකතු වු කණ්ඩායම විශ්වාස කලේ අසමානතාවය හා වියට්නාම යුද්ධය අවසන් කිරීමට නැවත ආමන්ත‍්‍රණය කළ හැක්කේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය කිරීම හරහා බවයි.


කැරළි කෙරෙහි බලපාන ආසන්න හා ක්ෂණික සාධකයට වඩා සමාජයේ පවතින විවිධාකාර සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික හේතු සාදක කැරළි පුපුරයාමේ ලක්ෂය වෙත ප‍්‍රගමනය කිරීමේදී විශාල කාර්යය භාරයක් ඉටු කරයි. ” ඕනෑම සිදුවීමක් ලේ ගැලීමට දායක විය හැක.” කැරළි ගිනිගෙන දැවෙන ගිනි කන්දකට සමාන කළ හැක. පොළව තුළ කැකෑරෙමින් පවතින ලාවා, පොළවේ යම් දුර්වල ස්ථානයක් හරහා පොළව මතු පිටට පුපුරා යයි. එසේම එම ගිනිකන්ද වරින්වර ජීවය ලබයි. මේ ආකාරයට සමාජය තුළ දැවෙමින් පවතින ප‍්‍රශ්න කැරලි වැනි ප‍්‍රචණ්ඩත්වය හරහා මතුවෙන අතර, එම ව්‍යාකූල ප‍්‍රශ්න නොවිසදී පවතින විට ගිනිකන්ද මෙන් කැරලිද නැවත ජීවය ලබයි. බොහෝවිට පවතින දේශපාලන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වන්නේ එම සමාජ වියවුල කෙරෙහි බලපා ඇති මූල සාදක සොයා පිළියම් යෙදීමට නොවේ. එනම් හේතුන් සොයා නොබලන අතර පිළියම් යොදන්නේ මතුපිට ප‍්‍රතිඵලයට පමණි. නොවැම්බර් 16 බදාදා නාගරික තරුණයන්ගේ කැරලි වර්ධනය කිරීම ස`දහා ප‍්‍රංශ පාර්ලිමේන්තුව හදිසි නීතිය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අනුමැතිය ලබාදේ. මෙලෙස කැරළි මර්ධනය කිරීමේ ප‍්‍රතිපත්තියක් ගෙන යන්නේ නම් බොහෝ විට, කැරළිකාරී මානසිකත්වය තවත් පෝෂණය වීමක් දක්නට ලැබේ. එනිසා යථාර්ථමය විස`දුමක් නොලැබෙන විට මෙන් මර්ධනය රජයේ එකම ප‍්‍රවේශය බවද තේරුම්ගත් විට කැරළි හෝ ප‍්‍රචණ්ඩත්වය තවදුරටත් ව්‍යාප්ත වේ. එසේම කැරළි සමාජය තුළ විවිධාකාර කරුණු පදනම් කොටගෙන ක්ෂණිකව ඇතිවිය හැක. මෙහිදී වාර්ගික කැරළි පිළිබ`ද අවධානය යොමුකළ සමහර විද්වතුන් දක්වා ඇත්තේ උග‍්‍ර ලෙස බෙදුණු සමාජයක වාර්ගික කැරල්ලක් ඕනෑම අවස්ථාවක ඇති විය හැක. අනෙක් අතට සමාන අවබෝධයකින් තක්සේරු කර ඇති ආකාරයට වාර්ගික කැරළි ආර්ථික වශයෙන් පීඩාකාරී කාලවල ඇති වේ.

Riots following Iranian presidential election, 2009.jpg

මෙලෙස වාර්ගික කැරැුල්ලක් පමණක් නොව ඕනෑම පදනමකින් යුක්ත කැරැුල්ලක් මෙසේ එයට අවශ්‍ය සාදක මේරීමට පත්වු ඕනෑම අවස්ථාවක ඇතිවිය හැක. එනම් ඒ ස`දහා අවශ්‍ය වෛෂයික හෙවත් පාරිසරික සාදක නිර්මාණය වී තිබීමේ අනිවාර්යයතාවය බොහෝ කැරළි කෙරෙහි තුළනාත්මක අධ්‍යපනයක් කිරීමේදී පෙනී යයි. සත්‍යවශයෙන්ම ආර්ථික පීඩාවන් උග‍්‍රව පවතින අවස්ථාවල මෙම කැරළි බිහිවේ. සමහර අවස්ථාවන්හිදී මෙයට අමතරව දේශපාලන අවස්ථාවරභාවය සංස්කෘතික අනන්‍යතාවයට ගැටලූ පවතින විටද කැරළි බිහිවිය හැක. එමනිසා මානව ඉතිහාසය පුරාවටම විශාල කාර්ය භාරයක් කැරළි, අරගල, යුද්ධ ආදී ප‍්‍රචණ්ඩත්වයන් මානව ඉතිහාසය හැඩගැස්වීම කෙරෙහි බලපා ඇත. එසේම මානව සමාජයේ දිශානතිය තීරණය කිරීමෙහිලා කැරළි වැනි ප‍්‍රචණ්ඩත්වයන් විශාල කාර්යය භාර්යක් සිදු කොට තිබේ. මාක්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුළින් දක්වා ඇත්තේ ”ඉතිහාසය යනු පංති සටන්වල ඉතිහාසයකි.” එහිදී ඓතිහාසිකව සමාජය පරිණාමය වී ඇති අයුරු පෙන්වා දී ඇත. ග්‍රෝතික, වහල්, වැඩවසම්, ධනවාදී ආකාරයට දක්වා තිබේ. ගෝති‍්‍රක සමාජය තුළ පවතින නිශ්පාදන උපක‍්‍රම දියුණු වීමත් සම`ග සාමුහිකත්වය බි`ද වැටේ. එසේම ශක්තිමත් පුද්ගලයන් අනෙක් දුර්වලයන්ව යටපත් කර ගැනීමත් සම`ග වහල් සමාජය බිහි වේ. මෙලෙස වහල් සමාජය තුළ ප‍්‍රථමවරට පංති සහිත සමාජ ක‍්‍රමයක් බිහි වේ. මේ තුළ පීඩාවට ලක්වන ප‍්‍රවේණිදාසයා ”සමාජ සංවර්ධනයේ යම් අවස්ථාවක” එම සමාජ ක‍්‍රමය පෙරලා දමයි. එය පංති සටනයි. එහි පංති වෛරයද පවතී. මෙලෙස වැඩවසම් හා ධනවාදී සමාජය තුළ සුළුතරය විසින් බහුතරය පීඩාවට ලක් කරයි. එයට එරෙහිව පංති අරගලය හරහා නව සමාජ ක‍්‍රමයක් බිහි කිරීමට කටයුතු කරයි. ධනවාදී ක‍්‍රමය දක්වාම පැවති පංති අරගලය කැරලි බව මාගේ මතයයි. මන්දයත් කැරළි වල මූලික ලක්ෂණය වන සංවිධානාත්මක නොවු බව මෙහි දැකිය හැක. නමුත් ධනේශ්වරය පෙරලා දමන සමාජවාදී ”දැනුවත් විප්ලවය” කරා යන පංති අරගලය මෙයට වෙනස් වන්නේ එයට සමාජය මෙසේ විය යුතු යැයි පැහැදිලි ඉදිරි දර්ශනයක් පවතින බැවිනි. එමෙන්ම ඉතිහාස තලයේ විවිධ වෙනස්කම් ඇති කැරළි මූලික වූහ. වහල් ක‍්‍රමයට එරෙහිව ස්පාටකස් ගෙන ගිය අරගලය, එමෙන්ම වැඩවසම් එංගලන්තය ධනවාදී බවට පදනම සැපයු ක්‍රොම්වේල්ගේ නායකත්වයෙන් සිදුවු අරගලයද කැරැුල්ලක් වේ.


සමාජ ආර්ථික හා දේශපාලන ව්‍යුහය තුළ නිරන්තරව නිශ්පන්න වන්නා වු ප‍්‍රතිවිරෝධතා, පීඩාවන් පුපුරා යාමක් ලෙස මෙම කැරලි හ`දුනාගත හැක. මේ සමගම එතෙක් සිවිල් සමාජය තුළ තිබු පර්යාය හෙවත් පිළිවෙල අවුල්සහගත තත්වයකට පත්වීම යන කරුණු හේතුවෙන් මෙය ර්‍ණක්‍සඩසක ාසිදරාැර’’ ලෙස හ`දුනාගනී. මෙයම සිවිල් ාසිදරාැර එක හෙවත් කැරළි ක්ෂණිකව ඇති වුවද ඒවා අද්භූත හෝ ආකස්මික සිදුවීම් නොවේ. ඒ ස`දහා ඓතිහාසිකව ගොඩනැගුණු හා රාශීභූත වූ විශාල කරුණු සමුදායක් පවතී. ”කැරළි සාමාන්‍යයෙන් ප‍්‍රත්‍යක්ෂ වූ දුක් ගැනවිලි හෝ විරුද්ධතාවයට දක්වන ප‍්‍රතිචාරයක් ලෙස ඇති වේ. ඓතිහාසිකව කැරලි ඇති වී තිබෙන්නේ, පහත් රැුකියා හෝ ජිවන තත්වයන්, ආණ්ඩුවේ වර්ධනය, බදුබර හෝ යුධ සේවයට බලෙන් බ`දවා ගැනීම, වර්ගයන් හෝ ආගම් අතර ගැටුම් හෝ කී‍්‍රඩා කටයුත්තක ප‍්‍රතිඵලයක් ලෙසයි.


මෙලෙස විවිධ හේතු සාධක පදනම් කොටගෙන තවත් අසාධාරණයට ලක් වන්නේය. තමන්ට අයුක්තියක් සිදුවන්නේය, යන හැ`ගීම පුද්ගල සන්තානය තුළ පැල පදියම් වීමේ ප‍්‍රතිඵලය කැරැුල්ලකට ජීවය සපයයි. එසේ අසාධාරණයට ලක්වීම කෙරේ කිසිදු සාධාරණ හේතුවක් නොමැති වීම අනෙක් අර්බුදය වේ. එසේම කණ්ඩායමක් සාධාරණ යැයි කියන දෙය අනෙකාට අසාධාරණයක් විය හැක. පෙර හ`දුනාගත් ආකාරයටම සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ ස්වරූප ගණනාවක් ඇත. ඒ පිළිබ`දව අදහස් දක්වන විද්වතුන් අතර උයහ ාදබ’එ ්පැරසජ්බ ජසඑසැි ඉමරබ ඩැරහ දඓැරබ යන ලිපිය හරහා පෙන්වා දෙන්නේ සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ අංගයන් උප වර්ග ගණනාවක් සම`ග සම්බන්ධ වේ. එසේම එය මිලියන ගණනක් ආකාරවලට පුපුරා යයි. කැරලි විවිධ අවස්ථාවන්හි විවිධාකාර ලෙස මතු වුවද, කැරලි ඉක්මන් කරන සිදුවීම කැරැුල්ලෙන් කැරැුල්ලට වෙනස් වුවද, මෙවැනි ප‍්‍රචණ්ඩත්වයක් බිහිකිරීම කෙරෙහි බලපාන, යටින් දිවෙන, මහා ප‍්‍රවාහය වන්නේ ආතතියයි. මෙම ආතතිකාරීත්වය සමාජයෙන් සමාජයට වෙනස් මුහුණුවරක් ගනී. එසේම යම් යම් සාදක එම සමාජ ක‍්‍රමයන්ට ආවේණික වූ ඒවාද විය හැක. ගෝලීයකරණය වැනි නවීන තත්වයන් බිහිවීමත් සම`ග යම් යම් සමාජයන්ට ආවේණික වූ හර පද්ධතීන්, ආකල්ප සංකල්ප මෙන්ම විශ්වාසයන්ට හානිකර අභියෝගාත්මක තත්වයන් මතු විය හැක. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම සමාජයේ සාමාජිකයන් තුළ ආතතිකාරීත්වය බිහි විය හැක්කේ තම සංස්කෘතික ආනන්‍යතාවයන් අර්බුදයට යාම කරණකොට ගෙන වේ. කැරලි මගින් එය කි‍්‍රයාවට නංවන්නේ අවශ්‍යතාවයන් නියෝජනය කිරීමේ නෛසර්ගික ශක්‍යතාවයන් පවතී. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු නොවන විට, මූලික මිනිස් අයිතීන් කඩවන විට පුද්ගල චිත්ත සමාධිය වැනසී යයි. එනම් ආහාර, ඇ`දුම්, නිවාස, අධ්‍යාපනය වැනි අවශ්‍යතා ඉටු නොවීමත්, ජීවිතයට රැුකියාවට තම මතය නියෝජනය කිරීමට, කැමති ආගමක් ඇදහීමට, කැමති දේශපාලන මතයක් දැරීමට යනාදී ලෙස පවත්නා අයිතීන් උල්ලංගනය වීමත් මෙසේ කැරලි බිහිවීම කෙරෙහි මූලික පදනම සපයයි. එසේම සමාජය තුළ පවතින ආයතන මගින් මෙම තත්වයන් පහ කිරීමට හැකියාවන් නොමැති වී ඇත්තේ එම ආයතනවල අසමත් භාවය හේතුකොට ගෙනය. ර්‍ණඔයදප්ි න්‍ග ීමටරමැ සහ ්බාරුඅ ඡුග ඨදදාප්බ දක්වන්නේ මෙම දුක්ගැනවිලිවලට අතිරේක වශයෙන් ආයතන අසමත් යන හැගීම ඇත. ආණ්ඩුව, පාසල්, පොලීසිය, ආර්ථිකය යන කිසිවක් ඒවායේ පොරොන්දු ඉටුකොට නැත.


මෙසේ පවතින ආයතනවල දුර්වලතාවය හෙවත් අසමත්භාවය යනු යම් සමාජයක පවතින දේශපාලන යාන්ත‍්‍රණයේ දුර්වලතාවයකි. එසේම එය පවතින ආතතිය තිව‍්‍ර කිරීමට උපරිම දායකත්වයක් ලබා දෙයි. මෙසේ සමාජ පසුබිම තුළ විවිධාකාර දුක් කම්කටොලූ හා විවිධ හේතු සාධක ඉහත හ`දුනාගත් ආකාරයට කැරැුල්ලක් ස`දහා සමාජමය වශයෙන් පසුබිම සකස්ව පවතින අතරතුරේදී, මෙම ආතතිකර ප‍්‍රවාහය එක් සිදුවීමක් හරහා පුපුරා යයි. මෙම කැරලි කෙරෙහි බලපාන ආසන්නම සිදුවීම පවා බොහෝවිට පුද්ගලයන් පීඩනයට පත් කෙරෙන ආකාරයේ සිදුවීමකි. ”මාරාන්තික වාර්ගික කැරලි ආවේගකර විශාල වශයෙන් රටාගත සිදුවීමකි. ප‍්‍රථම අවස්ථාවේදී එක් සිදුවීමක ක්ෂණික හේතුවක් ඇත. එම සිදුවීම අවක්ශේපනය හරහා උත්තේජනය කොට මුදා හරී. එය ප‍්‍රචණ්ඩත්වය සාධාරණිකරණය කිරීමට තරම් ප‍්‍රමාණවත් වේ.


මෙහිදී වාර්ගික කැරලි මෙන්ම සමාජය තුළ නිශ්පන්න වන ඕනෑම කැරැුල්ලක් එක් ක්ෂණික හේතුවක් හෙවත් සිදුවීමක් පවතී. එම සිදුවීම හරහා මූලිකව ඇතිවන ඕනෑම කැරලිකාරීතත්වයක් ක්ෂණිකව අවසන් නොවන අතර බොහෝවිට එම ප‍්‍රචණ්ඩත්වය වෙනත් ප‍්‍රදේශ කරාද දිව යයි. එසේම එම ව්‍යාප්තිය වලකාලීම දුෂ්කර කටයුත්තක් බවට පරිවර්තනය වන්නේ අනෙක් අවට ප‍්‍රදේශ පුරාද කැරලි ව්‍යාප්තිය කෙරෙහි සුදුසු අවකාශයක් බිහි වී තිබීමයි. එනම් එම ප‍්‍රදේශවල ජනයාද කැරලි ඇරඹෙන ප‍්‍රදේශයේ ජනයා අත්වි`දින තත්වයන් අත්වි`දිනු ලබයි. ආතතිය, පීඩනය, අවශ්‍යතා ඉටු නොවීම මෙන්ම අයිතීන් කඩවීම මෙම ප‍්‍රක්ශයන්ටද ඉතා හුරුපුරුදු මෙන් උරුම වු දෙයක් ලෙස පවතී. කැරලි ඇරඹීමෙන් පසුවත් එය වර්ධනය කිරීම කෙරෙහි නොයෙකුත් සාධක බලපානු ලබයි. එහිදී ප‍්‍රබලව දායකත්වය සපයන්නේ පවතින දේශපාලන යාන්ත‍්‍රණය හරහා මර්ධනකාරී ප‍්‍රතිපත්තියක් ඇති වීමයි. ”පොලීසියේ කි‍්‍රයාකාරිත්වය හරහා ප‍්‍රචණ්ඩත්වය ඉක්මන් කිරීමේ ඉහළ භව්‍යතාවයක් ඇත. මේ අර්ථයෙන් ප‍්‍රචණ්ඩත්වය යටින් ඇත්තේ පොලීසියට එරෙහි දුක්ගැනවිලි වේ.”

