Wednesday, June 1, 2011

කාව්‍ය සාහිත්‍යයේ නව පෙරළිය පිළිබ`ද විමසුමක්....

”මම ලියමි පද වැල්
තුවක්කුව මානයේ සිට”

නයිජීරියාවේ ‘සෙන් සරෝ ලිවා ’ ලීවේය.

‘මානසික වහල් භාවයෙන් මිදුනු ’ බොබ් මාල් උස් හඩින් ගායනා කළේය. කවියා ආධ්‍යාත්මික
වශයෙන් නිදහස් මිනිසකු වූ විට ඔහුගේ රසික වර්ගයාද නිදහස් අදහස් ඇත්තන් බවට මතයක්
තිබේ. ලෙබනන් කවියකු වූ ඛලීල් ජිබ්රාන් එවැනි පුරෝගාමියකු වුයේය. ‘ගී පොතයි මී විතයි’ බඳු හුදු
සෞන්දර්යාත්මක සංකල්පයෙන් වසා දැමුවද ‘ජිබ්රාන් ’ යනු මානව විමුක්තිය පිළිබඳ විප්ලවකාරි
අදහස් දැරූ ශ්‍රේෂ්ඨ කවියෙකි.

නිදහස

නිදහස ගැන අපට කියන්න
ඉල්ලීමක් විය සභාවෙන්
කවියා පිළිතුරු දුන්නේය

නගර ෙදාරටුවේ ඔබේ නිවසේ
නිදහසට වැතිර වැද පුදන අතර
ස්වාමියා අස වහලූන් දණ නමයි
පන්සල් මිදුලේත් නගර චතුරස‍්‍රයේත්
වියගසින් හා යදමින් බැඳි සිටින
නිදහසක් මම දකිමි

මගේ හදවතින් ලේ ගලයි
මන්ද යත්
නිදහස ගැන කතා නොකළත්
එය ලබනු පිණිස වන ආශාව
ඔබට නිදහස ගෙනේ

අවබෝධයේ අරුණැල්ලෙන්
වෙලි නොයන තාක්
දහවල සහ රාත‍්‍රිය ඉක්මවන්නට
නැගිටින්නේ කෙලෙසද

සත්‍ය නම්
ඔබ තුළම ඇති ඔබේ කැබලිති
ඉවත දමන තුරු
නිදහසක් නැත

අයුතු නීතියක් නම් බිඳ දැමිය යුතු
එ් අයුක්තිය ඔබේ නලල මත
ලියා ගත්තේද ඔබමය
නීති පොත් ගිනි ලෑමෙන් හෝ
මහ මුහුද නළල මත හෙළීමෙන්
එය මකා දැමිය නොහැක

බිඳ හෙලිය යුතු
ආඥ දායකයාගේ කිරුළ නම්
ඔබේ මනසෙහි ඇති කිරුළ
පළමුවෙන් බිම හෙළනු

තම අභිමානයට අවමන් කරගත්
සිය නිදහසට විලංගු ලා ගත්
මිනිසුන් අතර මිස
වහලූන් සිටිය හැකිද ස්වාමියකුට

ආරක්ෂාව ඔබ තෝරා ගත්තක් මිස
පනවන ලද්දක් නොවන විට
බිය ඔබේ හදවතේ තබාගත්තක් මිස
හිසේ හෝ නළලත නොවන්නේ නම්

ඔබ තුළ ඇලී පවතින දේ
ඉවත් කළ නොහැකි නම්
කවර නිදහසක් වේද
ඔබ තුළ ඇති විලංගු
බිඳ දැමූ විගස එය
වඩා වැඩි අරුත් බර නිදහසක්
ඉල්ලා සිටින යදමක් වේ
ඛලීල් ජිබ්රාන්
(1883 ජනවාරි 06 - 1931 අපේ‍්‍රල් 10*
FREEDOM - XIV
නැමති කෘතියේ පරිවර්ථනයකි.

සිංහල කවියේ ගමන් මග

ප‍්‍රකෘතිය සෞන්දර්යාත්මක ප‍්‍රතිරූප ලෙසන් පිලිඹිබු කිරීම නම් කලාවයි” කලාව අරඹයා මෙවැනි පැහැදිලි නිර්වචනයක් දිය හැකි වූවද , සාහිත්‍යාංගයක් වූ කවිය විෂයෙහි එවැනි නිර්වචනයක් දිමඅතිශයින් අසීරු කටයුත්තකි। කවියට පමණක් නොව අනෙකුත් සාහිත්‍යාංගයන් වලටද මෙම සත්‍ය අදාලය। එ්වාට පොදු නිර්වචනයක් දීමට පෙළඹීමද නිශ්ඵල කටයුත්තකි। මන්දයත් අනෙකුත් සාහිත්‍යාංගයන්නිරන්තරයෙන් වෙනස්වීමක පවතින බැවිනි මේ වෙනස්වීම සමාජ සංදර්භයේ සිදුවන පරිවර්ථනයන්ට අනුරූපව සිදුවේ। එහෙත් මෙතෙක් ඉතිහාසය පුරා කවීන් මේවා විචාරක බුද්ධිමතුන් වේවා කවිය යම්තාක් දුරකට හෝ නිර්වචනය කරතිබේ। මෙම නිර්වචන ඔස්සේ කවිය අරඹයා යම් පොදු අදහසක් ගොඩනගා ගැනීමටද නොහැකි නොවේ।එහෙත් එ්් කවිය පිළිබඳව පරිපූර්ණ අදහසක් නම් නොවේ। කවිය අතිශය සංකීර්ණ සාහිත්‍යාංගයක් බැවින් මෙකී නිර්වචනවලට හසුවන්නේ කවියේ යම් යම් පැතිකඩ පමණි।ලාංකිය විචාරකයන් අතරින් මාර්ටින් වික‍්‍රමසිංහයන් කවිය පිළිබඳව දක්වා තිබෙන අදහස් අතිශයින් වැදහත් යැයි හගිමි। ”කාව්‍ය කල්පනාව ගුරුකොට ගෙන භාවෝද්වීපනය සඳහා අලංකාරෝක්තීන්දවහල් කොට ගෙන නිපදවන ලබන රචනා විශේෂයකි. මානව ජීවිතයෙහි නොගැඹුරු, ගැඹුරු හා ඉතාම ගැඹුරු තැන් අපගේ මනසට හසුකර ගැනීමට අපට උපකාර වන භාවනා විශේෂයකි. ”එසේම කවියඅහස් වියමනක් නොවන බව කහා එය ජීවිතය පිළිබිඹු කරන කැටපතක් ” බවද ඔහු සඳහන් කරයි. බටහිර විචාරකයකු වූ එස් ටී කොල්රිජ් පවසන්නේ කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට
යෙදීම බවයි. විලියම් වර්ඞ්ස්වත් යනු එවැනිම බටහිර ප‍්‍රධාන පෙළේ රොමාන්තික කවියෙකි. ඔහුට අනුව

කවිය යනු අනුත්සාහකව ගලා එන ප‍්‍රබල හැඟීම් ” ය।

පෙරදිග ප‍්‍රකට කිවි විශ්වනාථ කවිය අර්ථගන්වන්නේ රසය ආත්ම කොට ගත් වැකිය ලෙසය। මෙලෙස පෙර දිග අපරදිග බොහෝ විචාරකයන් කවීන් හා කවිය පිළිබඳ විවිධ අදහස් පලකොට තිබේ। එ්වායින් කවිය අරඹයා පරිසමාප්ත අර්තයක් ලබා ගත නොහැකි වූවද කවිය පිළිබඳ යම් දළ අදහසක් ලබා ගත හැක। ලාංකීය කවියේ විකාශය පිළිබඳව විමසා බලද්දී පෙනී යනේ එය ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නක් බවයි। ලාංකීය කවියේ උපත සොයා යාමේදී එය ක‍්‍රි:ව: 5,6,7 තරම් ඈත අතිතයකට ඇදී යන බව පෙනි යයි.।මුල්ම කවි සෙල් ලිපිවලින් අපට හමු වේ. .

” පියුම් පාදා දිය බිංදු
සෙයින් සක්විති ඈ සැප කුදු
ලැව්ගිනි හමු ඉලිඹු මලත්
සොවින් දිවි බිඳු මරණ හමුවන සන්දි....”

මේ අභයගිරියෙන් හමුවන ක‍්‍රි।ව। 8 වන සිවසට අයත් කවියකින් කොටසකි। ලාංකීය කවියේ විකාශනයයසිදුව ඇත්තේ විවිධ වෙනස්වීම්වලට ලක්වෙමිනි। මෙම විකාශනය පිරික්සා බලන කල පෙනී යන ප‍්‍රධාන ලක්ෂණය නම් වඩාත් වෙනසකට ලක්ව ඇත්තේ ලාංකීය කවියේ අන්තර්ගතය නොව ආකෘතිය බවයි।එනම් කවියේ අභ්‍යන්තර ලක්ෂණවලට වඩා භාහිර ලක්ෂණ නිරන්තර වෙනසකට භාජනය වෙමින් ඉදිරියට ගලා විත් තිබේ.

ගී විරිත

”ගී කාව්‍ය ආකෘතිය ලාංකීය කවියේ මුල්ම කාව්‍ය ආකෘතිය බව අපේ කවියේ ඉතිහාසය පිරික්සනවිටපෙනී යයි। සිව්පද, අඹහැලි ආදී වූ වෙනත් විරිත් මේ යුගය තුළ තිබෙන්නට ඇති වූවද එකල කවින් අතර වඩාත් ප‍්‍රචලිත වී ඇත්තේ ගී විරිතය।8 වන සියවසේ සිට 13 වන සියවස දක්වා මෙම ගී විරිත සිංහලකාව්‍ය තුළ ජනප‍්‍රියව පැවත ඇත। මෙම ගී විරිත බොහෝ විට මාත‍්‍රා ඡුන්දසට අයත් වූවකි। ”ඡුන්දස යනු පද්‍යක යෙදිය යුතු අක්ෂරයන්ගේ හෝ මාත‍්‍රාවන්ගේ හෝ ගණයන්ගේ හෝ සංඛ්‍යා නියමයයි”
(නූතන පද්‍ය කාව්‍ය සංහිතා - සුනිල් ආරියරත්න*

මේ අනුව මාත‍්‍රා ඡුන්දස හා ගණ ඡුන්දස යනුවෙන් ඡුන්දස් දෙවර්ගයක් වේ. සීගිරි කුරුටු ගී.මුවදෙව්දාවත, කව්සිළුමිණ, සසදාවත ආදී කාව්‍ය කෘති රචනා වී ඇත්තේ මෙම ගී විරිතෙනි. 6වනසියවසේ විසූ අසක්දා මල් නම් කවි විසින් රචිතයැයි අනුමාන කෙරෙන ” අසක්දා කවෙහි ” පාඨද ගීවිරිතෙන් ලියවී ඇත.

”වෙත්වා කිවි දනෝ
සරසවි බැලූමසෙක්නි
පෙදෙහි රසහව් විදිනා
දෙදෙනා ඉතා දුලබෝ”
(කව් සිළුමිණ*

ගීයක් යන්න කුමක්ද යන්න ඊළඟට විමසා බැලිය යුතුය.ගීයක් යනු අර්ධ දෙක තුළ මාත‍්‍රා 30 ත් 44 ක්අතර ගණනක් ඇති නිර්මාණයක් බව එම සදැස් ලකුණු කරුව පවසයි. පරණවිතාන මහතාගේ මතයවනුයේ මෙම මාත‍්‍රා ගණනට අඩු හෝ වැඩි නිර්මාණ ගී ලෙස සැලකිය නොහැකි බවයි. එ් නිසා ”බුදල්මිසියොවැආමි” නැමති සීගිරි ගීය ගීයක් ලෙස ඔහු නොපිළිගනී. පරණවිතාන මහතාගේ මෙම මතයටපටහැනි මතයක් ඉදිරිපත්කරන යු.ඞී ජයසේකර මහතා පවසන්නේ කිසියම් පාඨක පද සංයෝජනයශබ්ද ලාලිත්‍යයත් මිහිරියාවත් කටට පහසුව ඇතිවන සේ යොදා ඇත්නම් එය ගීයක් බවයි. පොළොන්නරුහා දඹදෙනි යුගවලදී ලියවුණු බොහෝ කාව්‍යයන් රචනා වී ඇත්තේ ගී විරිතෙන් බව පැහැදිලිය.
සිව්පදය
එහෙත් ගී විරිත කෝට්ටේ යුගයට පැමිණෙන විට එතරම් ප‍්‍රචලිත නොවීය. මෙම යුගයේ වඩාත්ප‍්‍රකට වූයේ සිව්පද ආකෘතියයි. දඹදෙනි යුගයේ අවසානයත් සමඟ සිව්පදය ගී විරිත අභිබවා ඉදිරියටආවේය. එයට හේතු වූයේ ජනකවියේ සාරය උකහා ගනිමින් සිව්පද විරිත මතු වීමයි. ශබ්ද ධ්වනියට මුල්තැනක් දෙමින් සිව්පදය පොදු ජනයා තුළ මුල් බැස ගන්නට විය.

” දත් කැකුළු පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙලී සියොලඟ ¥ලි ගාලා”
(කාව්‍යශේඛරය*

කෝට්ටේ යුගයේ කවියට සංස්කෘත කවියේ බලපෑම මෙන්ම දකුණු ඉන්දීය කවියේ බලපෑමදඑල්ල විය. ගුත්තිලය, ලෝවැඩසඟරාව, කාව්‍යශේඛරය වැනි කෘතිවලට අමතරව සංදේශකාව්‍යයේදවිශාල පිබිදීමක් කෝට්ටේ යුගයේදී ඇති විය. මෙලෙස කෝට්ටේ යුගයේදී ප‍්‍රචලිතව පැවතුණු සිව්පදවිරිත ක‍්‍රමයෙන් හීනවී මහනුවර, මාතර අවධිවලට පැමිණෙන විට සිලෝව ප‍්‍රකට විය. ඝන ඡුන්දසටඅනුව සිලෝව රචනා වේ. 15 වන සියවසෙන් පසු බිහි වූ එළු සිලෝ ශතකය ප‍්‍රාතිහාර්ය ශතකය,තෙරුවන් මාලාව මීට කදිම නිදසුන්ය.

කොළඹ යුගය
සිංහල කවියේ වඩාත්ම පිබිදුනු යුගය ලෙස දක්නට ලැබෙන්නේ කොළඹ යුගයයි. කොළඹ යුගයේකවිය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ.

01. කොළඹ යුගයේ මුල් භාගය (1900- 1930*
02. කොළඹ යුගයේ පශ්චාත් භාගය (1900 න් පසු කාලය*

කොළඹ යුගයේ ප‍්‍රථම භාගය
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යට එරෙහිව අදහස් මොරායමින් පැවති අවදියක් ලෙස කොළඹ යුගයේ ප‍්‍රථමභාගය හැදින්විය හැක। මෙකී දේශපාලන සංදර්භය මෙම යුගයේ කවියට බොහෝවිට ප‍්‍රස්තුත විය। මීටඅමතරව පාරම්පරික සාරධර්ම රැුක ගැනීම, අතීත ශ‍්‍රී විභූතිය වර්ණනා කිරීමටද, ඔවදන් දීම වැනි දෑමෙම කවියෙන් නිරූපනය විය.
පියදාස සිරිසේන, ජී।එච්।පෙරේරා, එස්।මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, ජේ.එ්. ද සිල්වා,ආදීකිවීහු මෙම යුගයේ වඩාත් කැපී පෙනුනි. සිව්පද කාව්‍ය ආකෘතිය මෙම යුගය තුළ වඩාත් ප‍්‍රචලිත වූ අතරපාලි හා සංස්කෘත ආභාෂයෙන් කැඞී වෙන්වි යාමක්ද දක්නට ලැබේ. යම්තාක් දුරට බටහිර කවින්ගේආභාශය ලබාගත් බවක් පෙනේ. නිදසුනක් ලෙස ඞී.එස්.ලැනරෝල්ගේ ”බටහිර මාණික්‍ය” කෘතියේක්ෂේපියර්ගේ කොල්රිජ්ගේ කෘතියේ , වර්ඞ්ස්වත්තෙ කවි සිංහලයට පරිවර්ථනය කර ඇත. ජාතිය හාආගම පිළිබඳව හැඟීම් කුළු ගන්වමින් මතුව ජාතික ව්‍යාපාරයට යම් උත්තේජනයක් සැපයීය.

