Friday, May 6, 2011

දුටුගැමුණු රජතුමා

දුටුගැමුණු රජතුමාට බිසෝවරු පන්සියයක් විය. මින් එක බිසවක් හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ අමුම අමු ගොඩේ ගැමියෙකු වන යක්දෙස්සෙක් හෙවත් යකදුරෙක් හෙවත් මන්ත්‍රාචාර්යවරයෙක්ගේ බාලම දියණිය වූ උත්පලවණ්නා කුමාරිකාවයි. මෙම කුමරිය ගැන කුඩා කල පටන්ම බලාපොරොත්තු තබා‍ගෙන සිටි සෙල්වා නම් දෙමළ සම්භවයක් සහිත තරුණයෙක් දුටුගැමුණු රජතුමා විසින් උත්පලවණ්ණා කුමරිය අංතඃපුරයට රැගෙන යෑමෙන් පසු ඇය කෙරෙහි බැඳි දැඩි සෙනෙහසින් හා උපන් මෝඩකමින් සැහැසිව, වල් වැදී, මැර හොර දෙටුවෙක් විය. මෙම හොරදෙටුවා දැඩි කෝපයෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙම#38;න්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කළේය.මෙම මැරයා පිළිබඳව දුටුගැමුණු රජතුමාට සැලවිය. එතුමා සිය දශ මහා යෝධයින්ගෙන් පළමුවැනියා වන, කුඩා කළ මිරිස් ගලක් බඩේ බැඳගෙන කුඹුරට ඇදගෙන ගිය නන්දිමිත්‍රයෝ කැඳවා, මේ සෙල්වා නම් සාහසිකයා මෙල්ල කර වාසලට කුදලාගෙන එන ලෙස අණවා පිටත් කර යැවීය.දෛවයේ සරදමකට මෙන් දුටුගැමුණු රජතුමා එදින රාත්‍රිය තමා සමග සයනය කිරීමට තෝරාගත්තී උත්පලවණ්ණා කුමාරිකාවයි. සම්භෝගය සඳහා යහනට වන් දුටුගැමුණු මහ රජතුමා, සෑම රජ කෙනෙකු මෙන්ම සිය රාජකීය රහස් බිසවට හෙළි කරන්නට විය. ඒ අතර හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත් හොර දෙටුවෙක් මෙල්ල කිරීමට නන්දිමිත්‍ර යැවූ පුවතද ඇතුළත් විය.මේ සෙල්වා අන් කෙනෙකු නොව එකල තමාට පෙම් බැඳි, තමාද ලාවට පෙම් බැඳි, අද තමාට බැඳි ප්‍රේමය නිසාම භයාණක මෘගයෙකු මෙන් හැසිරෙන්නේ පිය පාර්ශවයෙන් සිය නැන්දණියගේ පුත්‍රයෙකු හෙවත් තමාගේ මස්සිනා වන සෙල්වා බව ඇය ඉඳුරාම පසක් කර ගත්තාය.අංතඃපුරයේ රකවලා වන නපුංසකයාට අල්ලසක් දුන් උත්පලවණ්ණා කුමරිය එක්තරා වේශයකින් මාලිගාවෙන් නික්මී දුම්මැස්ස ග්‍රාමයට ආවාය. බියපත් ගැමියන්ගෙන් ලත් තොරතුරු ඔස්සේ සෙල්වා සොයා ගිය ඇය, මහවාසලින් නන්දිමිත්‍ර සෙනෙවි ඔහු ජීවග්‍රහයෙන් ගැනීමට පැමිණෙන බව ඔහුට සැල කළාය.නන්දිමිත්‍රගේ නම ඇසූ පමණින් සෙල්වාට වමනය හා පාචනය වැළඳුනි. මහ ගිරි දුර්ගය හුදකලාව පැමිණි රූබර උත්පලවණ්ණා දැක සිඹ සනසා ආලිංගනයෙහි යෙදීමට වත් සිහිය එළවාගත නොහැකි වූ සෙල්වාට දහදිය හා සුළුදිය පිටවන්නට විය. ඔහුගේ අනුකම්පාව උපදවන විලාශය දුටු උත්පලවණ්නා කුමරිය ඔහුගේ දිවි රැක ගැනුමට එක්තරා උපායක් යෝජනා කළාය. උපාය ක්‍රියාත්මක විය යුතු ආකාරය රහසිගතව සෙල්වාට ඉගැන්වූ ඇය මෙසේද කීවාය.නන්දිමිත්‍ර ශ්‍රේෂ්ඨ සටන් ශිල්පියෙක්. ඔහු සටනකින් තොරව කිසිවෙකුත් නොමරයි. ඔබ මුණ ගැසුනු ඔහු තා සටනට කැඳවනු ඇත. එකළ ඔබ මා කියාදුන් උපාය අනුව, නපුංසකයෙකුගේ ඉරියව් විදහා පාමින්, තමා නපුංසකයෙකු බව නොබියව කියව. එපමණක් නොව, හැකිනම් ඔහුගේ උත්තුංග ශරීරය තා ඇළුම් කරන බවක්ද දක්වා ඇඟෑළුම්කම් පා පෙන්වවෟ යැයි ප්‍රකාශ කළාය. අනතුරුව උත්පලවණ්ණා කුමරිය මහා වනාන්තරයට හුදකලාව පැමිණ, චණ්ඩ යැයි සම්මත මිනිසෙකුටත් අභිමුවව, හිටියාටත් වඩා නිරුපද්‍රිතව ආපසු රජ මාලිගයට සැපත් වූවාය. නන්දිමිත්‍රයෝද හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත හොර දෙටුවෙක් මෙල්ල කිරීමට තමා පැමිණි බව දක්වා දැන් ඒ හොරු කොද වේ දැයි මිනිසුන්ගෙන් විමසූහ.මිනිසුන් ද බියෙන් චකිතයෙන් යුක්තව ම පෙන්වූහ. නන්දිමිත්‍රයෝ ඒ සලකුණෙන් හොරා සිටින ඉසව්වට පැමිණියේය. නන්දිමිත්‍රගේ පැමිණීම අපේක්ෂාවෙන් බියෙන් විපරීතව බලා සිටි සෙල්වා ඔහු දකිත්ම වෙව්ලන්නට විය. ඔහු වෙව්ලන විට ඔහු පිටදී සිටි ගල් පතුර සෙලවිණ. ගල් පතුර සෙලවෙන විට ඊට යාබද කුඩා ගල් කුළ චලනය විය. ගල් කුළ චලනය වන විට ගල් ගුහාව සෑදී තිබුණු ගල් පර්වතය පැද්දින. ගල් පර්වතය පැද්දෙන විට කන්දේ වූ ලොකු කුඩා ගල් වහන්සේලා හා වෘක්ෂ වහන්සේලා නටන්නට වූහ.ආශ්චර්යයක් නන්දිමිත්‍ර යෝධයා ඉදිරිපිට දිස්වූයේ බියෙන් වෙව්ලන කන්දකි. සතුරාගේ තර්ජනයට බියෙන් හැළි වලං පොදි බැඳගෙන, කොට්ට මෙට්ට අකුළාගෙන ඇමරිකාවට පලා ගිය මෙකල පොරක් වී සිටින සෙන්පතියෙකු මෙන් නොව, දහසක් සටන් බිම්වල, සුවහසක් සතුරන්ට මුහුණට මුහුණ ලා සටන් කර පළපුරුදු සෙන්පතියෙකු වන නන්දිමිත්‍රයෝ, සතුරාගේ චලනයෙන්ම ඔහුට වමනය හා පාචනය වැළඳී දහදි හා සුළුදිය පිටවෙන බව වටහා ගත්තේය.එම්මා බියසුල්ල, නොවෙව්ලව. මම තට අභය දෙමි. තා යටත් වෙනවාද සටන් කරනවාද..? නන්දිමිත්‍ර විමසුවේය.සෙල්වා සැඟවී සිටි තැනින් එළියට ආවා නොව එවුනේය. ඒ වන විටත් බියපත් මළ මුත්‍ර වලින් නැහැවී සිටි ඔහුට එරෙහිව සටන් ප්‍රකාශ කරන්නේ නම් සියල්ලටම පෙර ඔහු නාන තෙක් බලා සිටිය යුතු බව නන්දිමිත්‍ර සෙනෙවිට වැටහින.සමාවුව මැන ස්වාමීණි. මම අහිංසක නපුංසකයෙක්මි. මා මැරයෙකු නොවෙමි. මට සමාව හා තනතුරක් දෙන්නේ නම් ඔබ දෙපා නොව, ඔබගේ බිරිඳගේ දෙපා වුව නැමදීම මට අපුල කාර්යයක් නොවේ සෙල්වා කීවේය.නන්දිමිත්‍ර තෙම ඔහුට නා පිරිසිදු වීමට අණවා ඔහු ජීවාග්‍රහයෙන් ගෙන මහව‍ාසලට ගියේය. මහරජතුමා ඔහු පිළිබඳව නඩු විමසීය. උත්පලවණ්ණා කුමරිය උපායකින් මහ රජතුමාගේ සිත ඔහු කෙරෙහි අනුකම්පාව උපදින අයුරින් කටයුතු කළ අතර, සිය සේවා වනිතා සංගමයේ බලපෑමෙන් ඔහු වැනි නපුංසකයන්ට හිමි අංතඃපුරයේ මුරකරු තනතුරකට සෙල්වා පත් කළ බව පාරමිතා පෙරහැරේ වැඩි බයිලා චක්‍රවර්තී හිමිනමක් සෙල්ලිපියක තිබී සොයාගත් බව පොත පතේ සඳහන්ය.ලද අවසරයෙන් ප්‍රයෝ 490;න ගත් සෙල්වා තමාට ජන්මයෙන් උරුම වූ කන්න දුන් අත සපා කන්නාක් මෙන් අවසර ලද සෑම රැයකම උත්පලවණ්ණා කුමරිය සමග ආංලිංගනයෙහි යෙදුනේය.එම රහස් සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස උත්පලවණ්ණා කුමරිය ගැබ් ගත් අතර, දසකඩ මස ඇවෑමෙන් පින් මඳ පුතෙකු බිහි කළාය. කෙසේ වෙතත්, මෙම පින්මඳ කුමරා දුටු ගැමුණු රජතුමාගේ පුත්‍රයෙකු ලෙස උප්පැන්නය ලියාපදිංචි කිරීමට ඇය සමත් වූ අතර, රජ වාසල සැප විදිමින් රජ කුමරෙකු ලෙසම හැදී වැඩුනේය.මෙම කුමරා වැඩි වියට එළඹි කල සාලිය කුමරාගේ රහස් පණිවුඩ අශෝකමාලාවට ගෙන යෑම නිසා, සාලිය කුමරා සමගම රජ කුළයෙන් නෙරපුවේය. අනතුරුව ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහිදී මහ වාසලේ අනුහස් පෙන්වා උපායෙන්, චාටුවෙන් සහ වංචාවෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත සූරාකමින් ජීවත් වූ බව තවත් සෙල් ලිපියක සඳහන්ය. මෙම පරපුර, පරපුරෙන් පරපුර නොනැසී පැවැතෙමින් අදත් පවතින බව බයිලා චක්‍රවර්තී හිමිපානෝ දෙසති.විසිවන සියවසේ දේශපාලනට පිවිසි එක්තරා භූමිපුත්‍රයෙක් සිය පරම්පරාවේ මෙම ඉතිහාස කථාව සොයා ගත්තේය. එපමණක් නොව, ඒ විශ්මිත සොයා ගැනීමෙන් මුසපත් වූ, ආණ්ඩුවේ එකෙක් ලෙස පෙනී සිටින පුංචි එකාටත් රැවටෙන උපකුළපතිවරුන් පාලනය කරන එක්තරා විශ්ව විද්‍යාලයක් ඔහුට ආචාර්ය පදවියක් පිරිනැමීය.සිය මී මුත්තාගේ නම වන සෙල්වා යන දෙමළ සම්භවයක් සහිත නම සිල්වා ලෙස මොඩ් කර තබා ගත් ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයෙන් කොළඹට පැමිණ, එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, මාධ්‍යවේදීන්ට පහරදෙමින් තරුණියන් දූෂණය කරමින් එසේ දූෂණය කිරීමට සිය පුත්‍රයාද පොළඹවමින් ගංජා, කසිප්පු, මත්කුඩු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින් එසේ උපයා ගන්නා මුදල් තමාද දූ කෙළියට වියදම් කරමින් තම පුත්‍රයාද ඊට පොඹවමින් මැද කොළඹින් ඡන්දය ඉල්ලා හොම්බ බිම ඇනගෙන එතකුදු වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස්, මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඉදිරියේ විලි ලැජ්ජා නැති කථා කියමින්, 109 ක් වූ අමාත්‍යය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුව කාලය ගත කරන්නේ ලූ ඔහු සිතා සිටින්නේ තමා දුටු ගැමුණු පරම්පරාවේ සුජාත මී මුණුපුරෙක් කියාය. දුටු ගැමුණු රජතුමාගේ අංතඃපුර බිසවකට අවජාතක පුතෙක් ඉපදුනු බව ඔහු දන්නේ නැත. ඔහුට චරිත සහතික දෙන බයිලා චක්‍රවර්තී හිමියෝද ඒ බව නොදන්නා සේක.

