Friday, May 27, 2011

ගල්ෆ් යුද්ධය

ගල්ෆ් යුද්ධය

හැදින්වීම

Animated-Flag-Iraq.gif

පළමු ගල්ෆ් යුද්ධ සමයේදී ඉරාක කුවේට අර්බුදය තුලදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම දක්නට ලැබේ. 1973 වසරේදි ඉරාකයේ හමුදා පළමු වතාවට කුවේටයේ දේශසීමා ආක්‍රමණය කිරිම තුළ ගැටුම ආරම්භ වීම දක්නට ලැබේ. ඉරාකය කුවේටය ආක්‍රමණය කිරිම හේතුවෙන් ජාත්‍යන්තර යුධ නීතියද උල්ලංඝනය කරනු ලැබිය. ඉරාකය සම්බන්ධයෙන් හැදින්වීමේදි ආගම, වර්ගය, භාෂාව මත පදනම් වු ගැටුමක් දක්නට ලැබේ. 1990 වසරේදී ඉරාක ජනාධිපති සදාම් හුසේන් විසින් තෙල් බිම් සම්බන්ධයෙන් කුවේටය ආක්‍රමණය කරනු ලැබු අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ මෙය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරිමක් වශයෙනි. එහිදී ඉරාක හමුදා කුවේටයෙන් ඉවත්කර ගත යුතු බවට ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කරනු ලැබීය.2003 වසරේදී නැවත ඉරාකය ආක්‍රමණය කරනු ලැබීය. එහිදී ඉරාකය තුල විශාල වශයෙන් මිනිස් ඝාතන සිදු විය.

පළමු ගල්ෆ් යුධ සමය

මැදපෙරදිග දේශපාලනය තුළ පවතින ගැටළු අතරින් ඉරාක සම්බන්ධ ගැටළුව ඉන් ප්‍රධාන වේ. ඉරාකය ගත් විටදී ඉරාකය හා ඉරානය අතර සත් අවුරුදු යුද්ධයක් පැවතිම, ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීම, ඇමරිකාව මැදපෙරදිගට මැදිහත්වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක විම මෙහි පැවතෙන ගැටළුවක් වී තිබේ. ඉරාක කුවේට අර්බුදය ගත්විටදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම දක්නට ලැබේ. ඉරාකය කියා සිටියේ මුල සිටම කුවේටය ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම දක්නට ලැබේ. ඉරාකය කියා සිටියේ මුල සිටම කුවේටය ඉරාකයට අයත් රටක් වශයෙනි. 1973 දී ඉරාකයේ හමුදා පළමු වතාවට කුවේටයේ දේශසිමා ආක්‍රමණය කරනු ලැබේ.

සදාම් හුසේන් ප්‍රකාශ කර සිටිය ඓතිහාසික වශයෙන් භූ දේශපාලනික හේතුන් මත කුවේටය ඉරාකයට අයිති බවයි. ඉරාකයට මුහුදක් නොමැති වීම නිසාවෙන් කුවේටය හරහා ගල්ෆ් මුහුදට ඒමට සිදුවිය. සදාම් හුසේන් කුවේටයට විරුද්ධව කතා කරනු ලැබිය. කුවේටය වැදගත් වීමට හේතුවත් වී තිබුණේ තෙල් නිෂ්පාදන වැඩි පුර සිදු කරනු ලැබු නිසාවෙනි. එය ඉරාකයේ තෙල් මිල පහත වැටීමට හේතුවක් විය. බෑග්ඩෑඩ් සමුළුවේදී මෙම කාරණය ඉදිරිපත් කරනු ලැබීය. කුවේටය තෙල් නිෂ්පාදනය කිරිම නිසා ඉරාකයට පාඩු සිදු වීම නිසාවෙන් කුවේටය ආක්‍රමණය කිරිමට හේතුවක් විය. ඉරාකය කුවේටය සම්බන්ධකරගෙන විදේශ ඇමතිවු තරික් අයිස් කියා සිටියේ ඉරාන - ඉරාක යුද්ධ කාලයෙන් ගත් ණය කපා හැරිය යුතු බව හා ඒ වගේම කුවේටය තෙල් සොරකම් කරන බවයි. මෙලෙස තෙල් සොරකම් කිරීම ඉරාකයට එරෙහි යුද්ධයක් ලෙස ප්‍රකාශ කළහ. ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීම ගල්ෆ් යුධ සමයේදී මාස 7 ක් කුවේටය සතු කර ගත්තේය. 1990 දී ඉරාකය කුවේටය ආක්‍රමණය කළේය. කුවේටය මේ වන විට ඉරාකය සමඟ හොඳ සම්බන්ධතා ගොඩ නඟා ගෙන තිබුණ අතර ඉරානය සමඟ පැවැති යුද්ධයේදි මුදල් ද ලබා දුනි. නමුත් මේ ලබා දුන් මුදල කුවේටයට ආපසු අවශ්‍ය විය. මුදල් ආපසු ලබා දිම සම්බන්ධයෙන් සාකච්ඡා පැවතුනද මේ වන විට ඉරාකයේ ආර්ථීකය පහත වැටී තිබුණි. ඉරාකය මෙහිදී ගනු ලැබු තිරණයක් වුයේ තෙල් මිල ඉහළ දැමීමයි. ධඡෑක‍ සංවිධානයට මෙහිදී බලකර සිටිනු ලැබිය. කුවේටය විසින් තෙල් නිෂ්පාදනය 40% කින් පමණ වැඩිකිරිම හේතුවෙන් ඉරාකය මෙහිදි මෙය ආර්ථීක වශයෙන් කරනු ලැබු ආක්‍රමණයන් වශයෙන් හඳුන්වනු ලැබිය. මෙය ඉරානය විසින් කුවේටය ආක්‍රමණය කිරීමට බලපාන ලැබු හේතුවක් වශයෙන් හැදින්විමට පුළුවන.

1990 වසරේදි අගෝස්තු 02 දින ඉරාක ජනාධිපති සදාම් හුසේන් විසින් තෙල් බිම් සම්බන්ධයෙන් කුවේටය ආක්‍රමණය කරන ලදී. මෙය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරිමක් වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හා ලොව බලවත් රටවල් ප්‍රකාශ කළ අතර ඉරාක හමුදා කුවේටයෙන් ඉවත් කර ගතයුතු බවට ප්‍රකාශ කරනු ලැබිය. 1991 ජනවාරි 15 ඉරාක හමුදා කුවේටයෙන් පලවා හැරිමට බහු ජාතික හමුදා යුද්ධයක් ආරම්භ විය.

ඉරාක ගැටුම නිසා සමාජ පසුබිම ගත් විටදි ඉරාක හමුදාව විසිරවා හැරිමත් රාජ්‍ය ව්‍යවසායන් වසා දැමිමත් නිසාවෙන් විරුකියාව ඉහළ මට්ටමක පවතී. ප්‍රහාරයට කලින් ඉරකය තුළ විරුකියා තත්වය 50% ක් වු අතර ප්‍රහාරයෙන් පසුව ඒ තත්වය තව දුරටත් ඉහළ ගොස් තිබේ. සදාම් හුසේන් පාලන සමය තුළදි ගෙවීන්ට සහනාධාර ලබාදිම කපා හැරීම නිසා ගොවීන්ගේ තත්වයද පරිහානියට පත් විය.

ඉරාකය ඉතා විශල රාජ්‍යන් වන අතර එහි ප්‍රමාණය වර්ග සැතපුම් 167, 975 ක් පමන් වේ. ඉරාකයේ ආර්ථීකය ගත් විටදී තෙල් අපනයනයෙන් වසරකට ඩොලර් කෝටි 200 ක ආදායමක් උපයාගනී.

මෙහි ඈත ඉතිහාසය දෙස බැලිමේදී ඉරාකය 1984 දි ඉරාන හමුදාවට එරෙහිව රසායනික අවි භාවිතා කර ඇත. 1980 - 1988 දක්වා ඉරාකය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරනු ලැබ ඇත. තවද උතුරු ඉරාකයේ කුර්දිස් කැරළිකරුවන්ට එරෙහිව රසායනික අවි ඉරාකය විසින් භාවිත කර තිබේ. නමුත් 1980 දී ඊශ්‍රායිල් හමුදාව විසින් මෙම න්‍යෂ්ටික බලාගාර වලට ප්‍රහාර එල්ල කිරීමක් සමඟම අවි නිපදවිම අඩ පණ විය. පළමු ගල්ෆ් යුද්ධය අති විශාල බිහිසුනුකාරී එකක් විය. මෙහිදි යටිතල පහසුකම් වලින් 86% ක් අධික ප්‍රමාණයක් විනාශ වී තිබිීම දක්නට හැකිය. මේ විනාශය එක්සත් ජාතින්ගේ සංවිධානය දකින්නේ ඉරාකය නැවතත් පුර්ව කාර්මික යුගයකට ආපස්සට ගොස් සිටින බවකි.

1991 ගල්ෆ් යුද්ධයට බි්‍රතාන්‍ය හා ඇමරිකානු හමුදා විසින් න්‍යාම් බෝම්බ හා පොකුරු බෝම්බ යොදාගෙන තිබේ. ගල්ෆ් යුද්ධයේදි බස්රා නගරයට ඉරාක භටයින්ට පොකුරු හා න්‍යාම් බොම්බ භාවිතා කිරීම නිසා මියගිය සංඛ්‍යාව 20,000 ක් පමණ වේ. 1980 දි එක්සත් ජාති්න්ගේ සම්මුතියක් මගින් න්‍යාම් බෝම්බ භාවිතා කිරිම තහනම් කරනු ලැබුවත් මොවැනි බෝම්බ භාවිතාකිරිම තුලින් මිනිසුන්ගේ සිවිල් අයිතින් උල්ලංඝනය විම දක්නට ලැබේ.

1st Armoured Division Land Rover.jpg

ඉරාක ජන ගහනයෙන් 1/5 ක් පමණ කුර්දිවරුන් වන අතර ෂියා මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය 60% ක් පමණ වේ. දකුණු ඉරාකය තුළ බහුතරයක් සිටිනුයේ ෂියා මුස්ලිම් වරුන්ය. 1991 ගල්ෆ් යුද්ධයේ ප්‍රතිඵල වශයෙන් විශාල ලෙස පරිසරය විනාශ වී තිබේ. බොරතෙල් විශාල ලෙස පර්සියානු බොක්කට හමුදා හැරීම නිසා වෙරළ තීරය දුෂණය විම ඒ වගේම තෙල් ළිං ගිිනි ගැනිම නිසා වායුගෝලයට විශාල ලෙස කාබන්ඩයොක්සයිකඩ් පිටවීම හේතුවෙන් පාරිසරික වශයෙන් මේ යුද්දය නිසා විනාශ වී තිබීම දක්නට පුළුවන. 1991 පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව සදාම් පාලනය පෙරලා දැමිම සඳහා ෂියා මුස්ලිම්වරු නැඟී සිටියහ.

1991 සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කිරිමෙන් අනතුරුව ඇමරිකාව ප්‍රමුඛ සංවර්ධිත රටවල් එක්සත් ජාතින්ගේ අනුමැතිය යටතේ ඉරාකයට එරෙහිව යුද්ධය දියත් කරනු ලැබීය. කුවේටය තුල ඉරාකයේ සිටි හමුදා ඉවත් කරනු ලැබීය. බැග්ඩෑඩ් නගරයටද ප්‍රහාර එල්ලකරනු ලැබිය. ගල්ෆ් යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරාකයේ තිඛෙන සමුල සංහාරක අවි විනාශ කිරිම සඳහා අන්කොන් සංවිධානය පිහිටුවනු ලැබීය. එහිදි 1998 අන්කොන් සංවිධානයේ වාර්තාව ඉදිරිපත් කරනු ලැබු අතර ඉරාකයේ පැවැති සමුල සංහාරක අවි වලින් 95% ක්ම ප්‍රමාණයක් හදුනාගෙන විනාශ කළ බවයි. 1991 ගල්ෆ් යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද නිල වශයෙන් ඉවත් වී ඇත. 2003 අගෝසතු ප්‍රහාරයෙන් පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ කිසිවෙකු ඉරාකය තුල නොවිය.

පළමු ගල්ෆ් යුද්ධය හේතුවෙන් ඉරාකය සම්පුර්ණයෙන්ම විනාශ විය. එහිදි ඉරාකයට එරෙහිව යුද්ධයට නායකත්වය දුන් බහුජාතික හමුදාවේ සභාපති වු ජෙනරාල් ස්වාස්කෝ ප්‍රකාශ කර සිටියේ ඉරාකය දැන් ගල් යුගයකට තල්ලූ කර ඇති බවති. ඒ තුලින් ඉරාකයට තවදුරටත් න්‍යෂ්ටික අවි නිපදවිමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරයි.

පළමු ගල්ෆ් යුද්ධයේදි ආරක්ෂක මණ්ඩලය ක්‍රියාකාරීත්වය

ආරක්ෂක මණ්ඩලය

පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉරාකය සම්බන්දයෙන් ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානය ඉරාකයට එරෙහිව සම්බාධක පනවනු ලැබීය. එම සම්බාධක පරිපුර්ණ සම්බාධක විය. එම සම්බාධක හේතුවෙන් ඉරාකයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන තෙල් ආදායම සම්පුර්ණ ලෙසම පහත වැටුනි. මේ තුලින් ඉරාකයේ ආර්ථීකය බොහෝ සෙයින් පිරිහිම දක්නට ලැබේ. මෙවැනි හේතුන් තිබියදි ඉරාකයට න්‍යෂ්ටික අවි නිපදවිමට තරම් ශක්තියක් නෙමැති බව බොහෝ විචාරකයින් අදහස් ප්‍රකාශ කර තිබේ.

පළමු ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබු ක්‍රියාමාර්ගය වුයේ ඇමරිකාව, බි්‍රතාන්‍යය සහ ප්‍රංශයද යෝජනා ඇතිව ඉරාකයට සම්බාධක පැනවිමට කටයුතු කළහ. එහිදී ඉරාකයට පරිපුර්ණ සම්බාධක පැනවිම, කුව්ටයට සිදුවු හානිය සඳහා ඉරාකයෙන් වන්දි ලබාගැනිම, ඉරාකයේ ඇති අවි විනාශ කිරිමයි. ඉරාකයට පරිපුර්ණ සම්බාධක පැනවිම නිසා ඉරාක ජනතාවට ආහාර, ඹෟෂධ හිඟ වු අතර තෙල් වෙළඳාම පහත බැස තිබුණි. යුනිස්කෝ වාර්තා අනුව ඉදිරිපත් කරන්නේ මෙම සම්බාධක හේතුවෙන් ඉරාක වැසියන් ගණන ලක්ෂ 15 ක් පමණ විය.

1991 ගල්ෆ් යුද්ධයේදී මියගිය සාමාන්‍ය ජනතාව පිළිබඳව තවමත් නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නොමැත. මෙලෙස ජීවිත හා දේපල විශාල ලෙස පළමු ගල්ෆ් යුද්ධයේදී විනාශයට පත්ව ඇත.

  • ආරක්ෂක මණ්ඩලය ක්‍රියාකාරීත්වය
  • එකස්ත් ජනපදයේ නායකත්වය යටතේ 1991 ජනාවරි 16/17 ර්‍"ඔපරේෂන් ඩෙසර්ට් සෙටාර්ම්” ( Operation Desert S tome)මෙහෙයුම.
  • 42 වන වගන්තිය යටත් යුද්ධමය ක්‍රියාකාරීත්වයන් පිළිබඳ තම වගකිම වෙනත් අයට පවරා දිමට ආරක්ෂක මණ්ලඩයට හැකිවේද යන්නයි 7 වන පරිච්ඡෙදයේ 46 හ 47 වන වගන්ති ක්‍රියාමාර්ග ආරක්ෂක මණ්ඩලයේ හා යුද්ධමය කාර්ය මණ්ඩල කමිටුවේ පාලනය යටතේ තිබිය යුතු බැවින්, ආරක්ෂක මණ්ඩලය 7 වන පරිච්ඡෙදයට අනුකුලව ක්‍රියා නොකළ බවට තර්ක කළ හැක.
  • එක්සත් ජාතින්ගේ 51 වෙනි වගන්තියට අනුව සාමුහික ආත්ම ආරක්ෂක ක්‍රියාමාර්ග මගින් කුවේට් රාජ්‍ය වෙත මිත්‍ර පාර්ශවයන්ගෙන් සහයෝගය ලබාගැනිමට හැකියාව තිබුණි.
  • එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ 50 වෙනි වගන්තියට අදාළව ආරක්ෂක මණ්ඩලය අනුගමනය කරන බලාත්මක පියවර නිසා එම පියවර අනුගමනය කිරීමෙන් ඒ රටේ ආර්ථීක වශයෙන් යම් කිසි දුෂ්කරතාවලට මුහුණ දිමට සිදුවුවහොත් ආරක්ෂක මණ්ඩලයේ උපදේශකත්වය ලබාගැනිමට ඒ රටට අයිතිවාසිකම් ලබාදි ඇත. නමුත් ඉරාකයට සිදුවු හානි වෙනුවෙන් 50 වෙනි වගන්තියට අදාළව වන්දි ලබාගැනිමට උත්සාහ කළද එය අසාර්ථක විය. 50 වෙනි වගන්තිය තුළ මෙලෙස දක්වා ඇත.
  • 1991 අප්‍රියෙල් 3 වන දා සම්මත කරනු ලැබු 687 දරණ සටන් විරාම අභියෝජනාව තුලින් ඉරාකයට දැඩි ලෙස කොන්දේසි පනවනු ලැබීය.
  • 687 දරණ යෝජනාව මගින් ඉරාක - කුවේට දේශසීමා කොමිසම විසින් දෙරට අතර දේශසිමා තීරණය කිරිම, දේශ සිමා අධික්ෂණය කිරිම, කුවේටයට අයිති දේපල ආපසු බාරදිම සම්බන්දයෙන් හා ඉරාකයේ අවි ආයුධ හා වෙළෙඳ තහංචි පිළිබද එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක කමිටුව විසින් තීරණය කිරිම සිදු විය.
  • ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අනුව දින 90 කට වරක් බැගින් තෙල් හා තෙල් නිෂ්පාදිත ඉරාකයෙන් ආනයනය කිරිමට රාජ්‍යයන්ට අවසර ලබාදුන් අතර ඉරාකය තර්ක කරනු ලැබුවේ මෙහිදී ස්වාධිපත්‍යට හානියක් සිදු වන බවකි.
  • ආරක්ෂක මණ්ලඩය තවදුටත් කියා සිටියේ ඉරාකය කුවේටය ආක්‍රමණය කිරිමේදි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
  • අංක 687 දරණ අභියෝජනාව යටතේ 1991 මැයි 20 වන දින ආරක්ෂක මණ්ඩලය විසින් එක්සත් ජාතින්ගේ වන්දි කොමිසම හා වන්දි අරමුදල ජිනිවා නුවර පිහිටු වනු ලැබිය.

