Wednesday, August 19, 2009

ජීවිතයට ආදරය කරන්න

ජීවිතේ හරි අමාරු කාලවල් ආවහම කඩා නොවැටි ඉදිරියටම යන්න නම් අපි අපේ ජීවිත ශක්තිමත්ව ගොඩ නගා ගෙන තියෙන්නම ඕන. ජීවිතේ ප්‍රශ්ණ කවදා කොයි විදිහට ඒවිද කියන්න කව්ද දන්නේ ? අන්න ඒ නිසාම පාසල් කාලෙදිම අපි අපේ ජීවිත මොන විදියට ගොඩ නගාගන්නවද කියන එක තීරණය කරන්න ඕන. හැබැයි ඉත්න් අපි වටේ ඉන්න ගොඩ දෙනෙක් අපි ජීවිත ගොඩනගාගන්න හදන කොට අපේ කකුලෙන් ඇදලා අපව බිම වට්ටන්න හදන අය කියලත් තේරුම් අරගෙන ඉන්න එක වැදගත්. ඒ විදියට අමාරුවෙන් හරි ජීවිතය ගොඩ නගා ගන්නේ නැතුව " අනේ බං මේ ජොලිය තව ටික කාලයයි නේ තියෙන්නේ කියලා " ජීවිතේ තීරණාත්මක කඩඉම් පහුකරන මේ කාලේ හදවතට ඕන හැටියට ජීවිතේට රස්තියාදු ගහන්න දුන්නොත් නම් හැමදෙයක්ම එතනින්ම ඉවර වේවි.

තවත් එකක් , මුල ඉදලම ඔයාලගේ ජීවිතේ ගොඩනැගෙන විදියට එාලගේ මිත්‍ර සමාගමත් ප්‍රබලවම බලපානවා. ටිකක් විතර විපරම් කරලා බලන්න අධ්‍යාපනය අතින් ,බාහිර ක්‍රියාකාරකම් අතින් සාර්ථක වෙන හැම කෙනෙක් පිටිපස්සෙම හොද මිතුරු නඩයක් ඉදලා තියෙනවා. ඒක අපි අපේ ජීවිතවලටත් ආදර්ශයක් කරගත යුතුයි . මොකද , අපාය සහයලා , වචීපරමලා එක්ක ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමේ මේ මහා මෙහෙයුම දියත් කරන්න බැරිනිසා.

ඒ වගෙමයි ජීවිතය ගොඩනගා ගන්න යන මේ ගමනෙදි හැම වෙලාවකම අරටුවක් සහිත තීරණ ගන්න අපට පුළුවන් කමක් තිබිය යුතුයි.ඒ හැකියාව පෞරුෂය මුල ඉදලාම අප තුල ඇතිකර ගත යුතුයි. මොකද ඒක ජීවිතය ගොඩනගා ගැනීමේදී බලපාන ප්‍රබල සාධකයක් නිසා.

ඉතින් ඔය හැම දෙයක්ම සම්පූර්ණ කරගෙන ඔයාලා ඔයාලගේ ජීවිතය අනාගතයේ දවසක ගොඩනගාගත්තා කියමුකෝ හැබැයි ඉතින් එහෙම ගොඩනගාගත්තු ජීවිතේ ඒ විදිහට ගොඩනගා ගන්න පටන් ගත්තු විදිහ, ඒ පටන් ගැන්මට තමාට දිරි දුන්න අය අමතක කලොත් නම් ඉතින් උදේ ඉදලා වතුර ඇදලා හවස මුට්ටිය බිදගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ .

අනේ කිසිම කෙනෙක් එහෙම නම් වෙන්න එපා .මොකද අපි අපේ ජීවිත ගොඩනගා ගන්නවා වගේම හදවතත් පිරිසිදුව නිර්මලව ගොඩනගා ගත යුතුයි . එහෙම වුනොත් විතරයි යාළු අමාරුවෙන් ගොඩලගා ගත්තු ජීවිතේ වරිච්චි නොගැලවී තියෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතේ දැන්ම ඉදලම හෙමි හෙමින් ගොඩනගා ගන්න . එහෙම ගොඩනගා ගත්තු ජීවිත කල් පවතිනවා.

සේපාලිකා මල් ඉක්මනින් පිපෙනවා
ඒ ඉක්මනින් පරවෙනවා......
පොල් මලක් පූදින්න කාලයක් යනවා
එසේම පොල් මලක් කාලයක් පිපී තිබෙනවා.

මේ දහම ජීවිතයටත් අයත්.

ගීයක් ගැන නොදත් යමක්

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී...............

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වසී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුණ සුරෑපී
ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
විගඟ සෙනග හඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැක ගනින් දේවතාවී....

මේ සමීප ගීතයේ යට ගියාව ගැන වැඩි දෙනෙක් නොදන්න කතාන්දරය තමයි මේ. කියවන ගමන් ඇහෙන්න මේ ගීතයත් දමාගන්න.

1980 දශකයේ ගොඩාක් ජනප්‍රිය වුන සගරාවක් තමයි " දයාසේන ගුණසිංහ " මහත්මයාගේ , " සිව්දෙස සගරාව ". 80 දශකයේ අග භාගයේ එක්තරා දවසක උදෑසන සිව්දෙස සගරාව කියවමින් සිටි විශාරද ගුණදාස කපුගේ අපේ ආදරණීය ගායන ශිල්පියාණන් මේ සගරාවේ පිටු අතර තියෙන අපූරු කතාවක් දකිනවා . ඒ කතාව දැකපු ගමන් ම කපුගේ ශිල්පියාට සිහියට නැගෙන්නේ කලණ මිතුරු රත්න ශ්‍රී විජේසිංහ ව . ඒ වෙලාවෙම තමන්ගේ මිත්‍රයට දුරකතනයෙන් කථා කළ කපුගේ මහත්මයා " සිව්දෙස ' සගරාවේ තියෙන මේ ප්‍රවෘත්තිය බලන්නැයි කියනවා. ඒ පුවත මෙන්න මේකයි , මාතර කඹුරුපිටිය කියන ගමේ මධ්‍යම පාන්තික පවුලකට දාව උපදිනවා දියණියක්. ඇය නමින් ~ විනීතා සමරසිංහ ~ ඇය තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කළ පසු පොලිස් කාන්තාවක් ලෙසින් සේවයට බැදෙනවා. ගම මාතර කඹුරුපිටියෙ වුනත් රැකියාව කරන්න සිදුවෙන්නේ කිරුළපණ පොලීසියට අනුයුක්තව . මේ කාලෙදිම වගේ පොලිස් සේවයට බැදුණ උතුරුකරේ දමිළ තරුණයෙකුත් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණෙනවා. ඔහුට සිංහල භාෂාව හසුරුවන්න අසීරුයි .ඒ වගේමයි ඇයට දමිළ බස හසුරුවන්නත් අසීරුයි. නමුත් තරුණ හදවත් වල ආදරයට ඒක බාදාවන් නොවන වග මේ දෙන්න එප්පු කරනවා .දවසින් දවස මේ දෙදෙනාම ප්‍රේමය මතින් ඔවුන් දෙදෙනාටම උරුම වුණු අලුත් ලොවක් තනා ගැන්මට උත්සුක වෙනවා. නමුත් එවකට රටේ උද්ගතවෙලා තිබුණ මහා වාර්ගික ගැටළුව හේතුවෙන් මේ ආදර කතාවට විනීතාගේ නිවසින් කිසිදු ආකාරයකින්වත් සහයෝගයක් නොලැබී යනවා. නමුත් ප්‍රේමය කියන මහා බැදීම දෙහදක ඇතිවුනාම මොනවිදිහේ සීමා දැම්මත් ඒ ප්‍රේමය නවත්තන්න බෑ. විනීතගේත් නඩේෂන්ගේත් නෑදෑ සනුහරයම විරුද්ධ වෙද්දී කාටත් හොරා දෙන්නම යුග දිවියට එළඹුනා. යුගදිවි සිරි මැදින්ම ඔවුන් ඔවුන්ට උරුම වුණ සුන්දර ලොවක් හොයා ගෙන නඩේෂන්ගේ ගම් පළාත වුණ උතුරුකරයට පියමැන්නා. ඒත් ඒ වෙනකොට ජාතිවාදී ගිනිසිළුවෙන් උතුරුකරයේ ගිනි ඇවිලෙමිනුයි තිබුණේ. එදා නව යුවතිපතීන් යුවළක් ලෙසින් උතුරුකරයට ගිය ඔවුන් එල් . ටී . ටි. ඊ . යදමේ පුරුක් බවට පත්වුනා . අවසන නඩේෂන් එල්. ටී . ටී . ඊ . සංවිධානයේ පොලිස් අංශයේ නායකයා බවටත් විනීතා සමරසිංහ එම සංවිධානයේම ප්‍රබල කොටි සාමාජිකාවක් බවටත් පත් විය. එදා සිදු වූ මේ සිදුවිම මුල් කරගනිමින් රත්න ශ්‍රී විජේසිංහ නම් වූ අසහාය ගේය පද රචකයා අතින් ලියවුනා වූ මේ සොදුරු ගීතය අසන්නට අද දිනයේ නඩේෂන්වත්.... විනීතාවත් .... අපි අතරේ නොමැත. වියරු වැටුණා වූ බල ලෝභී සමාජය මැද ජාතිය පාවා දී සටන් වැද අවසන අද ඔවුන් දෙදෙනාම මිහිදන් වී ගොසිනි. ඔවුන්ගේ ගෙවුණු ජීවිතය ගැන ඔබ කුමන නිර්වචන කලත් ඔවුන් දෙදෙනා අතර හටගත් ඒ ප්‍රේමවෘතාන්තයෙන් ඇරඹි මහා කතාවක උත්තුංග සංෂිප්තය මෙලෙසින් සදාකල්හිම අපේ ගේය ලෝකය සදානන්දනීය කරනු ඇත.

