Monday, April 1, 2013

උදුරා ගනිව් නායකත්වය

උගනිව්
සරලම දේ උගනිව්
තොප යුගය එළඹ ඇත
උගැනුමට පමා නැත!
උගනිව් අ-යනු ආ-යනු
ඒ මදි බව සැබවි
එහෙත් උගනිව්
හෝඩිය!

අධෛර්යවත් නො වව්
දියත් කරව් නැණ නැව
කරව් තරණය
විදු සයුර අපරිමිත
උදුරා ගනිව්
නායකත්වය
අනාථය, හදාරව
අනාථාගාරයෙහි!
සිරකරුව, හදාරව
බන්ධනාගාරයෙහි!
ගෘහණියනි, හදාරව
කුස්සියෙහි!
හැට පිරුණත් හදාරව!
ඉහට වහලක් නැතත්
සොයා යව් විදුහල!
ගත වෙවුලන සීතලෙන්
මොළවව් ඥාණ අග්නිය
සා පිපාසා පහරත
ගනිව් පොත සුරතට
එය යි තොප ආයුධය
උදුරා ගනිව්
නායකත්වය
නො බා විමසව් සොයුරනි!
නො විකිණෙව් උන්ට.
බලා තමා දෙස
නොදත් බව දැන ගනිව්
හොය හොයා නො දත් දේ
රැස් කරව් ඥාන ධන
 
උදුරා ගනිව්
නායකත්වය

-සාහිත්‍ය කලා ආදිය ගැන- (මහාචාර්ය සුචරිත ගම්ලත්) කෘතියෙන් ගත් උපුටනයකි.

Bertolt Brecht | බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
[SEO Tags] Prof. Sucharitha Gamlath , www.boondi.lk, Sri Lankan News and Reviews, Arts, Literature, Politics
 
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=15
http://www.facebook.com/pages/Anonymous-ART-of-Revolution/362231420471759