Eco-refugees.jpg

මෙහිදී ඉතාම ප‍්‍රකටව පෙනෙන කාරණය වන්නේ සමාජ වාදීන් දකින ආකාරයටම, පොලීසිය පංති පීඩක උපකරණයක් ලෙස කි‍්‍රයාත්මක වන බවයි. පාලක පංතියේ හා අධිපති පංතියේ අවශ්‍යතාවයන් පොලීසිය කි‍්‍රයාත්මක වන්නේ බොහෝවිට ධනේශ්වර සමාජ දේශපාලන ක‍්‍රමය තුළයි. මෙවැනි දේශපාලන ක‍්‍රමයන් තුළ සුරාකෑමට අමතරව පොලීසිය, නීතිය ආදිය මගින් පීඩිතයා තවදුරටත් පීඩාවට පත් වේ. එනම් මෙම ආයතන කි‍්‍රයාත්මක වන්නේ පවතින දේශපාලන ක‍්‍රමයේ නියමුවන් ආරක්ෂා කිරීමටයි. එසේම එම ක‍්‍රමය ආරක්ෂා කිරීම අනෙක් කාර්යය වේ. ව්‍යුහාත්මක ලෙස පීඩිතයාව ආන්තීයකරණයට ලක් වී තිබීම දැකිය හැක. එය ධනේශ්වර සමාජයට ආවේණික තත්වයක් වේ. උදාහරණයක් ලෙස උසාවි කි‍්‍රයාදාමය තුළදී දුප්පතෙකු හා ධනපතියෙකු එක සමාන වරදක් කළද, උසාවියෙන් නියම කරන දඩය ගෙවා ධනපතියාට එම වරදින් නිදහස් විය හැක. නමුත් දුප්පත් පුද්ගලයාට එම දඩය ගෙවීමට හැකියාවක් නැත්තේ, දරිද්‍රතාවය නිසාමය. එසේම උසාවි තීන්දුවක් වෙනස් කිරීම ස`දහා ඉහල උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් සහනයක් ලැබීමට ධනපතියාට හැකියාව ඇත්තේ ඔහුට අවශ්‍ය වියදම් කිරීමට ඇති හැකියාව මතය. නමුත් දුප්පතා සම්බන්ධයෙන් මෙය වෙනස්ම තත්වයකි. මෙවැනි කරුණු ධනේශ්වර රටවල ඕනෑතරම් සොයාගත හැක. ඒවා සාමාන්‍යකරණයට ලක් වී ඇතත් එම පීඩනය වෛරය පහව යන්නේ නැති අතර කැරළිකාරිත්වය වැනි ප‍්‍රචණ්ඩත්වය හරහා නැවත ඉස්මතු වේ.


යම් රටක එක්තරා කාලයක කැරැුල්ලක් ඇතිවීම කෙරෙහි බලපාන සාමාජීය හේතු සාධකව නැවත එම රටෙහි කැරළි ඇතිවීම කෙරෙහි බලපෑමට හැකිවීම හෝ නොහැකිවීම දැකිය හැක. සමහර අවස්ථාවලදී අර්බුදකාරී සහාවයට තුඩු දුන් හේතු සාධක එම සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් වීමේ භව්‍යතාවයක්ද පවතී. එවිට එම හේතු සාධක නිසාම කැරලි නිශ්පන්න නොවීමට බොහෝ ඉඩකඩ පවතී. එසේම කැරළි කෙරෙහි බලපාන සාධක කාලයෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස් විය හැක. කෙසේ වෙතත් සමාජය තුළ කැරළි කෙරෙහි මුලිකත්වය ලබාදුන් ගැටලූවලට නිසියාකාර අවධානයක් යොමු නොවීම කරණකොටගෙන එම සමාජය නිරන්තර කැරළිවලට හෝ වෙනත් ප‍්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය විය හැක. ඓතිහාසිකව කැරලි ඇතිවු සමාජ සන්දර්භයක නැවත එවන් තත්වයන් බිහිවීමේ ප‍්‍රවණතාවයන් ඇතිබව විමර්ශනය කිරීමේදී පෙනී යයි. ප‍්‍රංශය තුළද මෙම සාධකය ඒ අයුරින්ම දැකිය හැකි සත්‍යයකි. එසේම මෙම කැරළි කෙරෙහි තරුණයන්ගේ දායකත්වය ලැබීම තවත් අධ්‍යයනයට ලක්විය යුතු කරුණකි. තරුණ මානසිකත්වය බොහෝ දුරට අසාධාරණය නොඉවසන සුළු එසේම ප‍්‍රචණ්ඩත්වයක් කරා පා නැගීමට අවශ්‍ය කායික මෙන්ම මානසික ශක්තියෙන්ද පරිපූර්ණ තත්වයක සිටීම ඉතාම වැදගත් කරුණක් බව පෙනේ. මෙම තත්ත්වය පැවතීම තාරුණ්‍යයට අනන්‍ය ලක්ෂණයක් බව නොරහසකි.


කැරළි ඇති වීමේදී එය ස්වයංභූත ආකාරයට උප්පත්තිය නොලබයි. නමුත් කැරළි ඇරඹීමෙන් පසු කිසිවෙකුට අවශ්‍ය ආකාරයට එය නතර කිරීමට හැකියාවක් නොමැත. එය ආරම්භ කළ අයට පවා තමන්ට අවශ්‍ය ආකාරයට කැරළි නවත්වා දැමීමේ හැකියාවක් නොලැබේ. මෙහිදී දැකිය හැක්කේ කැරළි සංවිධානාත්මක බවකින් තොරවීම මෙයට බලපාන ප‍්‍රධාන කරුණක් බවයි. එනිසාම ඒවා තුළදී ප‍්‍රබල නායකත්වයක් ඉස්මතු නොවේ. කැරළි ප‍්‍රවාහය ඇරඹීමෙන් අනතුරුව එය විසින්ම එයට ආවේණික විචල්‍යයන් මත කි‍්‍රයාත්මක වේ. එය ගමන් ගන්නා දිශානතිය මෙන්ම එහි අවසානය තීරණය කිරීමට සමත් වේ. මෙම කැරළි ප‍්‍රවාහය තුළදී කැරලිකරුවන්ටද නිදහසක් ස්වාධීනත්වයක් නොලැබෙන අතර කැරැුල්ලේ ඇති වූ විභව ශක්තිය මත මොවුන්වද මෙහෙය වීමක් දක්නට ලැබේ. කැරළි තුළදී කැරළිකරුවන්ටද ඇති ස්වාධීනත්වයක් නොපවතී.


කැරළි හටගත් අවස්ථාවේ තම අවශ්‍යතාවයන්ට අනන්‍යතාවයට ප‍්‍රමාණාත්මක අවදානයක් යොමු නොවීම පදනම් කොටගෙන මේ ආකාර ප‍්‍රචණ්ඩත්වයකට ගමන් ගනී. නමුත් කල් යාමේදී මෙම කැරළි යන ප‍්‍රචණ්ඩත්වයේ ආකෘතියෙන් වෙනත් ආකෘතියක් දක්වා පරීණාමය වීමට හැකියාවක් පවතී. මෙය ලෝකය පුරා ප‍්‍රචණ්ඩත්වයන්, සමූලඝාතන මෙන්ම ත‍්‍රස්ත‍්‍රවාදය ආදිය පිළිබ`දව විමර්ශනයකට ලක් කිරීමේදී ප‍්‍රබලව දෘශ්‍යමාන වේ. එනම් ලෝකය පුරාම කැරලිකරුවන් වෙනස් ප‍්‍රචණ්ඩත්වයන් කෙරෙහි ගමන් කිරීම ප‍්‍රායෝගිකව අත්වි`දිය හැක. මේ හරහා යම් අන්තවාදී කණ්ඩායම් බිහිවීම ත‍්‍රස්තවාදයට වාර්ගික ගැටුම්වලට සමූල ඝාතනවලට මෙන්ම බෙදුම්වාදී අරගල ආදියට පිවිසුම් ලබන බවද ප‍්‍රදර්ශනය වේ. ශී‍්‍ර ලංකාව තුළද මේ ආකාර තත්වයන් දැකිය හැක. කැරලිකාරිතවයට ද්‍රවිඩ සුළුතරය තම අවශ්‍යතා වෙනුවෙන් ගමන් කරයි. නමුත් පසුව එය ත‍්‍රස්ත‍්‍රවාදය දක්වා ගමන් කරයි. කැරලිකාරිත්වයක් අත්දකින රටවල වෙනත් ආකාර දේශපාලන ප‍්‍රචණ්ඩත්වයන්් අද්දැකීමට ඇති ඉඩකඩ බහුලය.


Riot-cp-3953861-392.jpg

මෙවන් සමාජයන් තුළ නිසියාකාරයෙන් ක්අ ්බා දරාැර කි‍්‍රයාත්මක නොවන බැවින්, මෙම සමාජමය අවුල්සහගත බවින් දේශපාලන වාසි ලබා ගැනීමට සමහර කණ්ඩායම් ඉතිහාසය තුළදී පෙළඹී ඇත. එවන් සමාජ තුළ විවිධ සමාජ අපගාමි කි‍්‍රයාවන් මතු වීම බොහෝවිට සුලභ කරුණකි. කැරලි තවදුරටත් විග‍්‍රහ කිරීමේදී පෙනී යන්නේ, එහි වාර්ගික පදනමක් පවතින විට, සිදුවන හානිය හා විනාශය නැත්නම් මරණයට පත්වන ගණන ඉතා විශාල බවයි. ශී‍්‍ර ලංකාවේ 1983 කැරලි වලදී අවම වශයෙන් මරණයට පත් වු ගණන 471 ක් හා සරණගාතයන් 100000 ක් ප‍්‍රතිඵලය විය. මේ අනුව පෙනෙන්නේ කැරලිවලදී යුද්ධවලටත් වඩා අතිවිශාල ලෙස අවතැන්වීම් නිර්මාණය කෙරෙන බවයි.


වාර්ගික කැරලි තුළ ඉතා දැඩි ලෙස කෲරත්වය දැකිය හැක. කැරලි යනු බොහෝවිට සංවිධානාත්මක බවකින් තොරව යම් නිශ්චිත මොහොතක එක්තරා සිදුවීමක් සාධක කොට ගෙන ඇති වන්නා වු තත්වයකි. කැරලිවලට යටින් දිවෙන විශාල ලෙස හේතු සාධක පවතින නමුත් එයට සංවිධානය වී විරෝධය පෑමක් සිදු නොවේ. එය වෙනත් ප‍්‍රදේශයන් හා අවකාශයන් කෙරෙහි ව්‍යාප්ත වන්නේ හුදු සංවිධානාත්මක භාවයේ ඇති විශිෂ්ටත්වය කරණකොට ගෙන නොවේ. ත‍්‍රස්තවාදය කැරලි වලින් වෙන් කොට දැක්විය හැකි ප‍්‍රධාන සාධකය වන්නේ, ත‍්‍රස්ත‍්‍රවාදය ඉතාම සංවිධානාත්මක වීමක් එසේම ප‍්‍රචණ්ඩත්වය යොමු කරන ඉලක්කයන් කෙරෙහි විශාල සවිඥාණිකත්වයක් පැවතීමත්ය. ත‍්‍රස්ත‍්‍රවාදීන් වෙනත් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කණ්ඩායම් සම`ග නිරතුරු සම්බන්ධතා පවත්වයි. එසේම ඒවා අතර නොයෙකුත් අයුරින් දැනුම තාක්ෂණය ආදිය හුවමාරු වේ. නමුත් කැරලිකරුවන් වෙනත් ජාත්‍යන්තර කණ්ඩායම් සම`ග බොහෝ විට මෙවැනි සබ`දතා මෙන්ම ගනුදෙනු පැවැත්මක් දැකගත නොහැක. එසේම තම කි‍්‍රයාවලිය කෙරෙහි විදේශීය ආධාර ආදිය ලබා ගන්නා බවක් දෘශ්‍යමාන නොවේ.

යම් රටක් ඉතිහාසය තුළ කැරළිවලට මුහුණ දී ඇත්නම් නැවත නැවතත් එම සමාජ වපසරිය තුළ කැරලි බිහිවීමේ ප‍්‍රවණතාවයක් පවතී. සමාජයේ සාමාජිකයන්ට දැනෙන පීඩනයේ යම් උච්චතම අවස්ථාවක තවදුරටත් එම පීඩනය දරාගත නොහැකි වූ අවස්ථාවක කැරළි පුපුරා යාම දැකගත හැක. ඒ තුළින් සමාජයට ලැබෙන විශාල අද්දැකීම් සම්භාරය එම සමාජය පුනරුත්තාපනය කිරීමට හෙවත් එහි දුර්වලතා ම`ගහරවා ගැනීමට භාවිතා කළ හැක. මෙම සිදුවීම් කෙරෙහි බලපාන ලද භෞතික මෙන්ම මානසික සාධක මනා විශ්ලේෂණයකට බ`දුන් කල යුතුය. කැරලිකාරිත්වය සමනය වු විට ඒ ස`දහා මතුපිට ප‍්‍රතිකර්ම පමණක් යෙදීමෙන් එය සාර්ථක ලෙස ගැඹුරු සමජ පිලිසකර කිරීමකට බ`දුන් කල නොහැක. එවිට සිදුවන්නේ සමාජමය අවිඥාණය තුළ මෙලෙස ඉටු නොවු ආශාවන් හෙවත් අතීත අවරෝධන තැන්පත්ව පවතී. එසේම එම අවරෝධන යම් අවස්ථාවක කුමන හෝ ආකාරයකට නැවත එම සමාජයට ගැටලූකාරී ලෙස මතුවීමට ඉඩ තිබේ. මේ ආකාරයට නැවත එම සමාජයට ගැටලූකාරී ලෙස මතුවීමට ඉඩ තිබේ. මේ ආකාරයට සමාජයේ ජීවත්වන පිළිගත් වටිනාකම්, හර පද්ධතීන් කෙරෙහි අභියෝග එල්ල වනවිට ඒවා පිළිපදින අයත් යම් අර්බුදකාරී තත්වයකට මුුහුණ දේ. මෙවැනි කැරළි ඇතිවීම කෙරෙහි බලපා ඇති මූලධාතුන් විශ්ලේෂණය කොට ගැනීම සමාජයේ ඉදිරි ගමන කෙරෙහි අත්‍යවශ්‍ය සාධකයකි.


කැරලිකරුවන් කැරළි ඇතිවීම කෙරෙහි සුදානමකින් කටයුතු නොකරයි. එය ක්ෂණික බිහිවීමත් සම`ග ඇතිවන තත්වය කෙරෙහි ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වනවා මිසක කිසිදු සැලසුමකට අනුව කි‍්‍රයාත්මක නොවේ. දේශපාලන ප‍්‍රචණ්ඩත්වය පිළිබ`ද සමහර සාහිත්‍යයේ කැරලි තුළින් සංවිධානාත්මක ප‍්‍රචණ්ඩත්වය බැහැර කිරීමට සාමාන්‍යයෙන් පෙළඹී ඇත. නමුත් සංවිධානාත්මක බවකින් යුක්තව කැරළි සිදුවන බව ෘැ්ාකහ ැඑයබසජ ඍසදඑ කෘතියේ ඩොනල්ඞ් හොරෝවිට්ස් පෙන්වා දෙයි. කැරළි සුළු ප‍්‍රමාණයක් සංවිධානාත්මක බවකින් තොරව සිදු වුවද, සමහර ඒවා හො`දින් සංවිධානය වී ඇත. (2001* මේ අනුව බොහෝ විට සංවිධානාත්මක වන්නේ වාර්ගික කැරළි වේ. යම් ප‍්‍රමාණයකට වාර්ගික කැරලි සංවිධානාත්මක වේ. සංවිධායකයන්ගේ අනන්‍යතාවය, ඉලක්ක තේරීම, කාලය හා අනෙකුත් කැරළිකාරි චර්යාවේ අංගවල විවිධත්වය සම`ග බැදී ඇත.

