Wednesday, August 19, 2009
ලෝක මූල්‍ය අර්බුදයෙන් අපට උගත හැකි පාඩම්
පොත් වූ කලී
පොත් කියන්නේ මිනිසාට යහපත් ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍යය දෙයක්. මිනිසාගේ ශරීර වර්ධනයට ආහාර පාන , ඖෂධ අවශ්‍යය වගේම මානසික වර්ධනයට පොත් උපකාරී වෙනවා. පොත් කියන්නේ ප්‍රවාහන මාද්‍යයක් විවිධ පොත් අරගෙන අපිට විවිධ තැන්වලට යාමට හැකියාව තියෙනවා . පොත් හරියට කාල යන්ත්‍රයක් වගේ අපට අතීතයට ඉදිරි අනාගතයට මේ පොත් තුලින් ගමන් කරන්න පුලුවන්. පොත් කියන්නේ හරියට අපේ දෙමව්පියන් වගේ. "පොත් වහන්සේ " යන ගෞරව නාමය ලැබීමට තරම් පොත උතුම්ම වස්තුවක්. අජීවී වස්තුවක් වුනත් පොත් හරියට සජිවී දෙයක් වගේ . මිනිසාට ම;ෙතරම් මහගු සේවයක් කරන පොත්වලට අපි දැක්විය යුතු උපරිම ගෞරවය දක්වන්න ඕනේ.
සාහිත්‍යය
සාහිත්‍යය යනු " සහිත බවයි ". සහිත වන්නේ රසයි. එදා භරතමුණි ඇදුරුතුමා නාට්‍යය ශාස්ත්‍රය කෘතියෙන් හදුන්වා දුන් නව නළු රසයයි. සාහිත්‍යයේ පරමාර්ථය සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමයි.
ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාව
" ජීවිතය රග මඩලකි. අපි එහි නළු නිළියෝ වෙමු. "
ජීවිතයට ආදරය කරන්න
ගීයක් ගැන නොදත් යමක්
මේ සමීප ගීතයේ යට ගියාව ගැන වැඩි දෙනෙක් නොදන්න කතාන්දරය තමයි මේ. කියවන ගමන් ඇහෙන්න මේ ගීතයත් දමාගන්න.
1980 දශකයේ ගොඩාක් ජනප්‍රිය වුන සගරාවක් තමයි " දයාසේන ගුණසිංහ " මහත්මයාගේ , " සිව්දෙස සගරාව ". 80 දශකයේ අග භාගයේ එක්තරා දවසක උදෑසන සිව්දෙස සගරාව කියවමින් සිටි විශාරද ගුණදාස කපුගේ අපේ ආදරණීය ගායන ශිල්පියාණන් මේ සගරාවේ පිටු අතර තියෙන අපූරු කතාවක් දකිනවා . ඒ කතාව දැකපු ගමන් ම කපුගේ ශිල්පියාට සිහියට නැගෙන්නේ කලණ මිතුරු රත්න ශ්‍රී විජේසිංහ ව . ඒ වෙලාවෙම තමන්ගේ මිත්‍රයට දුරකතනයෙන් කථා කළ කපුගේ මහත්මයා " සිව්දෙස ' සගරාවේ තියෙන මේ ප්‍රවෘත්තිය බලන්නැයි කියනවා. ඒ පුවත මෙන්න මේකයි , මාතර කඹුරුපිටිය කියන ගමේ මධ්‍යම පාන්තික පවුලකට දාව උපදිනවා දියණියක්. ඇය නමින් ~ විනීතා සමරසිංහ ~ ඇය තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කළ පසු පොලිස් කාන්තාවක් ලෙසින් සේවයට බැදෙනවා. ගම මාතර කඹුරුපිටියෙ වුනත් රැකියාව කරන්න සිදුවෙන්නේ කිරුළපණ පොලීසියට අනුයුක්තව . මේ කාලෙදිම වගේ පොලිස් සේවයට බැදුණ උතුරුකරේ දමිළ තරුණයෙකුත් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණෙනවා. ඔහුට සිංහල භාෂාව හසුරුවන්න අසීරුයි .ඒ වගේමයි ඇයට දමිළ බස හසුරුවන්නත් අසීරුයි. නමුත් තරුණ හදවත් වල ආදරයට ඒක බාදාවන් නොවන වග මේ දෙන්න එප්පු කරනවා .