”මොන කරුමයද තව ඇහැරුණු බහක් නැහැ
පැන පැන බියව මුලූ වැදුමෙන් පලක් නැහැ
දිනුමෙන් පැරදුමෙන් කෝකත් කමක් නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ”

සහන ලැබෙන තුරු ලංකාදීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට
නගන රුපුන් නගමින් යමි ඉදිරියට
මහණකමත් බණ දහමත් එයයි මට

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි සිංහලයන් අතර වීරයකු බවට පත් වූයේ මෙවැනි කවි නිර්මාණයකළ නිසාය. එතුමානන්ගේ ජාතිකානුරාගී කවිවල මෙවැනි වේගවත් බවක් හා දෘඩ භාෂාවක් තිබුණදළමයින් සඳහා නිර්මාණය කළ කවිවල අතිශය බුහුටි බසක් භාවිත කර තිබේ. රාත‍්‍රිය නම් කවි පංතියේඑන මෙම කවිය ඊට කදිම නිදසුනකි.

”සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අනන බලනු
කොච්චර ලස්සනද ?ට”

කොළඹ යුගයේ පළමුභාගයේ විසූ ආනන්ද රාජකරුණා මහතාද හරවත් කවි රැුසක් නිර්මාණයකළ කවියෙකි। ඇත්තෙන්ම ඔහු අදද පාඨකයා තුළ රැුදෙනුයේ ළමා කවියට හසලයකු ලෙසය। ඔහු අතින්ලියවුණු ” රෝසමලේ නටුවෙ කටු” නැමති පුංචි කවිය නොකියවූ කුඩා අයෙකු සොයා ගැනීම තරම්අපහසුය. ආනන්ද රාජකරුණා ළමා කවියට හසලයකු වුවද ඔහුත් අධිරාජ්‍ය විරෝධී ආකල්ප දනවන කවි රචනා කර තිබේ.

කොළඹ යුගයේ ද්විතික භාගය

බටහිර රොමැන්තික් කවින් වන විලියම් බ්ලේක් (1757 - 1827* විලියම් වර්ඞ්ස්වත් (1770-1850*සැමුවෙල් කොල්රිඞ් (1772-1834* හෙන්කිඞ්ස් (1788-1824* ඇල්ෆඞ් ටෙනිසන් , පර්සි බි‍්‍රස්නේ ෂෙලී (1792-1822* ආදීන්ගේ කවිවල ආභාෂයද කොළඹ යුගයේ ද්විතීය භාගයේ කවීන්ට ලැබුණි। බටහිර මෙමරොමැන්ටික් කවියේ මූලික හරය වුයේ පවිත‍්‍ර පරම මිනිසා දැකිය හැක්කේ කාර්මිකරණයට හසු වූ පවිත‍්‍රපරිසරය තුළය යන්නය। ගම්බද සිරියාව උතුම් ලෙස සැලකූ අතර එවැනි පවිත‍්‍ර ස්වභාව දහම තුළදෙවියන් දැකිය හැකි බව විශ්වාස කලේය. එහෙත් එ් ආභාෂය ලැබූ අපේ කවින් සොබා දහම එතරම්ගැඹුරු අර්ථකතනයකට ලක් නොකළ අතර ඔවුහු නිතරම පාහේ සොබාදහම ස්ත‍්‍රියට සාමාන කොටවර්ණනා කළහ. එ් අනුව මෙම යුගයේ කවියේ අනෙකුත් විශේෂත්වය නම් ශෘංගාරය උත්කර්ශවත්කිරීමය.

දියදම් මවගේ පියවුරු යන උවම හෙබී
මිහිදුම් පටල පොරවා උරුමයට ලැබී
තුගුබිම් පියොරු කදු පරසතු සුළඟ බිබී
මගෙ පෙම්වතියගෙ පිළිරුව බලයි එබි
(පී.බි .අල්විස් පෙරේරා*

අල්ලා අතින් පාවෙන වන මල් කළඹ
නිල් වතුරෙන් නැගුණු අති සුන්දර නලඹ
ගල් පර නැමති උස් රඟ මඩලට එළඹ
සොල්වාපන් තවත් දියසුළි මිනි සලඹ
(මීමන පේ‍්‍රමතිලක*

මෙම යුගයේ බොහෝ කවින් තම කවියෙන් මනෝ ලෝක නිර්මාණයට වැඩි කැමැත්තක් දැක්වුවදවිමලරත්න කුමාරගම කවියා බොහෝ උත්සාහ කලේ ඔහු ගැටෙන සමාජ යථාර්ථය ප‍්‍රතිනිර්මාණයකිරීමටය। ”හේරත් හාමි” ”අයියනායක” වැනි කවිවලින් මෙය විශද වේ.

අලියා වැටුණු වැව සිටි හේරත් හාමි
මා වැනියෙකු වුවද වැදගත් විමි
මිනි කපන මුත් එ් හේරත් හාමි
ඔහු මට වඩා විසිතුන් ගුණයක් දෑමී

හෙළ හවුල

කොළඹ යුගයේ කවිය ජනප‍්‍රිය වූවද එහි ඇති හරසුන් බව නිසාම කෙමෙන් එය ජනතාවගෙන්ඈත් වන්නට විය. හෙළ හවුලේ කවීන් ඉදිරියට එන්නේ මේ පසුබිම තුළය. රැුයිපියල් තෙන්නකෝන්,කුමාරතුංග මුනිදාස, අරිසෙන් අහුබුදු මෙහි ප‍්‍රමුඛයෝ වෙති. ව්‍යාකරණය පිළිබඳ දැඩි මතදාරී ගුරුකුලයක් වූ හෙල හවුල, කවියට පාදක කරගන්නෙ විදග්ධ භාෂාවයි.එහෙත් එ්වා පොදු පාඨකයාට බොහෝ දුරස් විය. නිදර්සනයක් ලෙස රැුයිපියල් තෙන්නකෝන්කවි දහස් ගණනක් ලියූවද එ් අතරින් ජනතාව තුළ රැුඳුනේ ඉතාම අල්පයකි. කවියේ ශබ්ද රසය ඉතාමපහත් කොට සැලකූ මොවුන් වැඩි අවධානයක් යොමු කළේ අර්ථ රසයටය.

සිතැ මගේ ඇතිසේ කොතැනින් පටන්
ගෙන කියමිද බොහෝ දිගුකල් ගියත්
එකවරේ නැහැ එයි අදහස් දහස්
හැම කරත් නිරවුල් පොහොසත් නොවම්
ඔබ ගියෙන් අප සිත් අඳුරින් මහත්
වැඩිණි වන්නද නන් වගැ වල් ගසින්
හෙළි කරන්නට අත් යෙදුවෝ නුවූ
දෙකැමැ පාළු වතු යන්නට එ් මදැ
(කුමාරතුංග මුනිදාසගේ පියසමර පද්‍ය සංග‍්‍රහයෙන් *

මේ අනුව පෙනී යන්නේ හෙළ හවුලේ කවීන් යම් රාමුවකට කොටු වූ බවය. මේ සාධක මතලාංකීය කවිය ට නව වෙනසකට භාජනය වීම අත්‍යවශ්‍යය විය. සිව්පද විරිත සහිත කවිය තවදුරටත්රසිකයා තුළ ඇති කළේ මහත් එ්කාකාරි බවකි. තවද මේවන විට බටහිර කාව්‍ය බොහෝ වෙනස්කම්වලටලක්ව තිබුණි. පෙරදිග අපරදිග සාහිත්‍ය සම්ප‍්‍රධායන් අධ්‍යයනට කිරීමට ඉඩ ප‍්‍රස්ථා විවර විය. ලංකාවිශ්ව විද්‍යාලය මෙයට මහත් රුකුලක් විය.මේනිසා ලෝක සාහිත්‍ය පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති විය. ද්විභාෂා පෝෂණය කළ උතුමන්මෙම කතිකාව පොහොසත් කළහ. ලාංකීය කවියේ නිදහස් සම්ප‍්‍රධාය බිහි වන්නේ මේ වටපිටාව තුළය.මෙහි පුරෝගාමියා වූයේ ජී.බී.සේනානායකය. ඔහු ලෝක සාහිත්‍යයේ උසස් කෘති මෙන්ම විචාර මතවාදදපරිශීලනය කරමින් සාහිත්‍යයට අවතිරණ වූවෙකි.ඔවහුගේ සම්ප‍්‍රාප්තියත් සමගින් ලාංකිය කවිය සිරවීසිටි රාමුව දෙදරා ගියේය. සිව්පද ආකෘතිය තුළ නවීන සමාජ ජීවිතය ප‍්‍රතිනිර්මාණය කිරීමේ අපහසුතාවඔහුට වැටහිණි. ඔහුගේ මෙම අත්හදා බැලීම කලඑළි බැස්සේ පළිගැනීම නැමති කෙටිකථා සංග‍්‍රහයෙනි.එය ගද්‍යත්, පද්‍යත් අතර වන විශේෂ රචනා ශෛලියක් බව ඔහු හදුන්වනු ලැබිය. බටහිරප‍්‍රචලිතව තිබූ ත්‍රුැ ඪැරිැ නැමති නිදහස් පද්‍ය සාහිත්‍යයේ ආභාෂය ඔහුට ලැබුණි. මේ ආභාෂය ලබමින්ඔහු ලාංකීය කවියේ නිදහස් ආකෘතිය සමාජගත කළේය. ”දැල් කවුලූව” ”විදීමි” ”සෙවනැලි ” යනකාව්‍ය කෘති ඔහු අතින් නිමවිණි. නිදහස් කාව්‍ය ආකෘතිය කුමක්ද යන්න වටහා ගැනිමට ඔහුගේ ”දෙවියන් මැරිම” යන කාව්‍ය පමණක් සෑහේ. එහි කොටසක් මම උපුටා දක්වමි.

බුද්ධිය මිත‍්‍රයකු යැයි සිතූ මම
දිනක් මගරැුක සිට
මගේ දෙවියන්
මරා හෙළමි.
දැවැන්තයකුවන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මාපිටු පසින් එනු මට ඇසෙයි

1954 දී භාවගීත නම් තම ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහය එළි දක්වමින් ගුණදාස අමරසේකර කාව්‍යකරණයට පිවිසෙයි। ජී.බී. සේනානායකට පසුව කාව්‍යකරණයට අවතීරණය වන අමරසේකර නූතන කවියේප‍්‍රගමනයට ඉතා විශාල මෙහෙයක් කළේය. කොළඹ කවියේ දුර්වලතා මනාව හඳුනාගත් ඔහු ජී.බී.සේනානායකගේ නිදහස් ආකෘතියට සිර වූයේ නැත. කොළඹ කවියට වස්තු විෂය නොවූ බොහෝ අත්දැකිම්ඔහුට ආවේනික හද බසකින් කවියට නැගීමට ඔහු සමත් විය. ජනකවියෙන්, බටහිර කවියෙන් හා පැරණිසිංහල කවියෙන්ද ආභාෂය ලබමින් අමරසේකර මහතා නව්‍ය කාව්‍ය භාෂාවක් ගොඩනැංවීය. ”ගුරුළුවත” නම් කාව්‍ය සංග‍්‍රහය ඔහුගේ කවියේ අග‍්‍රඵලයයි.සිංහල කවියේ ඊළඟ පෙරළිය සිදුවූයේ සිරි ගුණසිංහ අතිනි. ඔහුගේ මුල්ම කෘතිය වූ ”මස් ලේනැති ඇට” රසික සමූහයාගේ නොමද අවධානය දිනා ගත්තේය. ජී.බී සේනනායකගේ නිදහස් කවියෙන්වෙනත් මගක් ගත සිරි ගුණසිංහගේ කවිය නිසදැස් කවියේ ආරම්භය සලකුණු කලේය. මේ පිළිබඳවිශාල සංවාදයක් එකල මතු විය.සිරි ගුණසිංහ ට බටහිර කවියේ ආභාෂයද ලැබුණි. 17 වන සියවස පූරා බටහිර ප‍්‍රකට වූ ජෙවන්වස්ක්ස්ඇන්ඩෲ මාවල් , රොබට් ලව් ලේස් , හෙරික් වැනි පාරභෞතික කවීන් කවියෙහි වූ බැලූ
බැල්මට නොගැලපෙනයැයි හැෙඟන උපමා රූපක භාවිත සිරි ගුණසිංහගේ කවිය තුළද දිස්විය.70 දශකය යනු ලාංකීය දේශපාලනයේ පෙරළි ගණනාවක් සිදුවූ දශකයක්ය. එක් පැත්තකින්සමගි පෙරමුනු ආණ්ඩුව බලය අත්පත් කරගැනිමටද අනෙක් පැත්තෙන් 71 තරුණ නැගිටීමට මෙහිදීවිශේෂ විය. 71 තරුණ පිබිදීම නිසා සමාජ දේහයේ ඇති වූ බරපතල වෙනස්කම් කලාවට, සාහිත්‍යටඍජූව බලපෑ බව පෙනී යයි. ගීතය තුළ වේවා චිත‍්‍රපටය තුළ වේවා මෙකි බලපෑම නිරූපනය වේ.ගුණදාස කපුගේ ගැයූ ”උලලේනෝ” ගීතය හා විශේෂයෙන් ධර්මසේන පතිරාජගේ සිනමාව මෙහිදී සඳහන්කළ යුතුය. සුගතපාලද සිල්වා ප‍්‍රමුඛ යථාර්ථවාදී නාට්‍ය කරුවන්ද මෙම මග ගත්තේය. මෙවැනි කලාමාධ්‍යන්ට මෙන්ම සාහිත්‍යයටද මෙකී දේශපාලන සංදර්භය බලපෑම් කළේය. ලාංකීය කවියේ තවත්අපූර්ව යුගයක් ඇරඹුනේ මෙම සංදර්භය ප‍්‍රස්තුත කරගෙනය.

70 දශකය
1965 වන විට ජේ.බී සේනානායක. ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ වැන්නවුන් කෙමෙන්මැකියන විට එ් ස්ථානය නැවතත් කවීන් දෙදෙනෙකු විසින් අත්පත් කරගත්තේය. එ් මහගමසේකර හාවිමල් දිසානායක දෙදෙනාය. මීට අමතරව පරාක‍්‍රම කොඩිතුවක්කු, ධර්මසිරි රාජපක්ෂ, මොනිකා රුවන්පතිරණ, දයාසේන ගුණසිංහ, බර්ටි බී කුඩා හෙට්ටි, බුද්ධදාස ගලප්පත්ති, වැන්නවුන් 70 දශකයේ කවියඑළිය කල ප‍්‍රකට කවියෝය. සමාජ විඥනය පාදක කර ගැනීම මොවුන්ගේ කවියේ විශේෂත්වය විය.සමාජ අසාධාරණත්වය, තරුණ අසහනය, ආදරය පිළිබඳ වූ ආකල්ප, පංති විෂමතාව ආදිය මෙමකවීන්ගේ කවියට ප‍්‍රස්තුත විය. මෙම යථාර්ථවාදී කවියෝ කල එළි බැසිමත් සමඟ රොමාන්තික කවියපසකට තල්ලූවී ගියේය.බටහිර දිර්ඝ ආඛ්‍යාන කවියේ ආභාෂයද මොවුන්ගේ සමහරෙක් ලැබීය. නිදර්ශන ලෙස සේකරගේ”ප‍්‍රබුද්ධ” හා ”නොමියෙමි” සඳහන් කළ හැක. කවියක වඩාත් වැදගත් වන්නේ ආකෘතිය නොව අනුභූතියබව සේකරගේ මතය විය. ඔහු ජනකවියේ මෙන්ම පැරණි පද්‍ය සාහිත්‍යයේ නිසදැස් කිවියෙන් ආභාෂයලැබීය. බෞද්ධ සාහිත්‍යයට වැඩි ආසන්නතාවක් දැක්වූ ඔහුගේ කවිය එක්තරා දුරකට බෞද්ධ දෘෂ්ටියහා යථාර්තවාදය අතර දෝලනයක් විය. මීට කදිම නිදසුනක් ඔහුගේ ප‍්‍රබුද්ධ කාව්‍ය සංග‍්‍රහයේන හමුවේ.