මෙහිදි කරනු ලබන කාර්ය වනුයේ ඉරාකයට විරුද්ධව ඉදිරිපත් කර තිඛෙන යාචනයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමයි. තවද පාරිසරිකව කරනු ලැබු විනාශ වලට වන්දි ඉල්ලිම් ද කර තිබේ. වාර්ෂික තෙල් ආදායමෙන් තුනෙන් එකක් වන්දි අරමුදලට ගෙවිමටද ඉරාකයට නියම විය.

ගල්ෆ් යුද්ධය නිසාවෙන් ඉරාකයේ සිටි කුර්දිවරුන් ඉරානයට හා තුර්කියට සරණගතයින් වශයෙන් පැන යාම දක්නට ලැබේ. මෙහිදි එක්සත් ජනාපදය, බි්‍රතන්‍යය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්පාඥය, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් මැදිහත් විම් දක්නට ලැබේ. උතුරු ඉරාකය තුල ආරක්ෂිත ස්ථාන පිහිටුවීම තුලින් සරණාගතයින් අවට රටවලට යාම වැලැක්වීමට කටයුතු කරනු ලැබිය. එනම් ඔපරේෂන් කොම්ෆට් ( Operation Conform) මෙහෙයුම තුලින් ආරක්ෂිත ප්‍රදේශ පිහිටු වීය. මෙහිදි රටක අභ්‍යන්තර ස්වාධිත්‍ය සම්බන්ධයෙන් ගැටළු මතු විමට බලපා තිබේ.

බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඛෙල්ජියම හා ප්‍රංශය විසින් 1991 අප්‍රියෙල් 5 වෙනිදා ආරක්ෂක මණ්ඩලයේ න්‍යය පත්‍රයට අංක 688 වන අභියෝජනා පත්‍රය ඉදිරිපත් කිරිමේ බලාපොරොත්තු වුයේ ජාත්‍යන්තර සාමයට හා සුක්ෂිතභාවයට එල්ල වන තර්ජනයන් වැලැක්විමටත් සියලූම ඉරාක පුරවැසියන්ගේ මානුෂික හා දේශපාලන අයිතින් වලට ගරු කිරීමටත් සරණගතයින් හා අවතැන්වුවන් මෙන්ම ඉරාක පුරවැසියන්ගේ හදිසි අවශ්‍යතාවයන් සොයා බලාගැනිමටත්, සියලූම මානව වන්දි සංවිධාන වල සහයෝගය ලබා දෙන ලෙස හා ආරක්ෂක මණ්ඩලය හා මහලේකම්වරයා වෙත සහාය පළ කරන ලෙසට ඉරාකයට නියම කරනු ලැබිය. ආරක්ෂිත ස්ථාන පිහිටුවිම සම්බන්ධයෙන් ඉරාකයේ ෙසෙරී භාවයට හානියක් සිදු වේදැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය. එහිදි උතුරු ඉරාකයේ විදේශ හමුදා රදවා තබාගැනිමට ඉරාකයේ අකැමැත්ත අවශ්‍ය බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය. 1991 මැයි 17 හා 18 දිනවලදි ඉරාක රජ්‍ය හා එක්සත් ජාතින්ගේ සංවිධානය අතර සාක්ච්ඡාවලදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක භටයින් 500 ක් ඉරාකයේ රදවා තබාගැනිමට සිදුවුයේ ඉරාක රජයේ කැමැත්ත අනුවය.

අංක 688 දරණ යෝජනාව ප්‍රයෝජනයට ගනිමින් ඉරාකය තුල හා ඉරාකයට එරෙහිව 1992 දි ගුවන් ප්‍රහාර එල්ල කළහ. නමුත් එම අභියෝජනාව මගින් එම ක්‍රියාව අනුමත නොවීය. මෙලෙස කුර්දිවරුනගේ ආරක්ෂාව සමබන්ධයෙන් මැදිහත්වීම නීත්‍යානුකුලවේද නැත්ද යන්න ප්‍රශ්නය වඩාත් සංකිර්ණය. ඒක පාර්ශ්වය මානවවාදී මැදිහත්වීම් මුලධර්මය යටතේ අවසරයක් නොමැතිව මැදිහත්විම මතභේදයට තුඩු දෙන ප්‍රශ්නයකි. ඉරාකය විරෝධය පළකළ නමුත් ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීම් සිදුවිය. ඒ අනුව අංක 688 දරණ අභියෝජනාව පිළිබඳව නෛතික ප්‍රශ්න මතු වී තිබේ.

ඒ කෙසේ වෙතත් අංක 688 දරණ අභියෝජනාව පමණක් ගත් විට, එය නීිතිමය පදනමක් නොවු බවත් එහෙයින් 42 වන වගන්තිය යටතේ ආරක්ෂක මණ්ඩලය විසින් මානවවාදි සහන පියවර බලාත්කාරයෙන් ක්‍රියාත්මක කිරිම පිළිබඳව එය පුර්වාදර්ශයක් නොවන බවත් ප්‍රත්‍යක්ෂ වේ. (මලාන්සුක්,2002 : 580).

මේ ආකාරයට ඉරාකය සම්බන්ධයෙන් එහි ඉතිහාසය, ආගමික ගැටුම් පැවතීම, 1991 ගල්ෆ් යුද්ධය සම්බන්ධයෙන් ඉරාක ජනතාවට විඳීමට සිදු වු ගැටළු රාශියක් දක්නට ලැබේ. පළමු ගල්ෆ් යුද්ධයේදී ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් මැදිහත් විම දක්නට ලැබේ ඉරාකය විසින් කූවේටය 1990 දී ආක්‍රමණය කිරිම නිසා එක්සත් ජාතින්ගේ සංවිධානය විවිධ යෝජනා සම්මත කර ගනිමින් ඉරාක අර්බුදය විසදිමට උත්සාහ කළද එය සාර්ථක වී නොමැත. ආරක්ෂක මණ්ඩලයේ තිරණ ඒ ආකාරයෙන්ම පිළිනොගැනිම දක්නට ලැබේ. ඉරාකයට අධික ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්බාධක පැනවීම නිසා ඉරාකයේ ආර්ථීක, සමාජ, දේශපාලන තත්වය තවදුරටත් පිරිහි තිඛෙනු දක්නට ලැබේ.

දෙවන ගල්ෆ් යුධ සමය

දෙවන ගල්ෆ් යුද්ධයේ අවස්ථා

2003 මාර්තු මාසයේදී ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එකතුව ඉරාකය ආක්‍රමණය කරනු ලැබීය. මෙය ආක්‍රමණයන් වශයෙන් හැදින්වීමට පුළුවන. විශේෂයෙන්ම එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකත්වය ගනු ලැබු ඇමරිකාව හා බ්‍රීතාන්‍ය රාජ්‍යන් මෙලෙස තවත් රටක ‍සෛවරී භාවයට අභියෝගයක් ලක් කළ අවස්ථාවක් වශයෙන්ද හැදින්විය හැකිය. ඉරාක ආක්‍රමණය පිළිබඳව ඇමරිකානු ජනාධිපති හා ටෝනි බ්ලෙයාර් දක්වන අදහස් කිහිපයක් උපුටා දැක්විමේදී, ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හා එංගලන්තයේ අගමැති ටෝනි බ්ලෙයාර් , ඉරාක ආක්‍රමණයට හේතු දක්වා සිටියේ ඉරාකය නිරායුධ කිරිම සඳහා(weapons of Mass Destruction) සදාම් හුසේන් ත්‍රස්තවාදයට සහායදීම නතර කිරීම සහ ඉරාක ජනතාවට නිදහස ලබාදීමයි. බ්ලෙයාර් දක්වන පරිදි ඉරාකයේ න්‍යෂ්ටික, රසායනික සහ ජිව විද්‍යාත්මක අවි නිරායුධකරණය කළ යුතු බවත් ඒ වගේම ඇමරිකාව හා එහි පාලන මණ්ඩලය ප්‍රකාශ කර සිටින්නේ ඉක්මනින්ම මෙය කළ යුතු වන්නේ ලෝක සාමයට තර්ජනයක් වන නිසාවෙනි. (2003 .invation of Irak Wikipedia, 2009).

මෙවැනි හේතුන් ඉදිරිපත් කරමින් 2003 වර්ෂයේදි ඉරාකය ආක්‍රමණය කිරිම දක්නට ලැබේ. 2003 වර්ෂයේදී ඉරාකය ආක්‍රමණය කිරිම දක්නට ලැබේ. 2003 මාර්තු 20 ඉරාකය නිදහස් කර ගැනිමේ යුද්ධය ආරම්භ විය. සදාම් හුසේන් ජනාධිපතිවරයාට ඉරාකයෙන් පිටත් වන ලෙසට ෙජ්ර්ජ් බුෂ් ජනාධිපතවරයා ලබාදී තිබුණ කාලය අවසන්වීමත් සමඟම 2003 මාර්තු 30 ග්‍රිනිච් වෙලාවෙන් පෙරවරු 2.35 ට බෑන්ඩෑඩය වෙත පළමු ප්‍රහාරය එල්ල විය. මධ්‍යධරණී මුහුද හා පර්සියානු බොක්කේ රඳවා තිබු යුධ නැව්වලින් කෲස් මිසයිල එලල් විය. සදාම් හුසේන් සැඟවී සිටින ලෙසද සැක කළ බැග්ඩෑඩ් මාලිගයට මෙන්ම උතුරු ඉරාකයේ මොසුල් නරගයටද ගුවනින් ප්‍රහාර එල්ලකරනු ලැබිය.

2003 වසරේදී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ එක්ව ඉරාකය ආක්‍රමණය කිරිමේදී 2003 ජුනි 30 වැනිදා ෆලූජා නගරයේ බෝම්බ පිපිරීම, ජුලි 05 ඉරාක පොලිස් භටයින් පිරිසකට ප්‍රහාර එල්ල කිරීම , අගෝස්තු 19 වෙනි දින එක්සත් ජාතින්ගේ කාර්යාලයට ප්‍රහාර එල්ල කිරිම, අගොස්තු 29 නජා්ෆ් ෂියා මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරිම මෙැවනි බෝම්බ ප්‍රහාර නිසාවෙන් ඉරාක සාමාන්‍ය සිවිල් වැසියන්ගේ මානව හිමිකම් උලල්ලංඝනය විම දක්නට ලැබේ. මිනිස් ජීවිත විශාල ලෙස අහිමි විය.

ඉරාකය මෙලෙස මැද පෙරදිග රටවල් කෙරෙහි විශාල ලෙස අත පෙවිමට හේතුවක් වී ඇත්තේ මැදපෙරදිග පවතින තෙල් සම්පත නිසාවෙනි. ඇමරිකාවේ ජනාධිපති ධුරය හෙබවු අයිසන් හවර් ප්‍රකාශ කර සිටියේ තෙල් සම්පත පාලනය කරනු ලබන්නේ කවරෙකු විසින්ද ඔහු විසින් මුළු ලොවම පාලනය කරනු ලබන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි. දැනට ලොව ඛනිජ තෙල් සම්පත අත්‍යවශ්‍ය සම්පත් මෙන්ම ඛනිජ තෙල් සම්පත් වලින් 65% ක් පමණ ගල්ෆ් ප්‍රදේශයේ පිහිටා තිබිම නිසා බලවත් රටවල් මැදපෙරදිග ගල්ෆ් ප්‍රදේශයේ පිහිටා තිබිම නිසා බලවත් රටවල් මැදපෙරදිග ගල්ෆ් කලාපය කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වි තිබේ. ඇමරිකාවේ නව අධිරාජ්‍යවාදී බලපැම් හේතුවෙන් සැමවිටම උත්සාහ දරනු ලබන්නේ මැදපෙරදිග තෙල් සම්පත ඔවුන්ට අත්පත් කර ගැනිමට හා මැදපෙරදිග ආර්ථීක, දේශපාලනික වශයෙන් ඔවුන්ට නතු කර ගැනිමටය.

2003 මාර්තු 20 වෙනිදා දකුණු ඉරාකයේ උම්සකර් වරායේ කොටසක් ඇමරිකානු හමුදා විසින් අල්ලා ගනු ලැබීය. ඉරාක තෙල් සම්පත සම්බන්ධයෙන් ඉරාකය හා කුවේටය අතර කලක සිටම මතභේද පැවතුණි. උම්සකර් වරාය ස්ථීර වශයෙන්ම ඒකාබද්ධ හමුදාව යටතට පත් වු බව මාර්තු 25 වෙනිදින වාර්තා විය. මාර්තු 20 කුවේට් දේශසීමාවේ සිටින ඒකාබද්ධ හමුදා වෙත ඉරාකයෙන් ස්කඩ් මිසයිල එල්ලා කළ අතර එම මිසයිල විනාශ කිරිමට ඇමරිකානු පෙට්‍රෝලියම් මිසයිල එල්ල කරන ලද බවද ප්‍රකාශ වේ. තවද මාර්තු 27 උතුරු ඉරාකයේ හමුදා පුහුණු කඳවුරක් විනාශ කළ බව පෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා විසින් පැවසීය. මාර්තු 30 බස්රා නගරය අසලදී ඉරාක ජෙනරාල්වරයෙකු බි්‍රතාන්‍ය හමුදා යටතට පත් කරගෙන තිබීම දක්නට ලැබේ.

ගල්ෆ් යුද්ධය ඇති වීමට හේතු

ඉරාකය ආක්‍රමණය කිරිමට බලපෑ තෙල් සාධකය

ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරිම සම්බන්ධයෙන් විවිධ හේතු දැක්විමට පුළුවන. එක් හේතුවක් වුයේ ඉරාකය සතුව තෙල් සම්පත් තිබීමය. ඛනිජ තෙල් සම්පත් අයිතය තහුවරු කර ගැනීමෙන් අධික ලෙස ලාභ ලබාගැනිමටත් අඩු මිලට ඛණිජ තෙල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමටත් ඇමරිකාව උත්සාහ කළේය. අනෙක් කාරණාව වුයේ පශ්චාත් සදාම් හුසේන් අවදියේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරිමයි. ඉරාකය තුළ තෙල් නිෂ්පාදනය ඇරැඹුනේ 1928 දීය. 1961 දක්වා ඉරාක තෙල් සම්පත් මත ඒකාධිකාරය හිමිකරගෙන සිටියේ ප්‍රධාන වශයෙන්ම බි්‍රතාන්‍ය සතුව පැවැති ඉරාක පෙට්‍රොලියම් සමාගමයි. 1972 දී ඉරාක බාත් පක්ෂ රජය විසින් එරට තෙල් කර්මාන්තය මුළු මනින්ම ජනසතු කර තිබේ.

  • මැදපෙරදිග 65%
  • සෞදි අරාබිය 25%
  • ඉරාකය 12%
  • ඉරානය 9%
Iraq Oil Graph.jpg

මෙලෙස ඉරාකය තුළ ස්වභාවික සම්පතක් ලෙස ඛනිජ තෙල් පිහිිටා තිබීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ආක්‍රමණය කිරිමට බලපානු ලැබු සාධකයක් වශයෙන් හැදින්වීමට පුළුවන. ,2002 කාලය තුලදි ඇමරිකාව විසින් ඉරාකයෙන් තෙල් බැරල් මිලියන 1.3 ක් පමණ අපනයනය කරනු ලබයි., ( Importance of Iraqi oil to u.s, 2009).

ඉරාකය තුළ අභ්‍යන්තර ගැටුමක් වශයෙන් පවතින ආගමික ගැටුම

ඉරාකය තුළ සුන්නි හා ෂියා භක්තිකයින් අතර ගැටුම් පවති. විශේෂයන්ම ඉරාකයෙන් පිට රටවලත් ෂියා හා සුන්නි ආගම් දෙකෙහි පවතින වෙනස ගත්විටදි එය ඉතා ඈත ඉතිහාසයකට දිව යයි. එනම් ෂියා හා සුන්නි ආගම් දෙකෙහි පවතින වෙනස ගත් විට දී එය ඉතා ඈත ඉතිහාසයකට දිවයයි. එනම් ෂියා හා සුන්නි ආගම් දෙකෙහි පවතින වෙනස ගත්විටදී එය අල් කුරාණයේ දක්වා ඇත. අල් කුරාණයට අනුව සර්ව බලධාරී දෙවියන් හඳුන්වා ඇත්තේ අල්ලාහ් යනුවෙනි. දේව පුත්‍රයන් එක එක කාල වලදි සිටින අතර ආදම්, නොවා , මොසෙස්, ‍‍ජේසුස් හා මහම්මත් ලෙස හඳුන්වා ඇත. දෙවියන් වහන්ස්ගේ අවසාන පුත්‍රයා වන්නේ මහම්මත්ය. ඉස්ලාම් ආගමට අනුව අල්ලාහ් හැරවෙන දෙවියෙකු නැති අතර ශාස්තෘවරයා වන්නේ මහ්ම්මත්ය. මහ්ම්මත් තුමා ක්‍රි. ව. 570 දී මක්කම උපත ලැබු අයෙකි. මහ්ම්මක්තුමා කඩීජාන් නම් කාන්තාව සමඟ විවාහ වු අතර පුත්‍රන් දෙදෙනෙක් හා දියණියන් දෙදෙනෙක් ලැබීය. පුතුන් තිදෙනා මියගිය අතර ක්‍රී. ව. 632 දි මහ්ම්මත්තුමා මියගිය අතර ඉන් පසුව පැහැදිලි අනුප්‍රාප්ති කරයෙකු නොවිය. ඉන් පසුව මහ්ම්මත්තුමාගේ මිත්‍රයෙකු වු ‍"අබුබකර්” හා ‍"කලිෆ්” නම් නායක තනතුර ලබා දීමයි. මෙහිදී අනුප්‍රාප්තිකයන් තෝරා ගැනීමේදි ෂියා, සුන්නි ඛෙදීම ඇති විය. අබුබකර් හා ඔහුගෙන් පසුව බලයට පත් වු මිතුරන් දෙදෙනා මහ්ම්මත්තුමාගේ නිත්‍යානුකුල ලෙස පිළිගත් කොටස සුන්නි භක්තිකයින් විය. ෂියා භක්තියතයන් අනුප්‍රාප්තිකයන් ලෙස සැලකුවේ මහම්මත්තුමාගේ බෑණා වු අලි බවයි. මෙලෙස පැහැදිලි ලෙස අනුප්‍රාප්තිකයෙකු පත් නොවිමේ සිදුවිම හරහා ගැටම් රාශයික් ඇති විය. මෙය වර්තමානය වන විට නොවිසිදුනු දික් ගැස්සුණු සමාජ ගැටුමක් දක්වා වර්ධනය වි ඇත. ඉරාකය තුල රඳවා සිටින ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව විශාල ලෙස කටයුතු සිදු කරන ලබන්නේ සුන්නි භක්තික මුස්ලිම්වරුන්ය. සුන්නි භක්තිකයින් ගේ ප්‍රදේශ ලෙස ෆලූජා, රමාදි සහ සමාරා ඔවුන්ගේ වාසභුමි අතර ප්‍රධාන තැනක් ගනු ලබයි. ඇමරිකාව විසින් ෆලූජා නගරයට ප්‍රහාර එල්ල කළ අතර ප්‍රහාරයට පෙර ලක්ෂ 4 ක් පමණ ජනතාවක් වාසය කළ අතර බුෂ්ගේ ආක්‍රමණයෙන් පසුව ෆලූජාහි ජීවත් වන්නේ ඉතා සීමිත පිරිසකි. ගලූජාහි වැඩි පිරිසක් අසල පිහිටි බැග්ඩෑඩ් නගරයේ ජීව්ත වෙති.