වාර්ගික කැරළි වලදී සංවිධානාත්මක බවක් දැකිය හැක. නමුත් එය ත‍්‍රස්ත‍්‍රවාදය සම`ග සංසන්දනය කිරීමේදී සංවිධානාත්මක බව අවම තත්වයක පවතී. මෙම වාර්ගික කැරලි ත‍්‍රස්ත‍්‍රවාදී යුද්ධයක් දක්වා වර්ධනය විය හැක. උදා :- ලංකාව කැරලි වලදී ප‍්‍රධාන අංගයක් වන්නේ කැරලිකරුවන්ගේ මානසිකත්වය කි‍්‍රයාත්මක වන්නේ පවතින අර්බුද නැත්නම් ගැටළු කෙරෙහි ධරණීය විස`දුම් සෙවීම කෙරෙහි නොවන අතර ඉලක්ක කණ්ඩායමට ශාරීරිකව හානි කිරීම හා ඔවුන්ගේ දේපොල විනාශ කිරීම කෙරෙහි ය. ප‍්‍රචණ්ඩත්වයේ ක්ෂණික අරමුණ වන්නේ ශාරීරික තුවාල සිදු කිරීම, මරණයට පත් කිරීම නැතිනම් ඉලක්ක කණ්ඩායමේ සාමාජිකයන්ට හෝ ඔවුන් ඇසුරු කළ ඔවුන්ට අයත් දේපොල විනාශ කිරීම හානි කිරීම හෝ බලෙන් අල්ලා ගැනීමටයි.


මෙම කැරළි පිළිබ`ද අධ්‍යයනය හා ඒ පිළිබ`ද නොයෙක් මතිමතාන්තර අදහස් ඉදිරිපත් කර තිබීම හරහා මෙම ක්ෂේත‍්‍රය පිළිබ`ද දැනුමේ විශාල වර්ධනයක් වී තිබේ. එහිදී සමහර විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ මෙම ප‍්‍රචණ්ඩත්වය වෙනත් ප‍්‍රචණ්ඩත්වයේ ආකෘතියකට පරිවර්තනය කළ හැකි බවයි. ඒ මගින් කැරළි වැනි සිවිල් ප‍්‍රචණ්ඩත්වය තුළින් ඇති විය හැකි හානිය අවම කරගත හැකි බවයි. එමගින් පවතින දේශපාලන රටාව විශාල කඩා වැටීමකට ලක්වීමට ඇති ශක්‍යතාව අවම මට්ටමකට ගෙන ආ හැක. ගැටුම් පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලිය හරහා පවතින ධනේශ්වර ක‍්‍රමය රැුකගැනීම ස`දහා වර්තමානයේ භාවිතා වේ. එහිදී යථාර්ථවාදී ලෙසටම ධනේශ්වර දේශපාලන ක‍්‍රමය තුළ ඇති ගැටළු නිරාකරණයකට ලක් නොවන අතර ධනේශ්වර ක‍්‍රමයේ නොහැකියාව පාලනය කිරීමට ගැටුම් පරිවර්තනය කි‍්‍රයාත්මක වේ. මන්දයත් එයට ආවේණික දුර්වලතාද පවතින බැවිනි.


ඇමෙරිකානු දේශපාලන වපසරිය තුළ යම් යම් සුළු අවස්ථා කිහිපයක හැර 1970 දශකයෙන් පසු ඇමෙරිකානු නාගරික ප‍්‍රදේශවල සිවිල් ප‍්‍රචණ්ඩත්වය පරිවර්තනය කොට ඇති බව සමහර විද්වතුන්ගේ මතයයි. ”එය පර්වර්තනය කොට ඇත. කල්ලි ප‍්‍රචණ්ඩත්වය, මිනී මැරීම්, වාහනවලින් යද්දී වෙඩි තැබීම් හා අහඹු ඝාතන හරහා පුපුරා යමින් ඉච්ඡුා භංගත්වය හා කෝපය ඇතුල් දෙසට නැමී ඇත. මිචෙල් බී කාර්ට්ස් තවදුරටත් දක්වන්නේ සිවිල් ප‍්‍රචණ්ඩත්වය කැරලි ආකාරයෙන් ඇමෙරිකාව තුළ ජනිත වීමේ ප‍්‍රවණතාව ඉතාම අවම මට්ටමක පවතින බවයි. එය සිදු කොට ඇත්තේ පරිවර්තනීය කි‍්‍රයාවලිය තුළින් බවත්, එනිසා සිවිල් ප‍්‍රචණ්ඩත්වයේදී දැකිය හැකි ගිණි තැබීම්, කොල්ලකෑම්, පොලීසියට වෙඩි තැබීම හෝ බැහැර කිරීමේ, සුරාකෑමේ නියෝජිතයන්ට හෝ සංකේතවලට ඉලක්ක කොට එල්ල වන ප‍්‍රචණ්ඩත්වය ඇමෙරිකාව තුළ නාගරික ඉතිහාසය බවට පත්ව ඇති බවත්, එයට වර්තමානයට ඒමට හැකියාවක් නොමැති බවත් මොහු දක්වයි.

1.2 කැරළි හා ත‍්‍රස්තවාදය

Terrorist.jpg

ත‍්‍රස්තවාදය ගැන සැලකීමේදී මනා සැලසුම් කිරීමක් තිබේ. ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායම් සාමාජිකයන් ඉතා තද විනයකටත් එසේම දැඩි පුහුණුවකටත් යටත් වූවන් වේ. අන් සියලූ අවශ්‍යතා තම සංවිධානය වෙනුවෙන්් කැප කිරීමද ත‍්‍රස්ත‍්‍රවාදි සාමාජිකයන් හට සිදුවේ. නමුත් කැරලි කාරිත්වයේ සාමාජිකයන් මනා සැලසුමකට කි‍්‍රයාත්මක නොවන අතර එසේම ඔවුන්ට තද විනයකට හෝ ප‍්‍රබල පුහුණුවකට ලක් වූවන් නොවේ. එසේම තම සියලූ අවශ්‍යතා යම් සංවිධානයක් හෝ එහි අරමුණු ඉෂ්ට කර ගැනීම ස`දහා පසෙක තැබීමක් සිදු නොවේ. කැරළි පවතින කාලය තුළදී පමණක් තම කැරලි ජීවිතයේ මුලිකත්වය ගනී. එසේම ත‍්‍රස්ත‍්‍රවාදය තුළදී තම සතුරු ඉලක්කයන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම හෙවත් උපරිම හානියක් කිරීමට කටයුතු කරයි. එහිදී මනුෂ්‍ය ඝාතන සිදුවීම අනිවාර්යය තත්වයකි. තනි පුද්ගලයන් හා කණ්ඩායම් ලෙස ප‍්‍රහාරයට ලක් වු ප‍්‍රදේශයෙන් පිටත සිට උපරිම වාසි ලැබීම ස`දහා ත‍්‍රස්ත‍්‍රවාදීන් සාමාන්‍යයෙන් ඉතා ප‍්‍රවේශමෙන් කලින් සැලසුම් කොට කරන ලද්දකි. වාර්ගික ගැටුම් බොහෝවිට ත‍්‍රස්ත‍්‍රවාදී කි‍්‍රයාවලට මතු වීමට ඉඩ ලබා දෙයි. (කාර්ට්ස්, 2008* ත‍්‍රස්ත‍්‍රවාදය තුළදී එම අදාළ ප‍්‍රදේශයෙන් පිටත සිට එම ත‍්‍රස්ත‍්‍රවාදී කි‍්‍රයා ස`දහා සැලසුම් මෙහෙයවීමයි. කැරළි වලදී එවන් තත්වයන් දැකිය නොහැක. එසේම කැරළි වලදී ත‍්‍රස්ත‍්‍රවාදයේදී මෙන් සතුරාට උපරිම හානියක් කිරීමට කලින් සංවිධානය වීමක් දැකගත නොහැක. අදාළ භුමි ප‍්‍රදේශයෙන් පිටත සැලසුම් කිරීමක් එමෙන්ම සතුරාට උපරිම හානියක් ගෙන දීමත් එසේම සතුරන්ගේ ප‍්‍රබල ස්ථානයකට ප‍්‍රහාර එල්ල කිරීමක් ඒ හරහා ලෝක අවධානය යොමු කරවා ගැනීමටත් කටයුතු කිරීමත් කටයුතු කරන ත‍්‍රස්ත‍්‍රවාදය පිළිබ`ද 2001 සැප් 11 ඇමෙරිකාවට එල්ල වු අල්කයිඩා ප‍්‍රහාරය හො`දම උදාහරණයකි. මෙහිදී ඇමෙරිකානු ලෝක වෙළ`ද මධ්‍යස්ථානයට හා පෙංටගනයට ප‍්‍රහාර එල්ල විය. එහිදී මියගිය සංඛ්‍යාව අතිවිශාල වේ. එහි අරමුණ ද`ඩුවම් දීම පලි ගැනීම හා බිය වැද්දීම හෝ එම කි‍්‍රයාව තුළදී ඝාතන ප‍්‍රධාන දෙයක් වන අතර එය අනියම් දෙයක් නොවේ. (කාර්ට්ස්, 2008 : 186*

මෙසේ ඝාතන ප‍්‍රමාණය වැඩි වන තරමට ත‍්‍රස්තවාදී කණ්ඩායමේ බලවත්භාවය ප‍්‍රකට වේ. එවිට ඒ කි‍්‍රයාදාමය හරහා ලෝක අවධානය යොමු කරවා ගැනීම ප‍්‍රධාන අරමුණක් වේ. ත‍්‍රස්ත‍්‍රවාදය ඉතාම සංවිධානාත්මකව සිදුවන අතර ගෝලීය වශයෙන් ත‍්‍රස්ත‍්‍රවාදය ව්‍යාප්ත වී ඇති අතර වෙනත් එවැනි ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායම් සම`ග අන්‍යෝන්‍ය වශයෙන් සබ`දතා පවත්වයි. ඔවුන් අතර තාක්ෂණික දැනුම පුහුණුව ආදිය හුවමාරු වේ. එසේම ත‍්‍රස්ත‍්‍රවාදී කණ්ඩායමක් තුළ නිලබල වාදයක් පවතී. කැරළි වලදී එයට සහභාගී වන කණ්ඩායම තුළ නිලබල වාදයක් දැකීම අතිදුෂ්කර වේ. එසේම විදේශීය සබ`දතා කැරලිකරුවන් පවත්වා ගැනීමද බොහෝ දුරට සිදු නොවේ. ත‍්‍රස්ත‍්‍රවාදය තුළදී නායකයන්ගේ අණ පිළිපැදීම ඔවුන්ට ආවේණික ධර්මතා ප‍්‍රතිපත්ති පිළිපැදීම සිදු වේ. කැරළිකරුවන්ට එවැනි බන්ධනීය ආකාරයේ වගකීමක් දැකිය නොහැක. ඒ අනුව ත‍්‍රස්ත‍්‍රවාදය හා කැරළි අතර ප‍්‍රබල වෙනස්කම් පවතින බව අධ්‍යයනයේදී හ`දුනාගත හැක.

1.3 කල්ලි ප‍්‍රචණ්ඩත්වය හා කැරළි

කල්ලි ප‍්‍රචණ්ඩත්වය බොහෝ විට වාර්ගික හෝ ප‍්‍රාදේශීය පදනමක් මත කි‍්‍රයාත්මක වනු දැකිය හැක. එම තත්වයද සමාජමය කරුණු පදනම් කොටගෙන ඇතිවේ. මේ තුළද යම් සංවිධානාත්මක බවක් දැකිය හැක. එනමුත් එය ත‍්‍රස්ත‍්‍රවාදය තරම් සංවිධානාත්මක නොවේ. කැරළි මේ දෙකටම වඩා වෙනස් වන්නේ එහි සංවිධානාත්මක බවක් නොමැති වීම හේතුවෙනි. කල්ලි ප‍්‍රචණ්ඩත්වය ත‍්‍රස්ත‍්‍රවාදයට වඩා වෙනස් තත්වයකි. ”ත‍්‍රස්ත‍්‍රවාදීන් සංකේතීය වශයෙන් දේශපාලන දෘෂ්ටිවාදයකට ඇල්මක් ඇත. ඔවුන් වඩා හො`දින් පුහුණු වු සංකීර්ණ අවි ආයුධ දරණ සාමාන්‍යයෙන් මුලෝපායිකව හා තාර්කික ලෙස ප‍්‍රබල උපක‍්‍රමශීලී දක්ෂතාවයන් මත ප‍්‍රහාරය වෙනුවෙන් කටයුතු කරයි. (හොරෝවිට්ස්, 2001 : 23* මෙලෙස පෙනී යන්නේ කල්ලි ප‍්‍රචණ්ඩත්වය මෙන්ම කැරළි කෙරෙහි දෘෂ්ටිවාදාත්මක බලපෑමක් ත‍්‍රස්ත‍්‍රවාදයට සාපේක්ෂව නොමැති බවයි. කල්ලි ප‍්‍රචණ්ඩත්වයේදී, ත‍්‍රස්ත‍්‍රවාදීන් සතු දියුණු අවි ආයුධ වැනි ආයුධ නැත්තේම නොවේ. කැරළි කරුවන්ගේ තත්වය විමසීමේදී ඔවුන් සතුව බොහෝවිට එවැනි ආයුධ දැකිය නොහැක. මෙම කල්ලි ප‍්‍රචණ්ඩත්වය තුළදී තම බල ප‍්‍රදේශය තුළදී තම කණ්ඩායමට හානියක් සිදු නොවන, පහසු ඉලක්කයක් තෝරාගෙන ප‍්‍රචණ්ඩත්වය දියත් කරයි. මෙයට වෙනස් තත්වයන්ද තිබිය හැක. සමහර අවස්ථා වලදී මෙම කල්ලි මේ හා සමාන කල්ලි සම`ග ගැටෙන අවස්ථාද දැකිය හැක. එහිදී බලය පිළිබ`ද කාරණා දැකිය හැක. කල්ලි ප‍්‍රචණ්ඩත්වය තුළදී ඇති ප‍්‍රචණ්ඩත්වයේ ඉලක්ක හා කැරලිවල ඉලක්ක තෝරා ගැනීමේදී ඒවාට ආවේණික විවිධත්වයක් පවතී.