ධර්මය වටහා ගත හැකි
උන්ට සමාජයක් ගොඩනැගීමේ
පළමු පියවර
කෑමෙන්, ඇඳුමෙන් ගෙයක් ෙදාරින්
තෘප්තිමත් ලොවක් තැනීමය
එ් සඳහා මම නවතිමි
නැවතිමය ගමන
සංසාරය නිවනග
(මහගමසේකර -ප‍්‍රබුද්ධ*

සේකරගේ සමාජ දෘෂ්ඨිය බෞද්ධ ශික්ෂාවේ සිට සමාජය භෞතිකව වෙනස්කිරීම දක්වා වූ ඉමකෙමෙන් විකසිත වන අයුරු ප‍්‍රබුද්ධ තුළින් දැකගත හැක. ඉතා පුළුල් සමාජ අත්දැකීම් සම්භාරයක්සහිත විමල් දිසානායකගේ කවියේ කැපීපෙනෙන කාව්‍යයක් වනුයේ ” දියේ ගිලිනු අයියාට” නම් කාව්‍යයයි.පරාක‍්‍රම කොඩිතුවක්කු, ඩබ්:එ්: අබේසිංහ, බුද්ධදාස ගලප්පත්ති වැන්නන් පංති විෂමතාවයන් තම කවිවලටමනා ලෙස ප‍්‍රස්තුත කර ගත්තේය. පරාක‍්‍රමගේ ”පොඩි මල්ලියේ” හා ”අලූත් මිනිසෙක් ඇවිත්” යන කවි දඩබ්:එ්. අබේසිංහගේ ”කතරගම මල් නගාට ” හා බුද්ධදාස ගලප්පත්තිගේ ”දයාවතී ” ”මෙහෙකාරදැරියගේ ගීතය” මෙහිලි සඳහන් කළ යුතුය.

ලාංකීය කවිකෙත පොහොසත් කළ තවත් ප‍්‍රකට කවීන් දෙදෙනෙක් 70 දශකය මැද භාගයේබිහිවිය. එරික් ඉලයප්ආරච්චි හා රත්න ශ‍්‍රී විජේසිංහ යන දෙදෙනාය.” බිය නොවන් අයියණ්ඩි” තුළින්රත්න ශ‍්‍රී අනාගත අපූර්ව කවියකු පිලිබඳව පෙරනිමිති කියාපෑවේය. ”මැදියමේ ගීතය” එරික්ගේ මූල්මකාතිය හා ඊට පසු නිර්මාණය කළ ”සිදුහත් අගමෙහෙසිය” එතරම් විචාරක අවධානයට ලක් වූයේ නැත.එහෙත් ඔහුගේ ”ආලින්දය” . නම් කෘතිය සමඟ තවත් සුවිශේෂී කවියකු පිළිබඳව සමාජ අවධානයපැතිර ගියේය. ඔහුගේ නවතම කෘතිය වන ”මගේකොළඹට හද පායලා” ඔහුගේ සමාජ දෘෂ්ටිය නිරූපනයකරයි. ”වස්සානය” රත්න ශ‍්‍රී ගේ කාව්‍ය යේ පරිණත බව මොනවට කියාපාන කාව්‍යකි. අදද රත්න ශ‍්‍රීකවියකු මෙන්ම කෘතහස්ත ගී ප‍්‍රබන්ධයකු ලෙස ප‍්‍රකටය.

ඔයදෑල දොඩමලූය සුවඳ බැරුවා ඉන්ට
සිල්වතුර තුරුලූ කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොදුර නුඹ වගේම හිනහේය මා එක්ක
-රත්න ශ‍්‍රී විජේසිංහ -වස්සානය-

80 දශකය
80 දශකය තුළ සිංහල කවිය ප‍්‍රභාවත් කළ කවියා වූය් ආරියවංශ රණවීරය. බටහිර කවියේආභාෂය නොවඩුව ලැබූ ඔහු කවියා භාෂාවේ වහළකු නොවී රසිකයාගේ ප‍්‍රඥව වර්ධනය කිරීමටමැදිහත් වියයුතු බව හේ විශ්වාස කලේය. සංශිප්ත කවියේ ලාංකිය සලකුණ අරියවංශ රණවීරයැයිබොහෝ විචාරක මතය විය.ඔහු රචිත හත් දිනකට පසු නිදහස්ව ආ පුතුට , අවසාන පාඩම, කාර්යාල කාර්ය සහයකයාගේමරණය, විචාරක අවධානය වැඩි වශයෙන් දිනාගත් කාව්‍යයන්ය. ඔහුගේ සංශිප්ත කවිය තේරුම් ගැනිමටනිදර්ශනයක් ලෙස ”නැපී” නම් කවිය සඳහන් කරයි. 80 දශකය දික් විජය කළ අනෙක් කවියා ලාල්හෑගොඩ කවියාය. එළිමහනේ හැඟුණු කවි කහා ගඟ වක්වී ගලන තැන ” ඔහුගේ ප‍්‍රකට කාව්‍ය ග‍්‍රන්තයන්ය.

නැපි
සුදු සදු නැපි
ඇස හැපි හැපී
පැටියකු ඇති බව පවසති
- අරියවංශ රණවීර -

නන්දන වීරසිහ , කුමාර හෙට්ටි ආරච්චි , දර්ශන මේදිස්, යමුනා මාලනී පෙරේරා වැන්නෝද ලාංකේයකවි කෙත පෝෂණය කළෝය। එසේම ලක්ශාන්ත අතුකෝරල, මංජුල වෙඩිවර්ධන, පියන්කාරගේ බන්දුලජයවිර වැනි නූතන කවීන්ද මෙහිදී සඳමන් කළ යුතුය।
පුවත් පතේ කවි


මීට අමතරව පුවත් පත් වලට හා සඟරාවලට කවිලියූ කවීන් බොහොමයක් ද සිටිති. මෙම පුවත්පත් කවීන්ගේ ස්වර්ණමය යුගයේ වූයේ 80 දශකයේ අගභාගය සහ 90 දශකයේ මුල් භාගයය. නමුදුපුවත්පත්වලට හා සඟරා වලට කවි ලියන කවීන් අප අතර සිටිති. 80 දශකය තුළ පුවත්පත් වල හාසඟරාවල ප‍්‍රකට කවියෙක් බවට පත්වූයේ චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න නම් කවියාය. 80 දශකය තුළ ලාංකීයදේශපාලන සංදර්භය ඔහුගේ කවියට ප‍්‍රස්තුත විය. එසේම සිය මව් හා බැඳි සබඳතාද ඔහුගේ කවියතුළ නිරූපිත විය. චන්ද්‍ර කුමාරගේ කවියේ අග‍්‍ර ඵලය බදු ”භූගත ජීවිතය” නම් කවියේ එන කොටසක්මෙසේය.

භූගත ගරිල්ලෙක් සිටිනම්

වේසියකගේ පුතෙක්නම්
ලොවඇති උත්තම පේ‍්‍රමයත්
ලොව ඇති දරුණුතම වෛරයත්
ඇත්තේ
එ් රහස් හදවතෙහිය

ද්‍රවිඩ කාව්‍ය සාහිත්‍යය

දෙමළ නව කවිය බිහි වීම
දෙමළ නව කවිය උපදින්නේ හා විකාශනය වන්නේ දකුණු ඉන්දියාව කේන්ද්‍රකර ගෙනය. විශේෂත්වය ඉන්දියාවේනිදහස් අරගලය කේන්ද්‍රකර ගැනීම. මේ පසුබිම තුළ හමුවන ප‍්‍රබල කවියෙක් සුබ‍්‍රමනියම් භාරතී. ඔහු ඉතා ප‍්‍රබල විප්ලවීයකවි නිර්මාණය කළා. ඔහුගේ මග ගිය කවියෙක් භාරතී දාසන්ගේ මඟ යන දෙමළ නව කවි පරපුරක් බිහිවුණා. ශ‍්‍රී ලංකාවේදෙමළ කවීන්ට බලපෑවේ මේ කාව්‍ය නිර්මාණ ව්‍යාපාරය.ලංකාවේ එක්තරා අවධියක සම්ප‍්‍රධායික ගලා එ්මක් දකින්න ලැබෙනවා. හැබැයි ඉන්දියාවේ නව කවියේ බලපෑම්එක්ක ලංකාවේ සම්ප‍්‍රධායික කවියේ සාධනීය වර්ධනයක් ඇති වෙනවා. විප්ලවීය චින්තනය, පීඩනයට එරෙහිව නැඟී සිටීමකියන මං සලකුණු දක්නට ලැබෙයි. භාරතීය කවීන් පුවත් පත්, සඟරා, කවිපොත් පළකරනවා. ලංකාවෙත් එය සිදු කරයි. මුල්කාලීනව පත‍්‍රිකා, පත්තර මාධ්‍යය ප‍්‍රධාන විය. පසු කලෙක පොත් මුද්‍රණය සිදුවීම ආරම්භයක් ඇති විය.ලංකාවේ ”මහාකවි” කියලා ප‍්‍රකට වූ සැබෑ නමින් ”රුද්‍රා මූර්ති” කියන්නේ අපි කියූ සාධනීය පව‍්‍ර ණතාවේ එක සංධිසථ් ානයක.්මෙහි එක් ලක්ෂණයක් නම් සිංහල නව කවිය බිහිවන පූර්ව නිදහස් යුගයේම දෙමළ කවියේත් වර්ධනයක් සිදු වීම දැක්වියහැක. ඊට පසුව 1950 ගණන්වලදී මේක විකාශනය වෙන්න පටන් ගත්තා. මේ බලපෑමත් සමඟ ඉතා ප‍්‍රබලව ඊළඟ කවි පරපුරඉදිරියට ගමන් කළා. ජෙයපාලන්, නුහුමාන්, උ.චේරන්, වැනි අදටත් නිර්මාණකරණයේ යෙදෙන අය මේ පරපුරේ ප‍්‍රබලයන්හඳුනාගත හැකියි. ඔවුන් වර්තමානයේ කීර්තිමත්ව වැජඹෙයි. අවසනාවකට මොවුන් රට අතහැර යාමක් සිදුවිය. මේ අයඅතර ජෙයපාලන් ප‍්‍රබලයෙක් වේ.

දෙමළ කවියේ අන්තර්ගතය

දෙමළ කවියේ එක කාල පරිච්ෙඡ්දයක ප‍්‍රබල වස්තු විෂයක් කර ගන්නේ කුල පීඩනයට එරෙහි අරගලයයි. යාපනයසහ එ් ආශ‍්‍රිත ප‍්‍රදේශවල සිටි ජනතාව කුල පීඩනයෙන් දැඩි ලෙස පීඩා විදින ලදී. මෙම ජනතාවගේ අරගල කාරී හඩ කවියටවස්තු විෂය බවට පත් විය. ජෙයපාලන් වැනි කවියකුගේ නිර්මාණ ප‍්‍රවේෂය වෙන්නෙත් එය සමගයි. කුල පීඩනයට එරෙහිමතය පුපුරායාමත් සමඟ ඔවුන්ට එරෙහිව පැවති යම් යම් මර්දනකාරී තත්ත්වයන් වලට එරෙහිව අදහස් ප‍්‍රකාශ කරන්නකවිය අවියක් කර ගැනීමත් එක පැත්තක් විය.එමෙන්ම එ් අතර තුර ස්ත‍්‍රීන්ගේ නිර්මාණත් දකින්න ලැබෙනවා. ස්ත‍්‍රියට එරෙහිව වන පීඩනයට එරෙහි හඬ ප‍්‍රබලව
මතු වී එයි। දැනට ජිවතුන් අතර නැති ශිවරමධෑ, සෙල්වි රුද්‍රා මූර්ති, වගේ කිවිදියෝ අපට අසූව දශකයේ දී දක්නට ලැබුණි।අ।වෙ। රුද්‍රා මූර්ති යනු ”මහා කවි” ගෝ දියණියක්। දැනට අගනුවර ජීවත් වෙයි। මොවුන් උතුරේ ඉපිද ජීවත් වූ අයයි.මොවුන්ගේනිර්මාණ එ්කල මෙන්ම සාමුහික කවි සංග‍්‍රහ පොත් ලෙසින් ප‍්‍රකාශ කල බව දක්නට ලැබේ.”මරණත් තුල් වාල් වෝම්” -
මරණය තුළ ජීවත් වීම” කියලා ප‍්‍රකාශනයක් අසූව දශකයේ මුල් කාලය තුළ හමුවෙනවා. 70 දශකයේ අග භාගයේදී සහ අසූවදශකය මුල් භාගයේදී වාර ප‍්‍රකාශනවල සහ විකල්ප ප‍්‍රකාශනවල පළවු කවි එකතුවක් මේ. දෙමළ ජනතා තුළ මර්දනය සමඟඇති වු අද්දැකීම් මේ කවි තුළ ප‍්‍රකාශ වෙනවා. එ් වගේම ස්ත‍්‍රීන්ගේ හඬ කියවෙන ”නොකියූ පුවත්” කියන කාව්‍ය සංග‍්‍රහය දහමුවේ. මේ අතර වතුකරයේ කවි කිවිදියන්ගේ අද්දැකීම් නිර්මාණය වූ කාව්‍ය සංග‍්‍රහ එළි දකිනවා.

මීට අමතරව යම් යම් සංසිද්ධි මුල්කරගෙන පළවූ නිර්මාණ හමුවේ. උදාහරණයක් ලෙස කොටි සංවිධානය විසින්
යාච්ඤ කරමින් සිටි බැතිමතුන් ඝාතනය කළ කාත්තන්කුඩි සිද්ධිය මුල් කරගෙන බිහි කවි එකතු කර වෙනම කෘතියක් බිහිවෙනවා.

කවීන්ගේ අනාගත දැක්ම


දෙමළ කවියේ හරස්කඩක් ලෙස ගත් විට දක්නට ලැබෙන දේ එ් ආකාරයි. නමුත් සමහර කවීන්ගේ ප‍්‍රකාශනඅනාගතය ගැන දැකල කළ ප‍්‍රකාශන බව සිහිපත් කළ යුතුයි. එ් අදහස් ගැබිවෙලා තියෙනවා. චේරන් ලියූ කවියකකියන්නෙලංකාවේ භාෂාව මුල් කරගෙන ඇතිවූ අනවබෝධය, එ් කියන්නේ භාෂාත්මක අනවබෝධය නිසා දෙමළ සහ සිංහල ජනතාවදුරස්වෙමින් ක‍්‍රමානුකූලව යුද්ධයක් දක්වා පරිවර්තනය වෙනවා කියනදේ පැහැදිලිව ප‍්‍රකාශවෙයි. ”දවස්” කියලා නම් කර තිබූකවිය හොඳම උදාහරණයක්;

”උණ පඳුරට සෙනෙහසින් ගැටෙනවිට
කහවන්ව ගංගාව දඟ කැවෙයි
ගඟ එතෙර එ් නුඹයි
ප‍්‍රත්‍යක්ෂ නොවේ යැයි දැනදැනත්
නුඹෙ බසින් හඬ නඟා මට කියයි.
කතා කළ හැකි මට නුඹ බසින් පමණක්
නුඹ උරණ වූවාට මා කුමක් කරන්නද ?