ඉරාකය තුළ ප්‍රාදේශීය වශයෙන් ආගමික ගැටුම් නිරන්තරයෙන්ම දක්නට ලැබේ. ෂියා ආගමික බහුතරය දේශපාලන නියෝජනය, ආගමික ස්වාධිනතාවය ලබා ගැනීමට මෙන්ම ඇමරිකානු ආධිපතයට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් වශයෙන් කටයුතු කරයි. ෂියා වරුන් බහුල ලෙස වාසය කරන ප්‍රදේශ වන්නේ දකුණු ඉරාකයේ බස්රා නසිිරියා කූට හා නජාෂ් නගර වේ. ෂියා මුස්ලිම්වරුනගේ නායකයා ලෙස කටයුතු කරන්නේ මුක්ටාඩා අල් සදර්ය. ෂියා ආගමිකයන්ගේ ශුද්ධ වු නගරයක් වශයෙන් නජාෂ් නගරය හැඳින්වීමට පුළුවන ෂියා වරුන් ඉරාක ආක්‍රමණයෙන් පසුව විදේශික හමුදාවන්ට එරෙහිව නව සටන් පෙරමුණක් විවෘත කළහ. ඉරාකය තුළ ප්‍රාදේශීය ඛෙදිම්ද දක්නට පුළුවන. එනම් උතුරු ඉරාකයේ තුර්කි දේශසිමාවට ආසන්න ප්‍රදේශයේ තුර්කි සම්භවයකින් පැවත එන කොටස් ද ඇමරිකානු පාලනයට එරෙහිව නැඟි සිටීම දක්නට හැකිය. මෙලෙස ඉරාකය තුල ආගමික ඛෙදිම් හේතුවෙන් රට අභ්‍යන්තරයේ ගැටුම් දක්නට ලැඛෙන අතර ප්‍රාදේශීය වශයෙන් විවිධාකරයේ ඛෙදිම් ද දක්නට පුළුවන.

Muslim Sunni and Shia.jpg

මයිකල් ඊ බ්‍රවුන් විසින් අභ්‍යන්තර ගැටුමකට බලපාන සාධක වශයෙන් ව්‍යුහාත්මක, සමාජ, ආර්ථීක, දේශපාලන හා සංස්කෘතික සාධක දක්වා තිබේ. සංස්කෘතික කාරණා යටතේ ඉරාකයේ ෂියා , සුන්නි ආගමිකයින් ඔවුන්ගේ ඉතිහාසය වඩා උසස්යැයි කියමින් ගැටුම් ඇති කර ගනු ලැබීම දක්නට පුළුවන. කණ්ඩයාම් අතර ඇති වන දේශපාලන ප්‍රශ්නද ඉරාකයේ පවතින අභ්‍යන්තර ගැටුමට හේතු වී ඇත. ව්‍යුහාත්මක කාරණ යටතේ දුර්වල රාජ්‍යක් වීමද රට අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවිමට බලපා තිඛෙන දක්නට පුළුවන.

2001 අමරිකාවට එල්ල කරන ලැබු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ ඔසාමා බින් ලාඩ්න් වැනි ත්‍රස්තවාදියන්ට එරෙහිව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය වෙනස් විය. ඉරාක නායක සදාම් හුසේන් ඔසාමා බින් ලාඩන්ට සහාය දක්වන ඇතැයි ඇමරිකාව ප්‍රකාශ කරන අතර ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියක් ආරම්භ කරනු ලැබීය. එහිදී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ඉරිදිපත් කරන ප්‍රකාශයක් වැදගත් වේ. ,ජාතිය ගොඩනැගීමේ පරමාර්ථය ඇතිව අපි අපගේ හමුදා ලෝකය පුරා පැතිර විම නැවැත්තු වේ නැතිනම් අපිට බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණදිමට සිදු වේවි, ( Cost of Iraq war and nation Building, 2009).යනුවෙන් දක්වා ඇත. ඒ වගේම ඉරාකයේ පවතින ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ ප්‍රජාව CIA, FBI, DIA යනාදින් දක්වන්නේ මෙවැනි අදහසකි.

ඉරාකයේ නව ත්‍රස්තවාදි පරම්පරාව බිහිවෙමින් පවතින බවයි. එමගින් ඇමරිකාව කෙරෙහි තරහ ගොඩ නගයි. තව ලෝක ජිහාඩ් වාදින්ගේ පැතිරීම බල ගන්වනවා. මොවුන් මෙය සත්‍යක් නොවේ නම් කවරදාකවත් මොවුන් මෙවැනි ප්‍රකාශයක් නොකරනු ඇත.( Iraq war making us less safe from terrorism, 2009).

ඉරාකය ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වන බවට ඇමරිකාව චෝදනා කර සිටියි. බුෂ් පාලන සමයේදි මෙලෙස ඉරාකයට එරෙහිව කරනු ලැබු ප්‍රබල ප්‍රහාර හේතුවෙන් ඉරාකයේ සංස්කෘතික වැදගත්කම්න් යුක්ත වු ස්ථාන විනාශ විය. ඉරාකයේ පවතින ගැටුම්කාරි වාතාවරණය නිසාවෙන් විශාල ලෙස දේපල විනාශයන් හා පරිසර විනාශයන්ද දක්නට ලැබේ. මෙලෙස ඉරාකය තුල පවතින අභ්‍යන්තර ගැටුම ජාත්‍යන්තරීකරණය විමේ ස්වරූපයද දක්නට ලැබේ.

ඉරාකයේ ප්‍රචණ්ඩත්වය හා ෆලූජා සිදුවීම

Faluja 15nov04.jpg


ඉරාකය තුළ සිදුවන ආක්‍රමණ නිසාවෙන් ඉරාකයේ ප්‍රචණ්ඩත්වය දක්නට ලැබුණි. ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ඉරාකයේ හමුදා නැවත ගෙන්වා ගැනිමට හැකි වි නොමැත. 2004 වන විටත් ඇමරිකා හමුදාවන් ඉරාකයෙන් නැවත ආපසු ගෙන්වා ගැනිමට නොහැකි විම බුෂ්ගේ දේශපාලන ජනප්‍රියත්ව යට මෙය විශාල කැළලක් වී තිබේ. සදාම් හුසේන් කෲර පාලකයෙකු ලෙස හදුන්වා දුන් බුෂ් සදාම් හුසේන් අත් අඩංගුවට ගනු ලැබුවද ඉරාකය තුළ සාමය හා ප්‍රජත්නත්‍රවාදය ස්ථාපිත කිරිමට හැකි වි නොමැත. ඒ වෙනුවට ඉරාකය තුළ ආගමික, වාර්ගික ගැටුම් ඇති වී තිබේ. ඉරාක යුද්ධය සම්බන්ධයෙන් බොහෝ යුරොපීයන් දකින්නේ අනවශ්‍ය මැදිහත්විමක් ලෙසයි.

ඇමරිකාවේ සෙනෙට්, රහස් ඔත්තු සේවා කමිටුව පෙන්වා දුන්නේ සි. අයි. ඒ. සංවිධානයේ වැරදි තොරතුරු නිසාවෙන් ඉරාකය සමඟ ගැටුමකට යාම වැරදි බවයි. සී.අයි.ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ටෙනට්ට අනුව එම තනතුරෙන් ඉල්ලා අස් විය. ඉරාකයට ප්‍රමාණවත්තරම් සි.අයි.ඒ. ඔත්තුකරුවන් යැවිමට නොහැකි වීම, ඒ ඔත්තුකරුවන් විසින් ලබා දුන් තොරතුරු නිවැරදි ලෙස විශ්ලේෂණය නොකිරිම වැනි හේතුන් නිසා සී.එවි.ඒ. සංවිධානය ලෝකයට පෙන්වා ඇත්තේ වැරදි තොරතුරුය. මේ තුලින් පෙනී යන්නේ ඉරාකය සමඟ යුද්ධයකට යාමට තරම් හේතු සිදු වී නොමැති බවයි.

ඇමරිකා ආක්‍රමණය ගත් විටදී ප්‍රථමයෙන්ම ෆලූජා නගරයට දැඩි ප්‍රහාර එල්ල කරනු ලැබිය. ඉරාකය තුළ පවතින ප්‍රචණ්ඩක්‍රීයා සංඛ්‍යාව වැඩිවීම දක්නට ලැබේ.

ඔවුහු මුලින්ම නගරය් ප්‍රධාන රොහල් අත්පත්කර ගත්හ. දෙවනුව යුප්‍රටීස් ගංඟාවේ පාලම් දෙකක් අල්ලා ගත්හ. නගරයටම ප්‍රහාර එල්ල කිරිම ඇරඹුණේ ඒ. සී. 130 වර්ගයේ යුධ ටැංකි මඟිනි. රාත්තල් 500 1000, 2000 ප්‍රමාණයේ බෝම්බ එක දිගට ෆලූජා නගරයට වැටෙමින් තිබේ. එහි ක්‍රියාත්මක වන්නේ හදිසි තත්වයකි. අවුරදු 15 සිට 55 දක්වා කිසිවෙකුට මහ මඟට බැසිමට නොහැකිය. කඩ සාප්පු සියල්ල වසා දමා ඇත. මාර්ග සියල්ල වසා දමා ඇත. දැඩි අන්තවාදින් සිය අභිමානය රැක ගැනිම සඳහාද ඇමරිකානුවක් සිය බල පරාක්‍රමය සදහාද සටන් වැද සිටිති. (තෙන්නෙකෝන්, 2004).

ෆලූජා සංහාරය නිසාවෙන් විශාල පිරිසක් මියගොස් තිබේ. මෙම ෆලූජා සංහාරය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරනු ලැබු අවි යොදා ගැනීම දක්නට පුළුවන. 2004 වසරේදී නැවතත් ඇමරිකානු ජනාධිපති ලෙස ජෝර්ජ් බුෂ්ජනාධිපති වශයෙන් පත්විමත් සමඟම ඉරාකය තුලට ප්‍රහාරයන් දියත් කිරිම දක්නට ලැබේ.

ඇමරිකන් බල ඇණි විසින් පොකුරු බෝම්බ හෙලිමට අමතරව ප්‍රහාරවලට ගොදුරු වන පුද්ගලයින්ගේ සිරුරු පිච්චි යාමට සලස්වන ෆොස්පරස් ආයුධ පවා ෆලූජා නගරයට පහරදීමේදි යෙදා ගනු ලැබිය. නාගරික ප්‍රදේශයක සටන් සඳහා වියට්නාම් යුද්ධයෙන් පසු ෆෝස්පරස් ආයුධ යොදගත් පළමු අවස්ථාව මෙය විය. දින 10 ක් ඇතුලත ෆලූජා නගරය අමුසොහොනක් බවට පත් විය (ෆරූක්, 2007:123).

ඉරාකය තුළ විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයවිම දක්නට ලැබේ. එනම් ෆලූජා සිදුවිම ගත්විට එහිදි වෛද්‍යවරුන් හා හෙඳ නිලධාරින් පවා ඝාතනය කිරිම සිදු කළහ. මෙයට හේතුවක් වශයෙන් හැදින්වීමේදී 2003 අප්‍රියෙල් මාසයේදි සිදු කළ සංහාරයේ තෙරතුරු රොහල් වල වෛද්‍යවරුන් හා හෙදනිලධාරීන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබා දෙතැයි යන බියනි. මෙම සංහාරය ලෝකයාගෙන් වසන් කිරිම සඳහා ඇමරිකාව ගනු ලැබු තවත් සිදු වීමක් වුයේ පුවත්පත් කලාවේදීන්ට ෆලූජා නගරයට ඇතුල්විමට අවසර ලබා නොදිම සහ දේවගැතියන් මරා දැමීමයි.

ඉරාකයේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරිම සඳහා විනාශකාරී අවි භාවිතා කර තිබේ. ඉරාක සිදු වීම වියට්නාමය රැවන්ඩා, කාම්බෝජයේ පොල් පොට් ගෙනගිය ක්‍රියාමාර්ග මෙන්ම ස්පාඥයේ ඒකාධිපති පාලකයෙකු වු ෆැන්සිස්කෝ ෆැන්කෝ වැනි අයගේ බිහිසුනු කි්‍රියාවලට සමාන කළ හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධනාය තහනම් කර තිඛෙන නපාම් වායුවද ඇමරිකාව විසින් ෆලූජා සංහාරය සදහා භාවිතා කර තිබේ.

ඇමරිකන් හමුදා විසින් අහිංසක සිවිල් මැසියන් මරා දැමිම සඳහා තහනම් කරන ලද නපාම් බෝම්බ විෂ වායු සහ වෙනත් නීති විරෝධි අවි ආයුධ පාව්ච්චි කර තිඛෙන බව පසුව ඉදිරිපත් කරන ලද වාර්තාවලින් පෙනී ගියේය. නපාම් ගෑස් වායුව යොදා ගෙන තිබුණු බව දිය වී ගිය මළ සිරුරු වලින් ඔප්පු විය. ෆලූජා නගරය පොළාවට සමතලා කර දැමිම පිණිස ඇමරිකානුවන්ට යුධ ටැංකි, කාලතුවක්කු , පාබල සේනාව ජල වායු සහ අනෙකුත් සම්ප්‍රදායට අනුකුල නොවු ආයුධ උපයෝගි කරගත් බව නගරවැසියේ ප්‍රකාශ කළහ. යෝද බිම්මලක් මෙන් දැවැන්ත දුම් ගුලියක් නිර්මාණය කරමින් පුපුරා යන බිහිසුණු බෝම්බ ඔවුහු මෙම ප්‍රහාරය සඳහා යොදා ගත්හ. බෝම්බ පිපිරිමක් සමඟ දිග දුම් වලි සහිත කුඩා බෝම්බ කැබලි බිම පතිත වන්නට විය. (ෆරූක්, 2007:122)

මෙම ආක්‍රමණය හේතුවෙන් ෆලූජා නගරයේ මියගොස් සිටින සිවිල් ජනයාගේ සංඛ්‍යාව 15,000 ක් පමණ වේ. ෆලූජා නගරය පුරා ත්‍රස්තවාදීන් නිරන්තරයෙන් සැරිසැරීම දක්නට ලැුබේ. ෆලූජා සටන ඇරඹ්ම ප්‍රථම ඇමරිකානු හමුදාවන්ට කියා සිටියේ වියට්නාම යුද්ධයට පසුව දරුණුම ගරිල්ලා ප්‍රහාරයකට සුදානම් වන බවයි. ෆලූජාහි දහස් ගණන් පල්ලි දක්නට ලැඛෙන මේවා විනාශ කිරීමට ඇමරිකානු හමුදා භටයින් ක්‍රිය කර ඇත.

ඇමරිකන් හමුදා භටයකු ලෙස කටයුතු කළ ෆලූජා සටහන සහභාගී වු රායි ෆලූජා සංහාරය පිළිබදව ඉදිරිපත් කර තිඛෙන්නේ පහත පරිදිය.

ෆලූජා නගරයට ප්‍රහාර එල්ල කරද්දි සුදු ෆෝස්පරස් යොදාගැනිමට තිරණයකර තිඛෙන නිසා හමුදාව විසින් අණදෙනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයකින් පසුවන ලෙස අපට දක්වා තිබුණි. සුදුසු ෆොස්පරස් හේතු කොටගෙන සිරුරු පිළිස්සි ඇට පමණක් ඉතිරිවන සේ මස් සියල්ලදිය වි යයි...(ෆරූක් , 2007:122).

තවද ජීව විද්‍යාඥයකු වන මොහොමඩ් ටාරෙක් ප්‍රකාශ කරන අදහස්ද වැදගත් වේ.

ගිනි වර්ෂවක් නගරයට ඇද හැල්නනට පටන් ගත්තේය. විවිධ වර්ණයන්ගෙන් යුකත් වු මෙම ද්‍රව්‍ය කොටස් වැදුණු මිනිසුන්ගේ සිරුරු පිලිස්සෙන්ට විය. මියගිය මිනිසුන්ගේ සිරුරුවල පුදුමාකර තුවාල දක්නට තිබුණි. සමහරෙකුගේ සිරුරු පිලිස්සී තිබුණද ඔවුනගේ ඇදුම්වල කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත(ෆරූක්, 2007:123).

මෙවැනි තොරතුරු වලින් හෙලි වන්නේ ඉරාකයේ සිටින සිවිල් වැසියන්ගේ මානුෂිය අයතීන් උල්ලංඝනය වී තිඛෙන බවයි. ලෝක සාමයට හා ආරක්ෂාව ඇති කිරීමේ ප්‍රබල සංවිධනායක් වන එක්සත් ජාතින්ගේ සංවිධනායටද මෙම ප්‍රහාරයන් නතර කිරිමට අපොහොසත් වී තිබේ. ආරක්ෂක මණ්ඩලයේ අණ නොතකා ඇමරිකාව හා බි්‍රතාන්‍ය මෙම ගෙන යන ක්‍රියාවලිය හේතුවෙන ආරක්ෂක මණ්ඩලය පිළබඳ ලෝක ජනතාව තබා සිටින විශ්වාසය පලූදුවීමට හේතු වී තිබේ. ජාත්‍යන්තර නීිතිය ක්‍රියාත්මක වුවද ඉරාකය සම්බන්ධ ප්‍රහාර හා මිනිස් ඝාතන නිසාවෙන් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය වීම දක්නට ලැබේ.