දවසින් දවස මේ දෙදෙනාම ප්‍රේමය මතින් ඔවුන් දෙදෙනාටම උරුම වුණු අලුත් ලොවක් තනා ගැන්මට උත්සුක වෙනවා. නමුත් එවකට රටේ උද්ගතවෙලා තිබුණ මහා වාර්ගික ගැටළුව හේතුවෙන් මේ ආදර කතාවට විනීතාගේ නිවසින් කිසිදු ආකාරයකින්වත් සහයෝගයක් නොලැබී යනවා. නමුත් ප්‍රේමය කියන මහා බැදීම දෙහදක ඇතිවුනාම මොනවිදිහේ සීමා දැම්මත් ඒ ප්‍රේමය නවත්තන්න බෑ. විනීතගේත් නඩේෂන්ගේත් නෑදෑ සනුහරයම විරුද්ධ වෙද්දී කාටත් හොරා දෙන්නම යුග දිවියට එළඹුනා. යුගදිවි සිරි මැදින්ම ඔවුන් ඔවුන්ට උරුම වුණ සුන්දර ලොවක් හොයා ගෙන නඩේෂන්ගේ ගම් පළාත වුණ උතුරුකරයට පියමැන්නා. ඒත් ඒ වෙනකොට ජාතිවාදී ගිනිසිළුවෙන් උතුරුකරයේ ගිනි ඇවිලෙමිනුයි තිබුණේ. එදා නව යුවතිපතීන් යුවළක් ලෙසින් උතුරුකරයට ගිය ඔවුන් එල් . ටී . ටි. ඊ . යදමේ පුරුක් බවට පත්වුනා . අවසන නඩේෂන් එල්. ටී . ටී . ඊ . සංවිධානයේ පොලිස් අංශයේ නායකයා බවටත් විනීතා සමරසිංහ එම සංවිධානයේම ප්‍රබල කොටි සාමාජිකාවක් බවටත් පත් විය. එදා සිදු වූ මේ සිදුවිම මුල් කරගනිමින් රත්න ශ්‍රී විජේසිංහ නම් වූ අසහාය ගේය පද රචකයා අතින් ලියවුනා වූ මේ සොදුරු ගීතය අසන්නට අද දිනයේ නඩේෂන්වත්.... විනීතාවත් .... අපි අතරේ නොමැත. වියරු වැටුණා වූ බල ලෝභී සමාජය මැද ජාතිය පාවා දී සටන් වැද අවසන අද ඔවුන් දෙදෙනාම මිහිදන් වී ගොසිනි. ඔවුන්ගේ ගෙවුණු ජීවිතය ගැන ඔබ කුමන නිර්වචන කලත් ඔවුන් දෙදෙනා අතර හටගත් ඒ ප්‍රේමවෘතාන්තයෙන් ඇරඹි මහා කතාවක උත්තුංග සංෂිප්තය මෙලෙසින් සදාකල්හිම අපේ ගේය ලෝකය සදානන්දනීය කරනු ඇත.
Thursday, August 13, 2009
රාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය.
රාජ්‍ය සේවය යැයි පැවසූ සැනින් අපගේ මතකයට එන්නේ ලක්ෂ ගනනක් වූ රාජ්‍ය සේවකයින්ය.එනම් රාජ්‍ය සේවයේ මානව සම්පතය. ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය.මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය.රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණය සම්බන්දව පැන නගින ගැටළු කිහිපයකි.
1. සමස්ථ රාජ්‍ය සේවයෙන් 40% ක්ම සිදුකරන්නේ අභ්‍යන්තර කටයුක්තක් නම් රාජ්‍ය සේවයේ ‘සේවාලාභීන්’ එනම් ‘මහජනතාව’ විසින් නඩත්තු කරනු ලබන්නේ ‘සුදු අලියෙක්ද’?
2. මෙම ‘මානව සම්පත් කළමණාකරණය’ නිසි ආකාරව සිදු වෙනවාද?
3. මෙම ඒකාකාරී රාජකාරී ඉටුකිරීම සඳහා මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් නොමැතිද?ඒ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කළ හැකිබව මාගේ මතයයි. රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කරන අවස්ථා මේ වන විටත් තිබෙනවාද කියා මම නොදනිමි. (එවැනි අවස්ථා ඇත්නම් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
කෙසේ වුවද, මේ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීමෙන්
1. රාජ්‍ය සේවයේ ඇති විශාල බරක් සැහැල්ලු කර ගැනීමට හැකිවනු ඇත.
2. මටද ඇතුළුව සෑම රාජ්‍ය සේවකයෙකුටම (අවම වශයෙන් එකක් වත්) ඇති නොවිසඳුනු සම්ප්‍රදායික ගැටළු පහසුවෙන් නිරාකරනය කරගත හැකි වනු ඇත.
3. එමගින් ඇතිවන මානසික සහනය වඩාත් යහපත් සේවයක් ලබා දීමට හොඳ පෙළඹවීමක් වනු ඇත.
4. මානව සම්පත් කළමණාකරණය සඳහා යොදවා ඇති මනව සම්පත රාජ්‍ය සේවයේ ඵලදායී අංශ කරා යොමු කළ හැකිය.