මේ කවියේ අදහස ”උඹ අපිට නොතේරෙන භාෂාවකින් කතා කරනවා. මට තේරෙන්නෙ නෑ. මට කතා කරන්න
පුළුවන් මගේ භාෂාවෙන් විතරයි. මේ භාෂාත්මක අනවබෝධය තියෙන අතර සිංහල අය දෙමළ භාෂාව කතාකරනවාවෙනුවට දෙමළ අය සිංහල භාෂාව ඉගෙන ගතයුතුයි කියලා අධිපති මතයක් ප‍්‍රකාශවෙන තැන් තියෙනවා. ”උඹලා කොහොමහරි අපේ භාෂාව ඉගෙන ගනිං” වගේ අදහසක් එයින් කියවෙනවා. එ්ක එක්තරා මතවාදී බලහත්කාරයක්. කවියේදී එයකියවෙන්නෙ මෙහෙම;

”යළි යළිත් ලියුම් කොළ
නුඹේ බසින් ලියන්නෙමි
වෙහෙස වී ප‍්‍රත්‍යක්ෂ කළ යුතු වු
අවම වූ සෙනෙහස ද මියගොසිනි
දැන් පාඩු මට තමයි නමුදු එ් ඉරන්නෙමි
හිත ගින්නේ දවන්නෙිමි”

මගේ භාෂාව උඹට තේරෙනනෙ නැත්නම් මට පාඩු උනාට කරන්න දෙයක් නෑ. මට මේක ඉරල දාන්න සිද්ධ වෙනවා.මෙහෙම කියාගෙන ඇවිල්ලා අන්තිමට කියනවා. මම මේ කළ දේ අපේ අනිත් අයත් කරාවි. මගේ මේ ගේ ඇවිලෙන ගිනිදැල්උඹේ ගෙටත් පැතිරේවි කියලා හිතෙනවා.

”මුදු සුළඟ හමන විට
උණ පඳුර ගැටන එ් නදීතෙර
ගිනි දැල්ල ඇවිලේවි.....
අනතුරුව උඹෙ ගෙටත් පැතිරේවි”

මේ දේ තමයි පසුගිය දශක කිහිපය තුළ සිද්ධ වුණේ. මෙයින් පැහැදිලි වෙන්නෙ කවීන්ගේ අනාගත දැක්ම. මේ
දේවලට සංවේදී නොවීම නිසා ඇති වූ සිද්ධි දාමය තුළ එ් මිනිස්සු පුදුමාකාර කෲරකම්වලට ලක්වූණා. කවුරු කළත් ඝාතනයඝාතනයමයි. ලේ හැළීම ලේ හැළීමමයි. මේ තුළ ඔවුන්ට ජීවිතයක් කියලා දෙයක් තිබුණෙ නෑ. ඔවුන් එල්.ටී.ටී.ඊ. පීඩනයෙන්බැට කෑවා. තවත් පැතිවලින් එන පීඩනයෙනුත් බැට කෑවා. මේ පීඩනය කවීන්ගේ යෙදුම්වල අතිශය තීව‍්‍රව ප‍්‍රකාශ වුවා. එ්අයට රාත‍්‍රිය කියන්නෙ බිහිසුනුකම ගැන සංකේතයක්. එ් අයට සුන්දර රාත‍්‍රී හමු වුණේ නෑ.අවි අතට ගන්න අකමැතිව කවි
ලිව්වා.”මරණය තුළ ජීවත්වීම” වගේ කවි උපදින්නෙ මෙන්න මේ පසුබිම තුළ. එ් අයට ?ට සපත්තු අඩි හ`ඩක් ඇහෙනවාකියන්නෙ මරණයේ සංඛේතයක් දැනෙනවා කියන එක. අතුරුදහන් වීම කියන එක 88-89 කාලයේදී දකුණේ අයට දැනුනාවගේම උතුරේ අයටත් දැනුනා. අනෙක් පැත්තෙන් අපි තේරුම් ගත යුතු වැදගත් දෙයක් තිබේ. එනම් මොවුන් කවි ලිව්වේ අවිඅතට ගන්න තියෙන අකමැත්ත නිසා. මේ ප‍්‍රකාශය මීට වඩා වෙනස් විදියට අවියෙන් කියන්න ගියානම් එ් අයත් තවත්ත‍්‍රස්තවාදීන් පිරිසක් බවට පත් වෙනවා. මේ අයගේ හැගීම් අවියෙන් නැතිව කවියෙන් ප‍්‍රකාශ කලේ යුද්ධය හෝ ත‍්‍රස්තවාදයපිළිගත්ත නැති නිසා. එ් අයට අවශ්‍ය එකම දේ නිදහස් ජීවිතයක්. අනපේක්ෂිත මරණ සිදුනොවන කාලපරිච්ෙඡ්දයක්.සමහර දෙමළ මිනිස්සුන්ට පවුල් ජීවිතය කියලා එකක් තිබුණෙ නෑ. අපට තුන්වෙල කන්න නැතිව හරි පවුලක් හැටියට
ඉන්නවා. කොටසක් විදේශගත වෙලා.තව කොටසක් කොළඹ. තව කොටසක් උතුරුකරයේ. අම්මලා තාත්තලාදුලා පුතාලාඅතර මානවීය බැඳීමකට කිසිම ඉඩක් තිබුණෙ නෑ. ජයපාලන් කවියා මේක ලස්සනට ලියලා තියෙනවා.

”ඉරණමේ වඳුරන් ඉරා සුළඟට විසිකළ
පුළුන් කොට්ටයක් වගේ අපේ ජීවිත”

දැන් බලන්න කොට්ටයක් කියන්නෙ එක්ව තිබිය යුතු දෙයක්. එය ඉරා සීසීකඩ විසිකලාම කොහොමද? පවුල් ජීවිතයකියන්නෙත් කොට්ටයක් වගේ. එය ඉරා විසිරුවා දැම්මාම කොහොමද? මේ දේ කවියාගේත් බොහෝමිනසි නු ේ ගත් ් අත්දැකමී .මේ පොදු අද්දැකීම කවියන් විතරක් නෙමෙයි වෙනත් නිර්මාණ කරුවනුත් ප‍්‍රකටව යොදා ගන්නා ලද්දකි.මේ නිර්මාණ කරුවනට යුද්ධයේ අද්දැකීම් ප‍්‍රබලව ප‍්‍රකාශකළ හැකිව තිබුණා. එ්ත් එල්.ටී.ටී.ඊ.එකෙන් ආවපීඩාව ප‍්‍රකාශ කලනොහැකි වූණා. එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රබල ලෙසින් ඔවුන්ගේ කටවල් බැඳ තබා තිබුණි. එයට එරෙහිව කතා කිරීම මරණයටඅතවැනීමකි. සෙල්වි කිවිදිය පැහැරගෙන ගිහින් ඝාතනය කලේ එ් විරුද්ධ මත ප‍්‍රබලව ප‍්‍රකාශ කිරීම නිසා. මෙයින් පැහැදිලිවෙනේ න වනන් ෙි ය ් සාහති ්‍යය නර්ි මාණල යථාර්ථයෙ ් එක ් පැතත් ක ් පක‍්‍ර ාශ වීම විතරය.ිඑතන සැ`ගවු අපක‍්‍ර ට පැතත් කුත් පවත.ී

83ට පසු දෙමළ කවිය

1983 ජාතිවාදී කෝලාහලවලින් පස්සේ බොහෝ බුද්ධිමතුන් රටහැගියා. බුද්ධි ගලනයක් සිදුවුණා. ඊට පස්සෙ රටතුළදී දෙමළ භාෂාවෙන් වැඩියෙන් පළවුණේ මුස්ලිම් නිර්මාණකරුවන්ගේ නිර්මාණ. මේ පසුබිම තුළ දෙමළ කවියේ සංස්කෘතිකහැඩය වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. මුස්ලිම් සමාජයේ තියෙන යම් යම් ස්ත‍්‍රීන්ට එරෙහි මතවාද වගේ දේවල්ඉස්මතු වෙන්න පටන් ගත්තා. දෙමළ මිනිස්සු යොදා ගත්ත දෙමළ භාෂාවට වැඩිය මුස්ලිම් භාෂාව යොදා ගත්ත දෙමළ භාෂාවවෙනස්. කුරාණයේ යෙදුම් ප‍්‍රස්තාව පිරුළු හරි උපමා රූපක හරි යොදා ගැනීමේ ලොකු වෙනසක් දක්නට ලැබෙනවා. මේතත්ත්වය එක පසෙකින් භාෂාවේ වර්ධනයට බලපාන ලද්දකි.

වතුකරයේ නිර්මාණ


උතුරේ කවීන්ගේ නිර්මාණත් මුස්ලිම් ජාතිකයන්ගේ දෙමළ කවියට බලපෑමත් කියන දෙකටම වඩා වෙනස් තත්ත්වයක්වතුකරයේ තිබෙන්නේ. හැමදාම ජාතික සාහිත්‍ය තලයේදී ඔවුන්ගේ දේවල් ඉහළට ආවා වැඩියි. පොදු තත්ත්වය එ් වෙනකොටබොහොම දීප්තිමත් නිර්මාණ කරුවෙක් දෙන්නෙක් විතර වරෙක මතු වෙලා ආ බව පේනවා. එ්ක වතුකරයේ සමස්ත ජනජීවිතයමපිළිඹිබුවක් හා සමානයි. ඔවුන්ගෙ හඩ සමස්තය තුළ එක්තරා විදියකට යටපත් වෙලා තියෙනවා වගේම මේ සාහිත්‍යයේත් එ්බව පෙනෙනවා. තෙලිවත්තේ ජෝසප් ඉතාම ඉදිරි තලයේ ඉන්නවා. ඊට පෙර කුරිජෙ තෙන්වන්, ස්මාලි කදාවුත් කිවිදිය වගේකීප දෙනෙක් බිහිවූණා. මේ අයගේ බොහෝ නිර්මාණවල කතාවූණේ තේ දල්ලට යටවූ කඳුළු පිළිබ`වය. මේ අද්දැකීම් වපසරියඋතුරු නැගෙනහිර දෙමළ නිර්මාණකරුවන්ට හෝ මුස්ලිම් නිර්මාණකරුන්ට හා මුස්ලිම් නිර්මාණකරුවන්ට හෝ බෙහෙවින්වෙනස් වූවකි.

එ් අනුව දෙමළ කවිය ප‍්‍රධාන ධාරා 03ක් යටතේ හඳුනාගත හැක. උතුරු නැගෙනහිර නිර්මාණකරුවන්ගේ අත්දැකීම්,මුස්ලිම් නිර්මාණකරුවන්ගේ අද්දැකීම් සහ වතුකරුය් අත්දැකීම් ලෙස එම වර්ග 03 වෙන්වෙයි. ඔවුන්ගේ භාෂාමේ අත්දැකීම්,යෙදුම්, අනුභූතීන්වල වෙනස්කම් පැහැදිලිව හඳුනාගත හැකිය. 83 න් පස්සෙ මේ ධාරාවට අළුත් ධාරාවක් එකතුවේ. එනම්විදේශ දෙමළ ජාතිකයන්ගේ නිර්මාණ. එක කාලයක මේ නිර්මාණ ”අවතැන්වූවන්ගේ නිර්මාණ” කියලා හඳුවන්වන ලදී. මේධාරාව ඉතාම කෙටි කාලයක් තුළ ඉතා ප‍්‍රබල ව්‍යාප්තියක් දක්නට හැකි විය. එම මොහොතවල විට සටිි විශිෂ්ට නිර්මාණකරුවෙතා ්අළුත් නිර්මාණකරුවනුත් මේ අතරට එකතු විය. මේ නිර්මාණවල අනුභූතීන්, යෙදුම්, ප‍්‍රකාශන පවා වෙනස් මුහුණුවරක්ගත්තකි. චෙරන්, ජෙයපාලන් වැනි ලේඛකයන් විදේශගතවී කළ නිර්මාණවල මෙම ලක්ෂණ දක්නට ලැබුණි. ජෙයපාලන්ගේනිර්මාණවල යෙදුම් ගත් විට.........කවියේ තේමාව දීර්ඝ කාලයකට පස්සෙ නගරයට හිරු උදා වූණා කියන එක. අපිට හිරු උදාවීම අළුත් දෙයක්නෙමෙයි. එත් කැනඩාවට හරි නෝර්වේ වලට හරි එ්ක අලූත් දෙයක්. එ් රටවලට හිරු උදාවෙන්නෙ කාලයකට පස්සෙ. එ්අද්දැකීම් නිර්මාණය කරන්නෙ මෙලෙසය.

”අවදිවී නින්දෙන්
පසෙකලා ඝන පොරෝනය
ඈලි මෑලි කඩා හැර
විවර කෙරුවෙමි කවුළු කඩතිර
අද නත්තල් නිවාඩුව
කිරිමුහුදෙන් එහා
හිරුගේ රන් ඔරු පැමිණියා මෙන
සුදෝ සුදු හිම පොරවගත් ලොවකට
රිදී පැහැ ෆයින් ගස්
කොළ හැළුණු පර්ච් ගස්
රිදී තණ පිටි
ඇත්තටම මොකද.....
ඉන්කාවරුන් රත්තරං මල් උයන් සැ¥ ලෙස
වයිකින්වරුන් වනපියස රිදියෙන් හැදුවය
විනිවිදින කාලය බොහෝ තුටුපහටුව
හිමකෙලින පෙම්වතුන් පසු බසින
ඉබාගාතේ දුවන බලූ පැටික්කා පවා තුටින
මම නම් රැුලෙන් වෙන්වී පැමිණි
හුදෙකලා එළුවෙක්මි.
යුද්ධය නැමති වෘක්කයාගේ
ග‍්‍රහණයෙන් මිදී පැමිණියෙමි.

පර්ච් ගස්, ෆයින් ගස් ගැන අපේ අද්දැකීම් වපසරිය තුළ අවස්තාවක් නැත. හිම වැටෙන පරිසරයක් ද තිබුණේනැත. නමුත් හතරවැනි ධාරාවේ අද්දැකීම මෙලෙසය. පසුගිය කාලය තුළ විවිධවාරික ප‍්‍රකාශන 50-60 පමණ ලෝකයේ විවිධරටවල ව්‍යාප්ත විය. 90 දශකය මුලදී මෙම ප‍්‍රකාශන අඩුවෙයි. එ් වාරික ප‍්‍රකාශන ඊලාම්වාදී මතවාද වගේම ඊලම් විරෝධීඑල්.ටී.ටී.ඊ.මතවාදත් තිබුණා. 90 දශකය මැද භාගය වන විට තිබූ ප‍්‍රකාශන බහුතරයක් එල්.ටී.ටී.ඊ. විරෝධී ප‍්‍රකාශන.මේ අතරින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය තමයි මේ රට තුළ ජීවත් වුණාට වඩා පුළුල්ව ලෝකය දකිමින් කළනිර්මාණ. මේ තුළ විවිධ භාෂා, විවිධ සංස්කෘතික පසුබිම්වල අද්දැකීම් වගේම සාහිත්‍යය සහ දැනුම් පද්දතිවල ආභාෂයෙන්දක්නට ලැබේ.එ් නිසා ඔවුන්ගේ නිර්මාණ ප‍්‍රබල සේම එය එක්තරා දුරකට ලංකාවේ දෙමළ කවිය ජාත්‍යයන්තර තලයට ගෙනයාමටමෙහෙවරක් ද වෙයි. මෙතෙක් මේ කවි ගැන ඇගයිමක් කර නැත. ලංකාවේ දෙමළ ලේඛකයෝ එම රටවල සාහිත්‍ය පිළිබඳසම්මන්ත‍්‍රණ සම්මේලන පවත්වති. එම නිසා එතුළින් පොහොසත් දෙමළ සාහිත්‍යයක් දැකගැනීමට හැකියාවක් ඇත.එ්වාලංකාවට එ්මේ අඩුවක් සේම සිංහලයට පරිවර්ථනය වීමේ අඩුවක්ද පවතී.දැන් දෙමළ නිර්මාණ ලෙස වැඩිපුර ලංකාවට එන්නේ ඉන්දියන් නිෂ්පානයන්ය. එයට හේතුව යුද්ධයත් සමග දෙමළ නිර්මාණහීනවී යාමක් සිදුවීමයි. ලංකාවේ නිර්මාණ බිහිවීමේ අඩුව සේම ඉඳහිට බිහිවන නිර්මාණ සඳහාද ඉන්දියානු ආධිපත්‍යය සමඟතරඟ කිරීමට සිදුව ඇත. මෙය අභියෝගයකි.