ෆලූජා නගරයට එරෙහිව ප්‍රහාර එල්ල කිරිම අන්තර්ජාතික නීතිිය උල්ලංඝනය කිරිමක් බව තෝමස් ජෙෆර්සන් නීති විද්‍යාලයේ මහාචාර්ය, ජාතික නීති සංගමයේ උප සභාපති, ඇමරිකාවේ ජුලි සභිකයන්ගේ සම්මේලනයේ විධායක කමිටුවේ (American of Jurist) ඇමරිකානු නියෝජිත මාජරී කොහොන් ( Marjoric Cohn) ප්‍රකාශ කළාය.

ඔවුහු තුවාලකරුවන්ට සාත්තු කිරිම සඳහා ඉදිරිපත්වු වෛද්‍යවරුන්ට සහ ගිලන් රථවලට නගරයට ඇතුල් විමට ඉඩ දුන්නේ නැත. එසේකිරීම ජිනිවා සම්මුතිය සෘජු ලෙස උල්ලංඝනය කිරිමත් වේ... (ෆරූක්, 2007:130)

ෆලූජා සංහාරය තුලින් ඉරාකයේ සාමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය සම්පුර්ණයෙන්ම අඩාල වි ඇති අතර මිනිස් අයිතීන් උල්ලංඝනය වි ඇත. ප්‍රබල රාජ්‍යයන් මෙලෙස මැදිහත්වීමෙදී එක්සත් ජාතින්ගේ සංවිධානයටද මෙවැනි ක්‍රියාවන් නතර කිරිමට නොහැකි වීම එහි පැවැත්ම සම්බන්ධයෙන් ගැටළු පැන නගිනු ඇත. ජාත්‍යනතර වශයෙන් නීති තිබුණද ඒවා උල්ලංඝණය කිරිම කළ විට එයට නිසි දඩුවම් ලබා දීම සම්බන්ධයෙන් ගැටළු පැන නගී.


ඉරාක ආක්‍රමණය සම්බන්ධ විශ්ලේශණයක්

2003 වසරේදී ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරිමට හේතු වශයෙන් ෙජ්ර්ජ් බුෂ් ජනාධිපතිවරයා විසින් එය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන ආකාරය ඔහුගේ පහත ප්‍රකාශය තුලින් පැහැදිලි වේ.

ඇමරිකානු හමුදා බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති පරිදි ඉරාකය තුළ ජෛව විද්‍යාත්මක අවි නිපදවීම සඳහා යොදාගනු ලබන ඇන්ත්‍රෑක්ස් ලීටර් 25,000 ක්, ඩෙටුලි ලිමොන් ටොක්සින් ලිටර 38,000 ක් සහ අතිශය භයානක විෂ වායුවක් වන සාරීන් ටොන් 500 ක් ඇති බව ජෝර්ජ් බුෂ් ප්‍රකාශ කළේය (දිනමිණ).

මෙලෙස විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් 2003 ඉරාකයට කරනු ලැබු ආක්‍රමණයට හේතු ඉදිරිපත් කරමින් කියා සිටියහ.

2003 වසරේදී ඇමරිකාව රාජ්‍ය ලේකම් වු කොලින් පවෙල් විසින් කියා සිටියේද ඉරාකය තුල බියකරු සමුහ සංහාරක අවි විශාල වශයෙන් ගබඩා කර තබා ගන්නා බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතා ඇය මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විස්තර කරනු ලැබීය.

ඉරාකයට එරෙහිව කරනු ලැබු ආක්‍රමණය තවදුරටත් සාධාරණීකරණය කිරිමට බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් ඉදිරිපත් කරනු ලැබු අදහස් මෙසේය.

සදාම් හුසේන් සතුව මහා පරිමාණ විනාශකාරී අවි තිඛෙනවා පමණක් නොව, ඒවා විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළ පහදීම සදහා සුදානම් කළ හැක බවද පැවසු ඔහු ඒ සම්බන්ධ ඇස්තමේන්තු හා සංඛ්‍යාලේඛන ඇතුලත් ලිපි ලේඛණ පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය (දිණමිණ).

මෙවැනි ප්‍රකාශ ඉදිරිපිත් කිරිම තුලින් ජාත්‍යන්තරය තුළ සදාම් හුසේන් බියකරු පුද්ගලයෙක් බවට භීතියක් ඇති කිරිමට උත්සාහ ගෙන තිඛෙනු දක්නට හැකිය.

2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව තුල සිටින අති මහත් බහුතරයකගේ උදඝෝෂණ විරෝධතා එල්ලවු අතර පාප් වහන්සේ එමෙන්ම ලෝක නායකයින් විසින් කරනු ලැබු ඉල්ලිම් නොසලකා හරිනු ලැබුණි.

නමුත් අද වන විට කොලින් පවෙල් පවා ප්‍රකාශ කර සිටින්නේ ඔහුට ලැබුණු තෙරතුරු සත්‍ය ඒවා නොවන බවයි. ජෝර්ජ් බුෂ්ටද ඉරාකයේ සමුලසංහාරක අවි නොමැති බවට සාක්ෂි ලැබුණ විටදී ඔහුටද එරට ජනතා අප්‍රසාදයට ලක් විමට සිදුවිය. 2008 වසරේ මැතිවරණයේදී බැරක් ඔබාමා ජනාධිපති ලෙස තේරී පත්විමට මේ ඉරාකය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබු අප්‍රසාදය මිට හේතු විය. එක්සත් ජනපද ආරක්ෂක උපෙද්ශිකාව වන කොන්ඩලීසා රයිස්ද ප්‍රකාශ කර සිටියේ යුද්ධය ක්‍රියාත්මක කිරීමට ලැබුණු තොරතුරු ඇතැම් විට නිවැරදි විමට නොහැකිවු බවකි. බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු හමුදාවන්ට ඉරාකයෙන් සමුල ඝාතන අවි සොයා ගැනිමට නොහැකිවීමත් සමඟම පෙනියන කාරණයක් වන්නේ බලවත් රටවල් විසින් ඉරාකයේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල කර තිබීම සම්බන්ධවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හත්වෙනි මහ ලේකම්වරයා වන කොෆී අන්නන්ද ඉරාකය සම්බන්ධයෙන් සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කිරිම දක්නට ලැබේ. අන්නන්ට පෙර මහ ලේකම් ධුරය දැරැවේ ඊජිප්තුවේ බුත්‍රොස් බුත්‍රොස් ඝාලිවිසිනි. අන්නන් ඉරාකය සම්බන්ධයෙන් කළ වැදගත් මෙහෙයක් වුයේ 1998 දී බැග්ඩෑඩ් නුවරට ගොස් සදාම් හුසේන් සමඟ සාකච්ඡා කර ඔහුට කරුණු අවබෝධ කරදී අවි නිරීක්ෂනයට ඉරාකයට යැමට ඉඩ ලබා ගැනීමට පෙළඹවිමයි. 1997 ජනාවරි මස 1 වැනිදා එක්සත් ජාතින්ගේ නව ලේකම්වරයා ලෙස වැඩ බාර ගත් අතර 2002 දී ඔහු තවත් වසර 5 ක් දක්වා මහ ලේකම්වරයා වශයෙන් තේරී පත්විය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත ප්‍රතිසංස්කරණය කළයුතු බවට ප්‍රකාශ කළේය. 1992 - 1993 වසරේදී එක්සත් ජාතින්ගේ සාමය සුරැකිමේ වැඩපිළිවෙල බාර සහකාර මහලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කර ඇත. 1990 දී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරනු ලැබු අවස්ථාවේදී ඉරාකයේ සිටි බටහිර රටවල 900 ක් පමණ ඉරාකයෙන් පිටතට රැගෙන යාමේ වගකිම ඔහුට බාර වි තිබුණි. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ඉරාකයට සම්බාධක පැනවු අවස්ථාවේදි මානුෂික අවශ්‍යතා මිලදී ගැනිමට ඉඩ සැලසුන ගිවිසුමක් සකස් කිරීමේදි එක්සත් ජාතින්ගේ නියෝජිතයා ලෙස නායකත්වය ගෙන ක්‍රියාකිරිමට කොෆි අන්නන් සමත් විය. මහ ලේකම්වරයා පත් කරනු ලබන්නේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශය මතය. මහ ලේකම්වරයා සතු බලතල ලෙස ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ අවදානයට යෙමු කිරීමට බලය ලබා දී ඇත.

ඉරාකය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි අදහසකි. එනම්,

ඉරාකය ඇමරිකාවට එරෙහි එදිරිවාදිකම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන අතර ත්‍රස්තවාදයට ද උඩගෙඩි දෙයි. ඇන්ත්‍රැක්ස්, ස්නායු වායු සහ න්‍යෂ්ටික අවි නිපදවිම දැනට දශකය පමණ කාලයක් මුළුල්ලේ කරගෙන ගොස් ඇති අතර 1998 සිට කිසිදු අවි නිරික්ෂකයෙකුට රට තුලට ඒමට ඉඩදී නොමැත. මෙවන් ක්‍රියාවක් සිදු කිරිමට ඉරාකයට ඉඩදිමෙන් මැද පෙරදිග කලාපයේ පමණක් නොව ලෝකයේ යහ පැවැත්මටද තර්ජනයක් එල්ල විම වැලැක්විය නොහැක. එසේ වුවද ඒක පාර්ශ්වික ක්‍රියා මාර්ගයකට යනවාට වඩා බහු පාර්ශ්වික එකඟතාවක් ඔස්සේ ත්‍රස්තවාදි තර්ජනයකට මුහුණදිමට අපි කැමැත්තෙමු (වි‍ජේසිංහ, 2003 :16).

ඇමරිකානු රාජ්‍ය ලේකම්ද ඉරාකය සම්බ්නධයෙන් ප්‍රකාශ කර සිටින්නේ ඉරාකයේ න්‍යෂ්ටික ආයුධ ඇති බවත් එය ලෝක සාමයට තර්ජනයක් බවත්ය.

ඉරාකය තමන් සතුව ජීව හෝ රසායනික අවි ද න්‍යෂ්ටික අවි ද නැතැයි පවසයි. එහෙත් එම කියමන විහිළුවකි. මෙය වඩාත්ම බැරෑරුම් අවස්ථාවක් වන අතර අන්තර්ජාතික ප්‍රජාව මෙම තර්ජනයට එරෙහිව නැගී සිටිය යුතු වෙයි. (විජේසිංහ, 2003 : 16).

එක්සත් ජාතින්ගේ මහලේකම්ව වන කොෆි අන්නන් ඉරාකයේ සදාම් හුසේන්ට මරණ දඩුවම ලබා දීමට විරුද්ධ විය. ඉරාක ආක්‍රමණය ආරම්භයේ සිට මේ වන තෙක් ද ජාත්‍යන්තර නිිතිය හෝ ජිනිවා සම්මුතිය ගැන කිසිදු තැකිමක් කර නොමැති අතර ඇමන්ස්ටි ඉන්ටනැෂනල් ආයතනය මගින් ඉදිරිපත් කරන මානව හිමිකම් ගැන ඇමරිකාව කිසිදු තැකිමක් කර නොමැත. කොෆී අන්නන් මෙම ඉරාකයේ ආක්‍රමණය හෙලා දකින බව ප්‍රකාශ කර සිටියි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් වු කොලින් පවෙල් ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙන් තොරතුරු හෙලි කිරීමේදී ඔහුගේ සාක්ෂි වලට පදනම් වුයේ ඉරාක ජාතික කොංග්‍රසයේ නායක අහමඩ් චලාබ් ලබා දුන් තොරතුරුය. නමුත් මේ චලාබ් ලබා දුන් තෙරතුරු පිළිගත නොහැකි බව දක්වා තිබේ.

ඉරාක ආක්‍රමණයට පෙර 2003 පෙබරවාරි මාසයේදි ඉරාකය සතුව සමුහ ඝාතන අවි තොග පවතින බවත් විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුලදී ඒවා අවශ්‍ය ඉලක්ක කරා යොමු කිරිමේ හැකියාවක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි සමඟ පැවසුවේ කොලින් පවෙල්ය.(ගමගේ:2004).

2003 මාර්තු 20 ඉරාකය ආක්‍රමණය කිරීමත් සමඟ නැවත යුද්ධය ආරම්භ විය. ඇමරිකාව ඇතුළු බි්‍රතාන්‍ය හමුදා ඉරාකය ආක්‍රමණය කිරිමත් සමඟ ඉරාකයේ සාමජ, දේශපාලන ආර්ථීක තත්වය තුල ගැටළු වර්ධනය විම දක්නට ලැබුණි. ඉරාකය ආක්‍රමණය කිරිමට බලපෑ සාධකයන් වශයෙන් තෙල් සාධකය හා ඉරාකය සතුව න්‍යෂ්ටික අවි පවතින බවක් සාමකාමි ඉරාකයක් ගෙඩ නැඟිමට ආක්‍රමණිකයින්ට අවශ්‍ය විය. ඉරාකය තුල අභ්‍යන්තරික වශයෙන්ද ෂියා, සුන්නි ඛෙදීම තුළ ගැටුම දක්නට ලැබේ. ඉරාන ආක්‍රමණයේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම ගත්විටදී ඉරාක ගැටුම සමථයට මෙන්ම ගැටුම තවදුරටත් උග්‍ර කිරීමට එම මැදිහත්වීම් බලපා තිඛෙන දක්නට පුළුවන. විශේෂයෙන්ම ෆලූජා සිදුවිම හරහා ඉරාක වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය විම හා එය ඉරාකයේ ස්වෛරීභාවයට විශාල තර්ජනයක් එලල් වි පවතින්නකි. සදාම් හුසේන් අත් අඩංගුවට ගනු ලැබුවද ඉරාකය තුල සාමකාමි වාතාවරණයන් ඇති වී නොමැති බව පශ්චාත් සදාම් යුගය තුල දක්නට ලැඛෙන ප්‍රචණ්ඩත්වය තුලින් සනාථ වි ඇත. ඇමරිකාවේ මැදිහත්විමෙන් ඉරාකයේ පැවැති අන්තර් ආණ්ඩුවටද ඉරාකයේ ස්වෛරීභාවය රැක ගැනිමට නොහැකි විය. ඉරාක අන්තර්වාර ආණ්ඩුවේ ජනාධිපති ලෙස කටයුතු සුන්නි මුස්ලිම් භක්තිකයෙකු වන ගාසි අල් යාවර් යටතේද ඉරාකය තුළ පවතින ත්‍රස්තක්‍රියාවන්, මානව හිමිකම් උල්ලංඝනය වීම් නවතා ලීමට හැකි නොවිය. 2005 වසරේ පැවැත්විමට නියමත මැතිවරණය සම්බන්ධයෙන් සුන්නි හා ෂියා භක්තිකයින් එකිනෙකට පරස්පරර විරෝධී අදහස් ඉදිරිපත් කරන්නට වුහ. 2005 ඉරාකයේ පැවැති මැතිවරණයේදී කුර්දි වාර්ගිකයෙකු වු ජලාල් තලබානි ජනාධිපති ධුරයට පත්විය. නමුත් මෙම මැතිවරණයෙන් පසුවද ඉරාකය තුල පැවැති ගැටුම් වල නිමාවක් දක්නට නොැබුණි. ෂියා සුන්නි ඛෙදීම් නිසා රට තුල අභ්‍යන්තර යුධ ගැටුම තත්වයක්ද උද්ගතවී ඇත.

ඉරාකය තුල පවතින සමාජ, ආර්ථීක , දේශපාලනික තත්වය ගත්විටදී දේශපාලනික වශයෙන් අවුල් වු ආර්ථීකය පහතට වැටුණු හා සමාජමය වශයෙන් ගත් විට ඛෙදීම් සහිත ගැටමුකාරී පරිසරයක් නිර්මාණය වී තිබීම දක්නට පුළුවන. ඉරාකය තුල දරිද්‍රතාවය දක්නට ලැබුණද එක්සත් ජාතින්ගේ සංවිධානයද එයට විසදුමක් ලබාදිමට සමත්වී නොමැත. ඉරාකය තුළ විදේශීය හමුදාවන් රැදි සිටීම තුල ඉරාකයේ ස්වෛරීභාවයට තවදුරටත් තර්ජනයක් වී ඇත. එක්සත් ජාතීන්ගේ ආයතනයේ යම් යම් ප්‍රඥප්ති කඩ කිරිමක්ද මේ තුලින් දක්නට ලැබේ. ඇමරිකානු, බි්‍රතාන්‍ය, ඉතාලිය, පෝලන්තය වැනි රටවල හමුදාවන් මෙලෙස ඉරාකය තුළ රැදී සිටිම ගැටළු මතු කරයි.

ඉරාකය සම්බන්ධයෙන් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, කොලින් පවෙල්, ටෝනි බ්ලෙයාර් , කොෆී අන්නන් වැනි රාජ්‍ය නායකියන්් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් දක්වන අදහස් විශ්ලේෂණයේදී පෙනි යන්නේ ඇමරිකාව හා බි්‍රතාන්‍ය රජයන් විසින් ඉරාක ආක්‍රමණය කිරීම සාධාරණීකරනය කිරිමට උත්සාහ ගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විමේදි උපරිම උත්සාහයක් දරා තිබුණද ආරක්ෂක මන්ඩලයේ අක්‍රිය ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවකි. ඉරාකය තුල ආඥාදායක පාලනයක් මහා මිනිස් ඝාතනයක් සිදු වේ නම් එය වෙනස් කිරීම ලෝක ප්‍රාජවගේ වගකීමයි. නමුත් එහිදී එම රට ආක්‍රමණයකර මහා මනුෂ්‍ය ඝාතන සිදුකිරිම යුක්ති සහගත නොවන්නේය.