කින්ග්ස් ස්පීච්-THE KINGS SPEECH


. මේ වසරේ ඔස්කාර් සම්මාන වලිනුත් පිදුම් ලැබුව ඒ සිනමා පටය තමයි

කතා සාරංශය

කින්ග්ස් ස්පීච් චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ එංගලන්තයේ 6 වන ජෝජ් රජු හා බැදුන සිදුවීමකි. දෙවන එලිසබෙත් රැජිනගේද පිය වන 6 වන ජෝජ් රජු කතා කිරීමේදි ගොත ගැසූ අයෙකි. මේ නිසා රජුට ප්‍රසිද්ධියේ කතා කිරීමේදී මහත් අපහසුතාවලට මුහුණ දෙන්න වන අතර එය මගහරවා ගැනීමට රජුට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හා ඔහුගේ අමුතු ආකාරයේ ප්‍රතිකාර වලින් රජුගේ ගොත ගැසීම මඟහරවා ගන්න අයුරු මෙහි කතා සාරංශයයි.

වැඩිපුර විස්තර : http://www.imdb.com/title/tt1504320/

2012 ලෝක විනාශය ගැන වෙනස් කතාවක් / 2012 End of the World

මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ.

පසු ගිය දා weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්‍රාහක ගැටිම්ය.මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ.


  • පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්
  • ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි
  • මරණිය වසංගත
  • ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය
  • ගිනි කදු පිපිරීම්
  • භූ චලන හා භූ විනාශයන්
  • ග්‍රාහක ගැටීම

2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි.

ක්‍රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල
නොහැක.


නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය පිළිබද සත්‍ය අසත්‍ය සොයා යාමයි.බුදු දහමේ හා ජෝතිශයට අනුව ලෝක විනාශයක් සිදු වන්නේ කල්පයක් අවසන් වූ පසුවයි.එම නිසාම ලෝක විනාශය කල්ප විනාශය ලෙසින්ද හදුන් වනවා.


කල්පයක් = මනු අන්තර 14
මනු අන්තර 1 = මහා යුග 71
මහ යුග 1 = අවුරුදු 4323000



ඒ අනුව ලෝක විනාශය සිදු විය යුත්තේ කල්පයක් හෙවත් මනු අන්තර 14 ක් අවසනයේදියි.නමුත් අප දැන් ගෙවා තිබෙන්නේ මනු අන්තර 6ක් පමණයි.

එම නිසා මෙම පැහැදිලිකිරීම් වලට අනුව 2012දී ලෝක විනාශයක් සිදු විය නොහැකියි.නමුත් 2012 දී කිසියම් භයානක උපද්‍රවයක් සිදුවන බවනම් ජෝතිෂ්‍ය මගින් පෙන්වා දෙනවා.

සොයා ගැනීම් වලට අනුව මෙය 2012 -12-12 වනදා සිදු විය හැකි අතර බොහෝ දුරට දැවැන්ත භුමි කම්පාවක් වීමට ඉඩ තිබේ.

2012-12-12 වනදා උදැසන 5.30 ට යෙදෙන ග්‍රහචාරයක් නිසාවෙන් මෙම භූමිකම්පාව ඇතිවිය හැක.මෙම ග්‍රහ චාරය වන්නේ සුර්යා සහ පෘතුවිය අතරමැද සිටින ග්‍රහයින් එකම අංශගත හෙවත් එක පෙලට පිහිටිමයි.මෙම ග්‍රහචාරය යෙදුනුවිට පෘතුවියේ සමතුලිතබාවය නැතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කුමක් හෝ විපර්යාසයක් සිදු විය හැකියි.

1976 ජුලි 28 චීනයේ අලුයම 3.42 ට සිදු වූ මහා භූමිකම්පව සිදුවූ අවස්ථාවෙදිද ග්‍රහයන් එක පෙලට පිහිට තිබුණි.

1934 ජනවාරි 15 නේපාලයේ සිදු වූ දරුණු භුමි කම්පවේදීද සදු හා බුද්ධ ග්‍රහය එක පෙලට පිහිට තිබුණි.

2004 වසරේ ඉන්දුනීසියාවේ තිබූ භුමි කම්පවේදීද 2010 හයිටියේ ඇති වූ දරුණුතම භුමි කම්පා ඇති වුවේද ඉහත සදහන් කරන ලද ග්‍රහ යෝගයන්ට සමාන අවස්ථාවලදීය.