කෙසේ නමුදු ලංකාවේ නිර්මාණ ඔසවා තබන්නට රාජ්‍යය හා විකල්ප ක‍්‍රියාමාර්ගවල අවශ්‍යයතාවක් ඇත. යුද්ධය
නිමාවීමත් සමඟ මේ වේදිකාව නිර්මාණය කරලීම අත්‍යවශ්‍යවන්නකි. දෙමළ සාහිත්‍යයේ මුලූ ඉතාම ශක්තිමත්ව ලංකාවේ මුල්බැස තිබෙන බවද සිහිපත් කළයුත්තකි. මෙවන් තත්ත්වයක් තුළ අළුත් රිකිලි දළුලන තත්ත්වයකට ඉඩ අවශ්‍යයව ඇත.යුද්ධයසමඟ තිබූ කවන්දය පශ්චාත් යුධ සාහිත්‍යයක් සඳහා අවශ්‍යය නිදහස් තෝතැන්න සැකසිය යුතුව ඇත. මුළු ගැන්වී සිටිනදෙමළ ලේඛකයන්ට කටහඩ අහිමි මිනිසුන්ට වේදිකාවක් සැකසිය යුතුව ඇත්තාහ. මේ වේදිකාව සෑදීමේ වගකීමේ කොටසක්අපටද (සාමාන්‍ය ජනතාවට* ඇත. ලංකාවේ මාධ්‍යය මෙම කාර්යභාරය ඉටුකරන බව පෙනෙන්නට නැත. ගුවන් විදුලි,රූපවාහිනී මාධ්‍ය තනිකරම වාණිජ පරමාර්ථ වෙනුවෙන් පමණක් පෙනී සිටීම ශෝකජනකය.එම නිසා මේ සඳහා යම් ඉඩකඩක් පවතිනුයේ මුද්‍රිත මාධ්‍යන්වලයි. එ් වායේ ද යම් යම් සීමාකම් ඇත. එවැනි කරුණු නිසාලංකාවේ දෙමළ කවිය වගේම සාහිත්‍යයට නිදහසේ විකසිත වන්නට තිබෙන අවස්තා විරලය. සමහරවිටක නිහඬව මූලගණයේ ප‍්‍රකාශන පලවේ. නමුත් එ්වා පැතිරීමේ ප‍්‍රවණතාවක්ද දක්නට නැත. ලංකාවේ මෙතැන් සිටවත් සිංහල නිර්මාණකරුවන් හා දමිළ නිර්මාණ කරුවන් අතර අනවබෝධය දුරස්තභාවය නැති කර ඔවුන්ගේ නිර්මාණ ඉහළට ගෙන එ්මට පුළුල්දිගු කාලීන වැඩපිළිවෙලක් සැකසිය යුතුව ඇත.

මුද්‍රිත ජන කවිය හා විකෘතිය

ජනකවිය - අදීන ජනසම්ප‍්‍රදායේ උරුමය කියන්නකි. එ් අදීන හෙළ උරුමය අද දවසේ භාවිතවන්නේ විකෘති මුහුණුවරකිනි. මන්ද ජනකවිය ගායන විශේෂයකි. තාලයකට ඇද-පැද ගායනා කළයුතුවේ.එ් අනුව ජනකවියට රිද්මයක් තිබේ. මේ රිද්මයේ ද විශේෂතා හා අපූර්වත්වයන් රැුසකි. ඊටහේතු වී තිබෙන්නේ ජනකවිය ඉදිරිපත් කරන රටාව ය. උපතේ සිට මරණය දක්වාත් , හේන-කුඹුරකමත-කම්මල-සකපෝරුව-ඇයි හොඳයිකම් - ආදී කුදුමහත් මානව සම්බන්ධතා සමුදාය පුරාමකවි ගායනාඅප සතුය. තවද ඉතිහාස කතා පුවත් පුවත් මෙන්ම මාලා කවිද දෙවි දේවතා බල පරාක‍්‍රමයන් පිළිබඳවකියවෙන කෝල් මුර කවි ආදී ගත් කල්හි හෙළ ජන කවිය වනාහි සියළු මානව සම්බන්ධතා හරහා ගමන්කරන සක‍්‍රීය කලාංගයක් බව හැඳිනගත හැකිය.මේ අනුව ජනකවිය සක‍්‍රීය වන්නේ එය ගායනා කරනතාක් පමණි. ගැයුමේ රසය ගිලිහීගිය තැන ජන කවියේ ප‍්‍රාණයද නිරුද්ධය.ජනකවිය ශ‍්‍රැතියට අයත් වෙයි. එනම් මුඛ පරම්පරාගත ගායන අංගයකි. එම නිසාම ජනකවියටස්වකීය වූ ස්වාධීන හැඩතල රැුසක් අනන්‍යයව තිබේ. ජනකවිය ගායනා කරන්නේ කිසියම් අවශ්‍යතාවයක්වෙනුවෙනි. ධීවර අම්බා ගයන්නේ ගැල් අදින විටය. එයින්ද මාදැල් අදින ධීවර අම්බා දීර්ඝ වූවකි. මාදැල විශාලය. තවද මාදැල් අදින්නේ මහා මත්ස්‍ය සම්පතක් නෙලා ගැනීමේ අටියෙනි. තෙප්පම් වලින්හෝ රිටිපන්න මගින් ධීවර කර්මාන්තයේ යෙදෙන විට එවැනි දීර්ඝ ධීවර අම්බා ගැයීම අවශ්‍ය නොවේ.මේ අනුවබලන විට යෙදී සිටින රැුකියාවේ ස්වභාවය අනුව ඊට තෙපුල් දීම එනම් දිරිදීම පිණිස ධීවරම්බා යොදාගෙන ඇති බව හැදිනගත හැකිය. මේ ගති ස්වභාවය සියළුම ජනකවිවල පොදු වූවකි. හානපෝරුගානවිට කියන අඩහැරය එවැන්නකි. බිම් හීය හෝ කැට හීය හානවිට තරමක් වෙහෙස කරයි. එයකන්නයෙන් කන්නය බලපාන ඉඩෝරයේ හැටි - හැටියට තීන්දුවන ස්වභාව දහමේ ක‍්‍රියාවලියකි. එ් නිසාබිම් හීයට කියන අඩහැරයට හාත්පසින්ම වෙනස් අඩහැර හා කවි ගායනා පෝරුගානවිට ඇසීමටහැකිය. එය කොළ මඩවන විටද පොදුය.මේ සරල නිදසුන් කිහිපය මගින්ජනකවියේ අනන්‍යතා ලක්ෂණ විමසන විට එ්වා භාවිත වන්නේභෞතික පරිසරයේ හැසිරීම අනුව බව වටහා ගත හැකිය. දරු නැලවිල්ලට වඩා කරත්ත කවිය වෙනස්ය.දරු නැළවිල්ලේ තිබෙන්නේ කරුණා රසයකි. එමෙන්ම වීර්ය පාරමිතාවද මවගේ අනන්ත අප‍්‍රමාණ දරු
කැක්කුමද ඊට මුසුකරගෙන තිබේ. නමුත් කරත්ත කවියේදී කරත්ත ඇදගෙන යන ගොනුන්ට දිරි දීමපිණිස ගොනුන්ට ජවය ගෙනෙන ආකාරයේ හඩ හැසිරවීමක් සිදු වේ. තවද කරත්තය ගමන්කරන විටබොරළු හෝ වැලිපොළවෙන් මතුවන කර්කශ හඩ මැඩගෙන කවි ගායනා ඉදිරිපත් කිරීමේ ගුණයද ඊටමුසුවී තිබේ. මේ සියුම් ලක්ෂණ ජන කවියේ උරුමයකි. එසේම එ්වා ජනකවියෙන් ගිලිහී ගිය විට ජනකවියසතු අනන්‍යතාව බිඳවැටේ. එවිට ජන කවිය යනු හුදු ගායන ක‍්‍රමවේදයක් පමණක් බවට පත් වේ.අවාසනාවක තත්ත්වය නම් අද අපේ රටේ සිංහල මාධ්‍යයෙන් කියවීමට තිබෙන ජනකවි සංග‍්‍රහසියල්ලක්ම විකෘති කවි එකතු කිරීමක් බවට පත්වීමය. මන්ද අප රටට සිංහල මාධ්‍යයෙන් ජනකවි එකතුකර ලේඛන ගත කර හා මුද්‍රණද්වාරයෙන් නිකුත් කිරීම ආරම්භ වූයේ 1935 දීය. එ් රාජකීය ආසියාතිකසමිතියේ ලංකා ශාඛාව මගින් ප‍්‍රකාශිත ”සිංහල ජන සම්මත කාව්‍යය” කෘතිය බිහිවීමත් සමගිනි. මෙමසම්පාදකවරුන් දෙපළකි. රාජ්‍ය සභා මන්තී‍්‍ර ලක්දිව ආසියාතික සමිතියේ උප සභාපති ඩබ්ලිව් ආතර් දසිල්වා මහතා සහ එවකට ලංකා විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ආචාර්ය ගුණපාල මලලසේකර යනවිද්වත් දෙපල විසින් මෙම ජනකවි එකතුව මුද්‍රණය කරවා ඇත. එහි ජනකවි 2278කි. දරු නැළවිලිසෙල්ලම් නාට්‍ය-සවුදම් වන්නම් සහ තාලකවි- නැටුම්කවි-තහංචි කවි- ගොයම් කවි - පිංදීමේ කවිවශයෙන් මූලික පරිච්ෙඡ්ද බෙදා එ් යටතේ කවි ඉදිරිපත් කර තිබේ.ආරම්භය විකෘති වු තැන අවසානයේ ප‍්‍රකෘතියක් අපේක්ෂා කිරීම සරදමකි. මේ නිසා හෙළ ජාතිකඅනන්‍යතාවක් වූ සිංහල ජන කවියේ මේ වන විට විකෘති මුහුණුවර සමාජගත වී අවසන්ය. 1935 ප‍්‍රකාශිතසිංහල ජන සම්මත කාව්‍යය කෘතියෙන් පසුව අතොරක් නැතිව ජන කවි පොත් ප‍්‍රකාශයට පත්ව ඇත.එය ප‍්‍රමාණයෙන් සියගණනකි. කවි සංඛ්‍යාවෙන් දහස් ගණනකි. නමුත් ජනකවිය සතු ඉතිහාස උරුමය එ්සියළුම ජනකවි එකතු තුළින් ගිලිහී තිබේ.