ඒ අනුව රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීම ඉ-රාජ්‍ය සංකල්පයේ ‘ප්‍රශස්ත මහජන සේවයක්’ ලබාදීමක්ම වනු ඇත.මිනිරන් සෙවීමලංකාවේ මිනිරන් නිධි සෙවීම සඳහා රජය කටයුතු ආරම්භ කරන බවට තොරතුරක් අද ලංකාදීපෙ තිබුණා.ප්‍රගතිශීලී අදහසක්!ලංකාවේ මිනිරන් වැඩි කාබන් ප්‍රතිශතයක් සහිත හොඳ වෙළඳ පොලක් තියෙන සම්පතක්.බෝගල මිනිරන් පතල හා ලංකාවේ තවත් මිනිරන් නිධි රාශීයක් තිබිය හැකිබවට තද විශ්වාසයක් විද්‍යාඥ්ඥයින් තුල තිබෙනවා.අනුරාධපුර යුගයට (ක්‍රි.ව. 400 - 500) අයත්යැයි පුරාවිද්‍යාත්මකව තහවුරු කළ මිනිරන් නිශ්පාදන සීගිරි අවටින් සොවාගෙන ඇත. http://www.gk-graphite.lk/graphite-supplier.html</a>
ලංකාවේ මිනිරන් සඳහා කැනීම් ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 1840-1850 කාලයේය.මේවන විට වසර 170ක් පමණ පැරණි මෙම කර්මාන්තය විධිමත් ලෙස කළමණාකරණය කරන්නේනම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ඇදලැනීමට හොඳ අවස්ථාවක් බව මගේ මතයයි. තනි තනිව වැඩ කරන රජයේ සේවකයෝඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ රාජ්‍ය ප්‍රති-නිර්මාණ අංශයේ වැඩසටහන් ප්‍රධානි වසන්ත දේශප්‍රිය මහත්මයාගේටීකාව ඉතා අගය කො 495; සලකනවා.ස්තුතියි.මම කියන්න උත්සාහ කළේ අපේ රාජ්‍ය සේවයේ සිටින බහුතරයකගේ -අති බහුතරයකගේ ආකල්පයක් ගැන.'මම මගේ වැඩේ කරනවා!', 'ඒක මගේ වැඩක් නෙමේ!'බැලු බැලුමට බොහොම සාධාරන වගේ පෙනෙන, 'ඔව් ඒ මදෑ'කියල හිතෙන, ආකල්පයක්.ඒත් ඒක හරිද?ආයතනයක වැඩ තනි තනිව කරල සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්ද?මම අත්දැකල තියෙන බහුතරයක් -අති බහුතරයක් පෞද්ගලික ආයතනවල කටයුතු කරන්නේ සාමූහිකව.ඒ ඒ රාජකාරියට ඍජුව වගකියන අයෙක් සිටිනවා.ඒත් කළමණාකරනය විසින් ඒ සියළු අංශ හොඳින් සමායෝජනය කරනවා.අවසාන ප්‍රතිඵලය සාර්ථකයි.කරුමයක මහත.රාජ්‍ය අංශයේ අති බහුතරයක් ආයතනවල එම සහභාගිත්ව කළමණාකරනය ඇත්තෙම නෑ.වසන්ත මහත්මයා කියන ආකාරයට 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය'ට පුළුවන් වෙයිද මේ ආකල්පමය වෙනස ඇති කරන්න?'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය' අප ආයතනයේ ඵලදායීතාව වර්ධනය කිරීම පිණිස යොදා ගැනීමටගන්නා උත්සාහයට හරස් වී තිබෙන්නෙත් මේ 'කාලකන්ණි' ආකල්පයමයි.('කාලකන්ණි' කිව්වට 'කන්නෙ' කාලය විතරක් නෙමේ. ශ්‍රමය, ධනය, කීර්ති නාමය වගේසම්පත් විශාල ප්‍රමාණයක් මේ ආකල්පය නිසා විනශ වෙනවාසංදේශයෙන් ආ ජීවරාණ -ගාමිණී වේරගම විවරණයක්...ි
දසකයේදී ජනප‍්‍රියත්වයේ පෙරමුණේම සිටිතාරකාවන් අතර ජීවරාණිට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ෆ්ලොරීඩා හා ක්ලැරිස්ගෙන් පසුව1960 දසකයේදී ජනප‍්‍රියතම නිළියන් අතුරින්ප‍්‍රථමයෙන් සිනමාවට පිවිසෙන්නේද ජීවරාණිය. ඇයසිනමාවට පිවිසෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙවනචිත‍්‍රපටය වූ ”සංදේශයෙනි.” (1960* එවකට ජනප‍්‍රියතමතාරකාවක් වූ කාන්ති ගුණතුංග අවසන්වරට ප‍්‍රධානචරිතය ර`ගපෑ චිත‍්‍රපටයෙන්ම කෙටි දර්ශන දෙක තුනකපෙනී සිටිමින් ජීවරාණි රඟපෑමට පිවිස වසර දෙක තුනක්ඇතුළත කාන්ති ගුණතුංගට වඩා ජනාදරය දිනාගැනීමදචිත‍්‍රපට කතාවක් බ`දුය.””සංදේශය” ආරම්භ වන්නේ පෘතුගීසීන් විස#38;න්සිංහලයකුට මරණ ද`ඩුවම පැනවීමේ දර්ශනයකිනි.
සිනමා සාහිත්‍යයේ
සිංහල උපදේශ කාව්‍ය සාහිත්‍යය
සුභාෂිතය රචනා කිරීමට මුකවෙටි ගුරුහරුකම් ගෙන ඇත්තේ සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ උපදේශ රචනා මගිනි. ඔහු අවශ්‍ය දේ උචිත පරිදි තෝරා සිංහල පාඨකයාට අවධාරණය කර ඇතිවා සේම, ඒ තුළ නිර්මාණාත්මක බවක් ද දෘෂ්‍යමානය. උපදේශ මිනිස් හදට කාන්දුවන පරිදි ඉදිරිපත් කිරීමේදී සිංහල උපදේශ කාව්‍යය ඉතිහාසයේ විශේෂිත ස්‌ථානයක් සනිටුහන් කිරීමට අලගියවැන්න මුකවැටිගේ සුභාෂිතයට හැකිවී තිබේ. සුභාෂිතයෙහි දක්‌නට ලැබෙන උපදේශ විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ එය "බෞද්ධාගමික උපදේශ" යන සීමාවෙන් ඔබ්බට ගොස් සමාජ, දේශපාලන, සර්ව ආගමික ආදී අංශ කෙරෙහි විහිදී ඇති බවයš8;. ඒ මගින් සමස්‌ත සමාජ සංස්‌ථාවම ක්‍රමානුකූලව ගොඩනගාගත හැකි ආකාරය දක්‌වන මුකවෙටි උපදේශ දෙනුයේ සමාජ ශෝධකයකු පරිද්දෙනි.