කෙසේනමුත් 2004 සුනාමි තත්වයෙන් පසු පරීක්ෂණ කල විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර 20 තුලදී 2004 හටගත් සුනාමි තත්වයට සමාන තත්වයක් හට ගත හැකි බවයි.ඉන්දියානු සාගරයේ අලුතින් සිදුවන භූ තැටි නිසා එම කලාපයේ ඇතිවන භූ චලන නිසා ලංකාව හා ඉන්දුනීසියාව ජාවා දුපත්වලට භිහිසුනු සුනාමි තත්වයන්ට අනාගතයේදී මුහුණ දිය හැකියි.


2012 උදාවන්නා වූ මෙම ග්‍රහචාරය නිසවෙන් භුමිකම්පාවක් අතිවුවහොත් එය ලංකාවටද බොහෝවිට බලපෑ හැක. නමුත් මෙම ග්‍රහචාරය අනුව මෙම ව්‍යවසනය සිදුවන්නේ ලෝකයේ කුමන කලාපයේද යන්න නිශ්චිතව කිව නොහැක.
*ජෝතිෂ්‍ය අනාවැකිය - තිලක් ද සිල්වා මහතා

ඉතා ඇත අතීතයේ විසු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් මනසින් තමා හා සම්බන්ධ වෙන බව පවසමින් අනාවැකි පලකරන පුද්ගලයෙක් පිලිබඳ ලිපියක් ලංකාදීප සඳැල්ල පුවත්පතේ පල වී තිබෙනවා.

1969 සිට අනාවැකි පලකරන මොහු පලකල බොහෝමයක් අනාවැකි සත්‍ය වී වී ඇති අතර ඔහුගේ අනන්‍යතාව රහසක් ව ඇත්තේ ප්‍රසිද්ධියට ඔහු අකමැති #05;ිසාවෙනි.

ජපානයට සිදු වූ ව්‍යවසනය ගැනත් ඔහු අනාවැකි පල කර තිබෙනවා.
ඒ මෙසේයි

"විෂ ගබඩා කර ඇති භාජන විනාශ වෙයි.විශාල වශයෙන් තණ බිම් ඇති ප්‍රදේශ වල ඇති කරන ගවයන්ගෙන් ගන්න මස් හා කිරි ආහාරයට ගැනීමෙන් රෝගබාධ ඇතිවේ.

විෂ ලෝකය පුරා පැතිරෙයි.උදේට ගෙයින් පිටව යන අය වැසි වලට නොතෙමිය යුතුය. මේ ආකාරයේ යුරෝපයේ සුදු ජාතිකයන්ගේ රටකද මහා පිපිරීමක් ඇතිවේ.එයින් අග්නි ජාලා පැතිරේ.විශාල ප්‍රදේශයක් අළු බවට පත්වෙයි"
.

මේ ඉදිරියේදී සිදුවන ලෝක විනාශය පිලිබඳ ඔහුගේම වචනවලින් පලකල අනාවැකියයි.

1969 වසරේ සිට මගේ අධිමානසික බලයෙන් ඇතැම් අවස්ථාවල අපගේ දේශයට සිදුවන විපත් ආදිය පිළිබඳව අනාවැකි මගේ දිනපොතේ සඳහන් කරගත්තෙමි.අදාළ සියලු අනාවැකි සටහන් කර තිබු දිනපොත් සුරැකිව මා ළඟ තිබේ.එහි සටහන් කර තිබු විපත් ආදී සියල්ලම එලෙස සිදුවිණි.නමුත් නැවකි කිසිවක් ජනමාධ්‍ය වලට නිකුත් නොකර මගේ හිතවතුන්ට පමණක් හෙළිකර නිහඬ වුයේ කිසිදු ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකර බැවිනි.

කෙසේ වුවද මේ හා ය කර ඇති ලිපියේ ඇති නවතම අනාවැකිය අපගේ දේශයට මතුනොව මුළුමහත් ලෝකයටම දැඩි හානි සිදුවන්නක් බැවින් හූදු දයානුකම්පාව නිසාම මෙසේ දැන්වීමට අපේක්ෂා කලෙමි.

2011 පෙබරවාරි 6 වනදා මධ්‍යම රාත්‍රී 3.00 ත් 4.00 ත් කාලයේදී මට මේ පුවත් ලබාදෙන අදිසි බලති ආත්මය මගේ සිරුරුගතවී නිවසින් පිටතට පැමිණ අහස්කුස දෙස නෙත් යමු කර මේ හා සම්බන්ධ කර ඇති දල සටහන මා අත පත් කෙරිණි.එහි සේයා පිටපතක් මෙහි යා කොට අත.එහි මුල්පිටපත මා ළඟ සුරැකිව තැබිණි.මා සාමාන්‍ය පුද්ගලයෙකු බැවින් මෙහි ලා කිසිදු අවබෝධයක් නැත.


එබැවින් මෙම සටහනින් ඔහු පෑ අදහස කුමක්දයි වෙසෙසින් අභ්‍යවකාශයේ තාරකා විද්‍යාව පිලිබඳ හසල දැනුම ඇති අයෙක්ගෙන් විමසන්නේ නම් මැනවි.ඒ අදිසි පුද්ගලයා මා හා කතා කරන්නේ විදෙස් බසකින් වුවත් ඔහු අදහස් කරන දෙය මට පැහැදිලිව අවබෝධ වේ.

නුදුරු අනාගතයේදී මුළු ලෝකයටම විශාල හානියක් සිදු වේ.එයින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් මිය යයි.විශාල දේපල හානියක් සිදුවේ. මහ පොලවේ තැනින් තැන මුහුදු බත් වේ.සමහර රටවල් කැබලි වලට කැඩී යන අතර ඇතැම් කොටස් සොයාගැනීමට පවා නොහැකි වේ.මෙය හේතුව හිරුගෙන් කොටසක් කැඩී හිරු මඩලෙන් පිටට පැන වෙන් වී තවත් ග්‍රහලෝකයක ගැටී
එයින් කොටසක් සමග පෘතුවිය කරා ඇදී ඒමයි.එම කැබලි පෘථිවියට ලංවන විට තව තවත් කැබලි වලට කැඩී පෘථිවිය මත පතිත වේ.

විශාල කොටසක් පතිත වන්නේ Ś1;රාබි කරයේ කාන්තරයකටය. තාප බලපෑම් නිසා එසේ සිදුවේ.තවත් කොටසක් පතිත වන්නේ ඉන්දියාව සතු බිමකටය.ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම මෙම කැබලි පතිත වේ.හිම මිදෙන ප්‍රදේශයකට වැටෙන කැබලි නිසා හිම කඳු දිය වී විශාල රල පහරවල් අඩි 20,30 උසට රටවල් තුලට කා වදී.ඔස්ට්‍රේලියාවට වැටෙන කැබලි හෙයින් විශාල රල පහරවල බලපෑමෙන් එරටට විශාල හානියක් සිදු වේ.මේ උල්කාපාත වැටීමෙන් ජනිතවන කම්පනයෙන් ශරීර අවයව පුපුරා මිනිසුන් හා ජීවීහු කෝටි ගණනක් මියදෙති.

මෙම කොටස් පොලව මත පතිතවීමෙන් ඇතිවන තාපයෙන් හා දුවිලි වලාවන් අහසේ ගැටීම නිසා ඇතිවන හුමාලය නිසා ඇතිවන පටලයෙන් දින කිහිපයක් පොළොවට හිරු එලිය නොලැබී අන්ධකාර වෙයි.සියලුම ගස්වල පත්‍ර හැලි යයි.සියලුම මිනිසුන් හා ජීවින් ටික කාලයක් යන තුරු අන්දමන්ද වී සිටිති.මෙම කැබලි පොලවට වැටීමට සිදුවන හානිය මෙන් සමාන හානියක් තැන්පත් කර ඇති යුධ යුධ හා බෝම්බ වල කැබලි වැදීමෙන් පුපුරා යාමෙන් සිදු වේ.තෙල් ලිං ගිනි ගනී.

මේ කාලය ළඟ වන විට ලෝකයම අඳුරු ස්වභාවයක් ගනී .පරිසරයේ වෙනසක් ඇති වේ.මුහුදු ජීවීහු වෙරලාසන්නයට රැස් වෙති.මාස ගණනක් යනතුරු සුනඛයෝ උඩු බුරලීමට පටන් ගනී.ගවයෝ තපුල් ලෑමට පටන් ගනී.සෙසු සතුන්ද ශබ්ද නගා කෑ ගැසීමට පටන් ගනී.උරගයින් පොලොව මතු පිටට පැමිණ ඉබාගාතේ ඇවිදින්නට පටන් ගනී.මිනිසාද ඔවුන් අනුගමනය කිරීම වටී.සඳු ගිනිබෝලයක් මෙන් දිස් වේ.

මේ විපර්යාසය සිදුවන් කාලය නියත වශයෙන් කීමට අපහසු වන්නේ කැබලි වලට බිඳී පොලොව කා ඒමේදී වේග බාධකයන්ගේ හැපීම් ගැටීම තුලින් කැබලි පාවී විසිර ගොසින් බර අඩු වීමක් සිදු වන නිසාය.