1.4 සමූල ඝාතන හා කැරළි

Rwanda genocide 1.jpg

සමූල ඝාතන වලදී උග‍්‍ර ප‍්‍රචණ්ඩත්වයක් දැකිය හැක. එසේම බොහෝ විට වාර්ගික පදනමකින් කි‍්‍රයාත්මක වේ. කැරලිකාරිත්වයේදී එතරම්ම උග‍්‍ර ප‍්‍රචණ්ඩත්වයක් දැකිය නොහැක. දේශපාලන වශයෙන් වෙනස්කොට සැලකීම, දේශපාලන නියෝජනය තම වර්ගයට අහිමි වීම. බොහෝ යටත් විජිත ලෙස පැවති රටවල වාර්ගිකයන් බෙදා පාලනයට ලක්වීම, ආර්ථික පිවිසුම් මාර්ගයන් අහිමි වීම ඇදී කරුණු හේතු කොට ගෙන එක් වාර්ගික කණ්ඩායමක් තවත් වාර්ගික කණ්ඩායමකට එරෙහිව එම වර්ගය සහමුලින්ම විනාශ කොට දැමීමේ පරමාර්ථයෙන් ප‍්‍රචණ්ඩත්වය භාවිතා කරයි. ”සමූල ඝාතන යනුවෙන් අදහස් කරන්නේ ඍජු මුලිනුපුටා දැමීමක් හෝ සිතාමතා නිර්මාණය කළ තත්වයන් යටතේ මරණ අනුපාතය වැඩි කිරීමෙන් හෝ උපත් අනුපාතය අඩු කිරීම ඇතුලත් අනෙක් මාධ්‍යයන් මගින් හෝ සම්පූර්ණ ජනතාවම ඝාතනය කිරීමේ උත්සාහයක් වේ. සමූලඝාතන වලින් කැරලි වෙනස් වන්නේ කැරලි ප‍්‍රචණ්ඩත්වය මගින් සම්පූර්ණ ජන වර්ගයක් ඝාතනය කිරීම එහි අරමුණ නොවීමයි. කැරළි වලදීද ඝාතන සිදු වුවත් එය සමූඝාතනයක් තරම් අන්තයක් දක්වා ගමන් නොකරයි. බොහෝ විට කැරළි වලදී සුරා කෑමට, වෙනස්කොට සැලකීමට එරෙහිව බැහැර කිරීමේ නියෝජිතයන්ට හා සංකේතවලට ප‍්‍රචණ්ඩත්වය දියත් කරයි. වාර්ගික කැරලි තුලදීද විරුද්ධ වාර්ගිකයන් ඝාතනයට කටයුතු කරයි. එහෙත් එම වර්ගය මුළුමනින්ම අතුගා දැමීමට අදහසක් නොපවතී. එසේම කැරළි තුළදී සමූලඝාතන තුළ පවතින වක‍්‍ර මාර්ග දැකිය නොහැක. ”වාර්ගික කැරලිකාරී චර්යාව තුළදී සම්පූර්ණ ජනතාවක් ඝාතනය කිරීමේ අදහසක් නැත. මීට අමතරව සමූල ඝාතනවලින් අරමුණු කෙරෙන වඩාත් වක‍්‍ර මාර්ගයන් කැරලි විසින් වැළ`දගෙන නොමැත.

සාමූල ඝාතන වලදී දෘශ්‍යමාන වන අනෙක් ප‍්‍රධාන අංගය වන්නේ ජාතික දේශපාලන යාන්ත‍්‍රණයන් සමූල ඝාතන කෙරෙහි රාජ්‍ය අනුග‍්‍රහය ඍජුව හෝ වක‍්‍රව සපයමින් මෙයට මැදිහත් වේ. මෙයට හො`දම උදාහරණයක් වන්නේ ෘ්මෙර වල ඇති සමූල ඝාතන කරන කණ්ඩායම් රාජ්‍ය අනුග‍්‍රහය ලැබීමයි. එසේම වාර්ගික කැරළි වලදී රජයෙන් ප‍්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට දායකත්වය ලබා දෙන අවස්ථාද දැකිය හැක. සාමාන්‍ය කැරළි තත්වයන් වලදී එය පවතින දේශපාලනයට හෙවත් පවත්නා ආණ්ඩුවට ගැටළුවක් වන බැවින් ඒවා මර්ධනය කිරීමට දේශපාලන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වේ. ඒ අනුව ඉහත ආකාරයට සමූල ඝාතන හා කැරලි අතර සබ`දතාවය වෙනස්කම් හ`දුනාගත හැක. කැරළි නම් වූ සාමුහික ප‍්‍රචණ්ඩත්වයේ මෙම කොටස සමූල ඝාතන ත‍්‍රස්ත‍්‍රවාදය හා කල්ලි ප‍්‍රචණ්ඩත්වය යන සංකල්ප වලින් වෙනස්කොට හ`දුනාගත හැක්කේ ඒවා ආවේණික විශේෂත්වයන් පවතින බැවිනි. එසේ විශේෂත්වයන් පැවතුනද මෙම ප‍්‍රචණ්ඩත්වය මිශ‍්‍ර වීමක් ද සෑම අවස්ථාවක මෙන්ම දැනගත හැකි උවද එහි පැහැදිලි ලෙස හ`දුනාගත හැකි වෙනස්කම් මත යම් වර්ගීකරණයකට එය ඇතුලත් වේ. මීළ`ගට කැරලිවල ඇති වර්ගීකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

1.5 කැරළි වර්ග

සමාජයේ පවතින දුර්වලතාවයන් වන සමාජ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අසමානතාවයන්, කායික හා මානසික අවශ්‍යතාවයන් ඉෂ්ට නොවීම මත ඇතිවන පීඩනයේ පුපුරා යාමක් නැතිනම් ඒවායේ ප‍්‍රකාශනයක් ලෙස කැරළි යන්න මූලිකව හ`දුනාගත හැක. සමකාලීන ලෝක දේශපාලනය තුළ කැරළි කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඒවා බිහිවීමට පදනම් වන මූලික කරුණ ලෙස විරැුකියාව, අසමානතාවය, දේශපාලන නියෝජනයන් නොමැති වීම, පොලීසියේ මර්ධනකාරී ප‍්‍රතිපත්තිය, රාජ්‍ය අනුග‍්‍රහය එක් වාර්ගික හා ආගමික කණ්ඩායමක් වෙත යොමු වීම සුළු ජාතික අවශ්‍යතා ඉටු නොවීම, මූලික මිනිස් අවශ්‍යතා වන ආහාර නිවාස, ඇ`දුම් ආදිය නොලැබීම ආදිය කැරලි කෙරෙහි හේතු සාධක වේ. එසේම සමාජයේ එක් සුළුතර කණ්ඩායමක් පමණක් අධි පරිභෝජනයේ යෙදීම නිසා ඇතිවන වෛරසහගත මානසික තත්වය ආදිය ද බලපානු ලබයි. මෙවන් සාධක පදනම් කොටගෙන ඇතිවන කැරළි වර්ගීකරණයකට ලක් කිරීමේදී ප‍්‍රධානව හ`දුනාගත හැකි දෙයක් තිබේ. කැරැුල්ලක් තවත් කැරැුල්ලකින් ඍජුව වෙන්කොට හ`දුනා ගැනීම අපහසු තත්වයකි. එහෙත් කැරළි වලදී ඉස්මතුවන ප‍්‍රධාන හේතුන්, කැරැුල්ලේ ස්භාවය හා ප‍්‍රචණ්ඩත්වයේ තත්වය මත කැරලි වෙන්කොට දැකීමට බොහෝ සාස්ත‍්‍රඥයින් පෙළඹී තිබේ. මෙහිදී අන්තර්ජාල වෙබ් අඩවි තුළින් ලබාගත් තොරතුරු අනුව කැරලි පොදුවේ සහගත ආකාරයට වර්ගීකරණයකට ලක් කළ හැක.

1.5.1නොහික්මුණු රස්තියාදුකාරී කැරළි

මෙම කැරලි වර්ගය බොහෝ විට නිෂ්පත්තිය ලබා තිබුනේ බටහිර යුරෝපා රටවල් තුළයි. එසේම මෙම කැරලි කෙරෙහි මූලික පසුබිම සපයන්නේ කී‍්‍රඩා සම්බන්ධ කි‍්‍රයාකාරිත්වය වේ. එනම් විශ්ව විද්‍යාල තුළ පවත්වන කී‍්‍රඩා මෙන්ම යුරෝපා රටවල පාපන්දු තර`ග වලදී එම තර`ග වදින කණ්ඩායම් අතර මතභේද මත මෙම කැරළි ඇති වේ. එම හේතු සාධක කුමක් වුවද, නිත්‍යානුකුලව වරද කාගේ පාර්ශවයෙන් සිදු වුවද, එය සාමකාමීව විස`දා ගැනීමක් වෙනුවට මෙලෙස කැරලි කාරිත්වයන් කෙරෙහි සාමාජිකයන් යොමු වේ. මේ තුළදී වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කී‍්‍රඩා කණ්ඩායම්වලට සහයෝගය ලබා දෙන්නන් වේ. මෙම කැරළිකරුවන් අර්ධ වෘත්තීයමය තත්වයකට පත්ව තිබේ. කැරළි ඇතිවිය හැකි ස්ථානවලට පෙර සුදානමකින් යුක්තව මොවුන් ගමන් කරයි. බොහෝ විට මෙම කැරළි කෙරෙහි යොමුවන තරුණයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අය වේ.

1.5.2 පොලිස් කැරළි

මෙම කැරළි වර්ගය බිහිවන්නේ පොලීසිය හා සිවිල් ජන කණ්ඩායමක් යන දෙපාර්ශවය අතරයි. මෙහිදී පොලීසිය කුමක් හෝ අරඹයා සිවිල් ජන කණ්ඩායමකට එරෙහිව බලය යෙදවීම හේතුවෙන් මෙම කැරළි බිහි වේ. එහිදී පොලීසිය කෙරෙහි කළ කිරෙන එතෙක් සාමකාමී ලෙස කටයුතු කල සිවිල් ජනයාද පොලීසියට එරෙහි කැරලිවලට සම්බන්ධ වේ. පොලිස් කැරලි යන වචනය බොහෝ විට මහජන නිළධාරීන් භාවිතයට නොගනී. මෙම වචනය වැඩිපුරම භාවිතයට ගනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි. ඉතිහාසයේ පොලිස් කැරළි මුල්වරට ඇමෙරිකාව තුළ බිහි වී තිබේ. වෘත්තීය සමිති මගින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයකට එරෙහිව පොලීසිය විසින් ප‍්‍රචණ්ඩත්වය නැතිනම් බලය භාවිතා කිරීම හේතුකොටගෙන මෙම පොලිස් කැරලි ඇතිවී තිබේ. එය 1884 මැයි මාසයේ සිදුවු අතර පොලීසිය විසින් කම්කරුවන්ගේ ජීවිත 4 ක් අහිමි කොට තිබේ. එසේම වියට්නාම යුද්ධය කාලයේද පොලිස් කැරැුල්ලක් ඇති වී තිබේ. පොලිස් කැරලි තුළදී බොහෝ විට පවතින ආණ්ඩු අපකීර්තියට පත් වේ.

1.5.3 බන්ධනාගාර කැරළි

මෙම කැරළි තත්වය බිහිවන්නේ, බන්ධනාගාරයක සාමාන්‍ය දින චර්යාව වෙනසකට ලක් කරමිනි. මෙම කැරලි වර්ගය බිහිවන පාර්ශවයන් දෙක වන්නේ බන්ධනාගාර නිළධාරීන් පිරිසක් හා සිරකරුවන් පිරිසක් අතරයි. මෙම සිරමැදිරි කැරළි කෙරෙහි පදනම සපයන්නේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි පාලනය, සිර කුටි තුළ ඇතිවන භෞතික තත්වයන් වන, සිරකරුවන්ගේ ප‍්‍රමාණය අධික වීම, ආහාර හා පෝෂණය පිළිබ`ද ගැටලූ මානසික ගැටළු යන කාරණා වේ.

1.5.4 වාර්ගික කැරළි

ජාතිය වර්ගය පදනම් කොටගෙන එක් වාර්ගික කණ්ඩායමක් තවත් වාර්ගික කණ්ඩායමකට එරෙහිව එල්ල කරන පීඩනය හා වෙනස්කම් කිරීම මත කැරළි බිහි වේ. වාර්ගික අනන්‍යතාවය පිළිබ`ද ගැටලූ ඇතිවීම, සමාජ, ආර්ථික හා දේශපාලන බලය පිළිබ`ද යම් වර්ගයක ජනයාට වාර්ගිකත්වය පදනම් කොට ගෙනම අසාධාරණයකට ලක්වීම දැකිය හැක. එනම් සංස්කෘතික කරුණු විශාල ලෙස මෙහිදී වැදගත්කමක් දරයි. වාර්ගික කැරලි යන්න ඉංගී‍්‍රසි භාෂාවට ඇතුළු වී ඇත්තේ 1890 ගණන් වලදීය. 1960 ගණන් වලදී ඇමෙරිකාවේ මෙම වචනය භාවිතා කරන ලද්දේ සුළුතර වාර්ගික කණ්ඩායම් අතර සිදුවන ගැටුම් හ`දුනා ගැනීමටයි. බොහෝ දුරට ශාරීරික ප‍්‍රචණ්ඩත්වය දැකිය හැක. මෙම කැරලි බොහෝ විට රාජ්‍ය බලය සහිත ජාතිය හා වෙනත් සුළු හෝ බහු ජන වර්ගයන් අතර ඇතිවිය හැක.

1.5.5 ශිෂ්‍යය කැරළි

මෙම කැරළි ඇති වන්නේ පාසල් හෝ විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතන තුළයි. බොහෝ විට මෙම කැරළි දේශපාලන ස්වරූපයක් ගනී. ශිෂ්‍යය කැරළි අධ්‍යාපන ආයතනවල පරිපාලනය හා ශිෂ්‍යයන් අතර පවතින නොඑක`ගතාවයන් මත ශිෂ්‍යය අයිතීන් උල්ලංගනය කිරීමකට එරෙහිව බිහිවිය හැක. අධ්‍යාපන ආයතනයට පිටත දේශපාලනය ගමන් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන මතවාදිමය වෙනස්කම් ද මෙම කැරළි කෙරේ ඍජු බලපෑමක් ඇතිකොට තිබේ. ඇමෙරිකාව හා බටහිර යුරෝපා රටවල් තුළ වියට්නාම යුද්ධ කාලයේ මෙසේ කැරලි බිහි වී තිබේ. ඇමෙරිකාව, වියට්නාමය තුළ ගෙන ගිය කෲර ප‍්‍රතිපත්තියට එරෙහිවත්, ඇමෙරිකානු සෙබළුන් විශාල ලෙස ඝාතනය වීමත් නිසා ඇමෙරිකාව තුළ ශීෂ්‍ය කැරළි බිහිවිය. 1789 කාලයේදී චීනය තුළද මෙවැනි ශිෂ්‍යය කැරළි බිහි වී තිබේ. එසේම ආණ්ඩුව මෙම කැරළි නැවැත්වීමට ගෙන ගියේ මර්ධනකාරී ප‍්‍රතිපත්තියකි.

1.5.6 නාගරික කැරළි

නගර තුළ පවතින ආර්ථික අපහසුතා, කී‍්‍රඩා අවස්ථා, ජාතීන් හා ආගමිකයන් අතර ආතතීන් කරණකොට ගෙන නාගරික කැරලි බිහි වේ. බොහෝ අවස්ථාවලදී මෙම කැරළි ඇතිවීමට බලපාන කරුණු අතර ආර්ථික දුෂ්කරතා, ජීවන මට්ටමේ පහල වැටීම් හා සමාජ ආරක්ෂණය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම මෙන්ම විරැුකියාව, දරිද්‍රතාවය අඩු අධ්‍යාපන පහසුකම් ආදී තත්වයන් විශාල ලෙස බලපානු ලබයි. ඒවා අනුව මෙම කැරළි කෙරෙහි පසුබිම් තත්වයන් නිර්මාණය වේ. නාගරික කැරළි ඇති වන්නේ 20 වන සියවසේ අග භාගයේ වන අතර එයට සමාජයන් තුළ ඇතිවන නාගරිකරණය, කාර්මීකරණය මෙන්ම ඒ හරහා කෘෂි ආර්ථිකය බි`ද වැටීම නිසා නගරාශී‍්‍රතව විවිධ ගැටළු මතුවීම මෙම කැරළිවලට හේතු වේ. එසේම නගරවල ජනගහනය අධික වීමත් සම`ග දිළි`දු කොටස් මුඩුක්කු වැනි ප‍්‍රදේශවලට සීමා වීමත්, ඔවුන්ට සමාජ ආර්ථික හා දේශපාලන තත්වය තුළ සමාන අවස්ථා නොලැබීමත්, හේතුවෙන් මෙම කැරළි බිහිවේ.

මූලාශ්‍ර

  • Horowitz, D. L. (2001), The Deadly Ethnic Riot, Berkely : University of California Press.