පාලියෙහි උපදේශ යන්න මෙසේ දක්‌වයි."පාරම්පරීයං එතීය උපදේසො ඉතීහ"
අවවාද කිරීම, උපදෙස්‌දීම, පෙන්වාදීම, දැක්‌වීම යන අර්ථය පෙරදැරිව "උපදේශ" යන වචනය නිෂ්පත්ති වී ඇත. මෙම අදහස් ඉෂ්ට සිද්ධ කරලන්නා වූ පද්‍යය "උපදේශ කාව්‍යය" නම් වේ. ශික්‌ෂා, කල්ප, වියරණ, ජන්දස්, ජ්‍යෙතිස ආදියෙන් පවා පෙන්වාදීම, උපදෙස් දීම හා අවවාද දීමද සිදුවන බැවින් සියල්ලම උපදේශ සාහිත්‍යය ලෙස පිළිගත හැකිය. මක්‌නිසාද, ඒ සෑම සාහිත්‍යයකින්ම ඒ ඒ විෂයයන් පිළිබඳ මගපෙන්වීමක් ඇති කරවන බැවිනි. නමුත් මෙහිදී මූලික වශයෙන් උපදේශ කාව්‍යය ලෙස අර්ථ දක්‌වනුයේ සාහිත්‍යාංගයක් ලෙස සිංහල කාව්‍ය කෙෂ්ත්‍රයේ උපදේශ කව්‍යයේ ආරම්භය සහ විකාශනය පිළිබඳවයි.
සිංහල උපදේශ කාව්‍යයේ ආරම්භය, වර්ධනය, හා ඉතිහාසය පිළිබඳ කරුණු විමසීමේදී පූරාතන පෙරපර දෙදිග සාහිත්‍යය කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවෙයි. මන්ද සිංහල සාහිත්‍ය කෙෂ්ත්‍රයේ පැනනැගුණු විවිධ විෂයයන්ගේ ආරම්භය, විකාශනය, වර්ධනය යන කරුණු සම්බන්ධව ආභාෂය මෙන්ම නොයෙක් ආකාරයේ බලපෑම් සිදුවූයේ පුරාතන පෙරපර දෙදිග සාහිත්‍යයෙන් බැවිනි. එබැවින් සිංහල උපදේශ කාව්‍යයටද ඉන් මිදීමට නොහැකි වූ බව පෙනේ.
මෙහිදී සිංහල උපදේශ කාව්‍යයට වැඩි වශයෙන් බලපෑවේ සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ උපදේශ සාහිත්‍ය ආභාෂයයි. අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී උපදේශයම පරමාර්ථ කොටගත් සාහිත්‍ය කෘතියක් දක්‌නට නොලැබෙයි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන ලදැයි අනුමාන කළ හැකි හේතු කීපයක් මෙසේ සඳහන් කළ හැකිය. මේ යුගයේ සිංහල සාහිත්‍යය බෞද්ධාගම මත පදනම් වී තිබුණු බැවින් උපදේශයම පරමාර්ථ කොටගත් කාව්‍යයක් රචනා කිරීමට අවශ්‍යතාව ලාංකීය පද්‍යකරුවනට දැඩිව නොදැනෙන්නට ඇත. තවත් හේතුවක් වන්නේ සියබස්‌ලකරෙහි දක්‌වා ඇති "පෙදෙන් බුදු සිරිත" න්‍යායයි. එපමණක් නොව, අනුරාධපුර හා පොළොන්නරු යුගවල පැවැති දේශපාලන අස්‌ථාවර භාවයන් කරණ කොටගෙන සෙසු බොහෝ පොත පත මෙන්ම උපදේශ සම්බන්ධ කාව්‍ය පොතපතද තිබී විනාශවී ගියා දැයි සැක සහිතය.
අනුරපුර, පොළොන්නරු යුගයන්හි සිංහල උපදේශ කාව්‍යය නමින් විශේෂ සාහිත්‍යාංගයක් බිහිනොවුණ ද ඉන් කිසිදු බලපෑමක් නොවන තරමටම එකල වූ ගද්‍ය පද්‍ය කෘති එම අඩුව පිරිමැසීය. පැරණි සිංහල පොත පත ධර්මෝපදේශයන්ගෙන්ම යුක්‌ත වන්නේය. සිංහල සාහිත්‍යය වනාහි ති්‍රපිටක පාලියේ වෙස් ගැන්වීමක් සේ දැක්‌වීමට හැකිවන තරමටම එකල පොත පත, බුදු සිරිත සහ බුදු දහම, විනය මග පහදමින් ලියා තිබූ බව පෙනේ.