මේ සිදුවීම ඉතාමත් නුදුරු අනාගතයේදී සිදු වීමට නියමිතය.මෙය ලෝක විනාශයක් නොවේ.ලොව වැනසෙන්නේ නැත.ලෝක භුමියේ කොටසක් හා සත්වයින් කොටසක් පමණක් මෙයින් විනාශ වේ.

ක්‍රි.ව 1011 දී මොන්ගෝලියාවේ විසු තාරකා ගණිත විද්‍යාඥයකු ලෙසින් මා අමතන කෘසේ දින 366 නොකඩවා අහස දෙස බලා ආකාශ වස්තු නිරීක්ෂණය කොට ප්‍රකාශ කල සිදුවීමත්,ඩීන් මොනාකෝ නමින් මා අමතන්නා විසින් යම් යම් උපකරණ භාවිතයෙන් විශ්වය ගවේෂණය කොට ප්‍රකාශ කරන දෙයත් එකම දෙයකි.

නමුත් මේ පිළිබඳව කෘසේ ගේ කාලයත් ඩීන් මොනකොගේ කාලයත් අතර මාස 10 දින 3 ක පරතරයක් ඇත.මොවුන් දෙදෙනාම වරින්වර මට සන්නිවේදනය කරන අතර ඔවුන්ගෙන් ඩීන් මොනාකෝ නම් තැනැත්තා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන අතර කෘසේ හෝ කුසේ හෝ ඒ සමාන නමක් ඇති පුද්ගලයා කියන භාෂාව කිසිවෙකුටත් නොතේරේ.එහෙත් ඔහු කියනා දෙය තේරුම් යයි. මොවුන් දෙදෙනාම මේ සිදුවීම පිලිබඳ මට වරින්වර පවසයි.


අවසාන වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ මෙවැනි අනතුරු වලින් බේරිය හැක්කේ පින් කරන අයට පමණක් බවත් සිංහල රට මේ අනතුරෙන් බේරෙන බව ඔහු අතින් අදහස් කියන්නන්ගෙන් වරින් වර කියවී ඇති බවත්ය.

ඔහු පලකල වෙනත් අනාවැකි


1969 මැයි මස 12

ඉදිරි කාලයේදී තරුණයින් ඝාතනය වෙයි. දේපොළ විනාශ වෙයි. කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස පාලකයෙක් මහ මඟ මැරී වැටෙයි.

1973 අගෝස්තු 5 වනදා


1975 වන විට මිනිසුන් කුපිත වීමට ගනී.1978 වන විට මිනිසුන්ට අම්කිසි සහනයක් දැනෙයි.එහෙත් එය දීර්ඝ කාලයක් පවතින්නේ නැත.කැරලි කෝලාහල ඇති වෙයි.නිතිය වල් වැදෙයි.පුජකයන් දුස්සිලොයෝ වෙයි.
භව බෝග විනාශ වෙයි.මිනිසුන තිරිසනුන් ලෙස ක්‍රියා කිරීමට පටන් ගනී.ඇමතිවරු සහ නිලධාරීන් ඝාතනය වෙයි.

1994 වන විට ග්‍රහ චාරය වෙනස් වෙයි.රට ඉල්ලා සිටින පිරිසට යුධ සහ මුදල් ගල එන්න පටන් ගනී.මේ ව සිදු වන්නේ පාලකයන්ගේ වරදිනි.ආරක්ෂක හමුදා වල ය කොටු කර සමුල ඝාතනය කිරීම් සිදු වෙයි. එහෙත් 2007 වන විට රට ඉල්ලන පිරිසගේ ග්‍රහචාරය වෙනස් වෙයි.බලය අඩු වෙයි.තම තමන් එන කොට ගැනීමට පටන් ගනී.එයින් සිංහලයාට වාසි වෙයි.

2010 නොවැම්බර් 2

2010 නොවැම්බර් මස 15 වන ද විශ්වයේ ඇතිවන කැළඹිලි ස්වභාවයන් නිසා ලෝකයේ නොයෙක් නොයෙක් වෙනස්කම් ඇති වෙයි.බොහෝ රටවල දහවල් කාලය අඳුරු ස්වභාවයක් ගනී.බෝවන රෝග සීග්‍රයෙන් පැතිරේ.ඖශධ සොයාගත නොහැකි රෝග පැතිරේ.ජලය විෂ වෙයි.

2011 පෙබරවාරි මස පටන් ලෝකයේ පාලකයන්ට අපල කාලයක් උදා වෙයි.මේ තත්වය නොවැම්බර් 21 වන විට උග්‍ර වෙයි.

මෙහි දක්වා ඇත්තේ ඔහු කියූ අනාවැකි වලින් ස්වල්පයක් පමණි.අසුව දශකයේ කියූ බොහෝ දේ අනුව දශකයේ සබැ වී තිබේ.ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම ගැන ඔහු කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.


Wednesday, August 19, 2009

ලෝක මූල්‍ය අර්බුදයෙන් අපට උගත හැකි පාඩම්

උපුටා ගැන්ම - ලංකාදීප 2008.10.21

අඩසියවසකටත් වැඩි කාලයක් පුරා ලෝක ආර්ථීකය නැමැති අධිවේගී දුම්රියෙහි නියමුවා ලෙස කටයුතු කරනු ලැබ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය (ඇ.එ.ජ.) හෙවත් ඹීA නමැති ජාතියයි. තමා ප්‍රගතිශීලීන් යැයි කියාගන්නා සමහර ජාතීනට හා පුද්ගලයනට නම් ඇ.එ.ජ.හි වන්නා වූ කුමන හෝ බිඳ වැටීමක ප්‍රවෘත්තියක් සංතෘෂ්ටිය දනවන කාරණයක් විය හැකිය. එසේ වුවත්, ආර්ථීක හා මූල්‍ය අංශයෙන් සලකා බලන විට පසුගිය අඩසියවසක කාලය තුළ ලෝක ආර්ථීකය මෙහෙය වීමෙහිලා ඇ.එ.ජ. විශාල කාර්ය භාරයක් ඉටු කරනු ලැබ ඇත. එසේම එරට ව්‍යවහාර මුදල වන එ.ජ. ඩොලරයට ජාත්‍යන්තර මුදලක් වශයෙන් පවතින පිළිගැනීම සහ එරට විසින් ජාත්‍යන්තරව කරනු ලැබ ඇති සෘජු හා මූල්‍ය ආයෝජන ප්‍රමාණය මැන බලන විට අනාගතයේදීත් ඇමෙරිකානු ජාතිකයන්ට ලෝක ආර්ථීකයේ හිමිවන තැනෙහි අඩුවක් නොවන බව ඉතා පැහැදිලි කරුණකි. මේ හේතුව නිසා ම ඇ.එ.ජ. දේශීය ආර්ථීකයෙහි ඇතිවන්නා වූ කුඩා කම්පනයක් වුවත් ලෝක ආර්ථීකය පුරා යම් හෝ බලපෑමක් මුදාහරිනු ලබන්නේ හරියට නිසල ජලයකට අත්හළ කුඩා ගල් කැටයකින් මතුවන හා පැතිරී යන දිය රැලි ස්වරූපයෙනි. මේ සම්බන්ධව සැලකිලිමත් වන ගවේශක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් ගුරුවරුන් පමණක් නොව කාලීන සංවාද පිළිබඳව කුතුහලයෙන් පසුවන අසල්වාසී මහජනයා ද ලියුම්කරුගෙන් පසුගිය දිනක ඇසූ එක් වැදගත් ප්‍රශ්නයක් වූයේ, —ඇ.එ.ජ. වර්තමානයේ අත්විඳිනු ලබන මූල්‍ය අර්බුදයේ දුරස්ථ හා සමීපස්ථ හේතු සාධක මොනවාද? ඉන් › ලංකා ආර්ථීකයට ඇතිවිය හැකි අවාසි හෝ අත්කරගත හැකි වාසි මොනවාද?˜ යන්නයි. මෙවැනි කුඩා ලිපි තීරුවකින් මෙම ප්‍රශ්න දෙකටම එකවිට පිළිතුරු සැපයීමකට අවසරයක් ලැඛෙන්නේ නැත. එසේ හෙයින් මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ පළමු ප්‍රස්තුතය පමණක් තෝරාගෙන, එයට පිළිතුරු වශයෙන් ලියුම්කරු පොතපත ඇසුරින් එක්රැස් කරගත් තොරතුරු බිඳක් ඉදිරිපත් කිරීමයි.පළමුවෙන්ම අපි ඇ.එ.ජ. වර්තමානයේ මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයේ ස්වරූපය කෙටියෙන් හඳුනා ගැනීමකට උත්සාහ කරමු.