Thursday, August 13, 2009

රාජ්‍ය සේවය හා මානව සම්පත් කළමණාකරණය.

රාජ්‍ය සේවය යැයි පැවසූ සැනින් අපගේ මතකයට එන්නේ ලක්ෂ ගනනක් වූ රාජ්‍ය සේවකයින්ය.එනම් රාජ්‍ය සේවයේ මානව සම්පතය. ඇත්තටම ‘රාජ්‍ය සේවය’ කියා වැඩි වශයෙන්ම සිදුවන්නේද මේ අති විශාල ‘සම්පත’ කළමණාකරණය කිරීමය. රජයේ කාර්යාලයක් ගත්විට එහි සිටින ‘රාජ්‍ය සේවකයින්ගෙන්’ 40% දෙනා කරන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ වැඩය.කාර්යාල වල භාවිතා වන වචන වලින් කියනවානම් ‘පරිපාලන සේවා’, ‘සේවා කොන්දේසි’, ‘පුද්ගලික ලිපිගොනු’, ‘සාමාන්‍ය පාලන’, ‘පාලන’. මේ ආදී තවත් වචන රාශියකින් හැඳින්වුවද මේ කුමන විශයෙන් වුවද සිදුවන්නේ ‘මානව සම්පත් කළමණාකරණ’ රාජකාරියක්ය.මෙම රාජකාරී වලින් 95% කට වැඩි ප්‍රමාණයක් නිතිපතා නැවත නැවතත් සිදුකරන ඒකාකාරී දේවල්ය.රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණය සම්බන්දව පැන නගින ගැටළු කිහිපයකි.

1. සමස්ථ රාජ්‍ය සේවයෙන් 40% ක්ම සිදුකරන්නේ අභ්‍යන්තර කටයුක්තක් නම් රාජ්‍ය සේවයේ ‘සේවාලාභීන්’ එනම් ‘මහජනතාව’ විසින් නඩත්තු කරනු ලබන්නේ ‘සුදු අලියෙක්ද’?

2. මෙම ‘මානව සම්පත් කළමණාකරණය’ නිසි ආකාරව සිදු වෙනවාද?

3. මෙම ඒකාකාරී රාජකාරී ඉටුකිරීම සඳහා මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් නොමැතිද?ඒ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කළ හැකිබව මාගේ මතයයි. රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කරන අවස්ථා මේ වන විටත් තිබෙනවාද කියා මම නොදනිමි. (එවැනි අවස්ථා ඇත්නම් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)

කෙසේ වුවද, මේ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීමෙන්

1. රාජ්‍ය සේවයේ ඇති විශාල බරක් සැහැල්ලු කර ගැනීමට හැකිවනු ඇත.

2. මටද ඇතුළුව සෑම රාජ්‍ය සේවකයෙකුටම (අවම වශයෙන් එකක් වත්) ඇති නොවිසඳුනු සම්ප්‍රදායික ගැටළු පහසුවෙන් නිරාකරනය කරගත හැකි වනු ඇත.

3. එමගින් ඇතිවන මානසික සහනය වඩාත් යහපත් සේවයක් ලබා දීමට හොඳ පෙළඹවීමක් වනු ඇත.

4. මානව සම්පත් කළමණාකරණය සඳහා යොදවා ඇති මනව සම්පත රාජ්‍ය සේවයේ ඵලදායී අංශ කරා යොමු කළ හැකිය.

ඒ අනුව රාජ්‍ය සේවයේ ‘මානව සම්පත් කළමණාකරණය’ සඳහා ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය’ භාවිතා කිරීම ඉ-රාජ්‍ය සංකල්පයේ ‘ප්‍රශස්ත මහජන සේවයක්’ ලබාදීමක්ම වනු ඇත.මිනිරන් සෙවීමලංකාවේ මිනිරන් නිධි සෙවීම සඳහා රජය කටයුතු ආරම්භ කරන බවට තොරතුරක් අද ලංකාදීපෙ තිබුණා.ප්‍රගතිශීලී අදහසක්!ලංකාවේ මිනිරන් වැඩි කාබන් ප්‍රතිශතයක් සහිත හොඳ වෙළඳ පොලක් තියෙන සම්පතක්.බෝගල මිනිරන් පතල හා ලංක‍ාවේ තවත් මිනිරන් නිධි රාශීයක් තිබිය හැකිබවට තද විශ්වාසයක් විද්‍යාඥ්ඥයින් තුල තිබෙනවා.අනුරාධපුර යුගයට (ක්‍රි.ව. 400 - 500) අයත්යැයි පුරාවිද්‍යාත්මකව තහවුරු කළ මිනිරන් නිශ්පාදන සීගිරි අවටින් සොවාගෙන ඇත. http://www.gk-graphite.lk/graphite-supplier.html</a>

ලංකාවේ මිනිරන් සඳහා කැනීම් ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 1840-1850 කාලයේය.මේවන විට වසර 170ක් පමණ පැරණි මෙම කර්මාන්තය විධිමත් ලෙස කළමණාකරණය කරන්නේනම් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ඇදලැනීමට හොඳ අවස්ථාවක් බව මගේ මතයයි. තනි තනිව වැඩ කරන රජයේ සේවකයෝඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ රාජ්‍ය ප්‍රති-නිර්මාණ අංශයේ වැඩසටහන් ප්‍රධානි වසන්ත දේශප්‍රිය මහත්මයාගේටීකාව ඉතා අගය කො 495; සලකනවා.ස්තුතියි.මම කියන්න උත්සාහ කළේ අපේ රාජ්‍ය සේවයේ සිටින බහුතරයකගේ -අති බහුතරයකගේ ආකල්පයක් ගැන.'මම මගේ වැඩේ කරනවා!', 'ඒක මගේ වැඩක් නෙමේ!'බැලු බැලුමට බොහොම සාධාරන වගේ පෙනෙන, 'ඔව් ඒ මදෑ'කියල හිතෙන, ආකල්පයක්.ඒත් ඒක හරිද?ආයතනයක වැඩ තනි තනිව කරල සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්ද?මම අත්දැකල තියෙන බහුතරයක් -අති බහුතරයක් පෞද්ගලික ආයතනවල කටයුතු කරන්නේ සාමූහිකව.ඒ ඒ රාජකාරියට ඍජුව වගකියන අයෙක් සිටිනවා.ඒත් කළමණාකරනය විසින් ඒ සියළු අංශ හොඳින් සමායෝජනය කරනවා.අවසාන ප්‍රතිඵලය සාර්ථකයි.කරුමයක මහත.රාජ්‍ය අංශයේ අති බහුතරයක් ආයතනවල එම සහභාගිත්ව කළමණාකරනය ඇත්තෙම නෑ.වසන්ත මහත්මයා කියන ආකාරයට 'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය'ට පුළුවන් වෙයිද මේ ආකල්පමය වෙනස ඇති කරන්න?'තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය' අප ආයතනයේ ඵලදායීතාව වර්ධනය කිරීම පිණිස යොදා ගැනීමටගන්නා උත්සාහයට හරස් වී තිබෙන්නෙත් මේ 'කාලකන්ණි' ආකල්පයමයි.('කාලකන්ණි' කිව්වට 'කන්නෙ' කාලය විතරක් නෙමේ. ශ්‍රමය, ධනය, කීර්ති නාමය වගේසම්පත් විශාල ප්‍රමාණයක් මේ ආකල්පය නිසා විනශ වෙනවා

සංදේශයෙන් ආ ජීවරාණ -ගාමිණී වේරගම විවරණයක්...ි

ගාමිණී වේරගම විවරණයක්...

දසකයේදී ජනප‍්‍රියත්වයේ පෙරමුණේම සිටිතාරකාවන් අතර ජීවරාණිට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ෆ්ලොරීඩා හා ක්ලැරිස්ගෙන් පසුව1960 දසකයේදී ජනප‍්‍රියතම නිළියන් අතුරින්ප‍්‍රථමයෙන් සිනමාවට පිවිසෙන්නේද ජීවරාණිය. ඇයසිනමාවට පිවිසෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙවනචිත‍්‍රපටය වූ ”සංදේශයෙනි.” (1960* එවකට ජනප‍්‍රියතමතාරකාවක් වූ කාන්ති ගුණතුංග අවසන්වරට ප‍්‍රධානචරිතය ර`ගපෑ චිත‍්‍රපටයෙන්ම කෙටි දර්ශන දෙක තුනකපෙනී සිටිමින් ජීවරාණි රඟපෑමට පිවිස වසර දෙක තුනක්ඇතුළත කාන්ති ගුණතුංගට වඩා ජනාදරය දිනාගැනීමදචිත‍්‍රපට කතාවක් බ`දුය.””සංදේශය” ආරම්භ වන්නේ පෘතුගීසීන් විස#38;න්සිංහලයකුට මරණ ද`ඩුවම පැනවීමේ දර්ශනයකිනි.