මෙම තත්ත්වය හමුවේ පැරණි සිංහලයා තුළ වූ සිතුවිලි සමුදාය සංයමයට පත්වූවා පමණක් නොව, ඊට අනුකූලව තම ජීවන රටාව හා සමාජචර්යාවද හැඩගස්‌වා ගත් බව පැහැදිලිය. ඒ ආශ්‍රයෙන් ලොවට හඬගා පැවසිය හැකි උසස් සංස්‌කෘතික උරුමයකට හිමිකම් කීමට සිංහල බෞද්ධයාට හැකිවිය.
සිංහල සාහිත්‍යයෙහි උපදේශයම පරමාර්ථ කොට රචිත කාව්‍ය ග්‍රන්ථයක් මුලින්ම හමුවන්නේ කෝට්ටේ යුගයේදීය. ඒ ලෝවැඩසඟරාවයි. නමුත් කෝට්ටේ යුගය වන තෙක් සිංහල ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය තුළ අවශේෂ සාහිත්‍ය ලක්‌ෂණයක් ලෙස නැතිනම් සාහිත්‍ය උපාංගයක් ලෙස උපදේශ අන්තර් ගත වූ බව කිව යුතුය. ලාංකීය ලිඛිත පද්‍ය සාහිත්‍යයේ ආරම්භය සනිටුහන් කරනු ලබන සීගිරි ගී තුළ පවා හිතෝපදේශ ඇතුළත් පද්‍ය දක්‌නට ලැබීමෙන් පැහැදිලිවන කරුණ වන්නේ ඈත අතීතයේ සිටම ලාංකීය පොදුජනයා අතර පවා උපදේශ කාව්‍යයේ අංකුර පැවැති බවයි.
"සසර කතර බව - මිනිස්‌පිය නොසුලබැ බවනොකිසිව් ජන්නවුන් - ඇත අසතු නොවන නැසෙන්නට"
ජීවත්වීමට ආශාවක් ඇත්නම් සීගිරි ළදුන් කෙරෙහි නොඇලිය යුතු බව මෙම සීගිරි ගීයෙන් පැවසෙන උපදේශයයි. කෝට්ටේ යුගයට පෙර රචිත ශාස්ත්‍රීය පද්‍ය සහ ගද්‍ය සාහිත්‍ය කෘති පිරික්‌සීමේදී අනාවරණය වන්නේ ඒවායේ ඇති ඒකීය පරමාර්ථය තුළ උපදේශ ලක්‌ෂණ අඩංගු බවයි. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය මෙන්ම ධර්මප්‍රදීපිකාව වැනි විස්‌තර ව්‍යාඛ්‍යාන ග්‍රන්ථද දහම් සරණ, සඟ සරණ ආදී සරණ ග්‍රන්ථයන්ගෙන්ද ථූපවංශය ආදී වූ වංශකතා ඇතුළු පුරාණ ගද්‍ය ග්‍රන්ථවලින් බොහොමයක අන්තර්ගත වන්නේ මිනිසා සුචරිතයට යොමු කරවන සදුපදේශයන්ය.
"සත්පුරුෂයන් විසින් හැමවෙලේම මේ බණ සිහිතබා තුන්දොරින් සිද්ධවන අකුසලින් දුරුවැ කුසල් පුරා ලොවී ලොව් තුරා සැපත් නිරායාසයෙන් සිද්ධ කටයුතු." (සද්ධර්මරත්නාවලිය)
පන්සිය පනස් ජාතක පොත උපදේශ මංජුසාවකි. කුරුණෑගල සමයේදී සිංහල සාහිත්‍යයට එකතුවූ ජාතකපොත සිංහලට පරිවර්තනය වීමට පෙර දීපවා ජාතක කථා වස්‌තුකොට රචිත කෘති මගින් හිතෝපදේශ උද්දීපනය කිරීමට ගත් උත්සාහය පොළොන්නරු යුගයේ රචිත මුවදෙව්දාවත, සසදාවත වැනි ගී කාව්‍යවලින් සනාථ වෙයි. මහා කාව්‍ය සම්ප්‍රදායේ මුදුන්මල්කඩ ලෙස සලකනු ලබන දඹදෙණි යුගයේ රචිත "කව්සිළුමිණ" පවා ආරම්භවන්නේ උපදේශ ගීයකිනි.
"තමා වරදස නොදිස්‌නේ - මෙරමා දොස්‌මැ දිස්‌නේනුවන් බැහැර නහමත් - තමා මුත් නොදැක්‌නේ කිම්" (තමාගේ වරදින් බිඳ කුදු තමාට නොපෙනේ. අනුන්ගේ වරද පෙනෙන්නේමයි. ඇස්‌හැර බලතහොත් තමා හැර නොදකින්නේ කුමක්Ş3;?) කෝටිටෙ යුගයේ රචිත මහාකාව්‍යයක් වන කාව්‍යශේඛරයේ පවා සදුපදේශ දක්‌නට ලැබේ.