වර්ෂ 1792 සිට 2008 දක්වා වන සියවස් දෙකකට වැඩි කාල පරාසය තුළ ඇ.එ.ජ. මූල්‍ය අර්බුදයන්ද ඇතුළත්ව ආර්ථීක අර්බුද 17ට මුහුණ දී ඇත. වර්තමානයේ මුහුණ දී සිටින්නේ 18 වැන්නටයි. පසුගිය ආර්ථීක අර්බුද 17, බැංකු විශ්වාසය බිඳවැටීම් 7කින්, ආර්ථීක අවපාත 6කින් සහ ආර්ථීක පරිහානි 4කින් බැගින් සමන්විත වේ. මෙහි පළමු වැන්නෙන් අදහස් වන්නේ ආර්ථීකයක කටයුතු කරනු ලබන එක් ප්‍රධාන බැංකුවක්, කුමන හෝ හේතුසාධකයක් මත බංකොලොත් වීම මුල්කොටගන බැංකු පද්ධතියම කෙරහි මහජන විශ්වාසය බිඳවැටීමත් එහි ප්‍රතිඵලයක් ලෙස කාර්යක්ෂමව ක්‍රියාත්මක අවශේෂ බැංකුත් බිඳවැටීමකට යොමුවන සිද්ධි මාලාවයි. එවැනි විටකදී එක් අතකින් මහජනතාව තම බැංකු තැන්පතු බැංකු ක්‍රමයෙන් ඉවත් කර ගැනීමකට සූදානම්

අතර අනෙක් අතින් එම තැන්පතු ක්ෂ‚කව, පූර්ණව හා එකවිට මූල්‍යය කිරීමට බැංකු පද්ධතිය අපොහොසත් වනු ඇත. ආර්ථීක අවපාතය යන්නෙන් අදහස් වන්නේ ෆිස්කල් වර්ෂ කාර්තු (මාස තුනක) දෙකකදී හෝ ඊට වැඩි කාර්තු ගණනකදී නොකඩවා රටේ මුළු ජාතික නිෂ්පාදනයේ ඇතිවන පහත වැටීමක් හෝ මුළු නිමවුමේ සිදුවන සෘණ වර්ධනයයි. එහි ප්‍රතිඵලය ලෙස ඉහළ සේවා වියුක්ති අනුපාතයක් ආර්ථීකයෙන් වාර්තා වීමට පටන් ගනී. ආර්ථීක පරිහානියක් යන්නෙන් අදහස් කරනුයේ ඉහත කී එක් කාරණාවක් හෝ කාරණා දෙකම හේතුවෙන් හෝ ලෝක පරිමානයෙන් ඇතිවන අධිකතර සේවා වියුක්තිය, උද්ධමනය (භාණ්ඩ හා සේවාවන්හි පොදු මිල නොකඩවා ඉහළයාම) සහ දුප්පත්කම වැඩිවීම යන තත්ත්වයටයි. මෙයින් අපට එක් දෙයක් පැහැදිලිය. එනම්, ඇමෙරිකානුවන් විසින් 20 වන සියවස — ඇමෙරිකානුවන්ගේ සියවස˜ බවට පත්කරගෙන තිඛෙන්නේ ආවාට ගියාට වැඩ කරමින් නොව සම්මා සතියෙන් සිට ඉහතින් කී සියලූ අර්බුද සාර්ථකව ජයගනිමින් බවයි. මෙම ලිපියට පසුබිම සපයනු ලබන තවත් එක් කාරණාවක් සඳහන් කිරීම උචිත යැයි සිතමි.

අප කවුරුත් දන්නා ආකාරයට බැංකු කර්මාන්තයේ යෙදවුම් වන්නේ මහජනතාවගේ තැන්පතුය.තැන්පතු වනාහී පොලිය නමැති ගෙවීම කරමින් කෙටි කලකට තමාට රිසිසේ භාවිත කිරීම සඳහා පවරාගත් අන් අයගේ ඉතිරි කිරීම්ය. බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනයක් ලාභ උපයන්නේ මෙම අනුනට හිමිකම ඇති ඉතිරි කිරීම් නැමති යෙදවුම, මුලදී තීරණය කරගත් පොලියකට හා කාලයකට වෙනත් තෙවන පාර්ශ්වයකට ණය ලෙස පැවරීමෙනි. යම් තැනක, ණයකරුවන් තම ණය විශාල වශයෙන් නොගෙවා පැහැර හරින්නේ නම් අදාළ බැංකුව කෙතරම් ස්ථාපිත හා විශාල එකක් වුවද පාඩු ලැබීම හෝ බංකොලොත් වීම අනිවාර්ය වනවා පමණක් නොව තැන්පතුකරුවන්ගෙන් බේරීමක් වන්නේ ද නැත. ඇ.එ.ජ. ලොව සුපිරි බලවතා ලෙස ජගත් මූල්‍ය ක්‍රමය කළමනාකරණය සඳහා සුදුසුකම් ලබා සිටියත් එරට වර්තමානයේ අත්විඳින මූල්‍ය අර්බුදයේ ආසන්නතම හේතුව වී තිඛෙන්නේද මෙවැනි සරළ සංසිද්ධියකි.

එනම්, නිවාස සඳහා වූ උකස් ණය වෙළෙඳ පොළෙන් බැංකු ණය ආපසු නොගෙවීමේ ඉහළ අනුපාතිකයක් (්‍යසටයැර ාැේමකඑ ර්එැ) වාර්තාවීමයි.වර්තමාන ඇ.එ.ජ. මූල්‍ය අංශයේ බිඳවැටීම වනාහි ඉතා සංකීර්ණ වූ දුරස්ථ සාධක ගණනාවක ප්‍රතිඵලයක් වුවත් එහි ආසන්නතම සාධකය බවට විචාරකයන් පෙන්වා දෙන්නේ එරට විශාලතම උකස් හා ආයෝජන බැංකු හා මූල්‍ය ආයතන ගණනාවක් 2008 වර්ෂයේ මැදභාගයේ සිට එකපිට එක තම බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමයි. උදාහරණ වශයෙන් ජුලි 11 වැනි දින එරට විශාලතම උකස් හා ආයෝජන බැංකුවක් වන ඉන්ඩිමැක් බැංකුවෙහි (ෂබාහඵ්ජඊ්බන) අර්බුදය විසඳීමේ පියවරක් වශයෙන් එහි මුළු #20;ත්කම් ඇමෙරිකානු සංචිත බැංකුවේ (ඇමෙරිකාවේ මහ බැංකුව) නියාමන අංශය මගින් පවරාගනු ලබයි. එසේම ලේමන් බ්‍රදර්ස් (ඛැයප්බඊරදඑයැරි) නැමැති විශාල මූල්‍ය ආයතනයට තම වත්කම් අලෙවි කොට ව්‍යාපාර කටයුතු ඈවර කිරීමට අවශ්‍ය විය. එහෙත් එය අලෙවි කිරීමට කෙනෙකු හෝ ආයතනයක් සොයා ගැනීමට නොහැකිවීම මත සැප්තැම්බර් 13 වැනි දින තම බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරන ලදී. තව ද ඊට පසුදින එනම් සැප්තැම්බර් 14 වැනි දින මිරයිල් ලින්ච් (ඵැරරසකක ඛහබජය) නම්ලත් ආයතනය මිල දී ගැනීමට බෑන්ක් ඔෆ් ඇමෙරිකන් එකඟතාව පළ කරන ලදී. එදිනම Aෂඨ නමැති රක්ෂණ සමාගම තම මූල්‍ය අර්බුදය සමනය කර ගැනීම් වස් ඩොලර් බිලියන 85ක ණය අරමුදලක් ඇ.එ.ජ. මහ බැංකුවෙන් ඉල්ලූම් කරන ලදී. මීට අමතරව සැප්තැම්බර් 15 වැනි දින ඉහත කී ලේමන් බ්‍රදර්ස් කඩා වැටීමෙන් ඔවුනට වූ කම්පනය සමනය කර ගැනීම අරභයා තවත් බැංකු 10ක් එකතු වී ඩොලර් බිලියන 70ක ක්ෂ‚ක ආපදා අරමුදලක් පිහිටුවා ගන්නා ලදී. ඉතා වැදගත්කොට සඳහන් කළහොත් ඇමෙරිකානු බැංකු ඉතිහාසයේ දැවැන්තම බැංකු කඩා වැටීම සනිටුහන් කරමින් සැප්තැම්බර් 25 දින වොෂින්ටන් මියුචුවල් (උ්ියසබටඑදබ ඵමඑම්ක) නම් බැංකුවේ බැංකු වත්කම් ෙජ්.පී. මෝගන් (න‍ඡ ඵදරට්බ) විසින් මිල දී ගැනීමට එකඟතාව පළ කරන ලදී. ඇ.එ.ජ.යේ සිදුවෙමින් යන මෙම අති දැවැන්ත කඩා වැටීම සමනය කිරීම් වස් ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ඩොලර් බිලියන 700ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඉල්ලූම් කරමින් පත්‍රිකාවක් එරට මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවත් සැප්තැම්බර් 29 වැනි දින වැඩි ඡන්දයෙන් එය පරාජයට පත් කරන ලදී. ඇ.එ.ජ. මූල්‍ය අර්බුදයේ වර්තමාන ස්වරූපය මෙයයි. ඇ.එ.ජ. මූල්‍ය අර්බුදයේ වර්තමාන ස්වරූපය කෙටියෙන් හඳුනාගත් අපි මීළඟට මෙම අර්බුදයට හේතු විස්තර කිරීමකට හැරෙමු. මෙවැනි අර්බුදයක් කාලාන්තරයක් තුළ ඇති දැඩි වූ විවිධ වූ හා සංකීර්ණ වූ කාරණා ගණනාවක සමුචිත ප්‍රතිඵලයක් මිස එක් කාරණාවක හෝ එක් දිනක ඇති වූ සිද්ධියක ක්ෂ‚ක ප්‍රතිඵලයක් නොවේ. දුරස්ථ වශයෙන් බැලූවහොත් විදේශ විනිමයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අවප්‍රමාණය වීම යම් තරමකට වර්තමාන අර්බුදයට ඉන්ධන සපයා ඇත. පසුගිය කාලයේ සිදුවූ ඩොලරයේ අවප්‍රමාණයට මූලික හේතු දෙකක් බලපා තිබේ. ඉන් පළමු වැන්න නම් ලෝක වෙළෙඳ පොළෙහි ඛ‚ජ තෙල් මිල සහ ආහාර මිල ඉහළයාම හා බැඳුණු ඉහළ උද්ධමනය හා ඉහළ සේවා වියුක්තියයි. දෙවැන්න නම් ඇ.එ.ජ.යේ විද්‍යමාන වූ ආර්ථීක අවපාතයක් පිළිබඳ විද්වතුන්ගේ ප්‍රකාශ කළ විවිධ මත ප්‍රකාශනයන්ය. එහෙත් මූල්‍ය අර්බුදයට සමීපස්ථව බලපා තිඛෙන්නේ ඇ.එ.ජ.යේ නිවාස වෙළෙඳ පොළ නිකුත් කළ මිල සංඥාවන්ට එරට ආයෝජකයන් සහ ගෘහස්ථයන් දැක්වූ වැරදි ප්‍රතිචාරයන්ය. එම කාරණා අතුරින්