GENOCIDE වර්ග සංහාරය

GENOCIDE පදයේ මූලාරම්භය

Raphael Lemkin(1900- 1959) නම් පෝලන්ත - යුදෙව් ජාතික නීති විශාරද විසින් "Genicide" යන පදය මුල් වරට ප්‍රකාශ කරන ලදී. "genos" යන ග්‍රීක වචනයෙන්ද (ග්‍රීක භාෂාවෙන් එහි අර්ථය පවුල, ගෝත්‍රය,ජාතිය වේ.) "cide" යන ලතින් වචනයෙන්ද (ලතින් භාෂාවෙන් cide යනු යනු සමූල ඝාතනයයි.) සෑදුන ලද්දකි. මෙය යුදෙව් ජන සංහාරය සමයේ නිර්මාණය කරන ලද්දක් බැවින් ඔහුගේ අර්ථ නිරූපණය පටු එකකි. නට්සීන්ගේ යුදෙව් ජන සංහාරය හා ආමේනියානු ජන සංහාරය යන සිද්ධීන්ට පමණක් සිමා වූවකි. නමුත්වර්ග සංහාරය යන්න භෞතික වශයෙන් සිදු වන හානියට පමණක් සීමා නොවේ. යම් ජන සමූහයකගේ සංස්කෘතිය,ජීවන පැවැත්ම අහිමි කිරීමද ඊට අයත් වේ. ස්විට්සර්ලන්ත ජාතික මහාචාර්යය Julia Fribourg අනුව වර්ග සංහාරය යන්නට යම් ජන කොට්ඨාශයකගේ සංස්කෘතිය වාසස්ථාන භූමි අහිමි කිරිමේ අරමුණින් ඔවුන් අවතැන්භාවයට පත් කිරිමද ඇතුළත් වේ.

වර්ග සංහාරය යන්නෙහි අදහස

වර්ග සංහාරය යනු කුමක්ද යන්න සළකා බැලීමේදී වර්ග සංහාරය යන අපරාධය වැළැක්වීමේ හා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියේ දෙවන ව්‍යවස්ථාව දක්වන ලෙසට යම් ජන වර්ගයක් ,ජාතියක් ,ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම,ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම,උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීමයි. මෙහිදි එක් ජන කොට්ඨාශයක් යන්නෙහිදි මුළුමනින්ම ජන කොටස හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරිම අදහස් වේ.
Rome statute of the International Criminal Court හි 06 වන ව්‍යවස්ථාව මඟින්ද මේ හා සමාන අර්ථ නිරූපණයක් ඉදිරිපත් කර තිබේ. Helen Fein අර්ථ දක්වන ආකාරයට ජන සංහාරය යන්න තුළ ජීව විද්‍යාත්මක වශයෙන් මෙන්ම සමාජමය වශයෙන්ද අදාළ පුද්ගල කොට්ඨාශය නැවත බිහි කිරිම වළක්වාලනු ලබයි.Lemkin නම් නීති විශාරදයා දක්වන පරිදි වර්ග සංහාරයේදි ක්ෂණිකව යම් ජාතියක් විනාශ වීම අදහස් වන්නේ නැත. එය අදාළ පුද්ගල කොට්ඨාශයේ පදනම විනාශ කිරිම අරමුණු කර ගත් යම් සැකැස්මක් සේම ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය විනාශ කර දැමීමක් ද සිදු විය හැකිය.
වර්ග සංහාරය තුළ දේශපාලන, සමාජීය ආයතන තුළ සංස්කෘතිය, භාෂාව, ජාතික හැඟීම්,ආගම, ආර්ථික තත්ත්වයන් බිඳී යාමද පුද්ගල ආරක්ෂාව, නිදහස, ගෞරවය මෙන්ම තනි පුද්ගල ජීවිත විනාශ වී යාමද එම සැළැස්ම තුළ අන්තර්ගත විය හැකිය. ජන කොටසක් යන්න පිළිබඳව සළකා බැලීමේදී International Tribunal for the Former Yugoslovia මඟින් තීරණය කරන ලද prosecuter v Radislav Kristic හිදී "කොටස"(part)යන්න අර්ථ නිරූපණය කරයි. ඒ අනුව "කොටසක්" යන්න අදාළ ජන කොට්ඨාශවයන් සැළකිය යුතු කොටසක් විය යුතු බව තීරණය කරන ලදි.

වර්ග සංහාරය යනු අපරාධයකි

Genocide.jpg


මනුෂ්‍යන් උත්පත්තියෙන්ම යම් අයිතිවාසිකම් සමූහයකට උරුමකම් කියයි. එම අයිතිවාසිකම් අද වන විට ලෝකයේ විවිධ සම්මුති මඟින් තව දුරටත් සුරක්ෂිත කර තිබේ.නමුත් වර්ග ඝාතනය තුළින් මිනිසුන්ගේ ජීවිතයට ඇති අයිතිය, ජාතිකත්වයට ඇති අයිතිය, කෲර හා අමානුෂික වධ හිංසාවන්ට ලක් නොවි සිටිමේ අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කරයි. අප සියල්ලෝම මනුෂ්‍යන් වශයෙන් උපත ලබා ඇත්තෙමු. ජාතිය,වර්ගය, ආගම, කුලය අනුව කිසිම අයෙක් වෙනස් කොට නොසැළකිය යුතුය.වර්ග සංහාරයේදී යම් ජන කොට්ඨාශයක ඉදිරි පැවැත්ම අහිමි කරනු ලබයි. ළමුන්ගේ ජීවිත පවා විනාශ කර දැමීම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින්ද බැහැර කර තිබේ. එම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සියළු රාජ්‍යයන් බැඳී සිටී.


ජාත්‍යන්තර නීතිය තුළ වර්ග සංහාරය වැළැක්වීම

ජාත්‍යන්තර සම්මුති නීතිය

මෑත කාලීන ලෝක ප්‍රවණතාව අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අමානුෂික ගණයේ අපරාධයක් ලෙස සළකන වර්ග සංහාරය විවිධ සම්මුති ඔස්සේ ප්‍රකාශිතවම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

  • convention on the prevention and punishment of the crime genocide 1948

ජන සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයක් ලෙස දක්වා තිබේ. එහි පළමු වගන්තිය මඟින් ජන සංහාරය යන්න යුධ සමයේ සිදු වුවත් සාමකාමි කාලයක සිදු වුවත් අන්තර්ජාතික නීතිය යටතේ අපරාධයක් බව දක්වා ඇත. එහි දෙවන වගන්තිය මඟින් දක්වා ඇති පරිදි එය ජාතියක, ජන වර්ගයක හෝ ආගමික කොට්ඨාශයක් වැනි ජන සමූහයක් හෝ කොටසක් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් විය යුතුය. මෙම සම්මුතිය 1951 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.

මෙම සම්මුතියේ දුර්වලතා

මෙහිදි ජන සංහාරය යන්නට ලබා දි ඇති අර්ථ නිරූපණය ප්‍රමාණවත් වන්නේ නැතැයි චෝදනා නැඟේ. M.Hassan Kakar ඔහුගේ The Soviet Invasion and the Afghan Response (1979- 1982) ග්‍රන්ථයේ තර්ක කරන පරිදි වර්ග සංහාරය සඳහා වූ අර්ථ නිරූපණය තුළට දේශපාලන කණ්ඩායමක් යන්න ඇතුළත් නොවීම අඩුපාඩුවකි.

  • Rome Statute of International Criminal Court

දෙවන වගන්තිය: වර්ග සංහාරය මනුෂයත්වයට එරෙහි අපරාධයක් බව පිළිගනී.

මෑතකාලීන ඉතිහාසය තුළ අත්දැකීම්

Genocide world map3.gif

  • The Aghet : 1914 - 1923 කාලයේ ආමේනියානුවන්ට එරෙහි තුර්කි වර්ග සංහාරය
  • The Holocaust : 1933 - 1945 කාලයේ ජර්මනියේ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදාව යුදෙව්වන්,රෝම, රුසියානුවන් හා වහල් ජනයාටත් විරුද්ධ දේශපාලන මතධාරීන්ටත් එරෙහිව සිදු කරන ලද වර්ග සංහාරය
  • The Kluner Rouge Genocide : 1975 - 1979 කාලයේ කාම්පූචියාවේ වියට්නාම, මුස්ලිම්, චීන සුළුතරයට එරෙහිව සිදු කරන ලද ජනසංහාරය
  • The Hutu : 1994 රුවන්ඩාවේ ටුට්සි (Tutsi) සුළුතරයට හා හුටු (Hutu) විරෝධීන්ට එරෙහිව සිදු කරන ලද වර්ග සංහාරය

20 වන ශත වර්ෂය තුළ ප්‍රධාන වශයෙන් සිදු වු මෙම ජන සංහාරයන්ට අමතරව මෑත කාලීන ඉතිහාසය තුළ තවත් උදාහරණ කිපයකි.

  • 1971 බංගලාදේශ (නැගෙනහිර පාකිස්ථාන) සමූල ඝාතන
  • සෝවියට් කොමියුනිස්ට් රජය දේශපාලන,ආර්ථික හේතු මත කොමියුනිස්ට් විරෝධි ජාතික හා ආගමික කොටස් ඝාතනය
  • චින කොමියුනිස්ට් රජය විසින් කරන ලද ටිබෙට් ජාතින් ඇතුළු සුළුතර කොටස් ඝාතනය
  • නැමීබියාවේ හෙරෝරෝ ඝාතන
  • බොස්නියාවේ මුස්ලිම් ඝාතන
  • ඩාෆූර්හි කළු අප්‍රිකානු ඝාතන
  • ඉරාකයේ කුර්දි ජනයා ඝාතනය
  • ඇතමුන් ඕස්ට්‍රේලියානු රජය විසින් ඇබොර්ජියන් පවුල් වෙතින් ඔවුන්ගේ ළමුන් ඉවත් කිරීමට පියවර ගැනීමද සමූල ඝාතනයක් ලෙස දකී.

වර්ග සංහාරය අපරාධයක් ලෙස ජාත්‍යන්තර අධිකරණය තුළ සාකච්ඡා වීම

අද වර්ග සංහාරය හුදෙක් අන්තර්ජාතික නීතිය යටතේ වූ අපරාධයක් ලෙස සළකා බලන්නේ නැත. එය අද අනුලංඝනීය නියමයක් ලෙස ( jus cogens) සැවොම අනිවාර්යයෙන්අනුගමනය කළ යුතු "erga omnes" වගකීමක් බවට පත්ව තිබේ. ඒ අනුව සම්මුති නීතිය මඟින් පමණක් නොව චාරිත්‍රානුකූල නීතිය යටතේ පවා වර්ග සංහාරය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මේ අනුව අධිකරණ පර්ශද මඟින් මෙන්ම ජාත්‍යන්තර අධිකරණය යටතේ පවා ජන සංහාරය පිළිබඳ සළතා බැලූ අවස්ථා ඇත.

අධිකරණ පර්ශද ( ad hoc tribunals)

නියුරම්බර්ග් අධිකරණ පර්ශදය

දෙවන ලෝක යුද්ධ සමයේ නාසි හමුදාව විසින් ජර්මනියේ සිදු කරන ලද වර්ග සංහාරය පිළිබඳ කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සිදු කරන ලදී.

පැරණි යුගෝස්ලෝවියානු අධිකරණ පර්ශදය

1991 සිට බොස්නියාවේ සිදු කරන ලද ජන සංහාරය පිළිබඳ දඬුවම් නියම කරන ලදී. Republic Srpska Krajma හි අගමැති ඇතුළු පිරිසකට වසර 13 සිර දඬුවම් ද බොස්නියාවේ Serb හමුදා නිලධාරියෙකු වූ Vidoje Blagojevic වසර 18 සිර දඬුවම් සමඟ වර්ග සංහාරය පිළිබඳ දඬුවම් නියම කරන ලදී.

රුවන්ඩා අධිකරණ පර්ශදය

1994 රුවන්ඩාවේ සිදු වූ සමූල ඝාතන පිළිබඳ නඩු විභාග කරන ලදී.Prosecutor v Jean Paul Akayesu හිදි පර්ශදය මඟින් අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳ වගකීම පවරන ලදී.

අන්තර්ජාතික අධිකරණය

අධිකරණ පර්ශද මඟින් පමණක් නොව අන්තර්ජාතික අධිකරණය පිහිටුවීමෙන් පසු වර්ග සංහාරය බරපතළ ගණයේ අපරාධයක් ලෙස සළකා එමඟින්ද මේ පිළිබඳ නඩු පැවරීමේ හැකියාව ඇත.

Icj.jpg

Reservation to the Convention on the Prevention and Punishment of Genocide Case

වර්ග ඝාතනය යන්න අද අන්තර්ජාතික නිතිය යටතේ අපරාධයක් වශයෙන් පමණක් නොව අනිවාර්යෙන් අනුගමනය කළ යුතු යයි බැඳීමක් ඇති කරවන ලද අනුලංඝනීය නියමයක් වශයෙන්ද පිළිගන්නා ලදි.

Genocide in Dafur

සුඩානය තුළ මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයන්, යුධ අපරාධයන් ආදිය සිදු වු බවට තීරණය කළ නමුත් වර්ග සංහාරය සිදු වූ බව ඔප්පු කළ නොහැකි විය.

Bosnian Genocide Case

සර්බියානු හමුදා විසින් අටදහසක් පමණ වු බොස්නියානු ජනයා ඝාතනය කිරිම, කෲර වධහිංසා පැමිණවීම ආදි අපරාධ අපරාධ රැසක් සිදු කර තිබුණි. නමුත් අවාසනාවන්ත ලෙස අධිකරණය ප්‍රකාශ කර සිටියේ වර්ග සංහාරය කිරීමට තරම් අවශ්‍ය වූ චේතනාව පෙන්විමට මෙහිදි හැකියාවක් ලැබි නොමැති බවයි.

දේශීය නීති තත්ත්වයන් යටතේ වර්ග සංහාරය යන්න අපරාධයක් ලෙස

කැනඩාව

War Crimes against Humanity Act මඟින් වර්ග සංහාරය යන්න කැනඩාව තුළ සිදු කරනු ලැබුවද (කැනඩා දේශ සීමාවට පැමිණි පිටස්තරයෙකු සිදු කළද) කැනඩා දේශ සිමාවෙන් පිටතදී සිදු කරනු ලැබුවද කැනේඩියානු ජාතිකයෙක් විසින් සිදු කරනු ලැබුවද ඔහුට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ඇති බව පිළිගනී.

නෙදර්ලන්තය

2005 දෙසැම්බර් මස ඕලන්ද අධිකරණය මඟින් Frans Van Anraut ට එරෙහිව ඉරාකයේ කුර්දි ජනයා ඝාතනය වූ සමයේ ඉරාකයට රසායනික අවි සැපයීම පිළිබඳ නඩු පවරන ලදී. නමුත් ඔහුට වර්ග සංහාරය යටතේ නොව යුධ අපරාධයක් ලෙස සළකා ඒ පිළිබඳ වගකීම පවරන ලදි.

ස්පාඤ්ඤය

2005 වර්ෂයේ චීන ජාතිකයන් පිරිසකට එරෙහිව ටිබෙටයෙහි වර්ග ඝාතනය කිරීමට සහභාගි වීම පිළිබඳ නඩු පවරන ලද්දේ වර්ග ඝාතනය පිළිබඳ විශ්වමය අධිකරණ බලය තිබූ බැවිනි.

ඇමරිකා එක්සත් ජනපදය

ඇමරිකාවේ ෆෙඩරල් නිතිය තුළ ඇමරිකානුවකු කරන ලද වර්ග සංහාරයක් අපරාධයක් ලෙස හඳුනා ගනී. ඊට වරදකරුවකු වන වන අයකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.

එක්සත් රාජධානිය

International Criminal Court Act මෙහිදී බලපැවැත්වේ. එංගලන්ත සාමි මන්ත්‍රී මණ්ඩලය විසින් තීරණය කරන ලද පිනෝචේ නඩු තීන්දුව (pinochet case) වැදගත් සංදිස්ථානයකි. චිලි දේශයේ පිනෝචේ රාජ්‍ය සමයේ සිදු කරන ලද වර්ග සංහාරයන් හා අනෙකුත් යුධ අපරාධ පිළිබඳ පිනෝචේ උදර්පණය කරන ලෙස ඉල්ලා ස්පාඤ්ඤය නඩු පවරන ලදී. සාමි මන්ත්‍රී මණ්ඩලය තිරණය කරන ලද්දේ රාජ්‍යය නායකයෙකු වුවත් මනුෂයත්වයට එරෙහි අපරාධයක් වන වර්ග සංහාරය යන්නේ නායකයෙක්ට වගකීමෙන් මිදිය නොහැකි බවයි.

මීට අමතරව බෙල්ජියම,ෆිජී ඇතුළු රටවල් වර්ග සංහාරය පිළිබඳව විශ්වමය අධිකරණ බලය පිළිගනී.