1935 ”සිංහල ජන සම්මත කාව්‍ය” ප‍්‍රකාශයට පත්කිරීමට පෙර සහ පසුව බොහෝ ජනකවිපුස්කොළ පොත්වලට ගොනුව තිබේ. එ් එ් පළාත්වල ජීවත් වූ විවිධ ගිහි පැවදි උගතුන් අතින් මේකාර්ය ඉටුව තිබේ.එහිදී ද පුස්කොළ පොතට ලේඛනගත කරගෙන තිබෙන්නේ කවිය පමණි. ජනකවියේ මුලාශ‍්‍ර එකතු කර නැත. නමුත් මෙම පුස්කොල ජනකවි එකතු තුළින් සිදුවූයේ සංරක්ෂිතඋවමනාව පමණි. එහෙත් මුද්‍රණයෙන් ජනකවි එකතු පිටවීමත් සමගම පාසල් හා විවිධ විද්‍යාර්ථීන්ගේඅධ්‍යයනයට හසුවිය. ඔවුන් භාවිතයට ගෙන තිබෙන්නේ එම විකෘතියයි. මේ වන විට අපරටේඅතොරක් නැතිව ජනකවි පොත් පළවෙමින් තිබේ. එ් කිසිදු ජනකවි පොතක අඩුම තරමේ ගායනරටාව සටහන් නොවේ. ජනකවිය ගායනා විලාසයක් බව අමුතුවෙන් කියයුතු නොවේ.එම ගායනවිලාසයලේඛන හෙවත් අක්ෂර රූපයට නගන විට සටහන් කළ හැකිය. ජනකවියේ දීර්ඝ ඇදෙනතැන් මොනවාද එමෙන්ම එ් එ් කවිය ගායනා කළ යුත්තේ කෙසේද කවියේ තාල බිදින තැන් මොනවාදයන්න විස්තර කළ හැකි අතර අක්ෂර රූප මගින් අනන්‍යන්ට වටහා දිය හැකිය.නමුත් මෙම විකෘතිතාව දිගින් දිගටම සිදුවන සෙයක් දැකිය හැකිය. ඊට හේතුවී තිබෙන්නේජනකවිය කියා වචන ගොන්නක් ඉදිරිපත්කර එයින් වෙළඳ ලාභයක් ලැබීමට දරන වෑයමයි. තවදජනකවිය ජාතක උරුමයකි. ඊට ශ‍්‍රී ලාංකිකයන් සියළු දෙනාට හිමිකම් ඇත. අද දවසේ අප භාවිතකරන විකෘතිය මුද්‍රණයෙන් ප‍්‍රකාශකර සමාජගත කිරීම නිසා අදීන උරුමයක තිබෙන ජාතික
අනන්‍යතාවක් බිඳ වැටෙන බව සටහන් කළ යුතුය. මේ නිසා බොහෝ ජනකවි ගායනා කරන්නේසමුද්‍රගෝස විරිතට අනුවය.අපේ කවි ගායනා අනුව සමුද්‍ර ඝෝෂ විරිත ඉතා ජනප‍්‍රිය වූවකි. එමෙන්මකොළඹ කවි සමයේ සාතිශය ජනප‍්‍රිය විරිතක් වූ නිසාම බොහෝ වැඩිහිටියන් අතර මතකයේතිබෙන්නේද එකවරම තාලයක් ලෙස මුවින් ගිලිහෙන්නේද එම රිද්මයයි. එබැවින් දරු නැලවිල්ලේ සිටකමත් කවි-නෙළුම් කවි-පාරු කවි මේ ආදී සියළු ජනකවි සමුද්‍රඝෝෂ විරිතට ගායනා කරනු ලබයි.ජනකවි ගායනා තරඟවලදීද මේ ස්වභාවය එලෙසින්ම දැකිය හැකිය. ජන කවිය මෙන්ම ජනකවියාදස්වධීනය. එම නිසා කවි ගායනාවලින් එ් බව තහවුරු වේ. එහෙත් අපගේ ජනකවි එකතු තුළින් එ්ස්වාධීන ලක්ෂණ විකෘති කර තිබේ. එ් නිසා ජනකවි එකතු මුද්‍රණය කරන විට ඉතා පහසුවෙන් එමකවිවල තාල රූපය ලේඛන ගත කළ හැකිය. එය කුඩා ඉරි කැබැල්ලක් සටහන් කිරීමෙන් කළ හැකි
අතර ඇතැම්විට වචනයෙන් විස්තර කළ හැකිය. තවද අප අතර බහුලව වෙළඳ පලේ තිබෙනජනකවි එකතුවල ඇති අනෙක් විකෘතිය වන්නේ එහි මූලාශ‍්‍ර සහන් නොකිරීමයි. එම වැරැුද්ද”සිංහලජනසම්මත කාව්‍ය ” කෘතියේද දැකගත හැකිය. මේ වන විට අතනින් මෙතනින් අහුලා ගත් ජනකවිඑකතු ඕනෑතරම් වෙළඳපලට ඉදිරිපත්කර තිබේ.එ් සියළු පොත් විමසන විට මූලාශ‍්‍ර පිළිබඳ සටහන්හමුවන්නේ අහඹු සිදුවීමක් ලෙසින් පමණි. මන්ද ජනකවිය කිවුවේ කවුද? ඔහුගේ තරාතිරම-කුමනප‍්‍රදේශයේ අයෙක්ද - ඔහු හෝ ඇය එම කවිය දැනගත්තේ කෙසේද-මේ ආදී මුලාශ‍්‍ර ඉදිරිපත් කිරීමඉතා වැදගත්ය. එ්වා වැදගත් වන්නේ අද දවසට වඩා අනාගත ලෝකයටය. එනම් ජනකවි අතරතිබෙන ප‍්‍රාදේශීය භාෂා භාවිතය, එහි ඉතිහාසය තොරතුරු මෙන්ම එ් එ් පළාත් අතරින් ජන කවිකොතෙක් දුරට ව්‍යාප්තවී තිබේද කියා විමර්ශනය කිරීමට මෙම මූලාශ‍්‍ර ඉතා වැදගත්ය. එබඳුහපන්කමක් කිරීමට නම් සැබවින්ම ක්ෂේත‍්‍ර අධ්‍යයනයක් කළ යුතුය. නමුත් අද බහුලව සිදුවන්නේකාගේ හෝ පොතක තිබෙන ජනකවි ටිකක් අහුලාගෙන තමාගේ නම යොදා මුද්‍රණය කිරීමය. එමගින්තම කීර්තිය ඔසවා තබන්නට වෑයම් කරන්නන් නිසා නූතන ජන කවිය විකෘති මුහුණුවරක් ගෙනතිබේ. අනෙක් අතට අප රටේඉතිහාසයද විකෘතිවේ. බොහෝ ජනකවිවලින් ඉතිහාස තොරතුරුවාර්ථාවේ. සාලිය අශෝකමාලා පෙම් පුවත මෙන්ම ඔවුන් ජීවත් වූ ගල්කිරියා කන්ද ආශ‍්‍රිත ජනජීවිතය හඳුනාගැනීමට ජනකවිය ප‍්‍රයෝජනවත්වේ.සාලිය කුමාරයා අශෝකාමාලා කුමරිය රැුගෙනගල්ගිරියා කන්දට පැමින එතැන් පටන් වැව් තනා ගොවිතැන් කළ ඉතිහාසය මහාවංශය විසින් වසන්කළ එකකි.එසේම දුටුගැමුණු කුමරා තරුණවිය ගතකළ කොත්මලා ප‍්‍රදේශයේ දී ඇති වූකළුමැණිකාගේ පේ‍්‍රමයද ජනකවියට විෂය වී තිබේ. එයද මහා වංශයට තරම් නොවු පුවතකි. එහෙත්අප ඉතිහාසයේ මෙම සිදුවීම් කෙසේවත් ලඝු සටහන් ලෙස සැලකිය නොහැකිය. මේ නිදර්ශණ දෙකඔස්සේ පමණක් අපට අපගේ ගිලිහීගිය ඉතිහාසයේ මොනතරම් ප‍්‍රබල සාධක ජනකවිය ඔස්සේහඳුනාගත හැකිදැයි වැටහෙනවාට සැක නැත. එ් නිසා එබඳු ජනකවි ලේඛනගත කරන විට එ්වාසොයාගත් ප‍්‍රදේශ පිළිබඳව මුලාශ‍්‍රවල තිබෙන වටිනාකම අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. නමුත්දැනට ලේඛනගත වී තිබෙන ජනකවිවලින් මෙම මූලාශ‍්‍ර මතු නොවීම නිසා අනාගතයේ නිවරදිතොරතුරු විමසන්නන්ට මහත් ගැටලූ ඇති කරන්නකි. තවද එය ජාතික හිමිකමක්සාපරාධී ලෙසවිකෘති කිරීමක් ද වෙයි.

නූතන මානව විද්‍යාවට අනුව දුරාතීත ඉතිහාසයන්ට උරුමකම් කියන රටවල සත්‍ය ඉතිහාසතොරතුරු මතුකර ගැනීමට ජනකවිය බෙහෙවින් උපයෝගී කර ගනී. එ් සඳහා මානව විද්‍යාත්මකන්‍යායන්ද තනාගෙන තිබේ. එහෙත් එ්වා කිසිවක් අප රටට තවමත් වලංගු නොවී තිබෙන්නේ අපරටේවිද්වතුන් බොහෝ දෙනා පෞද්ගලික න්‍යාය පත‍්‍රවල කොටුවී ඇති නිසා විය යුතුය.අප කතාකරන විට බොහෝ විට අදීන ශ‍්‍රී ලාංකීය උරුමයත් - ජාතීන් අතර මිත‍්‍රකමත්අතීතයේ සිට තිබූ බවට පුන පුනා වහසිබස් ෙදාඩවමු. එහි සත්‍යතාව හදුනාගැනීම කාලෝචිතයුතුකමක්ද වෙයි. එනම් ලාංකික ජනකවිය නිවරදිව සමාජගත කරන්නේ නම් අපට අපරටේ ජාතීන්අතර තිබෙන මානව සබැදියාව මැනවින් හැදිනගත හැකිය. අම්පාර-උහන-වව්නියාව-ත‍්‍රිකුණාමලයමඩකල
පුව- පානම පමණක් නොව මාතලේ- ගලගෙදර - ගම්පොළ- කොටපොළ -දෙනියාය ආදීපළාත්වල සිංහල දෙමළ සහෝදරකම් පිළිබඳව ජනකවි රැුසක් හඳුනාගත හැකිය. මේවා අතරගොඩනැගී තිබෙන්නේ මානව බැඳීමකි. ඊට ජාත්‍යයන්තර ප‍්‍රජාවගේ හා රාජ්‍ය නොවන සංවිධානවලකිසිදු මැදිහත් වීමක් නැත. අතීතයේ සිට එකට ජීවත්වීමේ මානව දයාව පමණක් තහවුරු වී තිබේ.සිංහල දෙමළ යන භාෂා දෙකින් ම මෙ ජන කවි පොහොසත්ය. එහෙත් එබඳු ජනකවි ලේඛනගතවීතිබෙන්නේ මූලාශ‍්‍රවලින් තොරවය.තවද ඇතැම් විටක දෙමළ වචන සමාන සිංහල වචන යොදා තිබෙනඅවස්ථාද දැකගත හැකිය. එය ජාතයක ජනකාව්‍ය උරුමය විකෘතිකිරීමකටත් වඩා දේශෙදාා්හීකි‍්‍රයාවකි.

මේ ආකාරයෙන් බලන විට ජන කවියේ ජන අනන්‍යතාව බිඳ දැමීම ජාතික ගැටළුවක් ලෙස
හැඳිනගත හැක.තවද එම විකෘති ජන කවි පාසල් පද්ධතියට එකතුකර සමාජගත කිරීමද සිදුවේ.එමෙන්ම අපේ පැරැුන්නන් ජන කවි භාවිත කළේ කාන්සිය - මහන්සිය නිවාගැනීමට බවද තවත්විකෘති මතයක් ගොඩනගා එය පාසලට නිල වශයෙන් ඇතුළත් කර තිබේ. ජන කවි ගායනා කරතිබෙන්නේ එදිනෙදා කටයුතු පහසුකර ගැනීමට උවමනා රිද්මය ලබා ගැනීමටයි. ඇතැම් විටකකාන්සිය මගහරවා ගැනීමට කවියක් කියනවා විය හැකිය. එහෙත් ඊට ප‍්‍රබල සමාජ පදනමක් තිබේ.එම සමාජ පදනම හඳුනාගැනීමට නම් ලංකික ජන සම්ප‍්‍රධාය අධ්‍යයනය කළ යුතුය.

සිංහල ජන කාව්‍ය සම්ප‍්‍රධාය සහ‘දේවදත්ත වරුණ’

සිංහල ජනකාව්‍ය අතර බුදු සිරිත ඇසුරු කරගත් අනෙකුත් ජනකාව්‍ය අතාන් සුවිශේෂී එකක් ලෙස දේවදත්ත වරුණේ කවි බණ පොතහැදින්විය හැක. බොහෝ සිංහල ජන කාව්‍ය වල කතා වස්තු ඊට පෙර සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් හෝ වෙනත් සාහිත්‍යකින් උද්ධරණයකොට ගත් එ්වා වන නමුත් දේවදත්ත වරුණේ කවි බණ පොතට එබඳු පැහැදිලි මූලාශ‍්‍රයක් නොමැත. එම කාව්‍යට අදාළ තොරතුරු හාවිස්තර එම කවියා ග‍්‍රන්ථාශ‍්‍රයෙන් සපයාගෙන සිය සිතැගි අනුව එකාබද්ධ කොට සකසා ගෙන තිබීම එහි ඇති විශේෂ ලක්ෂණයකි.කරගහගෙදර වනිජසූරිය මුදියන්සේ විසින් මහනුවර යුගයේ රචනා කරන්නට යෙදුනු මෙම කවි බණ පොත ජනතාව අතරට ලියවුණු
යශෝරාවකට බෙහෙවින් සමානය.

මෑතක් වන තුරු දෙව්දත් කතාව සිංහලයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය කතාවක් විය.එහිදීසමස්ථ බෞද්ධ සාහිත්‍යයේදී දෙව්දත් හා බෝසත් යන දෙදෙනා නිරූපනය කරනුයේ ප‍්‍රතිපක්ෂ චරිතදෙකක් ලෙසිනි. අප දන්නා පරිදි බුදුරදු ධර්මයත් දෙව්දත් අධර්මයත් නිරූපනය කරති.මෙම කෘතියසුවිශේෂි වශයෙන් වැදගත් වනුයේ දේවදත්තයනට විදින්නට සිදු වූ දුක් ගැනවිලි ගැන දයානුකම්පාවක් ඇතිවන පරදි මෙම කවියාගේ දෘෂ්ටිය සකස් වී ඇති බැවිනි.
(නන්දරතන හිමි 1991:4*

ධර්ම රාජ්‍යක් අත්පත් කර ගැනීම සඳහා ඔහු කරන ලද ගැටීම්, ඔහුගේ වෛරය පෙන්වාදෙමන් බුදුන් වහන්සේ වැනි උතුම් පුද්ගලයෙකුටත් එවැනි සතුරන් සිටි බව පෙන්වා දීමට කතුවරයාඋත්සාහ දරා ඇත. පද්‍ය 417 කින් යුත් මෙය මුල සිට අවසානය දක්වා නොනවත්වා කියවිය හැකිරසවත් බණකතා කාව්‍යකි. එහි ආරම්භය මෙසේය.

සෙත් සිරි දෙන සුගත්
සත් හැම අමර පුරටත්
පත් කරවා රැුගත්


විරිතෙන් මෙලඩියෙන් හා හයිකුවෙන් නොසපිරෙන සිංහල කවියේ හිඩැස


හතලිහ දශකය අගභාගයේදී ජේ.බී.සේනානයක, සිරි ගුණසිංහ සහ ගුණදාස අමරසේකරගෙන්ආරම්භවන සිංහල කවියේ නූතන යුගය, කාව්‍යයෙහිලා අර්ථය :ප්ැබසබට* සොයා ගිය ප‍්‍රබුද්ධ ව්‍යාපෘතියකි.කවියක අර්ථය උපදින්නේ අර්ථ ධ්වනියක් සහ අර්ථ රසයක් ලෙසටය. එය ගනිතයේ අර්ථයන් හා දර්ශනවිද්‍යාවේ අර්ථයෙන් වෙනස් හැඩරුවක් ලබා ගන්නේ එබැවිනි.නුතන සිංහල කවියෙහි ලා අර්ථය යන්න නුතනවාදී කලාත්මක අර්ථයක් විය. එනම් ප‍්‍රබුද්ධනමනසක් සහිත මිනිසකු විසින් නුතන හා සමකාලීන අද්දැකීමක් විදගන්නට නිමේෂයක් හැඩරුව කවියටනැගීමකි. මෙම නූතන සිංහල කවිය එලෙස නූතනවාදී අර්ථය සොයාගිය ගමනක් බව හොඳින්මපැහැදිලිවන්නේ නූතන සිංහල කවිය හා නූතන සිංහල නවකථාව අතර පැවතුණ ඓතිහාසික සම්බන්ධයවිභාග කර බැලීමෙනි.

නූතන සිංහල කවිය උපදින්නේ නූතන සිංහල නවකතාවත් සමඟය. ජී.බී.සේනානායක, සිරිගුණසිංහ හා ගුණදාස අමරසේකර යන පුරෝගාමී නූතන කවියන් තිදෙනාම නවකතාකරුවන් වූ බව අපටඅමතක කළ නොහැකිය. නූතන ඉංග‍්‍රීසි පුරෝගාමී කවියන් වූ ඩබ්:බී.යේට්ස් එස්රා පවුන්ඞ්, ටී.එස්.එලියට්මෝල්ට් විට්මන් ආදීන් නවකතාකරුවන් නොවූ බව සඳහන් කළ මනාය.නූතන සිංහල කවිය හා සිංහල නවකතාව අතර සම්බන්ධයෙන් පැහැදිලි වන්නේ සිංහල කවියේදීඅර්ථය පිළිබඳ කාරණාවට බෙහෙවින් වැදගත් තැනක් තිබෙන බවය. එමනිසා නූතන සිංහල කවියහුදෙක් ‘හද බසක්’ බවට ලඝු කිරීම වැරදි බව පෙනේ. සිරි ගුණසිංහ විසින් විරිත් රීතිය අමතක කර දමාකාව්‍යකරණයට එළඹුනේ සිංහල කවිය තුළ අර්ථයට එළඹීමේ මාහැඟි වූවමනාව පෙරටු කර ගනිමිනි.පස්මහ විරිත තුළම අර්ථය උද්දීපනය කිරීම ගුණදාස අමරසේකරගේ ප‍්‍රයත්නය විය.නූතන සිංහල කවිය තුළ අර්ථය සහ විරිත හැඩ ගැසෙන්නේ කාව්‍යමය මූලාශ‍්‍ර දෙකක් බවටපෙනේ. අර්ථය ඔස්සේම කවිය නිපදවීමත් විරිත ඔස්සේම කවිය නිපදවීමත් නූතන සිංහල කවියේ ප‍්‍රධානගමන් මාර්ග දෙක බවට පත්වී තිබේ. එනමුත් මේ ගැටළුව වන්නේ මේ දෙමගක යන කවි තුළ කොතරම්දුරට අර්ථ රසයක් ගැබ් වී තිබේද යන්නයි.