"නොකියා සිය හිමිට -
මීට අමතරව කෝටිටෙ යුගයේ විරචිත වීදාගම මහමෙත් නා හිමිගේ බුදුගුණ අලංකාරය සදුපදේශ මිණිවදුලකි. රාජ්‍ය පාලනය සඳහා රජවරුන්ට ඉතා වැදගත් උපදේශ රාශියක් එහි අන්තර්ගත කොට ඇත. මේ යුගයේදීම වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයද උපදේශයන්ගෙන් සුපෝෂිතය.
"දියෙහි යන දණ්‌ඩට - පිහිටක් වෙතොත් පෙර සිටදුදනන්ට පිහිට : නොවවු යන බස සැබෑ කළෙ මට"
"කොපමණ ගුණකළත් - දුදනෝ නොවෙති යහපත්කිරිදියෙහි දෙවියත් : අඟුරු සුදුවන කළෙක් නම් නැත්"(ගුත්තිල කාව්‍යය)
මෙම සදුපදේශ හේතුකොටගෙන රටවැසියා සාහිත්‍යය රසට ගිජුවූවා පමණක් නොව, එය සිංහල සාහිත්‍යයේ වර්ධනයට මෙන්ම සමාජ සාරධර්ම වර්ධනයට මනා පිටිවහලක් වූවාට සැක නැත. සිංහල උපදේශ සාහිත්‍යය විකාශනයේදී මුලදී, සිංහල ගද්‍යය හා පද්‍ය පසුබිම් කරගනිමින් සාහිත්‍ය උපාංගයක්
වශයෙන් පැවැති සදුපදේශ, කෝටිටෙ යුගයේදී පරීපූර්ණ සාහිත්‍යාංගයක් බවට පත්ව එයි. පළමුවැනි සිංහල උපදේශ කාව්‍යය වශයෙන් සලකනු ලබන "ලෝවැඩ සඟරාව" බිහිවන්නේ මේ කාලයේදීය. වීදාගම මහ නාහිමියන් ක්‍රි.ව. 1446 ට පෙර මෙම කෘතිය රචනා කර ඇති අතර පද්‍ය 139 කින් සමන්විත වෙයි. කතුවරයා කෘතියේ පරමාර්ථය මෙසේ දක්‌වයි.
"වෙසෙසින් පෙළදම් නොමදන් දනහටපවසම් කළකම් පල දැන් හෙළුකොට"පාලි දහම වටහාගත නොහැකි අයගේ පහසුව සඳහා බණමග අනුගමනය කරමින් තම චින්තාවන් මෙහෙයවමින් ජීවිතයක යහ පැවැත්මට උපයෝගි කරුණු මෙසේ දක්‌වම් ය ලෙසිනි. මෙම කෘතියේ අන්තර්ගත උපදේශ මූලික ප්‍රස්‌තුත කීපයක් ඔස්‌සේ ගොණු කළ හැකිය. කාලයේ අගය, කම්සැපෙහි ආදීනව, ඔවාවදන්, දස අකුසල්, පින්පල දැක්‌වීම. පරාර්ථ සේවය අගය කළ යුතු බව, බාහිර ඔපයට ගැරහිය යුතු බව ආදී වූ හිතෝපදේශ රැසක් ලෝවැඩසඟරාව තුළ අන්තර්ගතව තිබේ. ලෞකික සැප හැරගිය යුතු බව දක්‌වන්නේ, "කුමටද කාබී නිති සැරසෙන්නේ කොතැනද මේ කය අරගෙන යන්නේ...." වශයෙනි.
මේ අනුව මිනිස් සිත තුළ සංයමය ඇති කිරීමට උචිත මාධ්‍යයක් සේ රචිත උපදේශ ග්‍රන්ථයක් වශයෙන් ලෝවැඩ සඟරාවට ලැබෙනුයේ වෙසෙස් තැනකි.
රටෙහි වරින්වර ඇතිවූ කැළඹිලි අවස්‌ථා සාහිත්‍යයටද බලපෑ අතර සීතාවක යුගය එබදු සමයකි. සිංහල උපදේශ කාව්‍ය සාහිත්‍යයේ ඊළඟ අවස්‌ථාව සනිටුවහන් කරන්නේ සීතාවක යුගයයි. කෝටිටෙ යුගයෙන් ඇරඹි සිංහල උපදේශ සාහිත්‍යයට සීතාවක යුගයේදී අලගියවැන්න මුකවැටිතුමා විසින් (ක්‍රි.ව. 1611) දී
රචිත සුභාෂිතය නම් හිතෝපදේශ කාව්‍යය එක් වෙයි. මෙය නීති උපදේශ කාව්‍යයක් සේම ශතක කාව්‍යයක් ලෙසද සැලකේ. මෙහි අන්තර්ගත උපදේශ, මිසදිටු දෙවියන් බැදුම නිරර්තක බව, පින්කිරීමේ අගය, සුදනගුණ හා දුර්ජන අගුණ, පුබුදන ඇසුර, රජුනට රාජ්‍ය පාලනයට උපදේශ යන ආගමික, සාමාජික, දේශපාලනික, තේමා මුක්‍ය පරමාර්ථ කරගනිමින් ගොණු කර තිබේ.