වර්ග සංහාරය වැළැක්විමේ අභියෝග

  • ජාත්‍යන්තර නීතිය බලාත්මක කිරිමේදී මතුවන ප්‍රායෝගික ගැටළු
    Stop genocide.jpg
  • නිරන්තර අවධියෙන් සිටීමේ හැකියාව අඩු වීම
  • දේශීය නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියේ අර්ථ නිරූපණයේ පවතින දුර්වලතා

Stages of Genocide and efforts to prevent

1996 හිදී "Genocide Watch" හි නිර්මාතෘ Gregory Stanton වර්ග සංහාරය පිළිබඳ පියවර 8ක් යෝජනා කර තිබේ(at United States Department of state). ඔහු යෝජනා කරන පරිදි වර්ග සංහාරය පියවර 8ක් ඔස්සේ වර්ධනය වන අතර එය කළින් අනාවැකි පළ කරන්නක් මිස ස්ථිර එකක් නොවේ.

පියවර ලක්ෂණ වැළැක්වීම
1 වර්ගීකරණය මිනිසුන් අපි හා ඔවුන් යනුවෙන් වෙන් කිරීමකට ලක් වේ. පළමු පියවරේදී ප්‍රධාන වැළැක්වීමේ විධිවිධාන නම් බෙදිම ඉක්මවා ගිය විශ්ව ව්‍යාප්ත ආයතන වර්ධනයයි.
2 සංකේතකරණය වෛරය සමඟ මුසු වූ විට ප්‍රචණ්ඩත්ව කණ්ඩායම් වල සාමාජිකයන් බලකිරීම් මත සංකේතවත් වේ. සංකේතකරණය සමඟ සටන් කිරීමට වෛරයේ සංකේත නීතියෙන් තහනම් කළ යුතු වේ.
3 පුද්ගලත්වය සිඳීයාම එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කරයි. එම ජන කොටෙස් මිනිසුන් සතුන් , පළිබෝධකයන් , කෘමීන් හෝ විෂබීජ ලෙසට සමාන කොට සළකයි. වෛරය පතුරුවන රේඩියෝ විකාශන වසා දැමිය යුතුය. වෛරකාරි ප්‍රචාරණ තහනම් කළ යුතුය. වෛරකාරි අපරාධ හා කෲරකම් වලට දඬුවම් පැමිණවිය යුතුය.
4 සංවිධානය වීම වර්ග සංහාරය යන්න හැම විටම සංවිධානය වූවකි. විශේෂ හමුදා කොටස් හා මිලිටරි ඒ සඳහා පුහුණු කරයි. මේ පියවර වැළැක්වීම සඳහා එවැනි මිලිටරිවල සාමාජිකත්වය නීතියෙන් තහනම් කළ යුතුය.
5 දෙකඩ වීම වෛරකාරි කොටස් දෙකඩ වන ප්‍රචාරණ විකාශනය කරයි. මැදිහත් නායකත්වයෙන් හෝ මානව හිමිකම් කණ්ඩායම් වල සහායෙන් ආරක්ෂා කිරිම
6 හඳුනා ගැනිම වින්දිතයන් හඳුනා ගත යුතුය. ඔවුන්ගේ ජාතිකත්වය හා ආගමික හඳුනා ගැනිම මඟින් මෙම වෙන් කිරිම කළ හැකිය. වර්ග සංහාර අනතුරු හැඟවීම Genocide Alert යන්න ප්‍රකාශයට පත් කිරිම.
7 සම්පූර්ණ විනාශය මරා දමන්නනන් සඳහා මෙය මුලිනුපුටා දැමීමකි. මන්ද යත් ඔවුන් මෙම වින්දිතයන් සම්පූර්ණ මිනිසුන් ලෙස නොසළකන බැවිනි. මේ පියවරේදි ඉතා ඉක්මන් හා සම්පූර්ණ විනාශයක් වන නිසා එය හමුදාවකට පමණක් වැළක්විය හැක. සැබෑ ආරක්ෂිත ප්‍රදේශ හා සරණාගතයන් බේරි යන පටු ආලින්ද (refugee escape corridors)ඇති කළ යුතුය.එසේම ඒවා ජාත්‍යන්තර හමුදාවේ තද ආරක්ෂාව යටතේ පිහිටවිය යුතුය.
8 ප්‍රතික්ෂේප කිරීම අපරාධකරු තමන් අපරාධයක් කළ බව පිළි නොගනි මීට දැක්විය හැකි ප්‍රතිචාරය නම් ජාත්යැන්තර අධිකරණ පර්ශද / දේශීය අධිකරණ තුළින් ඔවුන්ට දඬුවම් පැමිණවීමයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය


thumbජාත්‍යන්තර අපරාධ අධිකරණය

හැදින්වීම

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යනු ජාත්‍යන්තර ප්‍රජාව විසින් බිහිකරගන්නා ලද ස්වාධීන වූත් ස්ථිර වූත් අධිකරණ ක්‍රමයකි.මෙය ක්‍රියාත්මක වන්නේ 1998 ජූලි 17 වන දින සම්මත කරගන්නා ලද රෝම ව්‍යවස්ථාව (Rome Statute) තුළිනි.වර්ග ඝාතනය,මනුෂ්‍යත්වයට එරෙහි වූ වෙනත් අපරාධ, යුධ අපරාධ,සහ ආක්‍රමණික අපරාධ යන බරපතල අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් දීම පිණිස විශ්ව රාමුවක් මෙයින් ස්ථාපිත කර ඇත.රෝම නගරයේදී අනුමත කර ගන්නා ලද මෙම ව්‍යවස්ථාව බලාත්මක වීමට ලෝකයේ රටවල් 60 ක අපරානුමත කිරීම් අවශ්‍ය වනු ඇත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙදර්ලන්තයේ හේග් නගරය මූලස්ථානය කරගෙන පිහිටුවා ඇත.මෙය ජාත්‍යන්තර සම්මුතියක් මඟින් පිහිටුවන ලද්දක් නිසා එක්සත් ජාතීන්ගේ ආයතනයක් නොවූවද විවිධ ගිවිසුම් මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වයි.

සුවිශේෂී ලක්ෂණ

තවදුරටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගැන අධ්‍යයනය කිරීමේදී එහි පවතින සුවිශේෂී ලක්ෂණ හඳුනාගත හැකිය.ඒ අනුව තනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමටත් නඩු පැවරීමටත් මෙම අධිකරණයට බලය ලැබී තිබේ.යුගෝස්ලාවියා සහ රුවන්ඩා යන රාජ්‍යවල සිදු වූ අපරාධයන් පිළිබඳ සොයා බැලීමට මින් පෙර පිහිටුවන ලද තත්කාර්ය විනිශ්චය සභා මෙන් නොව මෙම අධිකරණය ස්ථිර අධිකරණයකි.ඒනිසා ලෝකය පුරා සිදුවන අපරාධ සම්බන්ධයෙන් කඩිනම්,කාර්යක්‍ෂම විසදුම් ලබා දීමට මෙම අධිකරණයට හැකියාව පවතී.තවදුරටත් මෙම අධිකරණය දේශීය අධිකරණ මෙන් නොව අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාවේ යොදවනු ඇත.

රෝම ව්‍යවස්ථාව

එසේම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියාත්මක වන්නා වූ රෝම ව්‍යවස්ථාව අනුව එහි පූර්විකාව මඟින්ද පිළිගෙන ඇත්තේ බරපතල අපරාධ ලෝකයේ සාමය,ආරක්ෂාව සහ මනා පැවැත්මට තර්ජනයක් වන හෙයින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම උදෙසා වඩාත් ඵලදායී උපාය මාර්ගයක් තිබීමේ හදිසි අවශ්‍යතාවයයි.මෙම රෝම ව්‍යවස්ථාවලිය කොටස් 13 කින්ද,ව්‍යවස්ථා128කින්ද සමන්විත වන අතර එහි සිව්වන කොටස මඟින් අධිකරණයේ සංයුතිය සහ පරිපාලනය පිළිබඳ විග්‍රහ කර ඇත.එහිදී අධිකරණයේ විනිසුරුවරුන්ගේ සුදුසුකම් සහ ස්වාධීනත්වයන් දක්වන අතර එම අධිකරණය විනිසුරුවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත බවද වේ.එම විනිසුරුවරුන් පත් කරනු ලබන්නේ මෙම ව්‍යවස්ථාවට අනුමැතිය දී ඇති රටවල 2/3ක ඡන්දයෙන් වන අතර ඔවුන්ගේ ධූර කාලය වසර 9කි.එම නිල කාලය නැවත දීර්ඝ කළ නොහැක.මෙම විනිසුරුවරුන් පූර්ව විභාග අවස්ථාව,විභාග අවස්ථාව සහ අභියාචන අවස්ථාව ලෙස අංශ තුනකට වෙන් කර ඇත.

අධිකරණ බලය

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල සීමාවට ඇතුළත් වන අපරාධයන් සම්බන්ධ සාකච්ඡා කිරීමේදී ,රෝම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව ප්‍රකාශ කරනුයේ " ජාත්‍යන්තර සැලකිල්ලට ලක්වන වඩාත්ම බරපතල අපරාධ සම්බන්ධයෙන් එම අධිකරණයට බලය හිමිවන බවයි".එනම් ජන ඝාතන ,යුධ අපරාධ,මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ සහ ආක්‍රමණ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එම අධිකරණයට හැකියාව පවතී. රෝම ව්‍යවස්ථාව මඟින් මෙම අපරාධයන් පිළිබඳ තවදුරටත් විග්‍රහ කරන අතර එහි 6 වන ව්‍යවස්ථාව මඟින් වර්ග ඝාතනය (Genocide) යන්න නිර්වචනය කරයි.ඒ අනුව පහත දැක්වෙන තහනම් ක්‍රියාවන්,ජාතික හෝ වාර්ගික හෝ ආගමික හෝ ජන සමූහයක් සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙස විනාශ කිරීමේ චේතනාව ඇතිව ,සිදු කර තිබේ නම් එවැනි ක්‍රියාවක් ජන ඝාතන යන්නට ඇතුළත් වේ.

  • කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම
  • කණ්ඩායමක සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම.
  • කණ්ඩායමක භෞතික විනාශය මුළුමනින්ම හෝ කොටසක් ලෙස සිදුවීමට ඉඩ සලසන පරිදි හිතාමතාම තත්ත්වයන්/කොන්දේසි ඇති කිරීම.
  • කණ්ඩායමක උපත් සිදුවීම වැළැක්වීම අරමුණු කොටගෙන යම් යම් ක්‍රියාමාර්ග දියත් කිරීම.
  • එක් කණ්ඩායමක සිටින දරුවන් බලහත්කාරී ලෙස වෙනත් කණ්ඩායමකට මාරු කිරීම.

ව්‍යවස්ථාවලියේ 25(3)(ආ) ව්‍යවස්ථාව යටතේ ජන ඝාතන සඳහා වූ වැරදි සිදු කරනු ලැබූ පුද්ගලයකුට අනුබල දුන් හෝ සහාය දුන් හෝ නියෝග කළ හෝ ඕනෑම පුද්ගලයකු ජන ඝාතන වරද සම්බන්ධයෙන් වරදකරු කර ඇත.මේ අනුව පුද්ගලයාගේ තරාතිරම නොසලකා ඕනෑම තැනැත්තෙකුට එරෙහිව ජන ඝාතන සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය.

මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ(Crimes against humanity) යන්න රෝම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාව මඟින් විග්‍රහ කරන අතර ඒවා ආකාර තුනක් මඟින් සාමාන්‍ය අපරාධයන්ගෙන් වෙනස් කර දක්වයි.ප්‍රථමයෙන් එවැනි වරදක් සිදුකර තිබිය යුත්තේ පුළුල් ලෙස පැතිරුනු හෝ සැලසුම්ගත වූ ප්‍රහාරයක කොටසක් වශයෙනි.දෙවනුව,එවැනි වරද සිවිල් ජනතාවකට එරෙහිව දැන දැනම එල්ල කරන ලද්දක් විය යුතුය.තෙවනුව,එවැනි වරදක් සිදුකරන ලද්දේ රාජ්‍යයක හෝ සංවිධානයක ප්‍රතිපත්තියකට අනුකූලව විය යුතුය.මේ ආකාරයට මෙවැනි වරදක් රජයේ නියෝජිතයන් විසින් හෝ ඔවුන්ගේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන තැනැත්තන් විසින් හෝ සිදුකරනු ලැබිය හැකි අතර,තවදුරටත් රෝම ව්‍යවස්ථාව මඟින් එවැනි වැරදි මොනවාද යන්න දක්වා ඇත.මිනීමැරීම,මූලෝත්පාඨනය,වහල්කමට ගැනීම,ජන සමූහයක් රටින් නෙරපීම හෝ බලහත්කාරයෙන් විතැන් කිරීම,සිරගත කිරීම,වධහිංසා කිරීම,ස්ත්‍රී දුෂණය,ලිංගික වහල් කමට ගැනීම,බලහත්කාර ගණිකා සේවනය,බලහත්කාර ගැබ් ගැන්වීම,වඳබවට පත් කිරීම ආදී බරපතල ලිංගික අපරාධ,වර්ග හිංසාව,වර්ණ භේද අපරාධ,අතුරුදහන් කිරීම,බරපතල කායික හෝ මානසික හානි කිරීම් ඇතුළු ජගත් ප්‍රජාව වේදනාවට පත් කරන වෙනත් අති අමානුෂික අපරාධ ඒ යටතට ඇතුළත් කර තිබේ. එසේම මෙවැනි ක්‍රියා යුධමය වාතාවරනයක් තුළ දීම සිදුවීම අවශ්‍ය නොවන අතර සාමකාමී කාලයක් තුළදී සිදු කළද වරදක් සේ සලකනු ලබයි.

රෝම ව්‍යවස්ථාවේ 8 වන ව්‍යවස්ථාව යටතේ දීර්ඝ වශයෙන් යුධ අපරාධ(War Crimes) යන්න විස්තර කර තිබේ. මෙම අපරාධ බොහොමයක්ජාත්‍යන්තර මානුෂවාදී නීතිය(International Humanitarian Law) මඟින් හඳුනාගන්නා ලද අපරාධයන්ය.1907 සිව්වන හේග් සම්මුතිය සහ එහි රෙගුලාසි,1949 ජීනීවා සම්මුතීන් හතර සහ 1977දී ඇතිකරගත් එහි අතිරේක සම්මුතීන් මඟින් මෙන්ම ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නීතිය මඟින්ද හඳුනාගනු ලැබූ ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම් තුළදී සිදුකරනු ලබන විවිධ ආකාරයේ වූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලය මෙම 8 වන ව්‍යවස්ථාව යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ලබා දී ඇත.එසේම සිවිල් යුද්ධ වැනි අභ්‍යන්තර සන්නද්ධ ගැටුම් වලදී සිදු වන යුධ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලයද මෙම අධිකරණය වෙත ලබා දී තිබීම සුවිශේෂී වේ.

රෝම ව්‍යවස්ථාවලිය මඟින් ආක්‍රමණික අපරාධ (The Crime of aggression) සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජාත්‍යන්තර අපරාධ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත බලය ලබා දුන්නද ආක්‍රමණික අපරාධ යනු මොනවාද යන්න නිර්වචනය කර නැත.එබැවින් ඒ සම්බන්ධයෙන් රෝම ව්‍යවස්ථාවට අත්සන් කර ඇති පාර්ශවයන් විසින් තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත අධිකරණ බලය ලබා දී ඇත්තේ රෝම ව්‍යවස්ථාව බලාත්මක වීමෙන් පසුව සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් පමණි.එනම් අතීතයට බලපෑමක් නැත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නඩුගෙන එන ආකාරය සහ එහි අධිකරණ බලය පිළිගැනීම

තවදුරටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට නඩු ගෙන එන්නේ කෙසේද යන්න සලකා බලන කල,

  1. මෙයට පාර්ශව වූ රාජ්‍යයන් විසින්[13/14ව්‍යවස්ථා]
  2. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්ද[13(ආ) ව්‍යවස්ථාව]
  3. නඩු මෙහෙයවන්නා විසින් ඉදිරිපත් කරනු ලබන මෝසමක් මඟින්ද[15 ව්‍යවස්ථාව] නඩු කටයුතු පැවරිය හැකිය.