සිරි ගුණසිංහ මෙන්ම ජේ.බී.සේනානායක ද විරිත අමතක කර දමමින් අර්ථය මතු කරද්දී කොළඹකවිය මගින් විරිත තුළ අර්ථය අහෝසි කිරිම පිළිබඳව කනගාටු දායක අත්දැකීමක් තිබුණි. එමෙන්මසිංහල කවියට ආවේනික වැඩවසම් ග‍්‍රහණයෙන් නිදහස් වීමේ විමුක්තිවාදී අරමුණද තිබිණි. මේ අරමුණුදෙකම නව සිංහල කවිය තුළ විද්‍යමාන වූ ප‍්‍රබුද්ධවාදී අරමුණු බව කිව යුතු නැත.එනමුත් එම කාව්‍ය මාර්ගයට වලංගුභාවයක් තිබුණේ සිංහල කවියට ප‍්‍රබුද්ධනවාදී අර්ථයක්සැපයිය හැකිතාක් දුරට පමණි. පරාක‍්‍රම කොඩිතුවක්කුගේ කවියට තවමත් වලංගුභාවයක් තිබෙන්නේඔහු තම කවිය තුළ ප‍්‍රබුද්ධනවාදී අරමුණක් පෙරදැරිව කටයුතුකරන නිසාය. පරාක‍්‍රම කොඩිතුවක්කුගෙන්එපිටට එම කාර්යමාර්ගය ගෙනයාමට පළුවන්කමක් නොවීය.ඉන් පසුව එම කාව්‍ය මාර්ගය තුළ අපට හමුවන්නේ අර්ථ ව්‍යාකූලත්වය අර්ථ රසයක් බවතහවුරු කරගැනීමේ අරමුණින් යුතුව රචිත දාර්ශනික ප‍්‍රකාශ, පේළි කැඩූ ගද්‍ය පාඨ සහ තනි වචනකාව්‍ය පාඨ ලෙස හුවා දැක්වීමය. අද සිංහල කවියේ අර්ථ අර්බුදය උග‍්‍ර වී ඇති අතර ‘ඇතුළුවීමතහනම්’; ‘අධි ආරක්ෂිත කලාපය’,‘බාලගිරි දෝෂය’,‘අද නෙමෙයි හෙටයි’ වැනි පාඨ පව සිංහල කවිලෙස සැලකිය හැකි තත්ත්වයට පත්ව ඇත. අජිත් තිලකසේනගේ ‘මාරියාව’කාව්‍ය සංග‍්‍රහයේ එක් පාඨයක්මඟින් සිංහල කවියේ මේ අර්බුදය මෙලෙස සාරාංශ කර ඇත.

‘මෙහෙම කවි මගෙ බල්ලවත් ලියන්නෑ’ (බාර් පාරේදී*

අනෙක් අතින් විරිත් සහිත කවිද අර්ථය සම්බන්ධ අර්බුදයකට මුහුණදී සිටියි. නිදසුනක් ලෙසඅර්ථය අතින් අමරසේකරගේ කවිය ගමන් කරන්නේ විරිත් මාර්ගය වෙනුවෙන් හැඩගස්වාගත් භාෂාවකටයාහැකි දුරකට පමණි. විරිතක් අනුව සිතන පතන කවියකුගේ සීමාව අමරසේකරගෙ කවිය තුළ සටහන්වතිබේ.

විරිතක් වෙනුවෙන් පුනරුච්ඡුාරණය වන පද වැල් අමරසේකරගේ කවියේ අර්ථ ධ්වනිය දුර්වලකරයි. ඔහුගේ ‘නිජබිම ආවර්ජන’ කවිය මීට නිදසුනකි. එම කවියේ අර්ථය යටපත් වී විරිතේ ගමනඉස්මතු වේ.

සැඳැස් සීමා ජය ගැනීම සඳහා විරිතක් අවශ්‍යය වුවත් කවියක අර්ථ ධ්වනිය පැරණි කවිබසටසීමා කළ නොහැකිය. කට බසෙහි වුවත් අර්ථ ධ්වනියක් තිබේ. ආදරයේ සිමෙන්ති යන කාව්‍යමය ප‍්‍රකාශයෙන්අර්ථ ධ්වනියක් උපදින්නේ නැති බව නිගමන කිරීම කවියේ අර්ථය පිළිබඳව නූතනවාදී නොවු පෞරාණිකහැගීමක් නිසාත් සම්ප‍්‍රධාය පිළිබඳ ආචීර්ණ කල්පිත හැඟීමක් නිසාත් මතුවේ.සිමෙන්ති යන වචනය පැරණි සිංහල සාහිත්‍යය තුළ නොපැවතුණු වචනයක් නිසා එය අනාගතයේදී හෝ කවර කලකවත් ධ්වනිපූර්ණ වචනයක් විය නොහැකි බව එමඟින් උපකල්පනය කෙරේ. මෙයසම්ප‍්‍රධාය යන්නෙහි බල පරාක‍්‍රමය වත්මන නොසලකා අනාගතය දක්වා යොමු කිරීමකි.සම්ප‍්‍රධායික බලය අනාගතය කරා විහිද යා හැක්කේ වත්මන තුළිනි.ආදරයේ සිමෙන්ති යන සිංහල කාව්‍ය සම්ප‍්‍රධාය තුළ රැුඳවිය හැකි කාව්‍යාත්මක යෙදුමකි.සම්ප‍්‍රධායෙහි මේ ජීවන ගතිය පිළිබඳ හැරල්ඞ් බ්ලූම් ‘ණ්ඉඉ්ක්ය ්බා ජරසඑසජසපි. යනුවෙන් ග‍්‍රන්තයක්රචනා කර ඇත.

නූතන සිංහල කවියේ අර්ථය පිළිබඳ පුළුල් ව්‍යාපෘතියක් වූ නිසා එය හුදෙක් පැරණි කාව්‍යසම්ප‍්‍රධාය තුළින් තේරුම්ගත නොහැකිය. එහි අර්බුදය අර්ථය පිළිබඳ අර්බුදයක් ලෙස තේරුම්ගතයුතුය.

මේ අර්බුදය අද කෙතරම් උග‍්‍රවී තිබේද යත් සිංහල ගීත තුළ අර්ථය සොයන තරමට මෙරට බොහෝදෙනෙකුගේ රසිකත්වය පිරිහී ගොසිනි. සංගීතයෙහි අර්ථය උපදින්නේ ශබ්දයෙනි. එම සංගීත ශබ්දයබහුස්මනහෝ එ්කස්වන (ඡුදකහචදබහ දර ඵදබදචයදබහ* විය හැකි අතර අර්ථය එ් තුළින් සොයාගත යුතුය.අද බොහෝ දෙනෙකුට කාව්‍ය යනු කුමක්ද ? සංගීතය යනු කුමක්ද ? යන බවවත් නොතේරේ. අදඇත්තේ අර්ථය පිළිබඳ මිරිඟුවකි.ප‍්‍රබුද්ධන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වුණු සිංහල කවිය අද මුහුණ දී සිටින ප‍්‍රබුද්ධන අර්බුදයේපැතිකඩ දෙකක් අජිත් තිලකසේනගේ ‘මාරියාව’ කාව්‍ය සංග‍්‍රහය සහ ගුණදාස අමරසේකරගේ දේශපාලනකවි ( අමරසේන නව මුද්‍රණය* මඟින් ප‍්‍රකාශවේ. සිංහල ගීතය මෙලඩියක රැුඳවුණු පදවල අර්ථ රසයපිළිබඳ කලාවක් ලෙස අද පැතිර තිබෙන්නේ සිංහල කවියේ අර්ථ ව්‍යාපෘතිය වසාගත් ඝන දුමාරයක්
ලෙසිනි.

සම්ප‍්‍රධායේ සිරගත නොවූ
භූගත කවිය


මිනිසා ජීවිතය තුළ අද්දකින හා අත්විදින අනුභූතීන් මඟින් ඔහු තුළ කෙරෙන්නා වූ ප‍්‍රකම්පනයේධාරිතාවන් ඉක්මවාගිය පරිකල්පනයේ අසීමිත අවකාශයේදී පත අට එකට පෙරා නිමැවුවෙන අමුර්තනිර්මාණාත්මක ඵලය කවිය යැයි හැඳින්විය හැකිය.මුල් කාලීන මිනිස් සමාජයේ නිෂ්පාදන ක‍්‍රියාවලියත් සමඟ ස්වයං සිද්ධව කවි උපයන්නේය. එයදමුඛ ගායනයකට සීමා විය. එය ග‍්‍රහණය කරගත්තා වූ තවෙකෙක් එය හෝ අඩු වැඩි සම්පාදනයෙන්ජනකවියා ජන්මය ලැබීය.යම් කාලසීමාවක පරිණත වීමෙන් ඉක්බිතිව විද්‍යා හා තාක්ෂණයේ බලපෑමෙන් කවිය ලේඛනගත ප‍්‍රකාශන මාධ්‍යයක් බවට පත්විය. එ් දක්වා මිනිසාගේ පරිකල්පන හැකියාව හෝ තාලයකට හඩනැගීමේ හැකියාව මත මිනිසා වෙතින් වෙන්කළ නොහැකි අමුර්ථ රස නිෂ්පත්ති මාධ්‍යයක් වූ කවිය ප‍්‍රථමකොට මිනිසාගෙන් වෙන්කළ හැකි මාධ්‍යයක් බවට පත්වන්නේ මුද්‍රිත මාධ්‍යයේ දියුනුව හේතුවෙනි.
සුගායනීය නිර්මාණ මාධ්‍යයක් වු කවිය අජීවි ලේඛනගත කිරීම ප‍්‍රමුඛ වූ කලා ව්‍යාපාරයක් බවටපරිණාමය වූයේය. මුල්කාලයේ සෙල්ලිපිය, පසුව කවිකොළය, කවි සඟරා සහ කාව්‍ය සංග‍්‍රහලෙසින්පාඨකයාඅතරට පිවිසියේය. මේවන විට කවිය ජනයාගෙන් වියෝවී, කුදු මහත් නිෂ්පාදන ක‍්‍රියාවලියකටදාව උපදින තත්ත්වයේ සිට නිල කවීන්ගේ නිෂ්පාදනයක් බවට පත්වී තිබියේය. ‘නිල කවිය ’ උපදින්නේමරාජ්‍ය වරප‍්‍රසාද ලබමිනි.මේ නයින් රජරුන්ගේ, බිසවන්ගේ හා යුව රජුන්ගේ අමාත්‍යවරුන්ගේ සිත් තුටුපහටු කිරීමේ මාධ්‍යයක් බවට කවිය පත්වීමෙනි. පොදු ජනයාගේ හා නිෂ්පාදන ජීවිතයෙන් ක‍්‍රමයෙන්වියෝ වූ කවිය රාජ සභාවේදී හෝ රාජ්‍යයේ වෙනත් අවස්ථා සමඟ බද්ධවීමෙන් කවියේ ‘ප‍්‍රබුද්ධත්වයක්’ගොඩනැඟුණි.මුද්‍රිත මාධ්‍යයේ බලපෑමෙන් බිහි වූ කවි කොළය හෝ කාව්‍ය සඟරා පොදු ජනයාගේ රස විදීමටඋපස්ථාන විය. කාව්‍ය සංග‍්‍රහ හුදෙක්ම ප‍්‍රබුද්ධත්වයේ බල මහිමය විද්‍යමාන කරවන්නක් බවට වරප‍්‍රසාදිතජනයාගේ අතගැටෙන නිර්මාණ මෙවලමක්ව ආවේය.පසෙකින් හඬක් නැති ජනයාත් අනෙක් පසින් රාජ්‍යයේ බලය සහිත පීඩක පාලක පන්තියත් අතරනොවැලැක්විය හැකි අනවරත අරගලය තුළින් සමාජ සංවර්ධනයේ ඊළඟ අදියර ඉල්ලා සිටියේය. එමඅරගල ජයග‍්‍රහණය නොකලේ නම් අරගල කරුවන්ගේ අවසානය සොහොන් බිම හෝ වධ කඳවුර විය.මෙම කඳවුරු තුළ ගාල්කළ අරගල කරුවන්ගේ භාවප‍්‍රකාශන අගුරු කැබැල්ලක් , අල්පෙනෙත්තෙහිතුඩක් වැනි යමක් හෝ අතපත් ඕනෑම වර්ණයක් හෝ වැනි දෙයක් යොදා ගනිමින් බිත්තියේ, තාප්පයේබහුල වශයෙන් ලිව්වෝය. ඉඳහිට පැන්සල් කොටයකින් කඩදාසිවල සටහන් තැබුවෝය. මෙම කවි හෝසටන් පාඨ වැකි හෝ ජනතාව අතරට නොගොස් රහසේ සැඟව ගත්තේය. මේවා භූගත කවි යැයි නම්ගත්තේය.

භූගත කවි ලෙස නම් කළද එ් තුළ මෙන්ම නිර්මාණාත්මක වැකි හා සටන් පාඨද ඇතුළත් වේ.කෙසේ වෙතත් පසු කාලයකදී කිනම් හෝ අහම්බයකින් භූගත කවි භාහිර සමාජය අතපත් වුවහොත් එ්පිළිබඳ දේශපාලන විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක විෂය වලදී ඉහල වටිනාකමක් ලද්දේය. සිවිල් සමාජයේදීචූදිතයන් හෝ වැරදිකරුවන් බවට පත්ව රිමාන්ඞ් බන්ධනාගාරයට හා බන්ධනාගාරයට නියම වන්නේද‘භූගත කවි’ ලෙස ලීවෝය. එතකුදු එ් ප‍්‍රමාණාත්මකව ඉතා අල්පවූවා සේම බාහිර සමාජයේ අවධානයඑ් වෙත යොමු නොවීය. නමුත් පෙරකි අරගලකරුවන් තුළින් උපන් මෙම නිර්මාණ කෙරෙහි උනන්දුවක්දක්වන්නන් ඉතා විශාල බර තැබීමක් කල බව දැකිය හැකිය. එවැනි කිසිවකු අත්පත් නොවී මේ දක්වාභූගතව තිබූ කවි කිහිපයක් පිළිබඳව විමසා බැලීමකි මේ.

‘‘පහලොස් හැවිරිදි බටපොළ සිරිල් හා ඩැනී සොහොයුරනි. මේ ඔබලාට
‘‘අහිංසක ජනයා පාගාගෙන සිටින
ධන වැද්දන්ට විරුද්ධව ගෙනගිය සටන
පොඩි ළමයෙකු වුවත් වටහාගත් නුවණ
ආදර සිරිල් කෝ ඔබ නිදි යහන’’

මේ ලියූ සටන් සගයා, සිරිල් නම් ළමයාගේ ඔහුගේ උදාරත්වය හා ඔහුගේ දැක්මට උපහාරදක්වයි. එසේම කවියා ඔහුකෙරේ දයාර්ද්‍රව පළ කරන්නේ ‘කෝ ඔබ නිදියහන’ යන යෙදුමෙනි.ළමා වයස යනු ස්වාධීන පුද්ගලයකු ලෙස සමාජගත නොවු දෙමාපියන් හා සහෝදර සහෝදරියන් සමඟදැඩි ආත්මීය බැදීමක් පවතින මනෝභාවයකින් යුතු කාලයකි. එවන් අරගල කරුවකු රැුඳවුම් කඳවුරතුළ සිටින විට සිත උපදිනා කල්පනා කෙබඳු වේද?

”සෑම හිමිදිරි පාන්දරකම අම්මා
මතක් වෙනවා
මතක සිහිනය මවන්නට පෙර
කඳුළු බිඳු දෙක තුනක් එනවා
එ් නිසා කිසි දෙයක් නොසිතන ලෙසට
හිත අවවාද දෙනවා
දුක්වන්නට එපා අම්මේ ලගදී
නිදහස් වෙලා එනවා.

මුහුකුරා නොගිය ළමා මනසකින් යුතුව ‘නිදහස’ යන්න අර්ථ දක්වන්නේ කඳවුරෙන් පිටව යාමයි.නමුත් මේ දේශපාලන සංවිධානයේ දැක්ම අනුව ‘නිදහස’ අර්ථ දක්වන්නේ පුළුල් අර්ථයකිනි.