සුභාෂිතය රචනා කිරීමට මුකවෙටි ගුරුහරුකම් ගෙන ඇත්තේ සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ උපදේශ රචනා මගිනි. ඔහු අවශ්‍ය දේ උචිත පරිදි තෝරා සිංහල පාඨකයාට අවධාරණය කර ඇතිවා සේම, ඒ තුළ නිර්මාණාත්මක බවක් ද දෘෂ්‍යමානය. උපදේශ මිනිස් හදට කාන්දුවන පරිදි ඉදිරිපත් කිරීමේදී සිංහල උපදේශ කාව්‍යය ඉතිහාසයේ විශේෂිත ස්‌ථානයක් සනිටුහන් කිරීමට අලගියවැන්න මුකවැටිගේ සුභාෂිතයට හැකිවී තිබේ. සුභාෂිතයෙහි දක්‌නට ලැබෙන උපදේශ විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ එය "බෞද්ධාගමික උපදේශ" යන සීමාවෙන් ඔබ්බට ගොස් සමාජ, දේශපාලන, සර්ව ආගමික ආදී අංශ කෙරෙහි විහිදී ඇති බවයි. ඒ මගින් සමස්‌ත සමාජ සංස්‌ථාවම ක්‍රමානුකූලව ගොඩනගාගත හැකි ආකාරය දක්‌වන මුකවෙටි උපදේශ දෙනුයේ සමාජ ශෝධකයකු පරිද්දෙනි.
මුකවැටි විසින් මෙම කෘතිය රචනාකර ඇත්තේ සමකාලීන සමාජය අළලා නමුදු විශේෂත්වය වන්නේ අධ්‍යතනයටද එය අදාළ වන බැවිනි. සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ සාහිත්‍යය මේ සඳහා ඉවහල් කරගත්තද සිංහල සමාජයට සිංහලයාට උචිත ආකරයෙන් එය සකස් කිරීමට මුකවෙටි සමත්වී ඇත. මොහුගේ උපදේශ සීමා මායිම් දමා බැඳ තැබිය නොහැකි අතර සියලු සමාජ සංස්‌කෘතීන්ට අදාළ වන්නේ එබැවිනි.
මින් අනතුරුව උපදේශ කාව්‍ය රචනයෙහි සිංහල කවීන් දැඩි උනන්දුවක් දක්‌වා අත්තේ මහනුවර සහ මාතර යුගවලදීය. මේ ගණයට මහනුවර යුගයේදී එකතුවූ ප්‍රධාන උපදේශ කාව්‍යයක් වන්නේ "බවොපකාරය"යි. බවොපකාරය සමුද්‍රඝෝෂ විරිතින් බැඳි කවි 89 කින් යුත් කුඩා සරල රචනයකි. මෙය කාගේ කෘතියක් දැයි හරිහැටි පැහැදිලි නොවේ. බවොපකාරය බොහෝ සෙයින් පින්පල පෙන්වීම පිණිස ලියූ රචනයකි. එහි මුලසිට අගදක්‌වාම පින්කිරීම, බණ ඇසීම, මවුපිය උවටැන පිළිබඳ උපදෙස් දෙයි. මේ සඳහා දඹදෙණි යුගයේ රචිත පාලි සද්ධම්මොපායනය ගුරුකොටගත් බවක් පෙනේ. මේ යුගයේදීම රචිත
උසස් ශාස්‌තී්‍රය ලක්‌ෂණ පෙන්නුම් කරන උපදේශ කෘතියක් වන්නේ "ලෝකෝපකාරය"යි. කෝටිටෙ යුගයෙන් පසුව හමුවන විශාලතම ගී කාව්‍යය වන ලෝකෝපකාරයෙහි ගී 238 ක් පමණ අඩංගු වෙයි. මෙහි කතුවරයා රණස්‌ගල්ලේ හිමි බවත්, ක්‍රි.ව.. 1799 දී කළ බවත් ග්‍රන්ථාවසාන පද්‍යයෙන් පැහැදිලි වේ. "ලෝක-උපකාරය" ලොවට පිහිට" යන අර්ථය අනුව 484;්‍රන්ථනාමයෙහිම එම හැඟුම කුළුගන්වා තිබේ. ධම්මපදය, හිතෝපදේශය, වැනි පාලි සකු කෘතීන්හි උපදේශ හෙළු ගීයට නැගීමෙන් මේ කෘතිය කළ බව පැහැදිලි වෙයි.
කතෘගේ පරමාර්ථය මෙසේය."අනුවණ දුරැර සැප වාසය - කර මෙලොව නිරතුරුරෙන්සඟමොක් සැපත් ලැබගන්ට - බලව් ලෝකෝපකාරය"
දාරක ප්‍රේමය හා රක්‌ෂණය, විද්‍යාව සහ උගත, සමාජ ශෝධනය, වෛරයට මෙන්කළ යුතු බව, සුචරිතඵලය, උඩඟුවෙහි ආදීනව, සත්පුරුෂධර්ම, බෝධිසත්ව චර්යා ආදිය මේ කෘතියේ අන්තර්ගත සදුපදේශයන්හි මුඛ්‍ය තේමාවෝ වෙති.