අදාළ අපරාධය පිළිබඳව දැනුම් දීම හෝ පැමිණිල්ල යොමු කිරීම සිදු කළේ රාජ්‍යයක් විසින් නම් හෝ අභිචෝදකවරයා විසින් නම් එහිදී මෙම අධිකරණයට අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට නම්, අදාළ අපරාධය සිදු වූ ස්ථානයට අයත් රාජ්‍යය හෝ චූදිත තැනැත්තාගේ ජාතිකත්වය හිමිවන රාජ්‍යය අතරින් එක් රාජ්‍යයක් හෝ වැඩි ගණනක් මෙම අධිකරණ බලය පිළිගෙන තිබීම අවශ්‍ය වේ.එසේ නැතිනම් ව්‍යවස්ථාවට අත්සන් කර තිබීම අවශ්‍ය වේ.

මෙම ව්‍යවස්ථාවට අත්සන් තබා නොමැති හෝ අපරානුමත කර නොමැති රාජ්‍යයන් මෙම අධිකරණයේ අධිකරණ බල සීමාවට අයත් නොවූවද මෙම අධිකරණයේ අධිකරණ බලය පිළිගෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරවීමට සහාය දැක්විය හැකිය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කිසියම් තත්ත්වයක් පිළිබඳව මෙම අධිකරණයේ අවධානය යොමු කරනු ලැබූ විට,මෙම අධිකරණයේ අධිකරණ බලය යටතට ගැනෙන ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් ,ඕනෑම පුද්ගලයකුට එරෙහිව,කිසිදු රටක කැමැත්ත විමසීමකින් තොරව, නඩු කටයුතු ආරම්භ කිරීමට නඩු පවරන්නාට බලය ඇත.

එසේ වුවද රාජ්‍ය පාර්ශවයක් විසින් අධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලැබූ විටක හෝ නඩු පවරන්නාට පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වූ විටක හෝ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ මෙම අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නා රාජ්‍යයන්ගේ පුරවැසියන් හෝ භූමිය සම්බන්ධව වන නඩු සඳහා පමණි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්මුතිය අනුමත කිරීමෙන් හෝ එම අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නා ප්‍රකාශයක් කිරීමෙන් හෝ රාජ්‍යයකට මෙම අධිකරණයේ අධිකරණ බලය නිල වශයෙන් පිළිගත හැකිය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියාත්මකවීමට දේශීය ප්‍රතිකර්ම හමාර කළ යුතුද?

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නඩුවක් භාර ගැනීමට නම් එම නඩුව සම්බන්ධයෙන් දේශීය ප්‍රතිකර්ම භාවිතා කර තිබීම අවශ්‍ය නැත.මක්නිසාදයත් මෙම අධිකරණය අභියාචනා අධිකරණයක් නොවන හෙයිනි.එසේ වුවත් කිසියම් නඩුවක් දේශීය අධිකරණ මඟින් නිසි ලෙස විභාග කර තිබේ නම් හෝ එසේ කරමින් පවතින්නේ නම් එවැනි නඩුවක් විභාග කිරීම සඳහා භාර නොගන්නා බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ප්‍රකාශ කළ හැකිය.

මක්නිසාදයත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් ජාතික අධිකරණ බලය යටපත් කිරීමක් සිදු වන්නේ නැත.රෝම ව්‍යවස්ථාවේ 1 වැනි ව්‍යවස්ථාව මඟින්ම දක්වනුයේ මෙම අධිකරණය ජාතික අපරාධ අධිකරණ බලයට අනුපූරක වන බවයි.එනම් අදාල අපරාධ සම්බන්ධව වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම පිළිබඳ වගකීම දරන රාජ්‍යය විසින්,එම චූදිත තැනැත්තා එම රාජ්‍යයේ පදිංචිකරුවෙකු හෝ රට වැසියෙකු වන විටක ,එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට නොහැකියාවක් තිබෙන විට හෝ එසේ නඩු පැවරීමට කැමැත්තක් නොමැතිව සිටින විටක පමණක් එකී අපරාධය සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හිමිවන බවයි.මේ අනුව දේශීය අධිකරණ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන විටක අපරාධ නඩු පැවරීමට හා විභාග පවත්වාගෙන යාමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියා කරනු ලබයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් රාජ්‍ය නායකයන්ට ලබා දෙන විනීර් මුක්තිය ඉන් බැහැර කර තිබීමයි.එනම් රාජ්‍ය හෝ ආණ්ඩුවක නායකයෙකු හෝ සාමාජිකයකු හෝ පාර්ලිමේන්තු සාමාජිකයකු හෝ යන කිසිම අයෙකු අපරාධ වගකීමෙන් බැහැර නොවන බව රෝම ව්‍යවස්ථාවලිය පැහැදිලිවම පිළිගනී.

පාර්ශවයන්ගේ අයිතිවාසිකම්

එසේම තවදුරටත් රෝම ව්‍යවස්ථාවලිය යටතේ විත්තිකරුවන්ගේ,විපතට පත්වූවන්ගේ හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරදීම උදෙසාද ප්‍රතිපාදන සලසා ඇත.ඒ අනුව සාධාරණ නඩු විභාගයක් පවත්වාගෙන යාම සහ විධිමත් ක්‍රියාදාමයන් සඳහා වූ සියළු ජාත්‍යන්තර සම්මතයන් අදාල කර ගැනීමට ක්‍රියා කර ඇති අතර නඩු විභාගයේ සෑම අදියරකදීම විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇත.මෙහිදී නීතීඥ සහාය ලබා ගැනීමේ අයිතිය සැකකරුවන්ට මෙන්ම චූදිතයන්ටද ලබාදී ඇත.වරදකරුවකු කිරීමට පෙර සෑම චූදිතයකුම නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරනු ලබයි.එසේම විත්තිකරු නොමැතිව නඩු විභාග පැවැත්වීමට අවසරයක් නොමැති අතර කෙතරම් බරපතල වූ අපරාධයක් සිදු කළ පුද්ගලයකු වුවද මරණ දඬුවම පැනවීමේ බලයක් මෙම අධිකරණයට නැත.

විපතට පත්වූවන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව,ආත්ම ගරුත්වය,ශාරීරික මානසික සුවතාවය සහ පුද්ගලිකත්වය තහවුරු කිරීම සඳහාද අධිකරණය බැඳී ඇත.ලිංගික හෝ ලිංගිකත්වය මත පදනම් වූ අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියාද ළමුන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග වලදීද මේ තත්ත්වය සලකා බැලේ.එසේම විපතට පත්වූවන්ට සැලසිය යුතු සහන සම්බන්ධයෙන්ද ඒ පිළිබඳව වරදකරුවන්ට එරෙහි නියෝග පැනවීම සම්බන්ධයෙන්ද මූලික ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය මෙම අධිකරණය සතු වේ.එහිදී සහන සැලසීම සඳහා භාර අරමුදලක් ඇති කරගැනීමටද අධිකරණයට හැකියාව පවතී.

නියෝග බලාත්මක කිරීම

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ නියෝග බලාත්මක කිරීම සම්බන්ධව සලකා බැලීමේදී රෝම ව්‍යවස්ථාවලියට පාර්ශව වූ රාජ්‍යයන් මෙම අධිකරණය සමඟ සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට නීතිමය වශයෙන් බැඳී සිටී.එහිදී තම දේශීය නීතියේ විධිවිධාන නිසි පරිදි පවතින බවට සහතික කිරීමේ වගකීම රාජ්‍යයන් සතු වනු ඇත.විශේෂයෙන්ම මෙම අධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබුනු විට, එක්සත් ජාතීන්ගේ සියළුම සාමාජිකයන් ඒ සඳහා සහයෝගය දීමට බැඳී සිටී.එවිට රාජ්‍යයන් මෙම ව්‍යවස්ථාව අනුමත කර තිබේද නැද්ද යන්න අදාල නැත.

යම් හෙයකින් රාජ්‍ය පාර්ශවයන් එසේ සහයෝගය නොදී සිටී නම් එහි ප්‍රථිඵලද රෝම ව්‍යවස්ථාවේ දක්වා තිබේ.එහිදී අදාළ රාජ්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා රාජ්‍ය පාර්ශව සම්මේලන වෙත යොමු කිරීමට මෙන්ම එසේ සහාය නොදී සිටිනුයේ ආරක්ෂක මණ්ඩලය විසින් යොමු කරන ලැබූ කරුණක් සම්බන්ධයෙන් නම් එම සහාය නොදීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලයට දැනුම් දීමටද හැකිය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝග යොමු කරනුයේ අදාල වැරදිකරුවන් භාර ගැනීමට කැමැත්ත දක්වා ඇති රාජ්‍යයන් වෙතය.එහිදී තීන්දු ක්‍රියාත්මක කිරීම මෙන්ම සිරගෙවල් පිළිබඳව අධීක්ෂණයද මෙම අධිකරණය මඟින් සිදු වේ.

අරමුදල් සපයාගන්නා අකාරය

මෙම කාර්යයන් ඉටු කිරීමේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මුදල් සපයනු ලබන ආකාරයද වැදගත් වේ.එහිදී රාජ්‍ය පාර්ශවයන් විසින් ගෙවනු ලබන තක්සේරු කළ දායක මුදල්ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දෙනු ලබන අරමුදල්ද මඟින් අධිකරණයට මුදල් සපයා ගන්නා අතර ඊට අමතරව රාජ්‍යයන් විසින්ද, ජාත්‍යන්තර සංවිධාන විසින්ද, පුද්ගලයන් විසින්ද ,සමාගම් විසින්ද,වෙනත් ආයතන විසින්ද ස්වේච්ඡාවෙන් ලබාදෙනු ලබන අරමුදල් භාර ගැනීමට මෙම අධිකරණයට හැකියාව පවතී.

ආශ්‍රිත මූලාශ්‍ර

  • ව්‍යවස්ථා
    • The Rome Statute Of The International Criminal Court
  • ලිපි
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණය-තිශාන්ත විජයකෝන්/ඉන්දික සම්පත් කුරේ

පින්තූර

ඩාෆූර් වර්ග සංහාරය

Deaths.jpg

හැඳින්වීම

වර්ග සංහාරයක් යනුවෙන් හැඳින්වෙන්නේ යම් රටක, ප්‍රදේශයක හෝ යම් ජාතියක‍‍‍‍‍‍‍, වාර්ගික කණ්ඩායමක හෝ ආගමික කණ්ඩායමක සාමාජිකයන් මරා දැමීම, ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම, එම කණ්ඩායම තුළ දරු උපත් නැති කිරීම මෙන්ම එම කණ්ඩායම තුළ සිටින ළමුන් වෙනත් කණ්ඩායම් වලට මාරු කිරීම ආදී වූ කරුණුය. අතීතයේ රුවන්ඩා, කාම්බෝජය, බොස්නියාව ආදී දේශයන්හි දරුණු සමූල ඝාතන දක්නට ලැබුණි.රුවන්ඩා සමූහ මිනිස් ඝාතනයේ 10 වැනි සමරුවේදී, මිනිස් කමට නිගා වන මිනිස් ඝාතන නැවත මිහිතලය මත සිදු නොවීමට වග බලා ගන්නා බවට ජාත්‍යන්තර ප්‍රජාව සපථ කරන ලදී. ඒ කෙසේ වුවද 21 වැනි සියවසේ අපකීර්තිමත්ම මනුෂ්‍ය සංහාරය හය වසරක් තිස්සේ සුඩානයේ ඩාෆූර් ප්‍රදෙශයේ සිදුවෙමින් පවතී.

කොන් වූ දේශය

ඩාෆූර් දේශය

භූමි ප්‍රමාණය අනුව අප්‍රිකාවේ විශාලම රාජ්‍යය වන්නේ සුඩානයයි. ඩාෆූර් සුඩානයට අයත් පෙදෙසක් වන අතර බටහිර දේශ සීමාවේ ඇත්තේ චැඩ් රාජ්‍යයයි. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 493,200 ක් වන ඩාෆූර් ප්‍රදේශයෙහි විවිධ ජන කණ්ඩායම් හා ගෝත්‍ර වාසය කරයි. ජනගහණය මිලියන 6.5 ක් වන මෙහි 52% ක් අප්‍රිකානු වාර්ගික ජනතාව වන අතර 39% ක් අරාබිවරුය. ඉතිරිය සුළු ජන වර්ග වලට අයත් විය. අතීතයේ බටහිර අධිරාජ්‍යවාදයට නතුව සිටි මොවුන් කාන්තාර ජීවිතයට හැඩගැසුණු එ‍ඬේරුන්ගෙන් හා ගොවින්ගෙන් සමන්විතය. 1917 දී ඩාෆූර් සුඩානයේ පළාතක් ලෙස ප්‍රකාශයට පත් වීමත් සමග එය නයිල් නිම්නයේ කාටුම් අගනුවරින් පාලනය විය. ආන්තික දේශයක් ලෙස සැලකූ මෙයට ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේදී ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. යටිතල පහසුකම් ලැබෙන්නේම නැත. ඉඩම් පරිභෝජනය පිළිබඳ ගැටලුවක් ඇති මෙහි ගොවීන්ට වගා බිම් ද, එ‍ඬේරුන්ට තණ බිම් ද අවශ්‍ය වන අතර එක් කණ්ඩායමක් වත් අනෙක් කණ්ඩායම ට සවන් දීමට අකමැතිය. බටහිර සුඩාන ප්‍රදේශයේ පවතින මෙම ගැටුමෙන් ප්‍රහාරයට ලක් වන්නේ,

  • ෆර්
  • මසාලිට්
  • සගාවා යන සුළු වාර්ගික කොටස්ය.

මෙම සන්නාහ සන්නද්ධ අරගලයේ එක් පාර්ශවයක් වන්නේ සුඩාන යුධ හමුදාව හා ඒ හමුදාවෙන් යැපෙන ජන්ජාවීඩ්' කණ්ඩායමයි.' ජන්ජාවීඩ් යනු අලුතෙන් යුධ පුහුණුව ලබා දී බඳවා ගත් උතුරු රීසෙග් පෙදෙසේ බගරා ගෝත්‍රිකයන්ය. කළු අරාබීන් යනු මොවුන්ය. අනෙක් පාර්ශවය වන්නේ රජයට එරෙහි සුඩාන විමුක්ති ව්‍යාපාරය සහ සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් කැප වූ කණ්ඩායමයි.(JEM) තවත් සන්නද්ධ පිරිස් 20ක් පමණ රජයට එරෙහිව ක්‍රියාත්මක වෙ. මූලිකව මොවුන් අරාබි නොවන ෆර්, මසාලිට් සහ සගාවා යන ගෝත්‍රයන්හි ගොවියන්ය. සුඩාන විමුක්ති හමුදාව කොටස් දෙකකට වෙන් වී එක් කොටසක් රජය සමග ද අනෙක් කොටස රජයට එරෙහිව ද ක්‍රියාත්මක වේ. දශක ගණනාවක් පවතින දැඩි නියඟය, භූමිය කෙමෙන් වැලි කතරක් බවට පත් වීම සහ ජනගහණයේ වැඩි වීම මෙම අන්‍යොන්‍ය අභ්‍යන්තර ගැටුම නිර්මාණය වීමට හේතු විය. මෙහිදී බිහි වූ සන්නද්ධ කණ්ඩායම් වලින් එ‍ඬේරුන් පිරිසට රජයේ ද, ගොවියන් ට චැඩ් වැනි පිටස්තර දේශයන්ගෙන් ද ආධාර ලැබුණු නිසා ඔවුන් ශක්තිමත් විය. අතීත සිවිල් යුද්ධය සමනය කිරීමට 2003 දී ඇති කර ගත් සම්මුතිය තුළ ද ඩාෆූරයට තැනක් නොවීය. එය තව දුරටත් නොසලකා හරින ලද රාජ්‍යයක් විය. මේ අතර ඩාෆූර් කැරලි කරුවන් තම භූමියට රජයේ අවධානය යොමු කරවා ගැනීමට 2003 පෙබරවාරි මාසයේදී ඩාෆූර් එල් ෂෆාර් හි සුඩාන ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කළේය. මේ නිසා සුඩාන රජය ඩාෆූර් වැසියන් කෙරේ වෛරයෙන් පසු විය. සිදු වෙමින් පවතින විනාශයට මුල පිරුවේ ඒ සිද්ධියයි.