ඔහුගේබිරි`ද හා දියණිය හ`ඩා වැටෙති. මවගේ චරිතය ර`ගපෑවේශාන්ති ලේඛාය. දියණිය ලෙස විනාඩි කිහිපයක් පෙනීසිටියේ ජීවරාණිය. එයට අමතරව ඇය මෙම චිත‍්‍රපටයේසමූහ දර්ශන දෙක තුනකද පෙනී සිටියාය. ඇගේ මේසිනමා ප‍්‍රවේශය එක් අතකින් ගාමිණී ෆොන්සේකා”රේඛාව” චිත‍්‍රපටයේ තත්පර කිහිපයක ධාවන කාලයකින්යුත් සමූහ දර්ශනයක පෙනී සිටිමින් රංගනයට ප‍්‍රවේශවීම හා සමානය. මා එම කරුණ ගෙනහැර දැක්වූයේ1960 දසකයේදී ජනප‍්‍රිය සිනමාවේ ගාමිණී ජීවරාණියුගයක්ද බිහිවූ නිසාය.සිනමාස් සමාගමේ නිෂ්පාදනයක් වූ ”වීර විජය”චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ර`ගපෑමේ අවස්ථාව ඇයටහිමිවිය.ජීවරාණි ජනාදරයේ ඉහළම තලයට පිවිසෙන්නේමෙරට ජනප‍්‍රිය සිනමාවේ කඩඉමක් වූ ”රන්මුතු ¥ව”චිත‍්‍රපටයේ (1962* කුමාරි ලෙස ප‍්‍රධාන චරිතය ර`ගපෑමෙනි.ගාමිණී ෆොන්සේකා ජනප‍්‍රියත්වයේ කිරුළ සෙසුනළුවන්ගෙන් පැහැර ගන්නේ මෙම චිත‍්‍රපටයෙනි.ජීවරාණිද ඒ ම`ග යමින් සෙසු නිළියන් අබිබවාප‍්‍රමුඛ පෙළේ ජනප‍්‍රිය නිළියක බවට පත්වූයේ ද මේචිත‍්‍රපටයෙනි.

ගාමිණී හා ජීවරාණි තිරයේ මැවූ පෙම් ජවනිකාඑතෙක් සිංහල චිත‍්‍රපටයකට නොපිවිසි ආකාරයේ තාත්විකලක්ෂණවලින් යුක්තවිය. සමකාලීන තරුණ පරම්පරාවේගති ලක්ෂණවලට සමීපව ප‍්‍රතිනිර්මාණය වූ මේ චරිතද්වයනිසා ගාමිණී - ජීවරාණි තරුණ පරම්පරාවේ නවතමආකර්ශනය බවට පත්විය. ඔවුන් දෙදෙනා එක්ව ර`ගපෑ”ගලන ග`ගකි ජීවිතේ” ගීත ඛණ්ඩය රැුගත් දර්ශන පෙළඑතෙක් සිංහල චිත‍්‍රපටයක නොදුටු සො`දුරුතම පෙම්දසුනක් විය.ජීවරාණි නර්තනයේ හා ගායනයේද කුසලතාපළ කළ ශිල්පිනියකි. පානදුරේ යහපත් එෙ`ඞ්රාගේකන්‍යාරාමයේ අධ්‍යාපනය ලද අවදියේ වජිරා-චිත‍්‍රසේනයටතේ නර්තනය හැදෑරූ ඇය ගීත ගායනය ප‍්‍රගුණකළේ තිලකසිරි ප‍්‍රනාන්දුගෙනි. ”එන්න මද නලේ” ගීතයගායනා කරමින් ජනප‍්‍රිය වූ තිලකසිරි ප‍්‍රනාන්දු සංදේශයචිත‍්‍රපටයේ කරත්තකරුගේ චරිතයද, රන්මුතු¥ව චිත‍්‍රපටයේකයිලාසගේ චරිතයද ර`ගපෑවේය.ජීවරාණී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හ`දුන්වාදෙනු ලැබුවේ තිලකසිරි විසිනි.

”ගම්මානය කලඑළිවූවා - මාලා මනමාලිය වූදා” ගීතය ජීවරාණී සමගගැයුවේද තිලකසිරිය. ජීවරාණී වේදිකාවට පිවිසෙන්නේඑස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා ලියූ,මාහේනේ රීරී යකා නාට්‍යයේ ප‍්‍රධාන චරිතයර`ගපාමිනි.ජීවරාණී දසක එකහමාරක පමණකාලයක් ප‍්‍රධාන චරිත නිරූපණය කළද දේශීයසිනමා රංගනයේ කඩඉමක් බ`දු චරිතයක්ප‍්‍රතිනිර්මාණය කිරීමේ අවස්ථාවක් ලැබුවේනැත.කිසියම් අවිහිංසක බවක් රැු`දි චරිතවැඩි වශයෙන් නිරූපණය කළ ඇයඑම`ගින් තමන්ට ආවේණිකඅනන්‍යතාවක්ද ගොඩනගා ගත්තාය.ඇය ගාමිණී ෆොන්සේකා සමගමෙන්ම ටෝනි රණසිංහ, ජෝඅබේවික‍්‍රම වැනි දක්ෂ නළුවන්සමග ද සමබර රංග රටාවකපිහිටන්නට සමත් වූවාය.

එහෙත්ඔවුන්ගේ ප‍්‍රශස්තම රංගන රැුගත්චිත‍්‍රපටවල චරිත නිරූපණයට ඇයඅවස්ථාව නොලැබුවාය.ඇය දේශීය සිනමාව තුළ නොමැකෙන නමක් බවටපත්වූයේ ඇගේ ර`ගපෑම්වල ගැබ් වූ සරල අවිහිංසක බවත්කැමරාගෝචරබවත් අනුකරණයක් නොවූ හැඩතල නිසාත්බව අමතක කළ යුතු නොවේ.ඇගේ සිව්වන චිත‍්‍රපටය වූ සිනමාස් සමාගමේමනිෂ්පාදනයක් වූ ”අදට වැඩිය හෙට හො`දයි” (1963* චිත‍්‍රපටයේඇය ර`ගපෑවේ ජීවිතයේ අනේකවිධ කම්කටොලූවලටමුහුණදෙන සොහොයුරියකගේ චරිතයකි. එහිදී ගාමිණීෆොන්සේකා හා ආනන්ද ජයරත්න ර`ගපෑවේ ඇගේ බාලසොහොයුරන්ගේ චරිතයි. අවිහිංසක හැඩතලවලින් මෙන්මභාවාතිශය අවස්ථාවලින්ද යුත් චරිත නිරූපණය ස`දහා ඇයයොදා ගැනෙන්නේ මෙම චිත‍්‍රපටයේ ර`ගපෑමත් සමගිනි.ඇයගේ පස්වන චිත‍්‍රපටයද සිනමාස් සමාගමේමනිෂ්පාදනයකි.

”මේන් චූප් රහුන්ගී” නම් හින්දි චිත‍්‍රපටයේඅනුකරණයක් වූ ”උඩරට මැණිකේ” 1963 චිත‍්‍රපටයේ ඇයර`ගපෑවේ ප‍්‍රභූ තරුණයකු වෙතින් අනාථව මවක බවටපත්වන ගැමි තරුණියකගේ චරිතයයි. මෙම කතා පුවතමරැුගත් ”කල්ලතූර් කන්නම්මා” දෙමළ චිත‍්‍රපටය ඇසුරින්තැනුණු ”මංගලිකා” චිත‍්‍රපටය තිරගතවූයේද ”උඩරටමැණිකේ” චිත‍්‍රපටය සමගිනි. එහි මෙම චරිතය නිරූපණයකළේ රුක්මනී දේවි ය. ඇගේ චරිත නිරූපණයේස්වභාවිකත්වය ඉක්මවා කළ ර`ගපෑමක් වුවද ජීවරාණිතාත්වික ර`ගපෑමක් ගෙන ඒමට සමත් වූවාය. මෙය ඇගේර`ගපෑම් සැස`දීමට ලැබුණු හො`දම අවස්ථාවක් වූ බවසිහිපත් කළ යුතුය.”යටගිය දවස” (1965* චිත‍්‍රපටයේ ගාමිණී ෆොන්සේකාසමග ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ඇය 1966 දී ”සැනසුමකොතැනද” චිත‍්‍රපටයේ ඔහු සමග නැවතත් ප‍්‍රධාන චරිතයරඟපෑවාය.