(1) උකස් ණය මත නිවාස මිලදී ගත් නිවාස හිමියන් ඔවුනගේ ණය වාරික නොගෙවා හැරීම,
(2) ණය දෙනුවන් සහ ගනුවන් යන දෙපාර්ශ්වයේම #20;ැරදිසහගත වූඅගය විනිශ්චයයන් හා සමපේක්ෂණයන්,
(3) නිවාස වෙළෙඳපොළ උත්පාත සමයේ බිහිකළ අධිකතර නිවාස සැපයුම,
(4) නිවාස ණය මත අනුගමනය කරන ලද ඉහළ අවදානම් සහිත ණය ක්‍රම සහ
(5) රජයේ දුර්වල මූල්‍ය ප්‍රතිපත්තිය සහ ලිහිල් මූල්‍ය නීති

යනාදිය මෙම අර්බුදයට ඉතා වැදගත් ආකාරයෙන් දායකත්වය සැපයූ ඒවා වේ. 1990 ගණන් වන විටත් ඇ.එ.ජ.යේ නිවාස හිමිකම පැවැතියේ 64% තරම් පහත් අනුපාතිකයකය. මෙය නිවැරදි කිරීම අරභයා ඹී රජය නිවාස වෙළෙඳ පොළට ප්‍රවර්ධන ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දෙනු ලැබීය. මේත් සමගම වෙළෙඳ පාළෙහි නිවාස සඳහා විශාල ඉල්ලූමක් ජනිත වූ අතර නිවාස සඳහා වූ වෙළෙඳ පොළේ මිල රොකට් වේගයෙන් ඉහළ ගියේය. මෙම තත්ත්වය ඇමෙරිකානු නිවාස උත්පාතය හෙවත් නිවාස බුබ්බුලය ලෙස හඳුන්වයි. මෙයට සමකාලයේදී ම ඇමෙරිකානු ණය වෙළෙඳ පොළෙහි සැලකියයුතු තරමේ ණය අරමුදල් අතිරික්තයක් ද පැවැතු‚. එම අතිරික්තය මුල් අවස්ථාවේදී ඉතා පහසුවෙන් සහ ලාභදායීව නිවාස ඉදිකිරීම ක්ෂේත්‍රයෙහි යොදවනවා දැකිය හැකි විය. එහෙත් මෙම නිවාස ණය යොදා ඉදිකළ නිවාසවලින් 40%කට වැඩි ප්‍රමාණයක් ඉදිවූයේ පදිංචි අරමු‚න් නොව ආයෝජන අරමුණෙනි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමටද ඇමෙරිකාවේදී හේතු පැවැතු‚. එනම් පදිංචිය සඳහා නිවාස ඉල්ලූම්කරුවන් බොහොමයක්, ඔවුනගේ ආදායම් මට්ටමෙන්, රැකියාවෙන්, ඇපසුරකුම් හෝ වත්කම් හිමික මෙන් සහ ණය පැටිකිරියෙන් බැංකු ණයක් සඳහා සුදුස්සන් නොවී සිටියහ.

මේ අනුව ඇමෙරිකාවේදී නිවාස වෙළෙඳ පොළ ක්‍රියාත්මක වී තිඛෙන්නේ තුන් කට්ටුවක සහභාගිත්වයෙනි. එනම්, බැංකු ණයට සුදුසුකම්ලත් ආයතන හෝ පුද්ගලයන් විසින් ප්‍රාථමික උකස් ණය වෙළෙඳ පොළෙන් (ඡරසපැ ඵදරඑට්ටැ) පළමුව ණය ලබාගෙන නිවාස ගොඩනැගීම්හි ආයෝජනය කරනු ලැබූ අතර දෙවනුව එම නිවාස අනුප්‍රථමක උකස් වෙළෙඳ පොළක (ීමඉචරසපැ ඵදරඑට්ටැ) බැංකු ණයකට නුසුදුසු ආර්ථීක ඒකකවලට උකස් ණය පදනමින් අලෙවි කරනු ලැබීය. මෙම අනුප්‍රථමක උකස් වෙළෙඳ පොළෙහි අනුගමනය කරනු ලැබ ඇති ණය ක්‍රමයන්ද (ඛද්බ ඡරදාමජඑි) ඕනෑවටත් වඩා නව්‍ය හා නම්‍ය ඒවා වූ අතර දැඩි අවදානම් ඒවා ද විය. උදාහරණ වශයෙන් එක් ණය ක්‍රමයක් නම්කොට තිඛෙන්නේ —ආදායම හෝ රැකියාව හෝ වත්කම නොසළකා දෙන ණය˜ (භද සබජදපැල භද වදඉ්බා භද Aිිැඑි ඛද්බ) වශයෙනි. මෙම ණය ක්‍රමයම ඇමෙරිකාවේදී —නින්ජා ණය˜ (භසබව් ඛද්බ) ලෙස නම් කරනු ලැබ ඇත. තවත් ණය ක්‍රමයක් වී ඇත්තේ —ගැළපිය හැකි අනුපාතික උකස් ණය ක්‍රමයයි (Aඍඵ). මෙම ක්‍රමය යටතේ ආරම්භක කාලච්ඡේදවලදී නිවාස හිමියා විසින් ගෙවිය යුතු වන්නේ ණයට අදාළ පොලී ප්‍රමාණය පම‚. —වරධෑය ගෙවීම් ණය˜ (ඡ්හපැබඑ ධචඑසදබ) යන්න අනුප්‍රථමක උකස් වෙළෙඳ පොළෙහි ක්‍රියාත්මක වෙනත් ආකාර වූ ණය ක්‍රමයෙකි. මෙම ණය ක්‍රමයේදී නිවාස හිමියාට තමා කැමැති ආකාරයේ විවිධ වටිනාකම් ණය වාරික ලෙස ගෙවිය හැකිය. එහෙත් #05;ොගෙවන පොලී ප්‍රමාණයන් දෙනු ලැබූ මුළු ණය මුදලට එකතු වේ. මෙම සියලූම නව්‍ය ණය ක්‍රම නිවාස ණය ගැතියන් ණය ආපසු ගෙවීමෙහි අධෛර්යමත් කරවන සුළු ඒවා වු‚. කෙසේ නමුත් 2000 දශකයේ දෙවන භාගය ආරම්භ වන්නේ ඇමරිකාවේ නිවාස බුබ්බුලය (උත්පාතය) පිපිරීයාමේ හේතු සාධකද කරපින්නා ගෙනය.