මේ අඩවිත් බලන්න

ආශ්‍රිත ග්‍රන්ථ

  • එක්සත්ජාතීන්ගේ ප්‍රඥප්තිය.(2004)(Basic Facts About the united Nations ISBN:92-1-100850-6)කොළඔ 07:එක්සත් ජාතීන්ගේ පරිශ්‍රය
  • කරුණාදාස.ඩබ්ලිව්.එම්.9(2000).ජාත්‍යන්තර සංවිධානය.දෙහිවල:ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ.
  • කටුගම්පොල,රජා(2007).එක්සත්ජාතීන්ගේ සංවිධානය.කොළඔ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • මලාන්සුක්,පීටර්(2002).ඇක්හර්ටස්ගේ නුතන ජාත්‍යන්තර නීති ප්‍රවේශය,නු‍ෙග්ගොපෙියසිරි සින්ටමින්.
  • ෆාරුක්, ලතීෆ් (2007). ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ සැබෑ මුහුණුවර (සිංහල පරිවරත්නය කේ.ඒ.එන්. පෙරේරා) මහරගම: රාවය ප්‍රකාශකයෝ.
  • Ashraf.F., Rafique, N., &Rahaman, F.U.(2000). STRATEGC STUDIES. Islamabad: Institute of Stratergic Studies.
  • Cortright, D., Millar, A. & Lopes, G.A. (2001). Smart Sanctions. Indiana: TheFourth Freedom Forum.
  • Kramer, steven philip (2003). FOREIGN AFFAIRS AFTER SADAM. New york: 58 East 68th Street.
  • Pickering, Thomas R. (2008). Servial-global politics and strategy. Uk: Routledge Journals.
  • Robert, Adam (2003). Survial – The 11ss quarterly. UK:oxford university press.
  • The united Nations Today (2008). New york: united Naitons Department of public Informations.
  • Vignard, Kerstin (2001). The Middle East. Switzerland: united Nations Institute.
  • World Report (2001). Iraq and Iraqi Kurdufstan. Human Rights Watch.

හමුදාකරණය


හමුදාව විමසිල්ලෙන්.jpg
හමුදාකරණය ගත් කල අවි තරගයේ තවත් එක් මාතෘකාවක් ලෙස හමුදාකරණය හැදින්විය හැකිය. එලෙස ගතහොත් හමුදාකරණය යන වචනයෙන් අදහස් වන්නේ හමුදාව ශක්තිමත් කිරීම හෝ රාජ්‍යයේ මුලික අවධානය හමුදාව වෙත යොමු කිරීමත් සියළුම බලතල හමුදාව මත කේන්ද්‍රගත කල අවස්ථාවක් ලෙස දැක්විය හැක. මෙහිදී අවි තරගය පිළිබඳව ඉදිරිපත් වු එක් නිර්වචනයක මෙලෙස සඳහන් වේ.
"තම හමුදා ශක්තිය වැඩි කිරීම මගින් එකිනෙකාට සාපේක්ෂ වශයෙන් ආරක්ෂාව වැඩි දියුණු කර ගැනීමට උත්සාහ කරන රාජ්‍යයන් 2 ක් හෝ වැඩි ගණනක් අතර ඇති වන තරගකාරී අරගලයකි".
මේ නිර්වචනය තුළ ප්‍රධාන වශයෙන් සංකල්ප 2 ක් ඇත. එනම් හමුදා ශක්තිය වැඩි කිරීම හා තරඟකාරී අරගලයක් යන සංකල්ප 2 යි. යම් රාජ්‍යයක් තමන්ගේ හමුදා ශක්තිය වැඩි කර ගැනීම තුළින් උත්සාහ කරන්නේ තවත් රාජ්‍යයකට වඩා බලය අතින් ස්වකීය රාජ්‍යය පවත්වාගෙන යාම. ඒ අනුව බල තරඟය හා රාජ්‍යයන්ගේ ශක්තිය මැනීමේ සාධකයක් ලෙස හමුදා ශක්තිය යොදා ගැනීමේ උපාය මාර්ගය තහවුරු වීමත් අදහස් වේ. එනම් තරඟකාරීව තම ආරක්ෂාව සාපේක්ෂ වශයෙන් වැඩි දියුණු කර ගැනීම. හමුදාකරණය යන්න අවි තරඟයත් සමඟ නිර්වචනය වු අදහසකි. විශේෂයෙන් ලොව කලාපීය ලෙස නැඟුණා වු තත්වයක ප්‍රතිඵලයකි. උදාහරණයක් ලෙස නැගෙනහිර බටහිර විරෝධය දැක්විය හැකිය. සාමාන්‍ය පිළිගැනීම නම් හමුදාකරණය යන්න 1970 දශකයෙන් පසු වර්ධනය වීමට පටන් ගත් බව පොදු පිළිගැනීමයි.
හමුදාකරණය යන සාධකය ගත් කල අපට එය දෙයාකාර ලෙසකින් වර්ග කල හැකිය.
1.හමුදාකරණය වු රාජ්‍යයන්
2.හමුදාකරණය වන රාජ්‍යයන්
මෙලෙස මේ සාධකයන් දෙකත් බලපා තිබේ. ඉහත දැක්වු වර්ගීකරණයන් 2 ක සඳහා.
1.හමුදා වර්ධනය කිරීම සඳහා දරණ අධික උත්සාහය
2.සමාජය තුළ හමුදාමය මතවාදය වර්ධනය වී ඇති ආකාරය
හමුදාකරණය යනු සන්නද්ධ හමුදාවල සහ හමුදාව සම්බන්ධ කටයුතු වලට රාජ්‍ය සම්පත් වැඩියෙන් යෙදවීමේ ක්‍රියාවලියයි.අනෙක් අතට දේශපාලන බලයෙහි මෙවලමක් ලෙස හමුදා බලය යොදා ගැනීම සහ සිවිල් කටයුතු වලදි යුධ හමුදාවේ වැඩිවන බලපෑම හමුදාකරණයයි.හමුදාකරණය යන සාධකයේදී හමුදාවට වැඩි වැදගත්කමක් හා හමුදා ඉල්ලීම් හා අවශ්‍යතාවනට වැඩි අවධානයක් යොමු කෙරේ.
රටක යුද්ධයක් පවතින්නේ නම් හමුදාව අත්‍යවශ්‍ය සධකයකි. ඒඅනුව යම් රාජ්‍යයකට යුධ තර්ජනයක් පවතිනවා යැයි උපකල්පනය කිරීමත් හමුදාකරණයක් විය හැකිය. අනෙක් අතට ගැටුමක් පවතිනවිටක එය දිගින් දිගටම වර්ධනය කිරීමට හමුදාවට බලය ලබාදෙන්නේ නම් එවැනි වාතාවරණයක් තුළ හමුදාකරණයේ පසුබිමක් නිර්මාණය වේ.
මේ ආකාරයට අපට හමුදාකරණය යන්න අර්ථ දැක්විය හැකි අතර හමුදාකරණයට බලපාන සාධක පාලනය කිරීමෙන් නිර්හමුදාකරණයක් ඇති කළ හැකිය.මේ අනුව රටක හමුදාකරණය යන සාධකයට ප්‍රබලත්වයක් හිමිවීම තුළින් එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන නිසා නිර්හමුදාකරණයක් කිරීමේ අවශ්‍යතාවය පැන නගී. හමුදාකරණය සඳහා අවශ්‍ය සාධක පාලනය කිරීම තුළින් නිර්හමුදාකරණයක් ඇතිකර ගත හැකිය.
'හමුදාකරණය සඳහා බලපාන සාධක'
පළමු කරුණ නම් හමුදා කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීමයි. මෙහිදී රාජ්‍යයක් හමුදාකරණය සඳහා ගමන් කරන විට කොතරම් ප්‍රමාණයක් සමාජ සුභසාධනය මඟ හැරෙනවාද යන්න පෙනී යයි. එනම් කිසියම් රටක් වැඩි මුල්‍ය ප්‍රතිපාදනයක් හමුදා නඩත්තු කටයුතු සඳහා හා හමුදා ක්‍රියාකාරකම් සඳහා වැය කරන අවස්ථාවකදී ඊට සාපේක්ෂව සමාජ සුභසාධනය උදෙසාත් පුද්ගල සුභසිද්ධිය උදෙසාත් වැය කිරීමට නියමිත ප්‍රමාණය පහල බැසීමක් සිදු වේ . හමුදා බලය වැඩි කර ගැනීමේ අරමුණක් වන්නේ, තමන්ට එල්ල විය හැකි පහරදීම් අවරෝධනය කිරීමයි. තමන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල වේ යැයි සිතා එය වලක්වා ගැනීමට ක්‍රියා මාර්ගයක් ලෙස තම ශක්තිය වැඩි වර්ධනය කරයි. යම් රටක් සතුව අධික යුධ බලයක් හෝ යුධ බලය පෙන්නුම් කල හැකි සාධක පවතිනවා නම් එමගින් පෙන්නුම් කරන්නේ එම රාජ්‍යය තවත් රාජ්‍යයකගෙන් එල්ල විය හැකි ආක්‍රමණයකට සුදානම් වීමක් ලෙසය. වලක්වා ගැනීම හා සුදානම් වීම තුළ හමුදාකරණයක අරමුණක් පවතී.
රාජ්‍යයක් කොතරම් දුරට හමුදාකරණය වී ඇත්දැයි අපට ප්‍රධාන සාධක 06 ක් ඔස්සේ විමසා බැලිය හැකිය.
01. හමුදාවේ සංඛ්‍යාත්මක තත්වය.
පලමු සාධකය නම් හමුදාවේ සංඛ්‍යාත්මක තත්වයයි. සාමාන්‍යයෙන් රාජ්‍යයක් සතු හමුදාව ප්‍රමාණාත්මකව කොපමණ සිටිනවාද යන්න මෙමගින් අදහස් කෙරේ. මෙහිදී ජනගහණයෙන් කොපමණ ප්‍රමාණ යක් හමුදා සෙබළු ලෙස නියෝජනය වනවාද? යන්න බලයි. උදාහරණ ලෙස දකුණු ආසියා කලාපයේ පහත රටවල් විමසමු.

රට ජනගහණය(1997) හමුදා ප්‍රමාණය
ඉන්දියාව දශලක්ෂ 953.7 1,145,000
පකිස්තානය දශලක්ෂ 137.4 587,000
ලංකාව දශලක්ෂ 18.5 115,000

(කරුණාදාස w.m. -සාර්ක් සප්තා සප්ටා, පිටුව10,11,13, 1998, ඉමේජ් ලංකා ප්‍රකාශකයෝ)
මෙහිදී එක් එක් කාලවලදී හමුදාවේ වෙනස් වීමක් සිදු වෙනවා පවතින දේශපාලන වාතාවරණයට අනුව.
02. හමුදා වියදම් ප්‍රමාණය.
අනෙක් කාරණය හමුදා වියදම් ප්‍රමාණයයි. මෙහිදී යම් රටක් තමන්ගේ සමස්ථ වාර්ෂික අයවැය ප්‍රමාණයෙන් යුධ වියදම් සඳහා කුමන ප්‍රතිශතයක් වැය කරනවාද යන කාරණය. නමුත් රාජ්‍යයන් මේ සම්බන්ධව නිවැරදි දත්ත ලබා නොදෙන නිසා යුධ වියදම් සොයා ගැනීම අපහසුම දත්තයන් වී ඇත. (නිදසුන් ලෙස පහත රටවල් බලමු.)
රට මුදල් වර්ගය 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003
බංග්ලාදේශය ටාකා මිලියන් 21582 23076 25863 28436 31277 33377 34020 34105 36150
ඉන්දියාව රුපියල් මිලියන 260 291 339 387 453 490 531 553 592
නේපාලය රුපියල් මිලියන 2064 2242 2471 2789 3240 3650 4837 6640 7903
පකිස්තානය රුපියල් මිලියන 112085 123550 131803 139818 146931 153795 169761 188426 208031
ශ්‍රි ලංකාව රුපියල් බිලියන 35.2 38.1 37.1 42.5 40.1 56.9 54.2 49.2 47.0


(1995-2003 දක්වා සාර්ක් රටවල් යුධ වියදම් සඳහා වැය කළ මුදල් ප්‍රමාණය. (SIPRI YEAR BOOK 2005)
රට මුදල් වර්ගය 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004
බංග්ලාදේශය ඇමරිකානු ඩොලර් 524 548 582 591 612 639 639 620 622 621
ඉන්දියාව ඇමරිකානු ඩොලර් 9042 9286 10091 10178 11364 11821 12357 12342 12698 15059
නේපාලය ඇමරිකානු ඩොලර් 42.2 42.0 44.5 45.1 48.8 53.6 69.2 92.2 104 105
පකිස්තානය ඇමරිකානු ඩොලර් 3020 3016 2889 2885 2911 2920 3125 3385 3602 3685
ශ්‍රි ලංකාව ඇමරිකානු ඩොලර් 749 699 621 651 586 784 655 542 487 551

(1995-2004 දක්වා සාර්ක් රටවල් යුධ වියදම් සඳහා වැය කළ ප්‍රමාණය.(ඇමරිකානු ඩොලර්)
(SIPRI YEAR BOOK 2005) : ARMAMEATS DISARMAMENTS AND INTERNATIONAL SECURITY, OXFORD UNIVERSITY PRESS, OXFORD 2005.
අනෙක් කාරණය නම්,
04. සිවිල් හමුදා අන්තර් විනිවිද යාමයි.
මෙහි අදහස හමුදාව හා හමුදාමය නොවන ජනගහණයෙන් කොපමණ දුරකට යථා තත්වයක් එළි දකිනවාද යන්නයි. උදාහරණයක් ලෙස සිවිල් පාලන කටයුතු සඳහා හමුදා නිලධාරීන් පත්වීම දැක්විය හැක.
05. හමුදාව දේශපාලනීකරණය වීම.
මෙහිදී අංශ 02 කි.
01. හමුදාව දේශපාලනීකරණය වීම.
02. සිවිල් සමාජය හමුදාකරණය කිරීම.
මෙහිදී හමුදාව යම් කිසි විදිහකට සිවිල් සමාජය විනයානුකුල නොවන තැනක් යැයි සිතා එහි පවතින දුෂණය මර්ධනය කිරීමට හමුදාව මැදිහත් විය යුතු යැයි සිතා හමුදාව ඒ සඳහා මැදිහත් වීම දේශපාලනීකරණය යන සාධකයෙන් අදහස් වේ.
උදාහරණ: පකිස්තානය හා බංග්ලාදේශය ස්වකිය රටවල් හමුදා කුමන්ත්‍රණ මගින් බලය තහවුරු කර ගැනීමට මුලික හේතුව වුයේ වංචනික ලෙස පරිපාලන ගෙන යාම හා පරිපාලනයේ දුෂණ බව හා අකාර්යක්ෂමතාවය.
අනෙක් අතට හමුදා සේවයේ සිටි අය සිවිල් තනතුරු වලට පත් වීමද වක්‍රව හමුදාවේ බලපෑම සිවිල් සමාජයට එල්ල වීමකි.
06. හමුදාව කෙරෙහි පවතින සමාජ තත්වය.
අනෙක් කාරණය හමුදාව කෙරෙහි පවතින සමාජ තත්වයයි. හමුදාව කෙරෙහි පවතින ගෞරවාන්විත ආකල්පය කොහොමද යන්න. මෙහිදී අධ්‍යාපන මට්ටම , නිල ඇඳුම කෙරෙහි පවතින ආකල්ප , වැටුප් පරිමාවන් ආදිය සැලකිල්ලට ගනී.
රටක ජාතික බලයට යුධ ශක්තිය වැදගත් සාධකයකි. විශාල හමුදාවක් සහිත නවීන අවි ආයුධ වලින් යුක්ත රටක් නිතරම බලගතු රටක් වේ. හමුදා මුලිකාංගය අතින් රටක් ශක්තිමත් වීමට හමුදාවේ ප්‍රමාණාත්මක බව මෙන්ම හමුදාවේ යුධ උපකරණයන්හි ගුණාත්මක බවද වැදගත්ය. එහෙත් විශාල හමුදාවක් හා නවීනතම යුධ උපකරණ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. එහෙත් බොහෝ රටවලට යුධ වියදම් සැහෙන බරක් වී ඇත. එහෙත් අද ජාත්‍යන්තර දේශපාලනය තුළ හමුදාකරණය යන කරුණට වැදගත් තැනක් හිමි වි තිබේ.

අජටාකාශ නීතිය

අජටාකාශ නීතිය යනු බාහිර අභ්‍යාවකාශය තුල සිදුකරන ක්‍රියාකාරකම් පාලනය කරන ජාතික සහ ජාත්‍යන්තර නීතියෙන් ආවරණය වන නීතිය යි. බාහිර අභ්‍යාවකාශය යන්නෙහි නිශ්චිත අර්ථ දැක්වීම පිළිබඳ ව ජාත්‍යන්තර නීතීඥයින් එකඟතාවයකට පැමිණ නොමැති අතර සාමාන්‍යයෙන් වස්තුවක් පෘථිවිය වටා භ්‍රමණය වන අවම උස මට්ටම වන මුහුදු මට්ටම ට කිලෝ මීටර් 100 කට පමණ ඉහළින් (සැතපුම් 62 කට පමණ) බාහිර අභ්‍යාවකාශය ආරම්භ වන බව බොහෝ නීතිඥයන්ගේ පිළිගැනීම යි. අජටාකාශ නීතියේ ආරම්භය සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමය විසින් 1957 ඔක්තෝබර් මාසයේ දී ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව (ස්පුට්නික් නමැති යානය) අභ්‍යවකාශගත කිරීම යි. එතැන් පටන් මානව වර්ගයා විසින් අභ්‍යාවකාශ සම්පත් භාවිතය වැඩිවීමත් සමඟම අජටාකාශ නීතිය ක්‍රමයෙන් පරිණාමය වෙමින් පවතී.

මුල් අවධියේ වර්ධනය

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ ආරම්භය 1957 දී සිදු විය. රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්වී පාර්ශවීය සාකච්ඡා වල ප්‍රතිඵලය වූයේ 1958 දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී විවාදයකට ඉදිරිපත් වීමට සිදු වීමයි. 1959 දී එක්සත් ජාතීන් විසින් බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව පිහිටුවන ලදී. (ඡුඵළුුූ) මෙම කමිටුව විසින් විද්‍යා සහ තාක්ෂණික උප කමිටුව සහ නීති උප කමිටුව නමින් උප කමිටු දෙකක් පිහිටුවන ලදී. මෙම නීති උප කමිටුව බාහිර අභ්‍යාවකාශය සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුම් සාකච්ඡා සහ ගිවිස ගැනීම් සඳහා පවතින ප්‍රාථමික විනිශ්චය ශාලාව වේ.

ජාත්‍යන්තර ගිවිසුම්

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව විසින් ජාත්‍යන්තර ගිවිසුම් 05 ක් කතිකා කර කෙටුම්පත් කරන ලදී.