සිනමා සාහිත්‍යයේ

ඇගේ ගමන සංඥාර්ථවේදී කියවීමක්දිනෙන් දිනම සිංහල සිනමාවට කසිකබල් චිත‍්‍රපටඑක්වේ. වට්ටෝරු ක‍්‍රමයෙන් මිදී කාලීන වැදගැම්මක්ඇති චිත‍්‍රපට බිහිවන්නේ කලාතුරකිනි. සිංහල සිනමාවහා ජනතාව ගැන කැක්කුමක් ඇති චිත‍්‍රපට අධ්‍යක්ෂවරුකිහිප දෙනෙක්වත් අප අතර සිටීම මහත් ආඩම්බරයකි.එබඳු සිනමාකරුවන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකුහැටියට වසන්ත ඔබේසේකර හඳුන්වා දිය හැකි ය.වසන්ත ඔබේසේකර තමන් හැ¥ චිත‍්‍රපට ගැන අපසමග කතා කළේ මෙසේ ය.ඔබ මෙතෙක් හැ¥ චිත‍්‍රපට තුන අතරින් මුලින් ම හැ¥‘වෙස්ගත්තෝ’ ගැන ඔබ දැන් සිතන්නේ කුමක් ද?මා හාපුරා කියා සිනමාකරණයට බැස්සේ ‘සත්සමුදුර’තුළින්. සත්සමුදුරේ සහාය අධ්‍යක්ෂක හැටියට මා කටයුතුකළා. ඇත්ත වශයෙන් ම සත්සමුදුර මුදල් ඉපැයීම අතින්අසාර්ථක වුණා. සත්සමුදුර නිපදවූ දිසානායක චිත‍්‍රපට සමාගමේ ඊළඟ අරමුණ වූයේ සිනමානුරූපී වූත්, ජනප‍්‍රිය වූත්චිත‍්‍රපටයක් නිපදවීමයි. ඒ කටයුත්ත ඔවුන් මා වෙත පැවරුවා.‘වෙස්ගත්තෝ’ බිහි වූයේ ඒ අන්දමටයි. වෙස්ගත්තෝ චිත‍්‍රපටයනිපදවන අවධියේ දී සිනමාකරණය පිළිබඳව මට තිබුණේපොත්පත් කියවීමෙන් වර්ධනය කරගත් දැනුමක් හා සත්සමුදුරටසම්බන්ධ වීමෙන් ලබාගත් සීමිත අත්දැකීම් ප‍්‍රමාණයක්පමණයි. චිත‍්‍රපටය නිර්මාණය කරද්දී මුහුණපාන්නට වූදුෂ්කරතාවයන් මඟහරවා ගැනීමට, කැමරා ශිල්පී විලීබ්ලේක්ගෙන් ලැබුණු සහයෝගය මා ඉතා අගයකොටසලකනවා. වෙස්ගත්තෝ තුළින් මා කියන්නට අදහස් කළේලොකු හොරු නිදැල්ලේ හැසිරෙද්දී පුංචි හොරු පමණක්නීතියේ රැුහැනට හසු වූ ආකාරයයි. වෙස්ගත්තෝ වාණිජමයඅතිනුත් සිනමාරූපී බවිනුත් බොහෝදුරට සාර්ථක වුණා. ඒදෙස ආපසු හැරී බලද්දී මා දකින දුර්වලකම්වලට හේතුවසිනමාකරණය පිළිබඳව එවකට මා තුළ වූ සීමිත අත්දැකීම්කියල මට හිතෙනවා.‘වල්මත්වූවෝ’ කාලීන වැදගැම්මක් ඇති චිත‍්‍රපටයක් ලෙස ඔබඅගය කරනවා ද?ඇත්ත වශයෙන් ම ඔව්. ‘වල්මත්වූවෝ’ චිත‍්‍රපටයටපසුබිම් වුණේ කාලීන වැදගැම්මක් ඇති තේමාවක්. මෙහි දීතරුණ අසහනය ඉතාම වැදගත් කාලීන ප‍්‍රශ්නයක්. තරුණඅසහනය ගැන කතාකරද්දී අපට කෙළින් ම ඊට තුඩු දුන්විරක්ෂා භාවය ගැන කතා කරන්න සිදු වෙනවා. 1956ටපෙර විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය හදාරා පිටවූ තරුණතරුණියන්ට පැහැදිලි අනාගතයක් තිබුණා. නමුත් ඒ අවධියේවිශ්වවිද්‍යාවලට යෑමේ වරප‍්‍රසාද හිමිවෙලා තිබුණේ එක්තරාසීමිත කොටසකට පමණයි. නමුත් 1956න් පසු ඒ තත්වයවෙනස් වුණා. නිදහස් අධ්‍යාපනයට දොර විවර වීමත් සමඟ ඕනෑ ම තරාතිරමක ම තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලවලටඇතුළු වීමේ අවස්ථාව හිමි වුණා. මේ අවස්ථාව භාග්‍යයක්කොට සැලකූ ඈත පිටිසර දෙමාපියන් තම ඉඩකඩම් පවා උකස්කොට තම දරුවන් විශ්වවිද්‍යාලවලට යවන්නට කටයුතු කළා.නමුත් ඉන්පසු විශ්වවිද්‍යාලවලින් පිටවූ දහස් ගණන් තරුණතරුණියන්ගේ රැුකීරක්ෂා ප‍්‍රශ්නය උග‍්‍ර වුණා. අනාගතය පිළිබඳවිශාල බලාපොරොත්තු ඇතිව තම ¥දරුවන්ගේ අධ්‍යාපනයටමඟපෑ¥ දෙමාපියන්ට මෙය අදහාගත නොහැකි ප‍්‍රශ්නයක්වුණා. අවසානයේ තම ඉඩකඩම් පවා අහිමි වීමෙන් හටගත්කම්පනය කොයිතරම් ද කිවහොත් ඔවුන් කිසිවක් කරකියාගතනොහැකි ව ගොළු වුණා. ‘වල්මත්වූවෝ’ හි එන සමන්ගේපියා තුළින් මා සංකේතවත් කළේ ඒ දෙමාපියන්ගේ මානසිකතත්වයයි. තම ඉඩකඩම් සින්න වීමත්, පුතාට රැුකියාවක්නොලැබීමත් ඔහුට ඔරොත්තු නොදෙන ඉවසුම් නොදෙන,මානසික ප‍්‍රශ්නයක් වුණා. ඔහු ගොළුවත රකින්නේ ඉවසාගතනොහැකි කෝපය නිසා විරක්ෂාභාවය නිසා තමන් ඇතුළුසෙසු තරුණයන් යම් යම් විෂම ක‍්‍රියාවන්ට පෙලඹීම අපටඅසාධාරණයි කියලා අපට කියන්න බෑ. ඔවුන් මුහුණපෑවේසමාජය විසින් ඇති කරපු ප‍්‍රශ්නවලට. සමාජය විසින් මමෙහෙයවන ලද මේ තරුණයන්ගේ විෂම ක‍්‍රියාවලට වගකිවයුත්තේ සමාජයයි. ඔවුන්ගේ ක‍්‍රියාවන් සාධාරණ ද අසාධාරණ දයන වග තීරණය කළ යුත්තේ සමාජය විසින්මයි.‘වල්මත්වූවෝ’ තුළින් නූතන තරුණ පරපුරේ ප‍්‍රශ්න ගැඹුරෙන්විග‍්‍රහ වුණාය කියා ඔබ සෑහීමකට පත්වෙනවා ද?ඇත්ත වශයෙන් ම ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතාකරනවාකියන්නේ දේශපාලනය ගැන කතාකිරීමක් නේද? ජනතාවගේප‍්‍රශ්න කතාකරන කලාකරුවා ජනතාවගේ පැත්ත ගත යුතුයි.නමුත් පවතින තත්වය යටතේ මීට වඩා ඒ ප‍්‍රශ්න ගැන ගැඹුරින්කතා කරන්න ගියා නම් මගේ චිත‍්‍රපටය තහනම් කරන්නත් ඉඩතිබුණා. චිත‍්‍රපටය හදනකොට මට අපේ පරීක්ෂක මණ්ඩලයගැනත් හිතන්න සිද්ධ වුණා. උදාහරණයක් හැටියට කියනවානම් පරීක්ෂක මණ්ඩලය ගැන හිතලා සමන් උපාධි සහතිකයගිනිබත් කරන දර්ශනය මට දෙපාරක්ම දර්ශනගත කරන්නසිද්ධ වුණා.‘වල්මත්වූවෝ’ චිත‍්‍රපටයේ සමන්ගේ චරිතය හැර සෙසු චරිතයදිහා ඔබ මතුපිටින් බැලූව කියලයි අපට හිතෙන්නෙ. ඒ ගැනඔබේ අදහස මොකක් ද?සීමිත කාලයක් තුළ ඒ එක් එක් චරිත ගැන කතාකිරීම අපහසුයි නේ ද? අනිත් අතට එහෙම කළා නම්මගේ සංදර්ශයෙන් පිට පැනලා චිත‍්‍රපටය අච්චාරු හැළියක්වෙන්නත් තිබුණා. ඒ නිසා මං කළේ සමන්ගේ චරිතය හැරඅවශේෂ චරිත පිළිබඳ දළ සටහන ඉදිරිපත් කිරීම පමණයි.එ ් එ ් දළ සටහන ් තළු නි ් එ ් එ ් චරිත කොයති රම් දුරට විගහ‍්‍රවුණා ද කියලා මට කියන්න අමාරුයි. කොහොම වුණත්වල්මත්වූවෝ මගේ ශ්‍රේෂ්ඨතම චිත‍්‍රපටය කියලා මං සෑහීමකටපත්වෙන්නෙ නෑ.වෙස්ගත්තෝ, වල්මත්වූවෝ වැනි චිත‍්‍රපට කළ ඔබදියමන්ති වැනි පොදුජන අනුභූතින්ගෙන් ඈත් වූ චිත‍්‍රපටයක්නිපදවීමට අදහස් කළේ ඇයි?දියමන්ති මගේ මුල් නිෂ්පාදනය. චිත‍්‍රපටයට අතගැසුවේවිශාල පරිත්‍යාගයන් කිහිපයක් කරලයි. මට මෙහි දී සෑහෙනආර්ථික දුෂ්කරතාවයන්ට මූණ දෙන්න සිද්ධ වුණා. තත්වයඑහෙම නම් චිත‍්‍රපටය අසාර්ථක වුණොත් ඇතිවන තත්වයමොකක්ද? හැකිතරම් සිනමානුරූපීව ජනප‍්‍රිය චිත‍්‍රපටයක්තැනීමට කළ උත්සාහයේ ප‍්‍රතිඵලයක් දියමන්ති. දියමන්තිමගේ මුල් චිත‍්‍රපට දෙකට වඩා ශිල්පීය අතින් උසස් කියලාමට හිතෙනවා.මින් ඉදිරියට ඔබ ‘වල්මත්වූවෝ’ වැනි චිත‍්‍රපට කිරීමටබලාපොරොත්තුවෙන්නේ නැද්ද?මින් ඉදිරියටත් මං බලාපොරොත්තු වෙන්නෙහැකි තරම් කාලෝචිත ප‍්‍රශ්න සාකච්ඡුා කෙරෙන චිත‍්‍රපටතැනීමටයි. මගේ මීළ`ග චිත‍්‍රපටයත් ඒ වගේ එකක්. ඉවක් බවක්නැතිව බිහිවෙච්චි හරසුන් බොළ`ද පේ‍්‍රමකතා - මාරක කතාකියවීමෙන් හදාගත්ත මනඃකල්පිත ලෝකයක ජීවත් වෙන්නඋත්සාහ කළ තරුණියක්, හරි පදනමක් නැතිව එහෙන්මෙහෙන් කියවූ දේශපාලන ප‍්‍රචාරක පොත්පත්වලින් අවුල්කරගත් හිසක් ඇති තරුණයෙකු සමග විවාහ වී තම තමන්විසින් ඇති කරගත් ලෝකවල ජීවත් වන්නට උත්සාහ කළත්තත්‍ය ලෝකය ඉදිරියේ ඔවුන්ගේ අර මනඃකල්පිත ලෝකයදෙදරා යන අයුරු කියන්නට මා උත්සහා කළා.සිංහල සිනමාවේ උන්නතිය ගැන කතා කරන චිත‍්‍රපටසංස්ථාවට, සිංහල සිනමාව දැනට වැටී ඇතිවාණිජත්වයේ මඩ වගුරින් ගොඩ ගන්නට හැකිවේයැයිකියා ඔබ සිතනවාද?සිංහල සිනමාව දැනට තියෙන තත්වයෙන් ගොඩගන්නසංස්ථාවට ලේසි පහසු වෙන්නේ නැහැ. නමුත් සංස්ථාවඋසස් චිත‍්‍රපට බිහි කිරීමට 50% හා 100% ණය දීමේක‍්‍රමය වැදගත් පියවරවල් හැටියට අපි අගය කරන්න ඕන. චිත‍්‍රපටකරණය පිළිබ`ද කාර්මික දැනුමක් ඒ තරම්නැතිවුණත් නිර්මාණාත්මක කුසලතා ඇති කොටසක්අපි අතර සිටිනවා. නමුත් සංස්ථාවේ නීතිරීති හැටියටඔවුන්ට එකවරම චිත‍්‍රපටයකට අතගසන්නට අවස්ථාවක්නොලැබීයාම මහත් කනගාටුවට හේතුවක්. මෙයින්සිදුවන්නේ එදා පටන් සිනමාව අරක්ගත් පිරිස පමණක්සිනමාකරණයේ නියැළීමයි.සිංහල සිනමාව ජාත්‍යන්තර චිත‍්‍රපටවල මට්ටමට ගෙනඒමට ඇති බාධක මොනවාද? ඒවා ම`ග හරවා ගැනීමටඔබ ගෙනෙන යෝජනා මොනවාද?නිර්මාණාත්මක හැකියාවන් ඇති අධ්‍යක්ෂවරු හි`ගවීම ඊට ප‍්‍රධාන හේතුවක්. නිර්මාණාත්මක කුසලතාවයන්ඇති චිත‍්‍රපට අධ්‍යක්ෂවරු කී දෙනාද අප අතර ඉන්නේ?අනිත් එක සිංහල සිනමාවේ ආරම්භයේ පටන්ම අරක්ගත්තු, යල් පැනපු අදහස් ඔලූව උඩ තියාගෙන වන්දනාවේයන චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් අපට කවදාවත් උසස්චිත‍්‍රපට බලාපොරොත්තු වෙන්න බෑ. නව තරුණපරපුරෙන් විතරයි අපිට යමක් බලාපොරොත්තු වෙන්නපුළුවන්කම තියෙන්නෙ.සිනමාකරණය විශ්වවිද්‍යාලවල විෂයයන් හැටියටඋගන්වා උපාධි ලබන්නවුන්ට කෙළින්ම සිනමාවටසම්බන්ධ වීමට ඉඩකඩ සැලැස්වීම සිංහල සිනමාවේදියුණුවට හේතුවේ යයි මං හිතනවා.මෙරට සිනමා මාධ්‍යයේ වර්ධනය උදෙසා සිනමා සාහිත්‍යයෙන් වූ අනුග‍්‍රහයඉමහත් ය. එබැවින් සිනමා සාහිත්‍යයත්, ඉතිහාසයත්, අධ්‍යයනයකරන්නන් හා උනන්දුවක් දක්වන්නන්ට එදා සිනමාව උදෙසා පළකෙරුණු ප‍්‍රකාශන හා ඒවායේ පළ වූ ලිපි හඳුනාගැනීම වැදගත්වේ යැයි සිතමු. ඉකුත්සති කිහිපය තුළ මෙම තීරයෙන් මතක සටහන් අතරට එක් කළ ‘සිනමා ප‍්‍රකාශන’අද දක්නට නැත. ඇතැම් ප‍්‍රකාශන දුර්ලභ ය. මෙවර අප පළ කරන්නේ 1976 ජුනි 25පළ වූ ‘සකුරා’ සිනමා අර්ධ මාසිකය හා එහි පළවූ ලිපියකි. ‘සකුරා’ සංස්කරණය කරඇත්තේ ගුණසිරි සිල්වා, වී.එන්. නිෂාම් සහ ජී.එල්. ආරියපාල විසිනි. ගුණසිරි සිල්වාමහතා වර්තමානයේ ක්බන්ිජරුැබගජදප වෙබ් අඩවියේ සංස්කාරකවරයා ය. ජී.එල්.ආරියපාල මහතා වර්තමානයේ ද ලේඛකයෙකි. කලක් මහ බැංකුවේ සේවය කළනිෂාම් මහතා මෑතක දී කලූරිය කළේ ය.ගුණසිරි සිල්වාසිනමා සාහිත්‍යයේඩකශ ඬෙඳැුච‰මා හැ¥චිත‍්‍රපටවසන්ත ඔබේසේකර කියයි