උදාහරණ වහයෙන් 2008 ජනවාරි මාසය තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක ඛ‚ජ තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්ම වූ අතර ජූලි මාසයේ දී එහි උපරිම මිල වන බැරලයට ඩොලර් 147 ලෙසට නියම විය. මෙහි ප්‍රතිඵලයක් ලෙෂ ලෝකයේ අන් රටවල මෙන් ම ඇමෙරිකාවේ ද ඉහළ උද්ධමනයක් ඇති වූ අතර ඒ හේතු කොටගෙන පාරිභෝගික වියදම් ඉහළ ගියේය. අනෙක් අතට එහි ප්‍රධානතම කර්මාන්තයන් වන වානේ කර්මාන්තයේදීත් තඹ කර්මාන්තයේදීත් බහුලව භාවිත කරනු ලබන රසායනික යෙදවුම්හි (ීමකමෙරසජ Aජසා) මිල එක් වර්ෂයක් තුළ හය ගුණයකින් වැඩි වී එම කර්මාන්තයන්හි නිමවුම් ඒකක පිරිවැය ඉහළ ගියේය.

මහා පරිමාණ බැර කර්මාන්ත අංශයේ ඇති වූ මෙම පීඩනය සමනය කරගනු ලැබුයේ ශ්‍රම සේවා නියුක්තිය කප්පාදු කිරීමෙනි. එම ප්‍රතිපත්තියේ අවසාන ඵලය වූයේ ඉහළ සේවා වියුක්තියක් රටෙහි ස්ථාපිත වීමයි. උදාහරණ වශයෙන් ඇ.එ.ජ.යේ කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව 2008 අගෝස්තු මාසය තුළ පමණක් සැපයුම් කළ හැකිව තිබූ රැකියා 84,000ක් කපාහැර තිබේ. එසේම මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ඇමෙරිකාවේ රැකියා අහිමි වූ සංඛ්‍යාව පුද්ගලයින් 605,000 ලෙස ගණනය කොට තිබේ. මෙම ආර්ථීක අවපාතමය ලක්ෂණ හේතුකොටගෙන ඇමෙරිකානු නිවාස හා ඉඩම් වැනි දේපල වෙළෙඳ පොළ හැකිලීමකට භාජන විය. කෙටියෙන් කිවහොත් නිවාස සඳහා වන ඉල්ලූම ශීඝ්‍රයෙන් පහත වැටු‚.නිවාස උත්පාතයේදී ඉදිකළ නිවාස තොගගත විය. හෙවත් අධිකතර සැපයුමක් පෙන්නුම් කළේය. මෙම අධිකතර නිවාස සැපයුම ඇමෙරිකානු දේපල වෙළෙඳ පොළෙහි නිවාස මිල කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයට දිගින් දිගටම පහළයාමකට හේතු වූ අතර එරට නිවාස බුබ්බුලයේ පිපිරීමට ද හේතු සාධක විය.

මිල පහත වැටීමේ තරම කොතෙක්ද යත් නිවාසයක් සඳහා වෙළෙඳපොළහි නියමවන විකුණුම් මිල එම නිවසෙහි උකස් වටිනාකමටත් වඩා ඛෙහෙවින් පහත් අගයක් විය. මෙම තත්ත්වය තුළ ප්‍රථමක උකස් වෙළෙඳ පොළෙහි ණය කරුවන් හෙවත් නිවාස ඉදිකිරීමෙහි මුදල් ආයෝජනය කළවුන් තම නිවාස පාඩුපිට අලෙවි කිරීමකට සූදානම් නොවු‚. එසේ හෙයින් ඔවුන් ගත් බැංකු ණය වාරික ගෙවීම ප්‍රමාද කිරීම හෝ නොගෙවා හැරීම දෙසට යොමු විය. ඔවුන් දැඩි මුදල් හිඟයකින් පෙළු‚. මේ නිසා උකස් හා ආයෝජන බැංකුවල ණය ආපසු අයවීමේ ප්‍රතිශතය නොකඩවා පහත වැටු‚. උකස්කර නිවාස වෙළෙඳ පොළේ මිල උකස් වටිනාකමටත් වඩා පහත් නිසාත් ඉල්ලූමක් නොමැති නිසාත් බැංකු එම උකස් නිවාස ප#20;රා ගැනීමකටද යොමු නොවීය. අනෙක් අතට අනුප්‍රථමක වෙළෙඳ පොළෙන් නිවාස මිලදී ගත් අයගෙන් 40% දෙනා බැංකු ණයක් සඳහා නුසුදුසු ලේඛනයට ඇතුළත් වූ අයයි. සුදුසු අය මත වූවත් බැංකු උකස් පිරිවැයට වඩා වැඩි උකස් පිරිවැයක් පටවා තිබු‚. බ්‍රෝකර් ගාස්තු ණය රක්ෂණ වාරික වැනි අමතර ගාස්තු ඔවුනගේ නිවාස උකස් ණයට එකතු වී තිබු‚. මේ නිසා බොහෝ උකස් ණය නිවාස හිමියන් උකස් වාරික නොගෙවා නිවාස අතහැර යාමට පුරුදු විය. මෙම ක්‍රියාදාමයෙහි අවසාන ප්‍රතිඵලය වූයේ උකස් හා ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ණය ආපසු අය වීමේ අනුපාතිකය අසාමාන්‍ය ලෙස අඩුවීමත්, ඒවායෙහි ද්‍රවශීලතාව අඩුවීමත් අවසාන වශයෙන් බංකොලොත් භාවයට පත්වීමත්ය. මේ අනුව ඇ.එ.ජ. වර්තමාන මූල්‍ය අර්බුදයේ ප්‍රතිසන්ධීය කර්මය වූයේ නිවාස ණය වැනි දැඩි අවදානම් සහිත ණය බැංකු ණය සඳහා නුසුදුසු දැඩි අවදානම් සහිත පුද්ගලයින්ට ලබාදීමේ අවිචාර ණය ප්‍රතිපත්තියයි.කෙසේ නමුත් ඇ.එ.ජ.යේ වර්තමාන මූල්‍ය අර්බුදයේ ස්වරූපය හේතු සහ එය වැළැක්වීමට ගනු ලබන පියවර එරට ජනාධිපතජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඉතා චතුර ලෙස ඔහුගේ මවු බසින් වාක්‍යය කිහිපයකට සාරාංශ කොට තිබුණේ පහත සඳහන් ආකාරයටය. ,ධබජැ එයසි ජරසිසි සි රුිදකඩැාල එයැරු අසකක ඉැ එසපැ එද මචා්එැ දමර සෙබ්බජස්ක රුටමක්එදරහ ීඑරමජඑමරුග ධමර 21ිඑ ජැබඑමරහ ටකදඉ්ක ැජදබදපහ රුප්සබි රුටමක්එැා ක්රටැකහ ඉහ දමඑා්එැා 20එය ජැබඑමරහ ක්අිග ඍැජැබඑකහල ඇ.ඩැ ිැැබ යදඅ දබැ ජදපච්බහ ජ්බ ටරදඅ ිද ක්රටැ එය්එ සඑි ේසකමරු න‍ැදච්ර්ාසසzැි එයැ ැබඑසරු සෙබ්බජස්ක ිහිඑැප, (මෙම අර්බුදය විසඳූ වහාම අප එක් දෙයක් කළ යුතුව ඇත. එනම් අපේ මූල්‍ය නීතිය හා නියාමන විධි යාවත්කාලීන කිරීමයි.

අප 21 වන සියවසට අයත් ගෝලීයකරණ ආර්ථීකයක හිමිකරුවන් වුවත් එය විශාල වශයෙන් නියාමනය වන්නේ යල්පැනගිය 20 වන සියවසේ නීතිවලිනි. එම තත්ත්වය තුළ එක් ව්‍යාපාරික ආයතනයක් එයට හැකි තරම් වර්ධනය වන්නේ කෙසේද යන්නත් එම එක් ආයතනයක් බිඳවැටුණු විට එහි අයහපත මුළු ආර්ථීකය පුරා රැලස්වරූපයෙන් පැතිරී යන්නේ කෙසේද? යන්නත් මෑතකදී අපි හොඳින් දුටුවෙමු˜ ජනාධිපති බුෂ්ගේ මෙම ප්‍රකාශය අද වනවිට වඩාත් ගැළපෙන්නේ ඇමෙරිකාවට නොව අපේ රට › ලංකාවටය. එහෙත් දරුණුතම ඛේදවාචකය වන්නේ මෙරට කරවනවුන් සහ උන්වටා ඉන්නවුන් බුරුතුපිටින් රට සවාරියේ යෙදුනත් ලෝක ආර්ථීක සංසිද්ධි හෝ ඒවායින් උගත හැකි පාඩම් මෙරට හැදීම උදෙසා ආදර්ශයට නොගැනීමයි.

පොත් වූ කලී

පොත් හරියට නෞකා සදිසිය. මාගේ පොත් රාක්කයේ ඇති සමහර පොත් මා කියවා ඇත. සමහර ඒවා කියවා නැත. එහෙත් ඒ කවර පොතක් හෝ අතට ගෙන පෙරලූ විට කවර නම් වූ රමණීය වරායකට ගොඩ බසින්නට පුලුවන් වේදැයි කාට නම් කිව හැකිද...( ජැක් ලන්ඩන් - ඇමරිකානු ලේඛක ) .