  • බාහිර අභ්‍යාවකාශය ගවේෂණය සහ භාවිතා කිරීමේ කටයුතු පාලනය කරන ප්‍රතිපත්ති ගිවිසුම (1967) චන්ද්‍රයා සහ වෙනත් වස්තුන් ඇතුළත් ව (බාහිර අභ්‍යාවකාශ ගිවිසුම)
  • බාහිර අභ්‍යාවකාශයට යවන ලද අජටාකාශගාමීන් බේරා ගැනීම, අජටාකාශගාමීන් නැවත පැමිණීම සහ යානාවන් නැවත ගෙන්වා ගැනීම සඳහා වූ එකඟතාව 1968 (බේරා ගැනීමේ ගිවිසුම)
  • අභ්‍යාවකාශ යානා මඟින් සිදුවන හානි සඳහා ජාත්‍යන්තර වගකීම් සම්මුතිය 1972 (වගකීම් සම්මුතිය)
  • බාහිර අභ්‍යාවකාශය ට යවන යානා ලියා පදිංචි කිරීමේ සම්මුතිය 1975 (ලියා පදිංචි කිරීමේ සම්මුතිය)
  • චන්ද්‍රයා සහ වෙනත් වස්තුන් පිළිබඳ රාජ්‍ය ක්‍රියාකාරකම් පාලනය කිරීමේ එකඟතාව 1979 (චන්ද්‍ර ගිවිසුම)

බාහිර අභ්‍යාවකාශ ගිවිසුම වඩාත් පුළුල් වූ ද ස්ථීර වූ ද ගිවිසු ම වන අතර පාර්ශවකැවන් 98 ක් ඊට අත්සන් තබා ඇත. අනෙකුත් ගිවිසුම් බාහිර අභ්‍යාවකාශ ගිවිසුම විස්තාරීය කරනු ලැබූ ඒවා වේ. එක්සත් ජාතීනගේ නියෝජිතයන්ගේ පහැදිලි අදහස වූයේ චන්ද්‍ර ගිවිසුම වඩාත් විස්තරාත්මක එමෙන් ම බාහිර අභ්‍යාවකාශ ගිවිසුම අවලංගු කරන හෝ එම ගිවිසුම ට ඌණ පූරණයක් සපයන, සම්පත් අනුයෝජනය සහ භෟමික ස්වෛරීත්වය ට වාරණ පනවන එහි ප්‍රතිපාදන විස්තාරීය කරනු ලැබූ ගිවිසුමක් බවය. මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පාර්ශවයන් 12 දෙනෙකු පමණක් වන අතර බොහෝමයක් දෙනා එය අසාර්ථක ගිවිසුමක් ලෙස සලකනු ලබයි. ඊට අමතර ව න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම මඟින් 1963 දී බාහිර අභ්‍යාවකාශයේ න්‍යෂ්ටික අවි භාවිතයෙන් පරීක්ෂණ සිදු කිරීම තහනම් කරන ලදී.

ඒකමතිකභාවය

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව ක්‍රියාත්මක වනනේ ඒකමතිකභාවය මත වේ. එනම් සෑම කමිටු සහ උප කමිටු නියෝජිතයෙක් ම එය ගිවිසුම්ගත කිරීමට පෙර එහි ප්‍රිතිපාදන වලට එකඟ වීම අනිවාර්්‍යය වන අතර එම කමිටු වලට සියලූම සාමාජිකයිනගේ අනුමැතියෙන් තොරව එහි න්‍යාය පත්‍රයට නව කරුණු එකතු කිරීම සිදු කළ නොහැක. එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ හා සම්බන්ධ ගිවිසුම් වල ලක්ෂණ වන්නේ ඒවායේ අර්ථ දැක්වීම් විරල විමත් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් නොපැහැදිලි වීමයි. එසේ වීමෙන් ගිවිසුමේ භාෂිතය සහ කොන්දේසි නොපැහැදිලි වන තරමටම ඊට ඒකමතිකත්වය ලබා ගැනීම පහසුය. මෑත කාලීනව බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුවවේ නීති උප කමිටුව ට නව විස්තරාත්මක අභ්‍යවකාශ ගිවිසුමක් ඇති කර ගැනීම ට ඒකමතිකත්වය ලබාගැනීමට නොහැකි වූ අතර අනාගතයේ දී බාහිර අභ්‍යාවකාශ ගිවිසුම සංශෝධනය කිරීම සඳහා එකඟ කර ගැනීම ට අපොහොසත් වන තත්වයක් දක්නට ලැබේ. අභ්‍යාවකාශ තරණයේ නියුතු රටවල් නව විස්තරාත්මක අභ්‍යවකාශ ගිවිසුමක් ඇති කර ගැනීම ට සාකච්ඡා කිරීමත් බාහිර අභ්‍යාවකාශ ගිවිසුම සංශෝධනය කිරීමත් නිරර්ථක සහ කාලය නාස්ති කිරීමක් බවත් ඊට හේතුව සම්පත් අයිති කර ගැනීම, දේපළ අයිතිය සහ වෙළඳ කටයුතු සම්බන්ධ ක්‍රියාකාරකම් වැනි කරුණු සම්බන්ධයෙන් එකඟත්වයකට පෑමිණීම යථාර්ථයක් නොවන බවට විශ්වාස කිරීමයි. ජාත්‍යන්තර අභ්‍යාවකාභ මධ්‍යස්ථාන ගිවිසුම (ඊූූ ගිවිසුම) 1998

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගිවිසුම් වලට අමතරව කැනඩාව, යුරොපා අභ්‍යාවකාශ ආයතනයේ සාමජික රටවල්, ජපානය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සහභාගිතවයෙන් 1998 දී ජාත්‍යන්තර සිවිල් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සාකච්ඡා කරන ලදී(අභ්‍යාවකාභ මධ්‍යස්ථාන ගිවිසුම). මෙම ගිවිසුමේ අන්තර්ගත ප්‍රතිපාදන අතර නාසා ආයතනය සියලූම සාමාජික රටවල් වල දායකත්වය අභ්‍යාවකාභ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් සහ සම්බන්ධීකරණය කිරීමේ ප්‍රමුඛ ආයතනය වන අතර තම තමන්ගේ කටයුතු පාලනය සම්බන්ධයෙන් සෑම රටකට ම බලයක් ඇත. මෙම ගිවිසුමේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ අපරාධ නඩු පැවරීමේ ක්‍රියා පටි පාටීන් ද අන්තර්ගත වේ. මෙම ගිවිසුම පෘථිවියෙන් බාහිරව ජනපද සහ විද්‍යාත්මක/කාර්මික මධ්‍යස්ථාන පිහිටුවිය හැකි යැයි බලාපොරොත්තු විය හැකි චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා මත ජාත්‍යන්තර සම්බන්ධීකරණ පහසුකම් සම්බන්ධ අනාගත ගිවිසුම් සඳහා හොඳ ආකෘතියක් විය හැකිය.

ජාතික නීතිය

අජටාකාශ නීතිය ට ජාතික නීතිය ද ඇතුළත් වන අතර රටවල් ගණනාවක් මෑත කාලයේ දී ජාතික අභ්‍යාවකාශ නීති සම්මත කර ඇත. බාහිර අභ්‍යාවකාශ ගිවිසුමේ පාර්ශවයන් ජාතික අභ්‍යාවකාශ කටයුතු වලට අවසර ලබාදීම සහ අධීක්ෂණය කිරීම (වෙළඳ සහ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් ද ඇතුළත්ව) අවශ්‍ය වේ. බාහිර අභ්‍යාවකාශ ගිවිසුම එක්සත් ජාතීනගේ ප්‍රඥප්තිය ට නිර්දේශය මඟින් නීති ගත කරනු ලබන අතර පාර්ශවයන් තමන් ක්‍රියාකාරකම් සිරිත් බැඳි අන්තර් ජාතික නීතිය ට අනව ක්‍රියාකරන බවට සහතික විය යුතුය. චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණයෙන් ඔබ්බට ගිය අභ්‍යාවකාශ වෙළඳ කටයුතු වල නිරත වීම සහ අභ්‍යාවකාශ වෙළඳ මධ්‍යස්ථාන සංවර්ධනය වැනි පුද්ගලික අභ්‍යාවකාශ කටයුතු හැසිරවීම සම්බන්ධයෙන් රටවල් ගණනාවක් අවධානය යොමු කොට ඇත. මෙම කටයුතු හැසිරවිම ජාත්‍යන්තර නීතියට අනුකුල විය යුතු අතර අභියෝගය වන්නේ මෙම කටයුතු පාලනය කිරීම ආයෝජන ක්‍රියාවලීන් අවහිර නොවන අයුරින් කටයුතු කිරීමය. සංවර්ධනය වෙමින් පවතින රටවල් අභ්‍යාවකාශය ජය ගන්නා රටවල් අභ්‍යාවකාභ සම්පත් සඳහා ඒකාධිකාරයක් ගොඩ නඟා ගැනීම ගැන අවධානයෙන් සිටී.

ස්ථාවර භූ කක්ෂීය විභාජනය

කිලෝ මිටර් 35,800 ඉහළ අභ්‍යාවකාශයේ ස්ථාවර කක්ෂයක පවතින සියලූම චන්ද්‍රිකා නීරක්ෂයට ඉහළින් තනි වලල්ලක ආකාරයෙන් පැවතිය යුතුය. චන්ද්‍රිකා සඳහා මෙලෙස ඉඩ කඩ වෙන් කිරීමේ අවශ්‍යතාවය වන්නේ මේ සඳහා පවතින ඉඩ කඩ සීමා සහිත වීමත් සීමිත චන්ද්‍රිකා ගණනක් පමණක් භූස්ථාවර කක්ෂයක ස්ක්‍ෂාන ගත කළ හැකි වීමත් ය. මේ තත්වය මෙම විවරයන් ට ඇතුළු වීමට බලාපොරොත්තු වන රටවල් අතර ගැටුම් කාරී තත්වයන් ඇති වීමට මුල පුරයි (සම දේශාංශ වල නමුත් වෙනස් අක්ෂාංශ වල පිහිටි රටවල්). මෙම ගැටුම් අයි.ටී.යූ. විභාජන ක්‍රමය මඟින් විසඳනු ලැබේ. නීරක්ෂයේ පිහිටි රටවල් තම ප්‍රදේශයට ඉහළ අභ්‍යාවකාභයේ පාලනය සඳහා නෛතික අයිතිය වෙනුවෙන් හඬ නඟන බව පෙනෙන්නට තිබේ.

අජටාකාශ නීතියේ අනාගතය

තවමත් ළදරු අවධියේ පවතින මේ ක්ෂේත්‍රය ඉතා ශීඝ්‍ර වෙනසකට සහ වර්ධනයකට ලක්වෙන යුගයක පවතී. අභ්‍යාවකාභයේ පවතින සම්පත් සීමාවක් නොමැති අතර එය සීමා කළ හැක්කේ ඒවා භාවිත කිරීමට අපට ඇති හැකියාවත් එය සියලූ ම ජාතීන් ට සමාන වන පරිදි බෙදා හදා හැනීමත් මතය. වෙළඳ අවකාශ ප්‍රවාහනය පුළුල් ලෙස ඉතා අඩු මිලකට දියත් කිරීමේ හැකියාව පවතී නම් සියලූ ම රටවල් හට අභ්‍යාවකාශයේ පවතින සම්පත් වල සෘජු ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව උදාවේ. මේ අවස්ථාවේ දී බාහිර අවකාශයේ වෙළඳ සංවර්ධනය සහ මිනිසුන් පදිංචි කිරීමේ කටයුතු සඳහා ඒකඟත්වයකට පැමිනීම ඉතා පහසු කටයුත්තක් වේ.

Tuesday, May 24, 2011

පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම

පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ.

  1. දීග විවාහ
  2. බින්න විවාහ

දීග විවාහ

ස්ත්‍රියක් සරණ පාවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට ඇය කැන්දා ගෙන යාම දීග විවාහයයි. 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශන අනුව දීග විවාහයකින් පියා සතු වස්තුව දුවට අහිමි වේ. එහෙත් පුරාණ නීතියට අනුව දීග ගිය දූවණියකට පියා සතු දේපළ(සිය අයිතිවාසිකම්) ලබා ගැනීමේ ක්‍රම පවතී.නමුදු, මෙය සදාචාරාත්මක ගැටළුවකි.

බින්න විවාහ

පුරුෂයා ස්වකීය නිවසින් වෙන්ව ගොස් භාර්යාවගේ නිවසෙහි පදිංචියට යාමෙන් සිදු කරන විවාහයි. යුරෝපීයන් පැමිණීමට පෙර සිටම බින්න විවාහ මෙරට සමස්ත සමාජය පුරාම ව්‍යාප්තව පැවති බවට සාක්ෂි හමුවේ. එසේම,බින්න විවාහයට පත්වන ස්වාමි පුරුෂයින් ගිනි හුලක්, තල් අත්තක්,සැරයටියක්, සුදානම් කරගෙන සිටිය යුතු යැයි ග්‍රාමීය ව්‍යවහාරයේ පවතී. මෙම උපහාසාත්මක වැකියෙන් හැඟෙනුයේ බිරිඳඟේ නිවසින් ඔහුට කුමන හෝ වෙලාවක ගෙයින් පිටවී යන්නට සිදුවේද කියා නොකියා කීමටයි.

මීට අවශේෂ විවාහ ක්‍රමයක් පිළිබඳව ද පුරාණ ලක් සමාජයෙන් හෙළි වේ.

  • .එකගෙයි කෑම:

පුරාණ සිංහල විවාහ ක්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලක එක් බිරිඳක් කැන්දාගෙන ඒමේ විවාහ ක්‍රමයක් ද දක්නට ලැබු‍ණි.එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීමයි.

ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්‍රයෙන් ලියු ඓතිහාසික විස්තර‍යේ 16වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි ‘එදා හෙළ දිව’ කෘතියෙන් උපුටා ගන්නා ලදී.

“මනාලිය සිය ගෙදරට කැන්දාගෙන ඒමෙන් පසු ස්‍වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුනාහු වෙති.”

පොරොන්දම් බැලීම

පුරාණ ගැමියන් විසින් පවසන පරිදි පෙර භවයේ පතාගෙන එන අන්දම ‘පෙර උන්දම්’ පොරොන්දම් වී ඇතැයි පැවසේ. මෙය විවාහයේ පැවැත්ම මුල් කරගෙන කායික, මානසික හා ජීව විද්‍යාත්මක වශයෙන් ගැළපීමේ පරීක්ෂණයකි.ප්‍රථමයෙන්, නැකැත් පොරොන්දම් බැලීමබොහෝ සීංහල විවාහයන්හි සිදු කෙරේ.මෙය ධනය, බලය, සමගිය හා සැපය ගැළපේ ද, යන්න පිළිබඳ කෙරෙන්නා වූ පරීක්ෂණයකි.දශ පොරොන්දම් ගැළපීමෙන් ආරම්භව විසි පොරොන්දම් ආදී වශයෙන් පොරොන්දම් බැලීම සිදුවේ.

මංගල උත්සවය

අවාහ-විවාහවලදී සිංහලයෝ ස්වකීය කුලය ගැන විශේෂයෙන් පරික්ෂාකාරී වූහ.තමන්ගේ කුලයේම කෙනෙකු මිස පහත් යැයි සම්මත කුලයකින් ඔවුහු අවාහ-විවාහයට සම්බන්ධ නොවූහ.මෙවැනි තත්ත්වයන් නූතන සිංහල සමාජයන්හි වුව අවශේෂව පවතින බැව් විද්‍යමාන වනූ නියතය.

නැකැත් පත්‍රය

මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යනු ලබයි.එය නැකැත් පත්‍රයයි.

මංගල්‍යාරාධනය

“නැකැත් දීමෙන් විවාහය ගිවිස ගත් පසු සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.” (ශ්‍රී ලංකා‍වේ විවාහ චාරිත්‍ර-සේනාරත්න,පී.ඇම්.)

මංගල පෝරුව

මංගල පෝරුව

පුරාණ සිංහල සමාජයන්හි නූතනයේ මෙන් කුලියට මංගල පෝරු නොවීය.එය ද මංගල්‍යයට දින කිහිපයකට පෙර සුභ හෝරාවකින් සෑදීම ආරම්භ කෙරේ.සුභ දිසාවට මුහුණලා සිටින සේ එය නිර්මාණය කෙරේ.එසේම, පෝරුව මතට පාවාඩ එළීම හා එයට උඩින් වියන් බැඳීම ග්‍රාමයන්හි හේන මාමා විසින් සිදු කෙරේ.නියම වූ සුභ මුහූර්තියෙන් මනාල යුවළ පෝරුවට නැංවීම සිදු කරනුයේ ඔවුනගේ මාමලා විසිනි.නියමිත දිසාව බලා පෝරුවට නංවන මොහොතේ මඟුල් බෙර වැයීම සිදූවේ.

පෝරු‍වේ චාරිත්‍ර ලෙසින් මනාලයා පළමුව සිය මනාලියට තැලි පිළි පළඳවයි. මනාලිය විසින් ද මනාලයාහට මුදුවක් පළඳවයි.ඉන් අනතුරුව,පවුලේ වැඩිහිටියෙකු විසින් දෙදෙනාගේ සුළැඟිලි පිරිත් නූලකින් බැඳ අත් පැන් වැඩීම සිදු කෙරේ.පසුව, මනාලිය විසින් තම මෑණියන්ට කිරිකඩ සේලයක් පිරිනමා,බුලත් හුරුල්ලක් දී ඇගේ දෙපා නමදියි.මනාලියගේ මව එය පිළිගනූයේ හිස මත තබා ගනිමිනි.යුවතිපති දෙදෙනාගේ සුළැඟිලි බැඳ අත් පැන් වඩන විට කන්‍යා ලඳුන් විසින් ‘ජයමංගල ගාථා’ කියනු ලබයි.එසේම, මේවායෙහි පළාතෙන් පළාතට ‍වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කරයි.පෝරුවෙන් බසිනවාත් සමඟම පොල් ගෙඩියක් පිහියෙන් ගසා දෙපලූ කරයි.මෙය ගණ දෙවියන් උදෙසා කරන පූජාවක් ලෙස සැලකේ. එසේම,ඒ දෙස බලා පැරැන්නෝ විවිධ අනාවැකි පළ කරති.

විවාහ මංගල උත්සවය

මනාල පාර්ශවයේ පිරිස මනාලිය ‘කැන්දන් ඒමට’ නැකතකට අනුව පිටත් වේ.බොහෝ විට, එකී සිරිත් විරිත් සියල්ල සිදුවුයේ ආගමානුකූල චාරිත්‍ර ඉටු කිරිමෙන් අනතුරුවය. සීංහල විවාහ සම්බන්ධව සැලකීමේදී, නීතියෙන් යුග දිවියට ප්‍රවිශ්ඨ වූ බවක් කිසිදු තැනක සඳහන් නොවන කරුණකි. සිදුහත් කුමරුන්ගේ සරණ මංගල්‍යයේ සිටම, අවාහ-විවාහ සිදුවුව ද ‘කසාඳ බැඳීම’ යනුවෙන් නීතිගත ලියවිලි,රෙජිස්ටාර් කිරිම් පිළිබඳ අසන්නට නොමැත. එවැන්නක් ප්‍රථම වරට දෘශ්‍යමාන වනුයේ, විදේශිකයන් ලංකාව‍ට පැමිණීමෙන් අනතුරුවය.