සිංහල උපදේශ කාව්‍ය සාහිත්‍යය


සුභාෂිතය රචනා කිරීමට මුකවෙටි ගුරුහරුකම් ගෙන ඇත්තේ සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ උපදේශ රචනා මගිනි. ඔහු අවශ්‍ය දේ උචිත පරිදි තෝරා සිංහල පාඨකයාට අවධාරණය කර ඇතිවා සේම, ඒ තුළ නිර්මාණාත්මක බවක්‌ ද දෘෂ්‍යමානය. උපදේශ මිනිස්‌ හදට කාන්දුවන පරිදි ඉදිරිපත් කිරීමේදී සිංහල උපදේශ කාව්‍යය ඉතිහාසයේ විශේෂිත ස්‌ථානයක්‌ සනිටුහන් කිරීමට අලගියවැන්න මුකවැටිගේ සුභාෂිතයට හැකිවී තිබේ. සුභාෂිතයෙහි දක්‌නට ලැබෙන උපදේශ විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ එය "බෞද්ධාගමික උපදේශ" යන සීමාවෙන් ඔබ්බට ගොස්‌ සමාජ, දේශපාලන, සර්ව ආගමික ආදී අංශ කෙරෙහි විහිදී ඇති බවයš8;. ඒ මගින් සමස්‌ත සමාජ සංස්‌ථාවම ක්‍රමානුකූලව ගොඩනගාගත හැකි ආකාරය දක්‌වන මුකවෙටි උපදේශ දෙනුයේ සමාජ ශෝධකයකු පරිද්දෙනි.