සංහාරය

SFHJ.jpg

කැරලිකාරී ව්‍යාපාරයට එරෙහිව සුඩාන රජය කළේ එය මැඩ පැවැත්වීමට උත්සාහ කිරීම නොව, ඔවුන්ට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය මුදා හැරීමයි. මෙහිදී රජයේ හමුදා පමණක් ප්‍රමාණවත් නොවුණු හෙයින් ඩාෆූර් හි සාගතයෙන් බැට කන අරාබි එ‍ඬේර කණ්ඩායම, තමාට කියා ආහාර ස්වල්පයක් ඇති අරාබි නොවන මිනිසුන්ට එරෙහිව උසිගැන්වීම ද සිදු විය. තව ද ෆර්, සගාවා හා මසාලිට් යන ගෝත්‍රිකයන් අතුරින් තෝරා ගත් පිරිස් ජන්ජාවීඩ් කණ්ඩායමට බඳවා ගත් රජය ඔවුන් ට මුදල් මෙන් ම යුධ පුහුණුවක් ද ලබා දුනි. මෙම පිරිස අරාබි නොවන ජනයා වෙසෙන ගම් වලට කඩා වැදී ගෙවල් ගිනි තැබීය. භව භෝග සම්පත් කොල්ල කෑවේය. අපරාධ කළේය. කාන්තාවන් හා ගැහැණු ළමුන් දූෂණය කළේය. සමූහ දූෂණ ද සිදු කරන ලදී. පිරිමින් මැරීය. මෙහිදී මරණයට පත් වූ පිරිස ලක්ෂ 4 කට අධිකය. අතුරුදහන් වූ අවුරුදු 12 - 18 ත් අතර ළමුන් සංඛ්‍යාව ගණන් හිලව් නොමැත. මේ අතර සුඩාන රජයේ හමුදාව බෝම්බ හෙලමින් සංහාරක ක්‍රියාවලිය ට ආධාර කරයි. මෙය බරපතල මානව අයිතිවාසිකම් කඩ කිරීමකි. මෙම යුද්ධය නිසා සිය රට තුලම අවතැන් වූ පිරිස දෙමිලියනයකට අධික ය. ලක්ෂ දෙක හමාරකට අධික පිරිසක් චැඩ් රාජ්‍යයට පලා ගොසිනි. ප්‍රචණ්ඩ ක්‍රියා ඩාෆූර් වැසියන් පමණක් ම ඉලක්ක කර ගත් එකක් නො වූ අතර එයට එහි රඳවා ඇති සාම සාධක භටයන් ද ඉලක්ක විය.


සරණාගතයින්

Ranga.jpg

මානුෂික ආධාර කණ්ඩායම් වලට ගුවන් තහනමක් පැනවීම හරහා ද පීඩාවට පත් වන්නේ සරණාගතයින් ය. සිය රටින් පලා ආ සරණාගතයින් වැඩි ප්‍රමාණයක් රැඳී සිටින්නේ චැඩ් රාජ්‍යයේ ය. ඩාෆූර් අභ්‍යන්තරයේ ඇති සරණාගත කඳවුරු නිරතුරුවම ජන්ජාවීඩ් කල්ලියේ ප්‍රහාර වලට ලක් වේ. මෙලෙස ප්‍රහාර එල්ල කිරීම ඇරඹුනේ බටහිර ඩාෆූර් හි ඇරෝ ෂැරෝ කඳවුර ට 2005 සැප්තැම්බර් 28 වැනි දා ප්‍රහාරයක් එල්ල කරමිනි. ඉන් පසුව දිගින් දිගට ම විවිධ ප්‍රදේශයන් හි වූ සරණාගත කඳවුරු ප්‍රහාරයට ලක් වන ලදී.


මරණ හා අවතැන් වීම්

Nmb.jpg

2004 ග්‍රීෂ්ම ඍතුවේදී මිනිසුන් 50,000 - 80,000 ත් පමණ මරා දමා ඇතැයි පැවසේ.මෙම මරණ පිළිබඳව විවිධ පුද්ගලයින් මෙන්ම විවිධ සංවිධාන ද එක් එක් කාල වකවානු වලදී සංඛ්‍යා දත්ත වාර්තා ඉදිරිපත් කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2004 සැප්තැම්බර් මාසය වන විට එනම් ගැටුම ඇති වී මාස 18 ක් තුළ මරණ 50,000 ක් පමණ සිදුව ඇත.මෙම මරණ වලට කුසගින්න නිසා සිදු වූ මරණ මෙන්ම ලෙඩ රෝග නිසා සිදු වූ මරණ ද ඇතුළත් ය. වෙනත් වාර්තාවක ට අනුව 2004 මාර්තු මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මරණ 70,000 ක් පමණ ප්‍රමාණයක් සිදු වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ කරන ආකාරය ට 2004 - 2007 දක්වා කාලයේ විපත් 200,000 සිට 500,000 අතර ප්‍රමාණයකි. එක්සත් ජාතීන් ට අනුව මසකට මරණ 10,000 ක් පමණ සිදු වේ යැයි ගණන් බලා ඇත. නමුත් මෙයට හිංසනය නිසා සිදු වන මරණ අන්තර්ගත නොවේ. 2004 ග්‍රීෂ්ම ඍතුවේ මිලියනයක් පමණ මිනිසුන් ඔවුන්ගේ නිවාස වලින් පලවා හැර ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව 2005 ජනවාරි මාසය වන විට ජනතාව මිලියන 1.6 ක් පමණ අභ්‍යන්තරික ව අවතැන් වී ඇත. එසේම 200,000 කට අධික පිරිසක් සරණාගතයින් ලෙස යාබද චැඩ් ප්‍රදේශයට ගොස් ඇත. 2006 ඔක්තෝබර් මාසය වන විට මිලියන 2.5 ක් පමණ අවතැන් වී ඇති බවට වාර්තා වේ. 2004 සිට සාක්ෂිකරුවන් සිර කිරීමෙන් හා මරා දැමීමෙන් සාක්ෂි සැඟවීම පිළිබඳව ත්, සාක්ෂි වටිනාකම් විනාශ කිරීම පිළිබඳව ත් සුඩාන රජය ට චෝදනා එල්ල වේ.එහි පවතින සමූහ මිනී වලවල් මගින් ඒ බව ඔප්පු වේ.පවතින තත්වය අපැහැදිලි කිරීමට ත්, වසන් කිරීමට ත් වාර්තා කරුවන් ට හා මාධ්‍ය වේදීන් ට කරදර කිරීම මෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීම ද රජය විසින් සිදු කරයි. 2006 මැයි මාසයේ දී සුඩාන විමුක්ති ව්‍යාපාරයේ එක් කොටසක් පමණක් සුඩාන රජය සමඟ සාමය සඳහා වූ ගිවිසුම ට එකඟ විය. නමුත් අනෙක් පාර්ශවය මෙයට එකඟ නොවීය. කෙසේ වුව ද මැයි 05 වන දින, එකඟ වූ පාර්ශවය සමඟ සුඩාන රජය මෙම ගිවිසුම අත්සන් කළේ ය. මේ අයුරින් වරින් වර විවිධ ගිවිසුම් වලට අත්සන් තබා ඇත.

ජාත්‍යන්තර අවධානය

සුඩාන ප්‍රදේශයේ පවතින මෙම වර්ග සංහාරය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ලැබීම ආරම්භ වූයේ ක්ෂමා සංවිධානය ආදී පක්ෂ වාදී සංවිධාන වල වාර්තා වලින් පසුව ය. සුඩානය සඳහා පත් කළ එක්සත් ජාතීන්ගේ සාමාජිකයා වන මුකේෂ් කපිල විසින් 2004 මාසයේ දී ඩාෆූර් අර්බුදය යනු ලෝකයේ විශාලතම මනුෂ්‍යත්වයට එරෙහි අර්බුදය යැයි පවසන තෙක් ලෝකය පුරා මේ සම්බන්ධ ව විශාල මාධ්‍ය ප්‍රචාරණයක් සිදු නොවුනි. සුඩාන රජයේ මෙම සංහාරක ක්‍රියාවන් ට ලෝකයේ සියලුම රාජ්‍යයන් විරෝධය පළ කළ ද, සුඩානය ට චීනයෙන් මනා පිටු බලයක් ලැබේ. චීනය විසින්,

  1. සුඩාන් රජය ට අවි ආයුධ ලබා දෙයි.
  2. සුඩාන් හමුදා පුහුණු කරයි.
  3. සුඩානය ට මුදල් ලබා දෙයි.
  4. එක්සත් ජාතීන්ගේ මානුෂික මෙහෙයුම ට ඍණාත්මක බලපෑමක් කරයි.

ඩාෆූර් වර්ග සංහාරය වැළැක්වීම ට වැදගත් ම කාර්ය භාරයක් ඉටු කරනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. වෙනත් සංවිධාන මෙය වර්ග සංහාරයක් ලෙස හැඳින්වුව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය වර්ග සංහාරයක් ලෙස විස්තර කිරීමෙන් වැළකුණි. 2005 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව සුඩාන රජය යුධ අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වලට දායකත්වය සපයා ඇත.එසේම මානව අයිතිවාසිකම් විනාශ කිරීම හා ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2006 වර්ෂයේදී ඩාෆූර් හි සාමය අාරක්ෂා කිරීම සඳහා UNAMID (United Nations African Mission In Darfur) ආරම්භ කරන ලදී.එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් ඩාෆූර් හි සුඩාන ඉවුරේ සරණාගතයින් මිලියන 1.2 ක පමණ පිරිසකට ආහාර ලබා දෙන ලදී. 2008 ජුලි 14 වැනි දින සුඩාන ජනාධිපති ඕමාර් අල්-බෂීර් ට විරුද්ධ ව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පැමිණිලි කරුවන් විසින් චෝදනා 10 ක් ගොනු කරන ලදී.ඉන්

  • 3 ක් - වර්ග සංහාරය පිළිබඳ
  • 5 ක් - මනුෂ්‍යත්වය ට එරෙහි අපරාධ පිළිබඳ
  • 2 ක් - මිනී මැරුම් පිළිබඳ වූ චෝදනාවන් විය.
Rty.jpg


මෙයට අමතරව

  • ඇමරිකාව
  • අප්‍රිකානු සංගමය
  • ක්ෂමා සංවිධානය
  • බ්‍රිතාන්‍යය
  • කෙන්යාව
  • දකුණු අප්‍රිකාව
  • ඩාෆූර් බේරා ගැනීමේ ඒකාබද්ධ සංවිධානය

ආදී විවිධ රාජ්‍යයන් හා සංවිධාන මෙම අර්බුදය සම්බන්ධයෙන් විවිධ කාර්යයන් ඉටු කර ඇති අතර යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. දින 30 ක් ඇතුලත සුඩාන රජය ඩාෆූර් ප්‍රදේශයේ වෙසෙන කළු අප්‍රිකානුවන් ගේ ආරක්ෂාව සැලැස්වීම ට මෙන්ම ගේ දොර අතහැර දමා ගොස් සිටින ලක්ෂ 10 කට අධික ජනතාව ට නැවත තමන් පදිංචි වී සිටින ස්ථාන වලට පැමිණීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් යෙදිය යුතු වනු ඇත. සුඩාන රජය එසේ කිරීමට අසමත් වුව හොත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 41 වැනි වගන්තිය යටතේ සම්බාධක පැනවීම ට කටයුතු කරනු ඇත.

සමාලෝචනය

බොහෝ විචාරකයන්ට අනුව ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ඩාෆූර් ප්‍රදේශයේ හට ගෙන ඇති තත්වය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වීමට හේතු වන කරුණ ලෙස සුඩානයේ තෙල් සම්පත දක්වයි. සුඩානය සතු තෙල් සම්පත් ප්‍රමාණය සෞදි අරාබිය හා ඉරාකය යන දෙරටේම ඇති තෙල් සම්පත් වලට වඩා විශාල ය. ඔවුන් ට මෙයට ප්‍රවේශ වීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඩාෆූර් අර්බුදය යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා යැවීමේ තීරණයට ද පාදක වන්නේ මෙම තෙල් සම්පත යි. නමුත් සුඩාන රජය එවන් සාම සාධක හමුදාවක් භාර ගැනීමට සූදානම් නැත. චීනය විසින් සුඩානයේ තෙල් සම්පත් සඳහා ගිවිසුමක් අත්සන් කර, ඒවාට සම්බන්ධ වී ඇති බැවින් චීනය විසින් සුඩානය ට විවිධ ආධාර සපයයි.සුඩානය ට එරෙහි ව පියවර ගැනීම ට චීනය විරුද්ධ වන්නේ ද මෙම තෙල් සම්පත හේතුවෙනි. රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර ජනමාධ්‍ය වසර 6 ක් තිස්සේ ඩාෆූර් හි සිදු වන ඝාතන වැළැක්වීම ට, මිනිස් ජීවිත රැකීමට හා ඔවුන් ජීවත් කරවීමට ගෙන ගිය ව්‍යාපාරයෙන් කිසිවක් සිදු ව නොමැති බව පෙන්විය හැක.

පෞද්ගලික වෙබ් පිටුවක සදහන්, සුඩාන රජයට අවාසිදායක ලෙස ඉදිරිපත් කළ ප්‍රවෘත්තියක් නිසා එක්සත් ජාතීන්ගේ සුඩාන විශේෂ නියෝජිත පාන් ප්‍රොන්ක් ට පැය 72 ක් ඇතුලත එරටින් පිටවන්නැයි සුඩාන රජය නිවේදනය කළේය. නමුත් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කිරීම ට සූදානම් බව දැක්වීය. දකුණු සුඩානයේ රඳවා සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ට එරෙහි ව විශාල චෝදනා ප්‍රමාණයක් ඇත. එයින් බොහොමයක් ම කාන්තාවන් හා ගැහැණු ළමයින් ලිංගික අපයෝජනය ට ලක් කිරීම සම්බන්ධව ය. ඔවුන් සුඩානය ට පැමිණි පසු එරට ගණිකා වෘත්තිය ආරම්භ වූ බවට ද චෝදනා ඇත. එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය තානාපති සර් එමීර් ජෝන්ස් සුඩානය ට උදව් කිරීමට ත්, සාම ගිවිසුම් අත්සන් කිරීමට ත් අරමුණු ලෙස සුඩානයේ තෙල් සම්පත් හා බලතල අන්තර් වාර රජය හා ප්‍රාදේශීය පාලන ව්‍යුහයන් සමඟ බෙදා ගැනීම දැක්විය හැක. සුඩානයේ මෙම මානව ඛේදවාචකය ට විසඳුම් ලබා ගැනීමේ දී ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකරන බවට ස්වේච්ඡා සංවිධාන චෝදනා කරයි.

කුමන විසඳුම් ලබා දුන්නද ඩාෆූර් අර්බුදය තවමත් නොවිසඳී ඇති ගැටළුවකි. එම නිසා දැන් සුඩාන් නායකයා සහ ඩාෆූර් කැරලි කණ්ඩායම් අතර සාමකාමී විසඳුමක් ඇති කිරීමේදී බලපෑම් කිරීමෙන් ඔබ්බට යාමේ කාලය උදා වී ඇත. කාටුම් පාලනය දණ ගැස්සවීම සඳහා වඩාත් ප්‍රබල පියවර ගත යුතු ය. උදාහරණ ලෙස,

  1. ඩාෆූර් හි තහනම් ගුවන් කලාපය ක් ප්‍රකාශ කිරීම.
    STOP GENOCIDE350.jpg
  2. සුඩානයේ වරායවල් අසුරා තැබීම.
  3. නේටෝ මැදිහත් වීම.
  4. එක්සත් ජාතීන්ගේ බලකායක් යැවීම.
  5. සම්බාධක පැනවීම.

ආදී දේ දැක්විය හැකිය.

පින්තූර ගැලරිය

ආශ්‍රිතයන්

පුවත්පත් හා සඟරා

  • පෙඩරල් වාදය, 4 වැනි වෙළුම, 1 වැනි කලාපය, 2004 මාර්තු
  • සාම විමර්ශි, 2006 මාර්තු
  • රාවය පුවත්පත, 2008.05.25
  • ලංකාදීප පුවත්පත, 2006.10.27

අඩවියෙන් බැහැර පිටු