පොත් කියන්නේ මිනිසාට යහපත් ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍යය දෙයක්. මිනිසාගේ ශරීර වර්ධනයට ආහාර පාන , ඖෂධ අවශ්‍යය වගේම මානසික වර්ධනයට පොත් උපකාරී වෙනවා. පොත් කියන්නේ ප්‍රවාහන මාද්‍යයක් විවිධ පොත් අරගෙන අපිට විවිධ තැන්වලට යාමට හැකියාව තියෙනවා . පොත් හරියට කාල යන්ත්‍රයක් වගේ අපට අතීතයට ඉදිරි අනාගතයට මේ පොත් තුලින් ගමන් කරන්න පුලුවන්. පොත් කියන්නේ හරියට අපේ දෙමව්පියන් වගේ. "පොත් වහන්සේ " යන ගෞරව නාමය ලැබීමට තරම් පොත උතුම්ම වස්තුවක්. අජීවී වස්තුවක් වුනත් පොත් හරියට සජිවී දෙයක් වගේ . මිනිසාට ම;ෙතරම් මහගු සේවයක් කරන පොත්වලට අපි දැක්විය යුතු උපරිම ගෞරවය දක්වන්න ඕනේ.

සාහිත්‍යය


සාහිත්‍යය යනු " සහිත බවයි ". සහිත වන්නේ රසයි. එදා භරතමුණි ඇදුරුතුමා නාට්‍යය ශාස්ත්‍රය කෘතියෙන් හදුන්වා දුන් නව නළු රසයයි. සාහිත්‍යයේ පරමාර්ථය සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමයි.

අපි බලමු කව්ද මේ සහෘදයා කියන්නේ කියලා? සහෘදයා කියන්නේ " සමාන හෘදයක් ඇති තැනැත්තාට ". මක් නිසාද යත් නිර්මාණකරුවාගේ හදවතේ පහල වන හැගීමට සමාන හැගීමක් සහෘදයාගේ හදවතේ ඇතිවන හෙයිනි.

මුළු සාහිත්‍යයම කාව්‍යයක් කියලා ඔයාලා දන්නවානේ.... කාව්‍ය ප්‍රධාන වර්ග හතරකට ‍බෙදෙනවා.

01. පද්‍ය කාව්‍යය

* සදැස් පද්‍ය කාව්‍ය.

* නිසදැස් පද්‍ය කාව්‍ය.

02. ගද්‍ය කාව්‍යය

03. දෘශ්‍ය කාව්‍යය
04. චම්පු කාව්‍යය


සාහිත්‍යය ගැන නම් කියන්න දේ බොහොමයි. මම ඔයාලට නව නළු රස ගැනත් මේ වගේ පුංචි හැදින්වš9;මක් දෙන්නම්.......ඒත් ඊට කලින් අපි බලමු " ඔයාලා නව නළු රසය " දන්නවද කියලා...දන්නවනම් මට ලියන්න. ඊට පස්සේ මම කියන්නම් මොකද්ද මේ නව නළු රසය කියලා හරියටම...බලමුකෝ කව්ද ඉස්සර වෙන්නේ කියලා.

ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාව


" ජීවිතය රග මඩලකි. අපි එහි නළු නිළියෝ වෙමු. "

යැයි ප්‍රකට කියමනක් අසා ඇත්තෙමි. එය ඔබ අසා ඇතුවාටද කිසිදු සැකයක් නැත. එසේ නම් ඒ නළු නිළියන් අතරෙනුත් අති දක්ෂයන්ව මුලු මහත් ලෝකයා හමුවේ පෙන්වන්නා වූ අති ප්‍රබලම කැඩපත චිත්‍රපට කලාවයි. චිත්‍රපට කලාව වූ කලී ශ්‍රී ලාංකික අප හටද ආගන්තුක වූවක් නොවේ . " කඩවුනු ‍පොරොන්දුවෙන් ඇරඹී....රන්මුතු දූවෙන් ඔප වැටී..... රේඛාවෙන් නියම මගට වැටුනා වූ අති සුන්දර චිත්‍රපට ඉතිහාසයකි අපට උරුමව ඇත්තේ .
නමුත් අන් බොහෝ කාරනාවලදී මෙන්ම චිත්‍රපට කලාවේ මුල් යුගයේදීද බිහි වූ බොහෝමයක් සිංහල චිත්‍රපට අමු අමුවේම හින්දි කොපි බවට පත් විය. බොහෝ විට ඒවායේ ඇතුලත් සංගීතයේ සිට... රංගන වින්‍යාස දක්වාම හින්දි කොපියක් බවට පත් වි තිබුණි. නමුත් " හැමදාමත් හැමදෙයක්ම එකලෙසින් නොපවතී " යන කියමන පසක් කරමින් එම තත්වය කාලයත් සමගින් වෙනස් විය. ලාංකිකයන් චිත්‍රපට කලාවේ භාරදූර කාර්යයන්වලට අත ගැසීමත් සමගින් වාණිජමය හා කලාත්මක යන චිත්‍රපට අංශ දෙකෙහිම අදිසි පිබිදීමක් ඇතිවූ අතර එහි උච්චතම අවස්ථාව 70 දශකයයි. 70 දශකය වන විට චිත්‍රපට රංගනයට , අධ්‍යක්ෂනයට , නිෂ්පාදනයට මෙන්ම චිත්‍රපටවල සංගීත අංශය සදහාද අතිදක්ෂයින් පිරිසක් මෙරට තුල නිර්මාණය වී තිබුණි. එහෙත් තව දුරටත් චිත්‍රපටවල දෙබස් හඩ කැවීම් ඇතුලු තාක්ෂණික අංශයේ බොහෝමයක් කරුණු සපුරා ගත්තේද භාරතය තුලදී ය. මෙම යුගයේත් යම් යම් අවස්ථාවල හින්දි ආභාෂයෙන් යුතු චිත්‍රපට මෙරට තුල බිහිවිය.

කෙසේ වුවද අද පවා හදුන්වන්නා වූ චිත්‍රපට කලාවේ ස්වර්ණමය යුගය වන 70 දශකයෙන් පසුව උදා වූ 80 දශකය ශ්‍රී ලාංකීය චිත්‍රපට කලාවට එතරම් සුබදායක නොවීය. එවකට ශ්‍රීලංකාව තුල පැවති දේශපාලන හා ආර්ථිකමය රාමුව කිසිසේතම සාර්ථක චිත්‍රපට කලාවක් රදා පැවතීමට නොසෑහුනි. මේ කරුණ හේතුවෙන් බලා සිටියදීම අපේ නෙතුමානයෙන් ශ්‍රී ලාංකේය සැලෝලයිට් සිනමා කලාව හෙවත් චිත්‍රපට කලාව බිදී විසිරී යන්නට විය. නොසිතූ මොහොතක අපේ චිත්‍රපට කලාවට ගිම්හානය උදා විය. මෙම ගිම්හානය 80 දශකය අගභාගයේ සිට නවසියවස ඇරඹෙනතුරුත් පැවතුනි.

නමුත් පුරන්ව ගියා වූ සිනමාකෙත යලිත් සාරවත්ව අස්වද්දන්නට නව සහශ්‍රය තුල සිනමාවට පිවිසියා වූ නවකයන් මෙන්ම උදා වූ සහශ්‍රයත් සමග යලිත් කරලියට බට ප්‍රවීනයන් බොහෝ දෙනෙකු ද උත්සුක විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපට කලාවක් කෙමෙන් කෙමෙන් ගොඩ නැගෙන්නට විය. ඒ ඇසුරෙන් බිහි වූ බොහෝ චිත්‍රපටයන්ට ජාත්‍යයන්තරයේ යම් යම් සීමාවන් ජය ගැනීමට ද හැකි විය. මේ තත්වය මෙලෙසින් පවතිද්දී පසුගිය අවුරුදු දෙක තුනක කාලයේ නැවතත් ඉන්දියානු ආක්‍රමණයක් දැකගත හැකි විය. නමුත් ඒ ආක්‍රමණයන්ට නිසි පිළිතුරු චිතුපට කලාවෙන්ම ලබා දෙන්නට 100% යක්ම දේශීය වූ අපේ නිර්මාණකරුවන්ට හැකි විය.

ලෝකයේ චිත්‍රපටකලාව හා සසදද්දී තාක්ෂණය , රංගන වින්‍යාස සංගීතය යන අංශවලින් අප තවමත් ඉන්නේ ආරම්භක අඩියක වුවද මේ යන ගමන මෙලෙසින්ම ඉදිරියට ගලාගියහොත් අපේ රටේ සිනමාවේ හෙට දවස එතරම් කලුවර නොවනු ඇතැයි විශ්වාසයක් මසිතේ පවතී.