පාලියෙහි උපදේශ යන්න මෙසේ දක්‌වයි."පාරම්පරීයං එතීය උපදේසො ඉතීහ"

අවවාද කිරීම, උපදෙස්‌දීම, පෙන්වාදීම, දැක්‌වීම යන අර්ථය පෙරදැරිව "උපදේශ" යන වචනය නිෂ්පත්ති වී ඇත. මෙම අදහස්‌ ඉෂ්ට සිද්ධ කරලන්නා වූ පද්‍යය "උපදේශ කාව්‍යය" නම් වේ. ශික්‌ෂා, කල්ප, වියරණ, ජන්දස්‌, ජ්‍යෙතිස ආදියෙන් පවා පෙන්වාදීම, උපදෙස්‌ දීම හා අවවාද දීමද සිදුවන බැවින් සියල්ලම උපදේශ සාහිත්‍යය ලෙස පිළිගත හැකිය. මක්‌නිසාද, ඒ සෑම සාහිත්‍යයකින්ම ඒ ඒ විෂයයන් පිළිබඳ මගපෙන්වීමක්‌ ඇති කරවන බැවිනි. නමුත් මෙහිදී මූලික වශයෙන් උපදේශ කාව්‍යය ලෙස අර්ථ දක්‌වනුයේ සාහිත්‍යාංගයක්‌ ලෙස සිංහල කාව්‍ය කෙෂ්ත්‍රයේ උපදේශ කව්‍යයේ ආරම්භය සහ විකාශනය පිළිබඳවයි.

සිංහල උපදේශ කාව්‍යයේ ආරම්භය, වර්ධනය, හා ඉතිහාසය පිළිබඳ කරුණු විමසීමේදී පූරාතන පෙරපර දෙදිග සාහිත්‍යය කෙරෙහිද විශේෂ අවධානයක්‌ යොමු කිරීමට සිදුවෙයි. මන්ද සිංහල සාහිත්‍ය කෙෂ්ත්‍රයේ පැනනැගුණු විවිධ විෂයයන්ගේ ආරම්භය, විකාශනය, වර්ධනය යන කරුණු සම්බන්ධව ආභාෂය මෙන්ම නොයෙක්‌ ආකාරයේ බලපෑම් සිදුවූයේ පුරාතන පෙරපර දෙදිග සාහිත්‍යයෙන් බැවිනි. එබැවින් සිංහල උපදේශ කාව්‍යයටද ඉන් මිදීමට නොහැකි වූ බව පෙනේ.

මෙහිදී සිංහල උපදේශ කාව්‍යයට වැඩි වශයෙන් බලපෑවේ සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ උපදේශ සාහිත්‍ය ආභාෂයයි. අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී උපදේශයම පරමාර්ථ කොටගත් සාහිත්‍ය කෘතියක්‌ දක්‌නට නොලැබෙයි. මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමට බලපාන ලදැයි අනුමාන කළ හැකි හේතු කීපයක්‌ මෙසේ සඳහන් කළ හැකිය. මේ යුගයේ සිංහල සාහිත්‍යය බෞද්ධාගම මත පදනම් වී තිබුණු බැවින් උපදේශයම පරමාර්ථ කොටගත් කාව්‍යයක්‌ රචනා කිරීමට අවශ්‍යතාව ලාංකීය පද්‍යකරුවනට දැඩිව නොදැනෙන්නට ඇත. තවත් හේතුවක්‌ වන්නේ සියබස්‌ලකරෙහි දක්‌වා ඇති "පෙදෙන් බුදු සිරිත" න්‍යායයි. එපමණක්‌ නොව, අනුරාධපුර හා පොළොන්නරු යුගවල පැවැති දේශපාලන අස්‌ථාවර භාවයන් කරණ කොටගෙන සෙසු බොහෝ පොත පත මෙන්ම උපදේශ සම්බන්ධ කාව්‍ය පොතපතද තිබී විනාශවී ගියා දැයි සැක සහිතය.

අනුරපුර, පොළොන්නරු යුගයන්හි සිංහල උපදේශ කාව්‍යය නමින් විශේෂ සාහිත්‍යාංගයක්‌ බිහිනොවුණ ද ඉන් කිසිදු බලපෑමක්‌ නොවන තරමටම එකල වූ ගද්‍ය පද්‍ය කෘති එම අඩුව පිරිමැසීය. පැරණි සිංහල පොත පත ධර්මෝපදේශයන්ගෙන්ම යුක්‌ත වන්නේය. සිංහල සාහිත්‍යය වනාහි ති්‍රපිටක පාලියේ වෙස්‌ ගැන්වීමක්‌ සේ දැක්‌වීමට හැකිවන තරමටම එකල පොත පත, බුදු සිරිත සහ බුදු දහම, විනය මග පහදමින් ලියා තිබූ බව පෙනේ.

මෙම තත්ත්වය හමුවේ පැරණි සිංහලයා තුළ වූ සිතුවිලි සමුදාය සංයමයට පත්වූවා පමණක්‌ නොව, ඊට අනුකූලව තම ජීවන රටාව හා සමාජචර්යාවද හැඩගස්‌වා ගත් බව පැහැදිලිය. ඒ ආශ්‍රයෙන් ලොවට හඬගා පැවසිය හැකි උසස්‌ සංස්‌කෘතික උරුමයකට හිමිකම් කීමට සිංහල බෞද්ධයාට හැකිවිය.

සිංහල සාහිත්‍යයෙහි උපදේශයම පරමාර්ථ කොට රචිත කාව්‍ය ග්‍රන්ථයක්‌ මුලින්ම හමුවන්නේ කෝට්ටේ යුගයේදීය. ඒ ලෝවැඩසඟරාවයි. නමුත් කෝට්ටේ යුගය වන තෙක්‌ සිංහල ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය තුළ අවශේෂ සාහිත්‍ය ලක්‌ෂණයක්‌ ලෙස නැතිනම් සාහිත්‍ය උපාංගයක්‌ ලෙස උපදේශ අන්තර් ගත වූ බව කිව යුතුය. ලාංකීය ලිඛිත පද්‍ය සාහිත්‍යයේ ආරම්භය සනිටුහන් කරනු ලබන සීගිරි ගී තුළ පවා හිතෝපදේශ ඇතුළත් පද්‍ය දක්‌නට ලැබීමෙන් පැහැදිලිවන කරුණ වන්නේ ඈත අතීතයේ සිටම ලාංකීය පොදුජනයා අතර පවා උපදේශ කාව්‍යයේ අංකුර පැවැති බවයි.

"සසර කතර බව - මිනිස්‌පිය නොසුලබැ බවනොකිසිව් ජන්නවුන් - ඇත අසතු නොවන නැසෙන්නට"
ජීවත්වීමට ආශාවක්‌ ඇත්නම් සීගිරි ළදුන් කෙරෙහි නොඇලිය යුතු බව මෙම සීගිරි ගීයෙන් පැවසෙන උපදේශයයි. කෝට්ටේ යුගයට පෙර රචිත ශාස්ත්‍රීය පද්‍ය සහ ගද්‍ය සාහිත්‍ය කෘති පිරික්‌සීමේදී අනාවරණය වන්නේ ඒවායේ ඇති ඒකීය පරමාර්ථය තුළ උපදේශ ලක්‌ෂණ අඩංගු බවයි. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය මෙන්ම ධර්මප්‍රදීපිකාව වැනි විස්‌තර ව්‍යාඛ්‍යාන ග්‍රන්ථද දහම් සරණ, සඟ සරණ ආදී සරණ ග්‍රන්ථයන්ගෙන්ද ථූපවංශය ආදී වූ වංශකතා ඇතුළු පුරාණ ගද්‍ය ග්‍රන්ථවලින් බොහොමයක අන්තර්ගත වන්නේ මිනිසා සුචරිතයට යොමු කරවන සදුපදේශයන්ය.

"සත්පුරුෂයන් විසින් හැමවෙලේම මේ බණ සිහිතබා තුන්දොරින් සිද්ධවන අකුසලින් දුරුවැ කුසල් පුරා ලොවී ලොව් තුරා සැපත් නිරායාසයෙන් සිද්ධ කටයුතු." (සද්ධර්මරත්නාවලිය)

පන්සිය පනස්‌ ජාතක පොත උපදේශ මංජුසාවකි. කුරුණෑගල සමයේදී සිංහල සාහිත්‍යයට එකතුවූ ජාතකපොත සිංහලට පරිවර්තනය වීමට පෙර දීපවා ජාතක කථා වස්‌තුකොට රචිත කෘති මගින් හිතෝපදේශ උද්දීපනය කිරීමට ගත් උත්සාහය පොළොන්නරු යුගයේ රචිත මුවදෙව්දාවත, සසදාවත වැනි ගී කාව්‍යවලින් සනාථ වෙයි. මහා කාව්‍ය සම්ප්‍රදායේ මුදුන්මල්කඩ ලෙස සලකනු ලබන දඹදෙණි යුගයේ රචිත "කව්සිළුමිණ" පවා ආරම්භවන්නේ උපදේශ ගීයකිනි.

"තමා වරදස නොදිස්‌නේ - මෙරමා දොස්‌මැ දිස්‌නේනුවන් බැහැර නහමත් - තමා මුත් නොදැක්‌නේ කිම්" (තමාගේ වරදින් බිඳ කුදු තමාට නොපෙනේ. අනුන්ගේ වරද පෙනෙන්නේමයි. ඇස්‌හැර බලතහොත් තමා හැර නොදකින්නේ කුමක්‌Ş3;?) කෝටිටෙ යුගයේ රචිත මහාකාව්‍යයක්‌ වන කාව්‍යශේඛරයේ පවා සදුපදේශ දක්‌නට ලැබේ.