අතීතයේ ජෝඩුව වෙනුවෙන් සුදු ගොන් හා ගෙජ්ජි බැඳි කරත්තයක් සරසන ලදී. සෙසු ඥාතීන් සඳහා වෙන වෙනම කරත්ත යොදා ගැණින.නමුදු අද වන විටඑකී තත්ත්වය කුලී මෝටර් රථ දක්වා වර්ධනය වී ඇත.මනාලිය කැන්දන් ඒමට මනාලයාගේ මව,පියා ඇතුළු හතරවරිගේ ප්‍රධාන නෑදෑයින් මෙ‍ම විවාහ මංගල උත්සවයට සහ-සම්බන්ධ වෙයි.

මංගල චාරිත්‍ර

මංගල භෝජනය

බිම පැදුරු මත වාඩි වී සාමූහිකව භුක්ති විඳි මංගල භෝජනය වත්මන වන විට, මේස පුටු සැරසිලි කරන ලද ‘මඟුල් මඩුවක්’ දක්වා වර්ධනය වී තිබේ. එදා මංගල පෝරුවෙන් බසින යුවති පති දෙපළ පළමුව සිදු කළ කාර්ය වූයේ, මංගල භෝජනය ගැනීමයි. මනාලයා සහ මනාලිය මෙහිදී එක බඳුනේ ආහාර ගත්තෝය.බටහිර ආභාසය සමඟ කේක් වැනිදෑ ද අද වන විට එක් ව තිබේ.

මංගල කේක්

මංගල භෝජන සංග්‍රහය අවස්ථා 04 කින් යුක්ත විය.

1.ලාදර බත: මඟුල් ගෙදරට උදව් පදව් කළ නෑදෑයන් වෙනුවෙන් දෙනුයේ;ලාදර බතයි.

2.ආදර බත: මංගල භෝජනයයි.

3.කෑදර බත: මඟුල් ගෙදරට වෙහෙස මහන්සි වූ නෑදෑ හිතවතුන් වෙනුවෙන් දෙනුයේ; කෑදර බත‍යි.

4.යෝදර බත: පසුදා මනාලයා දෙන විශේෂ බතයි.

යුවතිපති දෙපළට ආශිර්වාද

මංගල භෝජන‍යෙන් පසුව, ඈත අතීතයේ කවිකාර මඩුවක් පැවැත්විණි. එය පසු කලෙක කතා පැවැත්වීම, මනාලියට මනාලයාට අවවාද දීම්, සංග්‍රහ උදෙසා ස්තූතිය ප්‍රකාශ කිරීම්, අඩුපාඩු සඳහා සමාව භජනය කිරීම් ආදියෙන් සමන්විත සභාවක් බවට පත්ව තිබේ. මනාලිය, මනාලයාගේ මවට භාර දීම, මනාලියගේ මව, පියා ඇතුළු වැඩිහිටියන්ට වැඳ නමස්කාර කිරීම් එහිදී සිදුවේ.විශේෂයෙන්, මනාලිය කැන්දාගෙන යාමට ආසන්නව ඇය‍ට අවවාද දීම් අසන්නට, දකින්නට ලැබේ.

ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත කාව්‍ය ශේඛරයේ මංගල අවස්ථාවක පියකු දියණියකට දුන් අවවාද මෙසේ දැක්වේ.

“නොකියා සිය හිමිට , නැතිවද උතුරු සළු පට, ගමන් ඉක්මන් නොකොට, නොයන් නුඔ වසන ගෙන් පිටතට”

මංගල පෙරහැර

මනාලිය කැන්දාගෙන ‍යන මෙම මංගල පෙරහැර ඉතා අලංකාරවත් වූවකි. අසවලා අසවල් තැනින් කැන්දාගෙන ‍යන බැව් ඉන් සංකේතවත් කරයි. ප්‍රසිද්ධිය ගෙ‍නෙ‍න අංග මීට ඇතුළත්ය.

මනාලයාගේ පාර්ශවයේ උත්සවය

සිය මනාලිය ස්වකීය නිවසට කැන්දාගෙන ඒමෙන් මනාලයාගේ පාර්ශවයේ උත්සවය ආරම්භ වේ. මෙය ‘දෙවැනි ගමන් යාම’ ලෙස සිංහල විවාහයන්හි දී හඳුන්වයි. එදා, අද මෙන් ‘මධුසමය’ සඳහා පිටත් ව යාමක් නොපැවතුනු අතර, මනාලියගේ නිවසින් මනාලයාගේ නිවස වෙත ගමන් ඇරඹීය. එතෙක්, තමා හැදුනු, වැඩුනු පරිසරයෙන් වියුක්තව මනාලිය එතැන් සි‍‍ට නව දිවියක් අරඔයි.

එලෙසින්, සීංහල විවාහ මංගලෝත්සවයක නිමාව සනිටුහන් වුව ද, යහපත් සමාජයක ඉදිරි පැවැත්ම නීර්ණය කෙරෙන සොඳුරු ගමන් මඟක‍ට කවුළු පියන් පත් ඉන් විවර වනු ඇත.

Friday, May 6, 2011

දුටුගැමුණු රජතුමා

දුටුගැමුණු රජතුමාට බිසෝවරු පන්සියයක් විය. මින් එක බිසවක් හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ අමුම අමු ගොඩේ ගැමියෙකු වන යක්දෙස්සෙක් හෙවත් යකදුරෙක් හෙවත් මන්ත්‍රාචාර්යවරයෙක්ගේ බාලම දියණිය වූ උත්පලවණ්නා කුමාරිකාවයි. මෙම කුමරිය ගැන කුඩා කල පටන්ම බලාපොරොත්තු තබා‍ගෙන සිටි සෙල්වා නම් දෙමළ සම්භවයක් සහිත තරුණයෙක් දුටුගැමුණු රජතුමා විසින් උත්පලවණ්ණා කුමරිය අංතඃපුරයට රැගෙන යෑමෙන් පසු ඇය කෙරෙහි බැඳි දැඩි සෙනෙහසින් හා උපන් මෝඩකමින් සැහැසිව, වල් වැදී, මැර හොර දෙටුවෙක් විය. මෙම හොරදෙටුවා දැඩි කෝපයෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙම#38;න්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කළේය.මෙම මැරයා පිළිබඳව දුටුගැමුණු රජතුමාට සැලවිය. එතුමා සිය දශ මහා යෝධයින්ගෙන් පළමුවැනියා වන, කුඩා කළ මිරිස් ගලක් බඩේ බැඳගෙන කුඹුරට ඇදගෙන ගිය නන්දිමිත්‍රයෝ කැඳවා, මේ සෙල්වා නම් සාහසිකයා මෙල්ල කර වාසලට කුදලාගෙන එන ලෙස අණවා පිටත් කර යැවීය.දෛවයේ සරදමකට මෙන් දුටුගැමුණු රජතුමා එදින රාත්‍රිය තමා සමග සයනය කිරීමට තෝරාගත්තී උත්පලවණ්ණා කුමාරිකාවයි. සම්භෝගය සඳහා යහනට වන් දුටුගැමුණු මහ රජතුමා, සෑම රජ කෙනෙකු මෙන්ම සිය රාජකීය රහස් බිසවට හෙළි කරන්නට විය. ඒ අතර හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයේ ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත් හොර දෙටුවෙක් මෙල්ල කිරීමට නන්දිමිත්‍ර යැවූ පුවතද ඇතුළත් විය.මේ සෙල්වා අන් කෙනෙකු නොව එකල තමාට පෙම් බැඳි, තමාද ලාවට පෙම් බැඳි, අද තමාට බැඳි ප්‍රේමය නිසාම භයාණක මෘගයෙකු මෙන් හැසිරෙන්නේ පිය පාර්ශවයෙන් සිය නැන්දණියගේ පුත්‍රයෙකු හෙවත් තමාගේ මස්සිනා වන සෙල්වා බව ඇය ඉඳුරාම පසක් කර ගත්තාය.අංතඃපුරයේ රකවලා වන නපුංසකයාට අල්ලසක් දුන් උත්පලවණ්ණා කුමරිය එක්තරා වේශයකින් මාලිගාවෙන් නික්මී දුම්මැස්ස ග්‍රාමයට ආවාය. බියපත් ගැමියන්ගෙන් ලත් තොරතුරු ඔස්සේ සෙල්වා සොයා ගිය ඇය, මහවාසලින් නන්දිමිත්‍ර සෙනෙවි ඔහු ජීවග්‍රහයෙන් ගැනීමට පැමිණෙන බව ඔහුට සැල කළාය.නන්දිමිත්‍රගේ නම ඇසූ පමණින් සෙල්වාට වමනය හා පාචනය වැළඳුනි. මහ ගිරි දුර්ගය හුදකලාව පැමිණි රූබර උත්පලවණ්ණා දැක සිඹ සනසා ආලිංගනයෙහි යෙදීමට වත් සිහිය එළවාගත නොහැකි වූ සෙල්වාට දහදිය හා සුළුදිය පිටවන්නට විය. ඔහුගේ අනුකම්පාව උපදවන විලාශය දුටු උත්පලවණ්නා කුමරිය ඔහුගේ දිවි රැක ගැනුමට එක්තරා උපායක් යෝජනා කළාය. උපාය ක්‍රියාත්මක විය යුතු ආකාරය රහසිගතව සෙල්වාට ඉගැන්වූ ඇය මෙසේද කීවාය.නන්දිමිත්‍ර ශ්‍රේෂ්ඨ සටන් ශිල්පියෙක්. ඔහු සටනකින් තොරව කිසිවෙකුත් නොමරයි. ඔබ මුණ ගැසුනු ඔහු තා සටනට කැඳවනු ඇත. එකළ ඔබ මා කියාදුන් උපාය අනුව, නපුංසකයෙකුගේ ඉරියව් විදහා පාමින්, තමා නපුංසකයෙකු බව නොබියව කියව. එපමණක් නොව, හැකිනම් ඔහුගේ උත්තුංග ශරීරය තා ඇළුම් කරන බවක්ද දක්වා ඇඟෑළුම්කම් පා පෙන්වවෟ යැයි ප්‍රකාශ කළාය. අනතුරුව උත්පලවණ්ණා කුමරිය මහා වනාන්තරයට හුදකලාව පැමිණ, චණ්ඩ යැයි සම්මත මිනිසෙකුටත් අභිමුවව, හිටියාටත් වඩා නිරුපද්‍රිතව ආපසු රජ මාලිගයට සැපත් වූවාය. නන්දිමිත්‍රයෝද හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත භීතියට පත් කරමින් සැරිසරන සෙල්වා නමින් ප්‍රචලිත හොර දෙටුවෙක් මෙල්ල කිරීමට තමා පැමිණි බව දක්වා දැන් ඒ හොරු කොද වේ දැයි මිනිසුන්ගෙන් විමසූහ.මිනිසුන් ද බියෙන් චකිතයෙන් යුක්තව ම පෙන්වූහ. නන්දිමිත්‍රයෝ ඒ සලකුණෙන් හොරා සිටින ඉසව්වට පැමිණියේය. නන්දිමිත්‍රගේ පැමිණීම අපේක්ෂාවෙන් බියෙන් විපරීතව බලා සිටි සෙල්වා ඔහු දකිත්ම වෙව්ලන්නට විය. ඔහු වෙව්ලන විට ඔහු පිටදී සිටි ගල් පතුර සෙලවිණ. ගල් පතුර සෙලවෙන විට ඊට යාබද කුඩා ගල් කුළ චලනය විය. ගල් කුළ චලනය වන විට ගල් ගුහාව සෑදී තිබුණු ගල් පර්වතය පැද්දින. ගල් පර්වතය පැද්දෙන විට කන්දේ වූ ලොකු කුඩා ගල් වහන්සේලා හා වෘක්ෂ වහන්සේලා නටන්නට වූහ.ආශ්චර්යයක් නන්දිමිත්‍ර යෝධයා ඉදිරිපිට දිස්වූයේ බියෙන් වෙව්ලන කන්දකි. සතුරාගේ තර්ජනයට බියෙන් හැළි වලං පොදි බැඳගෙන, කොට්ට මෙට්ට අකුළාගෙන ඇමරිකාවට පලා ගිය මෙකල පොරක් වී සිටින සෙන්පතියෙකු මෙන් නොව, දහසක් සටන් බිම්වල, සුවහසක් සතුරන්ට මුහුණට මුහුණ ලා සටන් කර පළපුරුදු සෙන්පතියෙකු වන නන්දිමිත්‍රයෝ, සතුරාගේ චලනයෙන්ම ඔහුට වමනය හා පාචනය වැළඳී දහදි හා සුළුදිය පිටවෙන බව වටහා ගත්තේය.එම්මා බියසුල්ල, නොවෙව්ලව. මම තට අභය දෙමි. තා යටත් වෙනවාද සටන් කරනවාද..? නන්දිමිත්‍ර විමසුවේය.සෙල්වා සැඟවී සිටි තැනින් එළියට ආවා නොව එවුනේය. ඒ වන විටත් බියපත් මළ මුත්‍ර වලින් නැහැවී සිටි ඔහුට එරෙහිව සටන් ප්‍රකාශ කරන්නේ නම් සියල්ලටම පෙර ඔහු නාන තෙක් බලා සිටිය යුතු බව නන්දිමිත්‍ර සෙනෙවිට වැටහින.සමාවුව මැන ස්වාමීණි. මම අහිංසක නපුංසකයෙක්මි. මා මැරයෙකු නොවෙමි. මට සමාව හා තනතුරක් දෙන්නේ නම් ඔබ දෙපා නොව, ඔබගේ බිරිඳගේ දෙපා වුව නැමදීම මට අපුල කාර්යයක් නොවේ සෙල්වා කීවේය.නන්දිමිත්‍ර තෙම ඔහුට නා පිරිසිදු වීමට අණවා ඔහු ජීවාග්‍රහයෙන් ගෙන මහව‍ාසලට ගියේය. මහරජතුමා ඔහු පිළිබඳව නඩු විමසීය. උත්පලවණ්ණා කුමරිය උපායකින් මහ රජතුමාගේ සිත ඔහු කෙරෙහි අනුකම්පාව උපදින අයුරින් කටයුතු කළ අතර, සිය සේවා වනිතා සංගමයේ බලපෑමෙන් ඔහු වැනි නපුංසකයන්ට හිමි අංතඃපුරයේ මුරකරු තනතුරකට සෙල්වා පත් කළ බව පාරමිතා පෙරහැරේ වැඩි බයිලා චක්‍රවර්තී හිමිනමක් සෙල්ලිපියක තිබී සොයාගත් බව පොත පතේ සඳහන්ය.ලද අවසරයෙන් ප්‍රයෝ 490;න ගත් සෙල්වා තමාට ජන්මයෙන් උරුම වූ කන්න දුන් අත සපා කන්නාක් මෙන් අවසර ලද සෑම රැයකම උත්පලවණ්ණා කුමරිය සමග ආංලිංගනයෙහි යෙදුනේය.එම රහස් සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස උත්පලවණ්ණා කුමරිය ගැබ් ගත් අතර, දසකඩ මස ඇවෑමෙන් පින් මඳ පුතෙකු බිහි කළාය. කෙසේ වෙතත්, මෙම පින්මඳ කුමරා දුටු ගැමුණු රජතුමාගේ පුත්‍රයෙකු ලෙස උප්පැන්නය ලියාපදිංචි කිරීමට ඇය සමත් වූ අතර, රජ වාසල සැප විදිමින් රජ කුමරෙකු ලෙසම හැදී වැඩුනේය.මෙම කුමරා වැඩි වියට එළඹි කල සාලිය කුමරාගේ රහස් පණිවුඩ අශෝකමාලාවට ගෙන යෑම නිසා, සාලිය කුමරා සමගම රජ කුළයෙන් නෙරපුවේය. අනතුරුව ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයට පැමිණ එහිදී මහ වාසලේ අනුහස් පෙන්වා උපායෙන්, චාටුවෙන් සහ වංචාවෙන් ගම් බිම් වනසමින්, මං පහරමින්, සෙල්ලිපි රචකයින්ට පහරදෙමින්, තරුණියන් දූෂණය කරමින්, ගංජා කසිප්පු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්, එසේ උපයා ගන්නා මුදල් දූ කෙළියට වියදම් කරමින් පලාත සූරාකමින් ජීවත් වූ බව තවත් සෙල් ලිපියක සඳහන්ය. මෙම පරපුර, පරපුරෙන් පරපුර නොනැසී පැවැතෙමින් අදත් පවතින බව බයිලා චක්‍රවර්තී හිමිපානෝ දෙසති.විසිවන සියවසේ දේශපාලනට පිවිසි එක්තරා භූමිපුත්‍රයෙක් සිය පරම්පරාවේ මෙම ඉතිහාස කථාව සොයා ගත්තේය. එපමණක් නොව, ඒ විශ්මිත සොයා ගැනීමෙන් මුසපත් වූ, ආණ්ඩුවේ එකෙක් ලෙස පෙනී සිටින පුංචි එකාටත් රැවටෙන උපකුළපතිවරුන් පාලනය කරන එක්තරා විශ්ව විද්‍යාලයක් ඔහුට ආචාර්ය පදවියක් පිරිනැමීය.සිය මී මුත්තාගේ නම වන සෙල්වා යන දෙමළ සම්භවයක් සහිත නම සිල්වා ලෙස මොඩ් කර තබා ගත් ඔහු හම්බන්තොට ගිරුවාපත්තුව මහමූකලානේ හද්දා පිටිසර ගමක් වූ දුම්මැස්ස නම් ග්‍රාමයෙන් කොළඹට පැමිණ, එහි ගම් බිම් වනසමින්, මං පහරමින්, මාධ්‍යවේදීන්ට පහරදෙමින් තරුණියන් දූෂණය කරමින් එසේ දූෂණය කිරීමට සිය පුත්‍රයාද පොළඹවමින් ගංජා, කසිප්පු, මත්කුඩු ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින් එසේ උපයා ගන්නා මුදල් තමාද දූ කෙළියට වියදම් කරමින් තම පුත්‍රයාද ඊට පොඹවමින් මැද කොළඹින් ඡන්දය ඉල්ලා හොම්බ බිම ඇනගෙන එතකුදු වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස්, මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඉදිරියේ විලි ලැජ්ජා නැති කථා කියමින්, 109 ක් වූ අමාත්‍යය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුව කාලය ගත කරන්නේ ලූ ඔහු සිතා සිටින්නේ තමා දුටු ගැමුණු පරම්පරාවේ සුජාත මී මුණුපුරෙක් කියාය. දුටු ගැමුණු රජතුමාගේ අංතඃපුර බිසවකට අවජාතක පුතෙක් ඉපදුනු බව ඔහු දන්නේ නැත. ඔහුට චරිත සහතික දෙන බයිලා චක්‍රවර්තී හිමියෝද ඒ බව නොදන්නා සේක.