ඔවදන් දැක්‌වීමේදී
දුසිරිත දනන් දෙන -
කාව්‍ය රචනය පොදුජන පරිචයක් බවට පැමිණී මෙන් අනතුරුව මහනුවර හා මාතර යුගවලදී ශාස්‌තී්‍රය බවින් උසස් කොට සැලකිය හැකි නොවන නමුත් උපදේශ කාව්‍ය රාශියක් බිහිවී එන ආකාරයක් පෙනේ. වදන් කවිපොත, කව්මුතුහර, කව්මිණි කොඬොළ ආදී කෘතීන්හි කතා රසයට අවහිර වන පරිදි උපදේශ පද්‍ය ඇතුළත් කොට තිබේ. කාව්‍යශේඛරය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව, වැනි කෘතීන්ගේ ආභාෂය මහනුවර යුගයේ උපදේශ පද්‍ය රචකයන් ආභාෂ කොටගත් බව ඔවුන්ගේ කෘති පිරික්‌සීමෙන් මොනවට පැහැදිලි වේ.
ඉගෙනීමේ අගය පිළිබඳව වදන් කව්පොතෙහි සඳහන් මේ කව කා අතරත් සුප්‍රසිද්ධය.
පද්‍ය සඳහා යොදගෙන ඇති ජනකාව්‍ය ආකෘතිය හේතුවෙන් එකල පොදුජන සමාජය මෙම උපදේශ කෘතින් අනුමත කළ බැව් සිතීම වරදක් නොවේ. "දහම්මිණි කව" මගින් ජනසිත් අකුසලින් මුදවා දහමට නැඹුරු කිරීමක් පෙන්වයි. කි්‍ර.ව. 18 වැනි සියවසට අයත් යැයි සලකනු ලබන, දියණියකට පියෙකු විසින් දෙනු ලබන අවවාදයක ස්‌වරූපයෙන් රචිත ග්‍රන්ථයක් ලෙස "දනිමිතිමාලය" හැඳින්විය හැකිය. බිරියන් විසින් තම සැමියා කෙරෙහි පැවතිය යුතු ආකාරය ඉන් නිරූපිතය.
උපාරත්නමාලය, මෝඩමාලය, අවවාදමාලය, සිරිත්මල්දම මේ යුගයට අයත් උපදේශ පද්‍ය සංග්‍රහ වෙයි. බුද්ධස්‌තෝත්‍ර, අංගදුන, සහ තවත් කෘති ගණනාවක් උපදේශය පරමාර්ථ කොටගෙන මිහිරිපැන්නේ ධම්මරතන හිමි රචනා කොට තිබේ. "අපාදුක" සහ "සුරාපානය" කොග්ගල ධම්මතිලක හිමි මේ සම්බන්ධව ලියූ රචානවෝ වෙති.
උපදේශ පද්‍යකරණය දිගු කාලීනව ඒකාකාරයෙන් නොපැවතිණි. එය මහනුවර යුගයේ ජනපි්‍රයව පැවැති ශෘංගාර කාව්‍ය සමඟ බද්ධවන බවක් දක්‌නට ලැබෙයි. මුලදී පැවැති මහජන රුචිය උපදේශ කාව්‍ය තුළින් දුරස්‌වීම හේතුකොටගෙන උපදේශ දැක්‌වීමට වෙනත් මහජන රුචික මාධ්‍යයක පිහිට සෙවීමට උපදේශ කතුවරුන්ට සිදුවිය. ඒ සඳහා කවීන් යොදාගත්තේ ශෘංගාරාත්මක කාව්‍ය මාධ්‍යයයි. ඒ "ශෘංගාරාත්මක උපදේශකාව්‍යය" යැයි නම් කළ හැකි කාව්‍ය විශේෂයක් බිහිකිරීමට මෙම කවීහු සමත් වූහ. අනුරාගමාලය, උපාරත්නමාලය මේ විශේෂයට අයත් කෘතිවෙයි. අනුරාගමාලයෙහි ශෘංගාරය, උපදේශ හා ආප්තෝපදේශ සම්මිශ්‍රණයවූ පද්‍ය දක්‌නට ඇතත් ශෘංගාරය වඩාත් ඉස්‌මතු වී තිබෙන බැවින් ප්‍රශස්‌ති කාව්‍යය හා ශෘංගාරාත්මක කාව්‍යය මෙන් ශෘංගාර උපදේශ කාව්‍යයද ව්‍යාකූල වී ගිය ආකාරයක් පෙනේ.
අනතුරුව එළඹෙන කොළඹ යුගයේදී උපදේශ කාව්‍ය රචනා විශාල වශයෙන් බිහිව එයි. චාර්ල්ස් විලියම් ද සිල්වා දේවගැති වරයාගේ "ධර්මපාලය" "කව්මිණිමාලය" ද කුඩාවේ පණ්‌ඩිත ගුණවර්ධනගේ "මත්පැන්දොස්" කවද, ප්‍රංශජාතික ජෝසප් මොන්ත ඤොඤං පියතුමාගේ "ඔවදන් කිරුල" ද උසස් උපදේශ පද්‍ය සංග්‍රහ වේ.
අවවාදරත්නමාලය, දැනමුතුමාලය, මෙකල ලියැවුණු වැදගත් උපදේශ කෘති වේ. 1895 දී ඇම්. පිංතු නම් කවියකු පද්‍ය 28 කින් යුත් "පරාභව ස{ත්‍රකාව්‍යය" නමින් කෘතියක් රචනා කර තිබේ. මිනිසෙකු පිරිහීමට ලක්‌වන ආකාරය එහි දැක්‌වෙයි.