"නොකියා සිය හිමිට -
නැතුවා ද උතුරුසළු පොටගමන ඉක්‌මන් කොට -
නොයන් නුඹ වසනගෙන් පිටතට"

යන පද්‍යයෙන් පටන්ගෙන"හිමි වුවද උරණා - නොකියා තෙපුල් දරුණාවචනසිත් කරුණා - වැලින් නොසිතව දෙතැන සරණ" යන පද්‍ය දක්‌වා ඇත්තේ උපදේශයන්ය. බමුණා දියණියට අවවාදදීම සහ සේනක පඬිතුමා බමුණාට දෙන උපදේශ එහිදි වැදගත් වෙයි.

මීට අමතරව කෝටිටෙ යුගයේ විරචිත වීදාගම මහමෙත් නා හිමිගේ බුදුගුණ අලංකාරය සදුපදේශ මිණිවදුලකි. රාජ්‍ය පාලනය සඳහා රජවරුන්ට ඉතා වැදගත් උපදේශ රාශියක්‌ එහි අන්තර්ගත කොට ඇත. මේ යුගයේදීම වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයද උපදේශයන්ගෙන් සුපෝෂිතය.

"දියෙහි යන දණ්‌ඩට - පිහිටක්‌ වෙතොත් පෙර සිටදුදනන්ට පිහිට : නොවවු යන බස සැබෑ කළෙ මට"

"කොපමණ ගුණකළත් - දුදනෝ නොවෙති යහපත්කිරිදියෙහි දෙවියත් : අඟුරු සුදුවන කළෙක්‌ නම් නැත්"(ගුත්තිල කාව්‍යය)

මෙම සදුපදේශ හේතුකොටගෙන රටවැසියා සාහිත්‍යය රසට ගිජුවූවා පමණක්‌ නොව, එය සිංහල සාහිත්‍යයේ වර්ධනයට මෙන්ම සමාජ සාරධර්ම වර්ධනයට මනා පිටිවහලක්‌ වූවාට සැක නැත. සිංහල උපදේශ සාහිත්‍යය විකාශනයේදී මුලදී, සිංහල ගද්‍යය හා පද්‍ය පසුබිම් කරගනිමින් සාහිත්‍ය උපාංගයක්‌
වශයෙන් පැවැති සදුපදේශ, කෝටිටෙ යුගයේදී පරීපූර්ණ සාහිත්‍යාංගයක්‌ බවට පත්ව එයි. පළමුවැනි සිංහල උපදේශ කාව්‍යය වශයෙන් සලකනු ලබන "ලෝවැඩ සඟරාව" බිහිවන්නේ මේ කාලයේදීය. වීදාගම මහ නාහිමියන් ක්‍රි.ව. 1446 ට පෙර මෙම කෘතිය රචනා කර ඇති අතර පද්‍ය 139 කින් සමන්විත වෙයි. කතුවරයා කෘතියේ පරමාර්ථය මෙසේ දක්‌වයි.

"වෙසෙසින් පෙළදම් නොමදන් දනහටපවසම් කළකම් පල දැන් හෙළුකොට"පාලි දහම වටහාගත නොහැකි අයගේ පහසුව සඳහා බණමග අනුගමනය කරමින් තම චින්තාවන් මෙහෙයවමින් ජීවිතයක යහ පැවැත්මට උපයෝගි කරුණු මෙසේ දක්‌වම් ය ලෙසිනි. මෙම කෘතියේ අන්තර්ගත උපදේශ මූලික ප්‍රස්‌තුත කීපයක්‌ ඔස්‌සේ ගොණු කළ හැකිය. කාලයේ අගය, කම්සැපෙහි ආදීනව, ඔවාවදන්, දස අකුසල්, පින්පල දැක්‌වීම. පරාර්ථ සේවය අගය කළ යුතු බව, බාහිර ඔපයට ගැරහිය යුතු බව ආදී වූ හිතෝපදේශ රැසක්‌ ලෝවැඩසඟරාව තුළ අන්තර්ගතව තිබේ. ලෞකික සැප හැරගිය යුතු බව දක්‌වන්නේ, "කුමටද කාබී නිති සැරසෙන්නේ කොතැනද මේ කය අරගෙන යන්නේ...." වශයෙනි.

මේ අනුව මිනිස්‌ සිත තුළ සංයමය ඇති කිරීමට උචිත මාධ්‍යයක්‌ සේ රචිත උපදේශ ග්‍රන්ථයක්‌ වශයෙන් ලෝවැඩ සඟරාවට ලැබෙනුයේ වෙසෙස්‌ තැනකි.

රටෙහි වරින්වර ඇතිවූ කැළඹිලි අවස්‌ථා සාහිත්‍යයටද බලපෑ අතර සීතාවක යුගය එබදු සමයකි. සිංහල උපදේශ කාව්‍ය සාහිත්‍යයේ ඊළඟ අවස්‌ථාව සනිටුවහන් කරන්නේ සීතාවක යුගයයි. කෝටිටෙ යුගයෙන් ඇරඹි සිංහල උපදේශ සාහිත්‍යයට සීතාවක යුගයේදී අලගියවැන්න මුකවැටිතුමා විසින් (ක්‍රි.ව. 1611) දී
රචිත සුභාෂිතය නම් හිතෝපදේශ කාව්‍යය එක්‌ වෙයි. මෙය නීති උපදේශ කාව්‍යයක්‌ සේම ශතක කාව්‍යයක්‌ ලෙසද සැලකේ. මෙහි අන්තර්ගත උපදේශ, මිසදිටු දෙවියන් බැදුම නිරර්තක බව, පින්කිරීමේ අගය, සුදනගුණ හා දුර්ජන අගුණ, පුබුදන ඇසුර, රජුනට රාජ්‍ය පාලනයට උපදේශ යන ආගමික, සාමාජික, දේශපාලනික, තේමා මුක්‍ය පරමාර්ථ කරගනිමින් ගොණු කර තිබේ.

සුභාෂිතය රචනා කිරීමට මුකවෙටි ගුරුහරුකම් ගෙන ඇත්තේ සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ උපදේශ රචනා මගිනි. ඔහු අවශ්‍ය දේ උචිත පරිදි තෝරා සිංහල පාඨකයාට අවධාරණය කර ඇතිවා සේම, ඒ තුළ නිර්මාණාත්මක බවක්‌ ද දෘෂ්‍යමානය. උපදේශ මිනිස්‌ හදට කාන්දුවන පරිදි ඉදිරිපත් කිරීමේදී සිංහල උපදේශ කාව්‍යය ඉතිහාසයේ විශේෂිත ස්‌ථානයක්‌ සනිටුහන් කිරීමට අලගියවැන්න මුකවැටිගේ සුභාෂිතයට හැකිවී තිබේ. සුභාෂිතයෙහි දක්‌නට ලැබෙන උපදේශ විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ එය "බෞද්ධාගමික උපදේශ" යන සීමාවෙන් ඔබ්බට ගොස්‌ සමාජ, දේශපාලන, සර්ව ආගමික ආදී අංශ කෙරෙහි විහිදී ඇති බවයි. ඒ මගින් සමස්‌ත සමාජ සංස්‌ථාවම ක්‍රමානුකූලව ගොඩනගාගත හැකි ආකාරය දක්‌වන මුකවෙටි උපදේශ දෙනුයේ සමාජ ශෝධකයකු පරිද්දෙනි.

මුකවැටි විසින් මෙම කෘතිය රචනාකර ඇත්තේ සමකාලීන සමාජය අළලා නමුදු විශේෂත්වය වන්නේ අධ්‍යතනයටද එය අදාළ වන බැවිනි. සංස්‌කෘත, පාලි හා ද්‍රවිඩ සාහිත්‍යය මේ සඳහා ඉවහල් කරගත්තද සිංහල සමාජයට සිංහලයාට උචිත ආකරයෙන් එය සකස්‌ කිරීමට මුකවෙටි සමත්වී ඇත. මොහුගේ උපදේශ සීමා මායිම් දමා බැඳ තැබිය නොහැකි අතර සියලු සමාජ සංස්‌කෘතීන්ට අදාළ වන්නේ එබැවිනි.