කින්ග්ස් ස්පීච්-THE KINGS SPEECH


. මේ වසරේ ඔස්කාර් සම්මාන වලිනුත් පිදුම් ලැබුව ඒ සිනමා පටය තමයි

කතා සාරංශය

කින්ග්ස් ස්පීච් චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ එංගලන්තයේ 6 වන ජෝජ් රජු හා බැදුන සිදුවීමකි. දෙවන එලිසබෙත් රැජිනගේද පිය වන 6 වන ජෝජ් රජු කතා කිරීමේදි ගොත ගැසූ අයෙකි. මේ නිසා රජුට ප්‍රසිද්ධියේ කතා කිරීමේදී මහත් අපහසුතාවලට මුහුණ දෙන්න වන අතර එය මගහරවා ගැනීමට රජුට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හා ඔහුගේ අමුතු ආකාරයේ ප්‍රතිකාර වලින් රජුගේ ගොත ගැසීම මඟහරවා ගන්න අයුරු මෙහි කතා සාරංශයයි.

වැඩිපුර විස්තර : http://www.imdb.com/title/tt1504320/

2012 ලෝක විනාශය ගැන වෙනස් කතාවක් / 2012 End of the World

මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ.

පසු ගිය දා weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්‍රාහක ගැටිම්ය.මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ.


  • පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්
  • ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි
  • මරණිය වසංගත
  • ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය
  • ගිනි කදු පිපිරීම්
  • භූ චලන හා භූ විනාශයන්
  • ග්‍රාහක ගැටීම

2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි.

ක්‍රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල
නොහැක.


නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය පිළිබද සත්‍ය අසත්‍ය සොයා යාමයි.බුදු දහමේ හා ජෝතිශයට අනුව ලෝක විනාශයක් සිදු වන්නේ කල්පයක් අවසන් වූ පසුවයි.එම නිසාම ලෝක විනාශය කල්ප විනාශය ලෙසින්ද හදුන් වනවා.


කල්පයක් = මනු අන්තර 14
මනු අන්තර 1 = මහා යුග 71
මහ යුග 1 = අවුරුදු 4323000



ඒ අනුව ලෝක විනාශය සිදු විය යුත්තේ කල්පයක් හෙවත් මනු අන්තර 14 ක් අවසනයේදියි.නමුත් අප දැන් ගෙවා තිබෙන්නේ මනු අන්තර 6ක් පමණයි.

එම නිසා මෙම පැහැදිලිකිරීම් වලට අනුව 2012දී ලෝක විනාශයක් සිදු විය නොහැකියි.නමුත් 2012 දී කිසියම් භයානක උපද්‍රවයක් සිදුවන බවනම් ජෝතිෂ්‍ය මගින් පෙන්වා දෙනවා.

සොයා ගැනීම් වලට අනුව මෙය 2012 -12-12 වනදා සිදු විය හැකි අතර බොහෝ දුරට දැවැන්ත භුමි කම්පාවක් වීමට ඉඩ තිබේ.

2012-12-12 වනදා උදැසන 5.30 ට යෙදෙන ග්‍රහචාරයක් නිසාවෙන් මෙම භූමිකම්පාව ඇතිවිය හැක.මෙම ග්‍රහ චාරය වන්නේ සුර්යා සහ පෘතුවිය අතරමැද සිටින ග්‍රහයින් එකම අංශගත හෙවත් එක පෙලට පිහිටිමයි.මෙම ග්‍රහචාරය යෙදුනුවිට පෘතුවියේ සමතුලිතබාවය නැතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කුමක් හෝ විපර්යාසයක් සිදු විය හැකියි.

1976 ජුලි 28 චීනයේ අලුයම 3.42 ට සිදු වූ මහා භූමිකම්පව සිදුවූ අවස්ථාවෙදිද ග්‍රහයන් එක පෙලට පිහිට තිබුණි.

1934 ජනවාරි 15 නේපාලයේ සිදු වූ දරුණු භුමි කම්පවේදීද සදු හා බුද්ධ ග්‍රහය එක පෙලට පිහිට තිබුණි.

2004 වසරේ ඉන්දුනීසියාවේ තිබූ භුමි කම්පවේදීද 2010 හයිටියේ ඇති වූ දරුණුතම භුමි කම්පා ඇති වුවේද ඉහත සදහන් කරන ලද ග්‍රහ යෝගයන්ට සමාන අවස්ථාවලදීය.

කෙසේනමුත් 2004 සුනාමි තත්වයෙන් පසු පරීක්ෂණ කල විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර 20 තුලදී 2004 හටගත් සුනාමි තත්වයට සමාන තත්වයක් හට ගත හැකි බවයි.ඉන්දියානු සාගරයේ අලුතින් සිදුවන භූ තැටි නිසා එම කලාපයේ ඇතිවන භූ චලන නිසා ලංකාව හා ඉන්දුනීසියාව ජාවා දුපත්වලට භිහිසුනු සුනාමි තත්වයන්ට අනාගතයේදී මුහුණ දිය හැකියි.


2012 උදාවන්නා වූ මෙම ග්‍රහචාරය නිසවෙන් භුමිකම්පාවක් අතිවුවහොත් එය ලංකාවටද බොහෝවිට බලපෑ හැක. නමුත් මෙම ග්‍රහචාරය අනුව මෙම ව්‍යවසනය සිදුවන්නේ ලෝකයේ කුමන කලාපයේද යන්න නිශ්චිතව කිව නොහැක.
*ජෝතිෂ්‍ය අනාවැකිය - තිලක් ද සිල්වා මහතා

ඉතා ඇත අතීතයේ විසු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් මනසින් තමා හා සම්බන්ධ වෙන බව පවසමින් අනාවැකි පලකරන පුද්ගලයෙක් පිලිබඳ ලිපියක් ලංකාදීප සඳැල්ල පුවත්පතේ පල වී තිබෙනවා.

1969 සිට අනාවැකි පලකරන මොහු පලකල බොහෝමයක් අනාවැකි සත්‍ය වී වී ඇති අතර ඔහුගේ අනන්‍යතාව රහසක් ව ඇත්තේ ප්‍රසිද්ධියට ඔහු අකමැති #05;ිසාවෙනි.

ජපානයට සිදු වූ ව්‍යවසනය ගැනත් ඔහු අනාවැකි පල කර තිබෙනවා.
ඒ මෙසේයි

"විෂ ගබඩා කර ඇති භාජන විනාශ වෙයි.විශාල වශයෙන් තණ බිම් ඇති ප්‍රදේශ වල ඇති කරන ගවයන්ගෙන් ගන්න මස් හා කිරි ආහාරයට ගැනීමෙන් රෝගබාධ ඇතිවේ.

විෂ ලෝකය පුරා පැතිරෙයි.උදේට ගෙයින් පිටව යන අය වැසි වලට නොතෙමිය යුතුය. මේ ආකාරයේ යුරෝපයේ සුදු ජාතිකයන්ගේ රටකද මහා පිපිරීමක් ඇතිවේ.එයින් අග්නි ජාලා පැතිරේ.විශාල ප්‍රදේශයක් අළු බවට පත්වෙයි"
.

මේ ඉදිරියේදී සිදුවන ලෝක විනාශය පිලිබඳ ඔහුගේම වචනවලින් පලකල අනාවැකියයි.

1969 වසරේ සිට මගේ අධිමානසික බලයෙන් ඇතැම් අවස්ථාවල අපගේ දේශයට සිදුවන විපත් ආදිය පිළිබඳව අනාවැකි මගේ දිනපොතේ සඳහන් කරගත්තෙමි.අදාළ සියලු අනාවැකි සටහන් කර තිබු දිනපොත් සුරැකිව මා ළඟ තිබේ.එහි සටහන් කර තිබු විපත් ආදී සියල්ලම එලෙස සිදුවිණි.නමුත් නැවකි කිසිවක් ජනමාධ්‍ය වලට නිකුත් නොකර මගේ හිතවතුන්ට පමණක් හෙළිකර නිහඬ වුයේ කිසිදු ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකර බැවිනි.

කෙසේ වුවද මේ හා ය කර ඇති ලිපියේ ඇති නවතම අනාවැකිය අපගේ දේශයට මතුනොව මුළුමහත් ලෝකයටම දැඩි හානි සිදුවන්නක් බැවින් හූදු දයානුකම්පාව නිසාම මෙසේ දැන්වීමට අපේක්ෂා කලෙමි.

2011 පෙබරවාරි 6 වනදා මධ්‍යම රාත්‍රී 3.00 ත් 4.00 ත් කාලයේදී මට මේ පුවත් ලබාදෙන අදිසි බලති ආත්මය මගේ සිරුරුගතවී නිවසින් පිටතට පැමිණ අහස්කුස දෙස නෙත් යමු කර මේ හා සම්බන්ධ කර ඇති දල සටහන මා අත පත් කෙරිණි.එහි සේයා පිටපතක් මෙහි යා කොට අත.එහි මුල්පිටපත මා ළඟ සුරැකිව තැබිණි.මා සාමාන්‍ය පුද්ගලයෙකු බැවින් මෙහි ලා කිසිදු අවබෝධයක් නැත.


එබැවින් මෙම සටහනින් ඔහු පෑ අදහස කුමක්දයි වෙසෙසින් අභ්‍යවකාශයේ තාරකා විද්‍යාව පිලිබඳ හසල දැනුම ඇති අයෙක්ගෙන් විමසන්නේ නම් මැනවි.ඒ අදිසි පුද්ගලයා මා හා කතා කරන්නේ විදෙස් බසකින් වුවත් ඔහු අදහස් කරන දෙය මට පැහැදිලිව අවබෝධ වේ.

නුදුරු අනාගතයේදී මුළු ලෝකයටම විශාල හානියක් සිදු වේ.එයින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් මිය යයි.විශාල දේපල හානියක් සිදුවේ. මහ පොලවේ තැනින් තැන මුහුදු බත් වේ.සමහර රටවල් කැබලි වලට කැඩී යන අතර ඇතැම් කොටස් සොයාගැනීමට පවා නොහැකි වේ.මෙය හේතුව හිරුගෙන් කොටසක් කැඩී හිරු මඩලෙන් පිටට පැන වෙන් වී තවත් ග්‍රහලෝකයක ගැටී
එයින් කොටසක් සමග පෘතුවිය කරා ඇදී ඒමයි.එම කැබලි පෘථිවියට ලංවන විට තව තවත් කැබලි වලට කැඩී පෘථිවිය මත පතිත වේ.

විශාල කොටසක් පතිත වන්නේ Ś1;රාබි කරයේ කාන්තරයකටය. තාප බලපෑම් නිසා එසේ සිදුවේ.තවත් කොටසක් පතිත වන්නේ ඉන්දියාව සතු බිමකටය.ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම මෙම කැබලි පතිත වේ.හිම මිදෙන ප්‍රදේශයකට වැටෙන කැබලි නිසා හිම කඳු දිය වී විශාල රල පහරවල් අඩි 20,30 උසට රටවල් තුලට කා වදී.ඔස්ට්‍රේලියාවට වැටෙන කැබලි හෙයින් විශාල රල පහරවල බලපෑමෙන් එරටට විශාල හානියක් සිදු වේ.මේ උල්කාපාත වැටීමෙන් ජනිතවන කම්පනයෙන් ශරීර අවයව පුපුරා මිනිසුන් හා ජීවීහු කෝටි ගණනක් මියදෙති.

මෙම කොටස් පොලව මත පතිතවීමෙන් ඇතිවන තාපයෙන් හා දුවිලි වලාවන් අහසේ ගැටීම නිසා ඇතිවන හුමාලය නිසා ඇතිවන පටලයෙන් දින කිහිපයක් පොළොවට හිරු එලිය නොලැබී අන්ධකාර වෙයි.සියලුම ගස්වල පත්‍ර හැලි යයි.සියලුම මිනිසුන් හා ජීවින් ටික කාලයක් යන තුරු අන්දමන්ද වී සිටිති.මෙම කැබලි පොලවට වැටීමට සිදුවන හානිය මෙන් සමාන හානියක් තැන්පත් කර ඇති යුධ යුධ හා බෝම්බ වල කැබලි වැදීමෙන් පුපුරා යාමෙන් සිදු වේ.තෙල් ලිං ගිනි ගනී.

මේ කාලය ළඟ වන විට ලෝකයම අඳුරු ස්වභාවයක් ගනී .පරිසරයේ වෙනසක් ඇති වේ.මුහුදු ජීවීහු වෙරලාසන්නයට රැස් වෙති.මාස ගණනක් යනතුරු සුනඛයෝ උඩු බුරලීමට පටන් ගනී.ගවයෝ තපුල් ලෑමට පටන් ගනී.සෙසු සතුන්ද ශබ්ද නගා කෑ ගැසීමට පටන් ගනී.උරගයින් පොලොව මතු පිටට පැමිණ ඉබාගාතේ ඇවිදින්නට පටන් ගනී.මිනිසාද ඔවුන් අනුගමනය කිරීම වටී.සඳු ගිනිබෝලයක් මෙන් දිස් වේ.

මේ විපර්යාසය සිදුවන් කාලය නියත වශයෙන් කීමට අපහසු වන්නේ කැබලි වලට බිඳී පොලොව කා ඒමේදී වේග බාධකයන්ගේ හැපීම් ගැටීම තුලින් කැබලි පාවී විසිර ගොසින් බර අඩු වීමක් සිදු වන නිසාය.

මේ සිදුවීම ඉතාමත් නුදුරු අනාගතයේදී සිදු වීමට නියමිතය.මෙය ලෝක විනාශයක් නොවේ.ලොව වැනසෙන්නේ නැත.ලෝක භුමියේ කොටසක් හා සත්වයින් කොටසක් පමණක් මෙයින් විනාශ වේ.

ක්‍රි.ව 1011 දී මොන්ගෝලියාවේ විසු තාරකා ගණිත විද්‍යාඥයකු ලෙසින් මා අමතන කෘසේ දින 366 නොකඩවා අහස දෙස බලා ආකාශ වස්තු නිරීක්ෂණය කොට ප්‍රකාශ කල සිදුවීමත්,ඩීන් මොනාකෝ නමින් මා අමතන්නා විසින් යම් යම් උපකරණ භාවිතයෙන් විශ්වය ගවේෂණය කොට ප්‍රකාශ කරන දෙයත් එකම දෙයකි.

නමුත් මේ පිළිබඳව කෘසේ ගේ කාලයත් ඩීන් මොනකොගේ කාලයත් අතර මාස 10 දින 3 ක පරතරයක් ඇත.මොවුන් දෙදෙනාම වරින්වර මට සන්නිවේදනය කරන අතර ඔවුන්ගෙන් ඩීන් මොනාකෝ නම් තැනැත්තා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන අතර කෘසේ හෝ කුසේ හෝ ඒ සමාන නමක් ඇති පුද්ගලයා කියන භාෂාව කිසිවෙකුටත් නොතේරේ.එහෙත් ඔහු කියනා දෙය තේරුම් යයි. මොවුන් දෙදෙනාම මේ සිදුවීම පිලිබඳ මට වරින්වර පවසයි.


අවසාන වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ මෙවැනි අනතුරු වලින් බේරිය හැක්කේ පින් කරන අයට පමණක් බවත් සිංහල රට මේ අනතුරෙන් බේරෙන බව ඔහු අතින් අදහස් කියන්නන්ගෙන් වරින් වර කියවී ඇති බවත්ය.

ඔහු පලකල වෙනත් අනාවැකි


1969 මැයි මස 12

ඉදිරි කාලයේදී තරුණයින් ඝාතනය වෙයි. දේපොළ විනාශ වෙයි. කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස පාලකයෙක් මහ මඟ මැරී වැටෙයි.

1973 අගෝස්තු 5 වනදා


1975 වන විට මිනිසුන් කුපිත වීමට ගනී.1978 වන විට මිනිසුන්ට අම්කිසි සහනයක් දැනෙයි.එහෙත් එය දීර්ඝ කාලයක් පවතින්නේ නැත.කැරලි කෝලාහල ඇති වෙයි.නිතිය වල් වැදෙයි.පුජකයන් දුස්සිලොයෝ වෙයි.
භව බෝග විනාශ වෙයි.මිනිසුන තිරිසනුන් ලෙස ක්‍රියා කිරීමට පටන් ගනී.ඇමතිවරු සහ නිලධාරීන් ඝාතනය වෙයි.

1994 වන විට ග්‍රහ චාරය වෙනස් වෙයි.රට ඉල්ලා සිටින පිරිසට යුධ සහ මුදල් ගල එන්න පටන් ගනී.මේ ව සිදු වන්නේ පාලකයන්ගේ වරදිනි.ආරක්ෂක හමුදා වල ය කොටු කර සමුල ඝාතනය කිරීම් සිදු වෙයි. එහෙත් 2007 වන විට රට ඉල්ලන පිරිසගේ ග්‍රහචාරය වෙනස් වෙයි.බලය අඩු වෙයි.තම තමන් එන කොට ගැනීමට පටන් ගනී.එයින් සිංහලයාට වාසි වෙයි.

2010 නොවැම්බර් 2

2010 නොවැම්බර් මස 15 වන ද විශ්වයේ ඇතිවන කැළඹිලි ස්වභාවයන් නිසා ලෝකයේ නොයෙක් නොයෙක් වෙනස්කම් ඇති වෙයි.බොහෝ රටවල දහවල් කාලය අඳුරු ස්වභාවයක් ගනී.බෝවන රෝග සීග්‍රයෙන් පැතිරේ.ඖශධ සොයාගත නොහැකි රෝග පැතිරේ.ජලය විෂ වෙයි.

2011 පෙබරවාරි මස පටන් ලෝකයේ පාලකයන්ට අපල කාලයක් උදා වෙයි.මේ තත්වය නොවැම්බර් 21 වන විට උග්‍ර වෙයි.

මෙහි දක්වා ඇත්තේ ඔහු කියූ අනාවැකි වලින් ස්වල්පයක් පමණි.අසුව දශකයේ කියූ බොහෝ දේ අනුව දශකයේ සබැ වී තිබේ.ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම ගැන ඔහු කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.