මින් අනතුරුව උපදේශ කාව්‍ය රචනයෙහි සිංහල කවීන් දැඩි උනන්දුවක්‌ දක්‌වා අත්තේ මහනුවර සහ මාතර යුගවලදීය. මේ ගණයට මහනුවර යුගයේදී එකතුවූ ප්‍රධාන උපදේශ කාව්‍යයක් වන්නේ "බවොපකාරය"යි. බවොපකාරය සමුද්‍රඝෝෂ විරිතින් බැඳි කවි 89 කින් යුත් කුඩා සරල රචනයකි. මෙය කාගේ කෘතියක්‌ දැයි හරිහැටි පැහැදිලි නොවේ. බවොපකාරය බොහෝ සෙයින් පින්පල පෙන්වීම පිණිස ලියූ රචනයකි. එහි මුලසිට අගදක්‌වාම පින්කිරීම, බණ ඇසීම, මවුපිය උවටැන පිළිබඳ උපදෙස්‌ දෙයි. මේ සඳහා දඹදෙණි යුගයේ රචිත පාලි සද්ධම්මොපායනය ගුරුකොටගත් බවක්‌ පෙනේ. මේ යුගයේදීම රචිත
උසස්‌ ශාස්‌තී්‍රය ලක්‌ෂණ පෙන්නුම් කරන උපදේශ කෘතියක්‌ වන්නේ "ලෝකෝපකාරය"යි. කෝටිටෙ යුගයෙන් පසුව හමුවන විශාලතම ගී කාව්‍යය වන ලෝකෝපකාරයෙහි ගී 238 ක්‌ පමණ අඩංගු වෙයි. මෙහි කතුවරයා රණස්‌ගල්ලේ හිමි බවත්, ක්‍රි.ව.. 1799 දී කළ බවත් ග්‍රන්ථාවසාන පද්‍යයෙන් පැහැදිලි වේ. "ලෝක-උපකාරය" ලොවට පිහිට" යන අර්ථය අනුව 484;්‍රන්ථනාමයෙහිම එම හැඟුම කුළුගන්වා තිබේ. ධම්මපදය, හිතෝපදේශය, වැනි පාලි සකු කෘතීන්හි උපදේශ හෙළු ගීයට නැගීමෙන් මේ කෘතිය කළ බව පැහැදිලි වෙයි.

කතෘගේ පරමාර්ථය මෙසේය."අනුවණ දුරැර සැප වාසය - කර මෙලොව නිරතුරුරෙන්සඟමොක්‌ සැපත් ලැබගන්ට - බලව් ලෝකෝපකාරය"

දාරක ප්‍රේමය හා රක්‌ෂණය, විද්‍යාව සහ උගත, සමාජ ශෝධනය, වෛරයට මෙන්කළ යුතු බව, සුචරිතඵලය, උඩඟුවෙහි ආදීනව, සත්පුරුෂධර්ම, බෝධිසත්ව චර්යා ආදිය මේ කෘතියේ අන්තර්ගත සදුපදේශයන්හි මුඛ්‍ය තේමාවෝ වෙති.

ඔවදන් දැක්‌වීමේදී

"ඔවාදෙනු පරහට :
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන -
ඔවා වැද්දන් දෙසන බණ වැනි

(89) ලෝකෝපකාරය බිහිවීම, සිංහල උපදේශ සාහිත්‍යය පුළුල්වීමටත් ජනප්‍රියවීමත් මනා පිටිවහලක්‌ වූ බව පෙනේ.

කාව්‍ය රචනය පොදුජන පරිචයක්‌ බවට පැමිණී මෙන් අනතුරුව මහනුවර හා මාතර යුගවලදී ශාස්‌තී්‍රය බවින් උසස්‌ කොට සැලකිය හැකි නොවන නමුත් උපදේශ කාව්‍ය රාශියක්‌ බිහිවී එන ආකාරයක්‌ පෙනේ. වදන් කවිපොත, කව්මුතුහර, කව්මිණි කොඬොළ ආදී කෘතීන්හි කතා රසයට අවහිර වන පරිදි උපදේශ පද්‍ය ඇතුළත් කොට තිබේ. කාව්‍යශේඛරය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව, වැනි කෘතීන්ගේ ආභාෂය මහනුවර යුගයේ උපදේශ පද්‍ය රචකයන් ආභාෂ කොටගත් බව ඔවුන්ගේ කෘති පිරික්‌සීමෙන් මොනවට පැහැදිලි වේ.

ඉගෙනීමේ අගය පිළිබඳව වදන් කව්පොතෙහි සඳහන් මේ කව කා අතරත් සුප්‍රසිද්ධය.

"තිබූ තැනක සොර සතුරන් ගතනොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වලනොයනා
කෝප වුවත් රජමැතිදුන් ගතනොහෙනා
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා"

පද්‍ය සඳහා යොදගෙන ඇති ජනකාව්‍ය ආකෘතිය හේතුවෙන් එකල පොදුජන සමාජය මෙම උපදේශ කෘතින් අනුමත කළ බැව් සිතීම වරදක්‌ නොවේ. "දහම්මිණි කව" මගින් ජනසිත් අකුසලින් මුදවා දහමට නැඹුරු කිරීමක්‌ පෙන්වයි. කි්‍ර.ව. 18 වැනි සියවසට අයත් යැයි සලකනු ලබන, දියණියකට පියෙකු විසින් දෙනු ලබන අවවාදයක ස්‌වරූපයෙන් රචිත ග්‍රන්ථයක්‌ ලෙස "දනිමිතිමාලය" හැඳින්විය හැකිය. බිරියන් විසින් තම සැමියා කෙරෙහි පැවතිය යුතු ආකාරය ඉන් නිරූපිතය.

උපාරත්නමාලය, මෝඩමාලය, අවවාදමාලය, සිරිත්මල්දම මේ යුගයට අයත් උපදේශ පද්‍ය සංග්‍රහ වෙයි. බුද්ධස්‌තෝත්‍ර, අංගදුන, සහ තවත් කෘති ගණනාවක්‌ උපදේශය පරමාර්ථ කොටගෙන මිහිරිපැන්නේ ධම්මරතන හිමි රචනා කොට තිබේ. "අපාදුක" සහ "සුරාපානය" කොග්ගල ධම්මතිලක හිමි මේ සම්බන්ධව ලියූ රචානවෝ වෙති.

උපදේශ පද්‍යකරණය දිගු කාලීනව ඒකාකාරයෙන් නොපැවතිණි. එය මහනුවර යුගයේ ජනපි්‍රයව පැවැති ශෘංගාර කාව්‍ය සමඟ බද්ධවන බවක්‌ දක්‌නට ලැබෙයි. මුලදී පැවැති මහජන රුචිය උපදේශ කාව්‍ය තුළින් දුරස්‌වීම හේතුකොටගෙන උපදේශ දැක්‌වීමට වෙනත් මහජන රුචික මාධ්‍යයක පිහිට සෙවීමට උපදේශ කතුවරුන්ට සිදුවිය. ඒ සඳහා කවීන් යොදාගත්තේ ශෘංගාරාත්මක කාව්‍ය මාධ්‍යයයි. ඒ "ශෘංගාරාත්මක උපදේශකාව්‍යය" යැයි නම් කළ හැකි කාව්‍ය විශේෂයක්‌ බිහිකිරීමට මෙම කවීහු සමත් වූහ. අනුරාගමාලය, උපාරත්නමාලය මේ විශේෂයට අයත් කෘතිවෙයි. අනුරාගමාලයෙහි ශෘංගාරය, උපදේශ හා ආප්තෝපදේශ සම්මිශ්‍රණයවූ පද්‍ය දක්‌නට ඇතත් ශෘංගාරය වඩාත් ඉස්‌මතු වී තිබෙන බැවින් ප්‍රශස්‌ති කාව්‍යය හා ශෘංගාරාත්මක කාව්‍යය මෙන් ශෘංගාර උපදේශ කාව්‍යයද ව්‍යාකූල වී ගිය ආකාරයක්‌ පෙනේ.

අනතුරුව එළඹෙන කොළඹ යුගයේදී උපදේශ කාව්‍ය රචනා විශාල වශයෙන් බිහිව එයි. චාර්ල්ස්‌ විලියම් ද සිල්වා දේවගැති වරයාගේ "ධර්මපාලය" "කව්මිණිමාලය" ද කුඩාවේ පණ්‌ඩිත ගුණවර්ධනගේ "මත්පැන්දොස්‌" කවද, ප්‍රංශජාතික ජෝසප් මොන්ත ඤොඤං පියතුමාගේ "ඔවදන් කිරුල" ද උසස්‌ උපදේශ පද්‍ය සංග්‍රහ වේ.

අවවාදරත්නමාලය, දැනමුතුමාලය, මෙකල ලියැවුණු වැදගත් උපදේශ කෘති වේ. 1895 දී ඇම්. පිංතු නම් කවියකු පද්‍ය 28 කින් යුත් "පරාභව ස{ත්‍රකාව්‍යය" නමින් කෘතියක්‌ රචනා කර තිබේ. මිනිසෙකු පිරිහීමට ලක්‌වන ආකාරය එහි දැක්‌වෙයි.

'ගුරු ගීතය'

" කඳු වල මෙවැනි උල්පත් පැන නඟී. ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් ‍නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මඟින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උඳුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමා ද හිරු සහ කඳු වැටි ද පෙනෙන්නා සේය.. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් සේ ගනන් ගන්නා අර මිනිසා සිය සඟයන්ට ද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේ ද මෙය මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය... " (p 114-115)- 'ගුරු ගීතය' චිංගිස් අයිත්මාතව් කඳු වල මෙවැනි උල්පත් පැන නඟී. ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් ‍නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මඟින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උඳුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමා ද හිරු සහ කඳු වැටි ද පෙනෙන්නා සේය.. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් සේ ගනන් ගන්නා අර මිනිසා සිය සඟයන්ට ද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේ ද මෙය මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය... "(p 114-115)- 'ගුරු ගීතය' චිංගිස් අයිත්මාතව්