”අධිරාජ්‍යවාදයට බිලි වී තිබෙන අපේ
සිරිලක් දෙරණ ගලවාගනු පිණිස අපේ
රුධිරය හෙළු සොයුරනි, සොයුරියනි අපේ
සිහිවී කඳුළු වැගිරෙයි නෙත් තුළින් අපේ”

නිදහස යනු අධිරාජ්‍යවාදයේ නිදහස් වීම බව මෙයින් කියවේ.”ඇතුගල්පුර සටන් බිමේ දී මියගිය වීරකැටියේ විමුක්ති භටයකු වෙනුවෙන්” යන සටහන සමගවු කවියකි මේ.

”පන්ති භේද නැති කරන්නට
වීරයකු ලෙසට පෙරට ආවා
සතර හමුදාවලින් බැට කන
රෝගී සිර කරුවකු වූවා
දිවි පුදා රට වෙනුවෙන් සටන්වල
විදුදයේ වකුම් පෑවා
වීරකැටියේ වීර සොයුර
අමතක නොවේවා”

මෙය මියගිය සටන් සගයකු වෙනුවෙන් කළ උපහාර කවියක් වූවත් ‘නිදහස’ යන්න පන්තිපීඩනයෙන් නිදහස් වීම බව අඟවයි.

”කොණ්ඩය රැුවුල නොකපා සෙල්ලමට නොයා
නොනිදා නොකා සැප සම්පත අහක තියා
නිවහල් මව් බිමක් නිදහස් සුවඳ සොයා
යායුතු ගමන අරඹා ඉදිරියට ගියා”

මෙම කවියෙන් අරගල කරුවකුගේ කැප කිරීම පිළිබඳව මෙන්ම අරගලයේ අරමුණු කේන්ද්‍රගතවීතිබෙන්නේ ‘නිවහල් මව්බිමක්, නිදහස් සුවඳ සොයා’ යන පද පෙළෙන් පැහැදිලි වන්නේ නිදහස යනු ‘මව් බිමේ නිදහස’ බවයි. මෙවැනි කවි බොහොමයක් භූගත කවි තුළ තිබේ. විමුක්ති කාමීන්ගේ හදවත-මානව පේ‍්‍රමය නංවන සීනුව වේ. උදාර අසීමිත එම නාදය - ජීවමාන හැම හදවතකටම අහේ...”යනුවෙන් පාඨයක් හමුවිය. මෙවැනි අරමුණු වලින් සන්නද්ධව අරගල පිටියට අවතීර්ණ වූයේ තරුණයන්හෝ පුරුෂ පාර්ෂවය පමණක් නොවේ. එවැනි තරුණියන් හා කාන්තාවන් බොහෝ පිරිසකි. මේ සියළුදෙනාගේම පොදු සංඛේතය බවට පත්වූයේ ‘පේ‍්‍රමවතී මනම්පේරි’ ය.

ඇගේ නම හෝ වෙනත් විස්තරයක නොදත් එනමුදු ඇයට මුහුණ දීමට සිදු වූ රුදුරු වධ බන්ධන
සහ මරණය පිළිබඳව දැනගෙන තිබූ සටන් සගයකු තැබූ සටහනක් මෙසේය.

‘විප්ලවාදී තරුණියක මිය යාමට මොහොතකට පෙර’ යන හිසින්

”එම්බල කුලී භටයනි
දහඅට දෙනෙක් මා ¥ෂණය කොට
වෙඩි තියා මරා දැමුවත්
මගේ ලෙයින් මසින් පෝෂණය වන
මේ ලක් දෙරණ
අනාගත පරපුර විසින්
මුදවා ගන්නවා ඇත.”

පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය එළමහනේ සිදුකරන ලද්ද ම්ලේජ්ජ කි‍්‍රයාවකි. කඳවුර තුළදීද අමානුෂිකඝාතන සිදුකර තිබේ. විදුදය තුළදීද සිදුකළ එවන් ඝාතනයක් පිළිබඳ සටහනකි මේ.

”1971 නොවැම්බර් 5 වැනි දින
අප සියළු දෙනා ම‘බණ්ඩාරනායක’
ශාලාවට
ආයුබෝවන් කීමු
1971 නොවැම්බර් 5 වැනි දින
දරුණු මිනිස් ඝාතනයක් සිදුවිය
එ් ශෝචනීය සිද්ධිය නිසා
මුළු පරිසරයම ඉකිබිඳ
හඬා වැලපුණා.
අවාසනාවන්ත අතීතය...
ඔබට ආයුබෝවන්
අතීතය පිළිබඳ මිහිරි පැතුම් පතමින්
ඉදිරියට...සිරගෙය තුළින්....”

මෙවැනි රුදුරු අද්දැකීම් ලැබුවද ඔවුන්ගේ අධිෂ්ඨානය පිළිබඳව කියවෙන්නෙ මෙවැන්නකි.

‘සිරගෙයක සිට ආදරධෑය අම්මාට ’
ආදරධෑය අම්මේ..අපි මෙහි දැන්
ලතවෙනවා.
යලි විප්ලවය කිරුමට අපි සැම
සැරසෙනවා
විමුක්ති එළියෙන් ලක සරසනවා
නොමැරී සිටියෝතින් යළි සටනට එනවා”
එසේම රැුඳවුම් කඳවුරේ සිටි පියකු ලිවූවකි මේ.
”ආදරණිය පියකුගෙන් සිර ගෙදර සිට”
‘ගංගොඩවිල සිරකඳවුරෙ ලත වෙන්නේ
ළපටි ළමයි ගම්වල ඇත දුක් වන්නේ
කවදද ආයෙ එ් අය දැක සැනසෙන්නේ
අපි නිකරුණේ ගෙනවිත් සිරකර ඉන්නේ’

මේ කවිය තුළන් පැහැදිලි වන්නෙ අරගලයට සම්බන්ධ නොවු අයෙකු රඳවාගෙන සිටින බවයි.කඳවුර තුළ සිටින අරගල කරුවන්ගේ ක‍්‍රියාකාරීත්වය තවත් කවකින් මෙසේ දැක්වේ.

”සමහරු කවි ලියති සමහරු මත හදති
සහහරු නාති සමහරු පෝලිමේ යති
සමහරු දුවති සමහරු සෙල්ලම් කරති
සමහරු හඬති සමහරු නිදහස සොයති”

‘හුදෙකලා වුණු සොහොයුරෙකුගේ සිතුවිල්ලක් ’ යන හිසින් පළවු කවියක් මෙසේය. එය රචනා වීඇත්තේ විදුදය රැුඳවුම් කඳවුරේ ස්වභාවය පෙන්වමිනි.

”කම්බි තිස් දෙකක් ඇත අප වටකරලා
තට්ටු තුනක් ඇත අපහට වෙන් කරලා
කන්ට දෙන්නේ බත් පොඞ්ඩයි තද කරලා
නොකෑ බතින් ඇත අපගේ කුස පිරිලා”

කුසට අහරක් නැතිව දුක් අනුභව කරමින් මෙහි සිරකර සිටියත් ඔවුන්ගේ සිත රැුඳි අධිෂ්ඨානයමෙබඳුය.

සුළඟ කාගෙන යන්න
ශවිමත් පියා ඇත
කුරුල්ලකු සතුව ඇති
නිදහස අපට ඕන ”

රෝහණ විජේවීර පිළිබඳව භූගත කවි සටහනක මෙසේ සටහන් වෙයි.

”ලාංකීය විප්ලවයේ
ශ්‍රේෂ්ඨතම
මාක්ස්-ලෙනින් වාදියා
රෝහණ විජේවීරයි”

ඇතැම් භුගත කවි තුලින් ආමන්ත‍්‍රණය කර තිබුණේ උප්පැන්නයේ ලියා තිබූ නම හෝ සංවිධානයවිසින් ලබා දී තිබූ නම්වලටය. අකුරුන්ගේ සිරිපාල, ඩයස්, විනී, දෙණියාය ජයතිස්ස, රජරට රත්නෙ,කෑගල්ල සරත්, වැල්ලවායේ දේශපේ‍්‍රමී අනුර, රක්වානේ නිමල් ආදී වශයෙන් නම් රැුසක් එ් අතරදැකගන්නට ලැබේ. එදා මහින්ද විජේසේකරගේ විප්ලවීය භාවිතය ගැන ලියූ කවියක්ද එ් අතර වෙයි.‘සුමනා නම් සොයුරියක් ගැන තිබූ කවිය එ්අතරින් සුවිශේෂි එකකි. එය නම්කර ඇත්තේ දෙණියාය වීරසුමනා සොයුරිය ගැන’ යනුවෙනි.

”සුමනා” කරපු වැඩ විකුමැති වෙනවා
සොයුරිය ඔබෙ නමටම මල් පිබිදෙනවා
පෙරදිග මුතු ඇටයේ රතු කොඩි ලෙලදෙනවා
අවුරුදු මොටද එ් රට ඉක්මන් වෙනවා”

අරගලයට පිළිපන් බොහෝ දෙනෙකුගේ දැක්ම නොසැලී තිබෙන අතර ඊට එරෙහි වූවන්ද නොවුයේනොවේ.එවන් පුද්ගලයකු ගැන ලියූ කවි මෙසේයි.

”නායක කමට බලයට ලොබ පැඳ ගත්ත
නින්දිත ලෙසට අප පාවා දුන් හැත්ත
එය සිදු වු නිසා අද සමරමු බව ඇත්ත
දිවිදුන් අය නමින් මෙය සිදුවිය යුත්ත


ඔවුන්ගේ අත්දැකීම් විවිධය. ජීවිතයේ අත්දැකීම් , අරගලයේ අත්දැකිම් සහ මෙම කඳවුර තුළඅත්දැකීම් යන ක්ෂේත‍්‍ර තුනෙනි.

සියල්ල විශ්ලේෂණය කර බැලීමේදී නිදහස් ආරේ හෝ වේවා, සදැස් ආරේ හෝ වේවා පද්‍යපන්ති කිසියම් ආස්ථානයක තැබිය හැකිය. මෙ සම්භාව්‍ය ජනකවි සහ ප‍්‍රබුද්ධ කවිය අතරය. මේ භූගතකවි 1971 අරගලය 88-89 අරගලය අලලා සිංහල භාෂාවෙන් නිර්මාණය වූවා සේම 1983න් පසු දෙමළබසින් නිර්මාණය වූ බොහෝ දේ තිබෙන බව නොවනුමානය. සිංහල භාෂාවෙන් ලියවුණු මෙම භූගත කවිපිළිබඳව යම් ප‍්‍රමාණයක අවධානයක් දේශපාලන හා සමාජ විද්‍යා ගවේෂණයේදී අවධානයට ලක්වීතිබේ. මෙම කවි හෝ පාඨ බොහොමයක් ලියවී ඇත්තේ තමන්ගේ අධිෂ්ඨානශීලි අරමුනු වෙනුවෙන් වීමභූගත කවිවල තිබෙන විශේෂ ලක්ෂණයකි. මේ එවැන්නකි.

”නිදහස් සුවඳ නළ වැල් අතු අතර යැපී
නිර්ධන පන්තියේ රතුමල් කැකුළු පිපී
ධනවත් අධිරදුන් බල මුලූ දෙකට කැපී
යන මේ ගමන නැවතත් මුල පුරමු අපී”

ආලෝකයේ වේගයට ලංවන
සයිබර් අවකාශයේ කවිය

මිනිසා ශබ්දය රසවිදින්නට ගත් උත්සාහය ඉතාම ප‍්‍රාථමික මට්ටමේ සිට ශබ්ද ප‍්‍රතිනිෂ්පාදනයටවිදුලිය දායක වූ දිනයේ සිට වර්තමානයට එද්දී එය මිනිස් සංජානන අවකාශයේ උපරිමය දක්වා ගමන්කර ඇතැයි යන්න නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් සුලබ වීමෙන් තහවුරු වී තිබේ. මීට දශක කිහිපයකටපෙර තනි ස්පීකරයකින් මොනෝ ක‍්‍රමයට සවන් දුන් මියසි රාවය ස්ටීරියෝ ක‍්‍රමයට පරිවර්ථනය වීදෙසවන්හි පිහිටුවීමේ ස්වභාවික බවත් සංගීත තරංගවල අවකාශීය පැවැත්මේ ගුණාංගත් එකට ගෙනවඩාත් සජීවී අවකාශ තලයකට ගෙන එ්මෙන් සරවුන්ඞ් ශබ්ද පද්ධති ලෙස අද වඩාත් ප‍්‍රචලිත නිවාස තුළඅත් විදිය හැකි තියටර් පද්ධති දක්වා ද විකාශය වී ඇත. මෙනයින් ශබ්දය කන කරා එ්මේ යාන්ත‍්‍රණයස්වභාවික ශබ්දයේ සජීවී බව ප‍්‍රතිනිර්මාණය කිරිමේ තාක්ෂණය හරහා වඩාත් ලංවන්නේ මිනිස් සංජානනයස්වභාවික ලෝකයෙන් කෘතිම ලෝකය මායිම්කල බාධා බිද හෙලීමෙනි. එනමුදු සංගීතයේ සප්ත ස්වරයවෙනස් වූයේ නැත. ශබ්දය කන කරා ගමන් කිරිමේ අවකාශය පමණක් ස්වභාවිකත්වයට ලංවී ඇත. මේඋදාහරණ ගෙන එනුයේ කවියේ වර්තමාන අවකාශීය සැකසුම ශිලා ලේඛනයෙන් පුස්කොල පත් ඉරුවෙන්කඩදාසියටත්, ඉන් නොනැවතී පිස්කල් අංශු මතට පොලා පැනීමේ කවියේ රිද්මය බස සහ ආකෘතිය
ආලෝකයේ වේගය ලබාගත් අයුර පැහැදිලි කර ගැනිමටය.

කවියේ මූලික සංඝටක පද්ධතිය භාෂාවයි. භාෂාව නිර්මාණය වන්නේ භාෂා පද්ධතියකිනි. සංඥනිර්මාණය වන්නේ ශබ්ද සහ අර්ථ ආශ‍්‍රයෙනි. ශබ්දයේ පරමාණුක අවස්ථාව මාත‍්‍රාවයි. මාත‍්‍රාවක් ලෙසපෞරාණික අර්ථ දැක්වීම ඇසි පිල්ලමක් හෙලන්නට ගතවන කාලයක උසුරුන ශබ්දයයි.මාත‍්‍රා අතර වෙනසින් රටා උපදියි. මාත‍්‍රා රටා අනුව ඡුන්දස් ලෙස ගැනෙන ආකෘති බිහි වෙයි. මාත‍්‍රාවර්ද්මය ශ්‍රේණියක් බැවින් එනම් ශබ්ද සහ නිෂ්ශබ්ද අතර පරතර මතින් ගොඩනැගෙන්නක් බැවින් මාත‍්‍රාවිෂයය පරිපූර්ණ ලෙසම ද්විකෝටික වේ. මෙය කෙටි ශබ්ද සහ ද්වි ශබ්ද ලෙස නොහොත් ලඝු හා ලඝුනොවන ලෙස නාමකරණය වී ගණිතානුකූලව රිද්මය සංඛ්‍යා පද්ධතියක් බවට පත්වෙයි. පරිගණකයේපරමාණුක ක‍්‍රියාකාරිත්වය ද්විමය කේතනය හා සමපාත වෙයි. එනම් විද්‍යුත් ආරෝපණයක් ධන සහඍණ යන ධ‍්‍රැවීකරණය වීමේ ගුණය මත ක‍්‍රියාත්මක වෙයි. මෙනයින් ශබ්ද විද්‍යාවේ මූලයන් හා පරිගණකතාක්ෂණයේ මූලයන් එකම භාෂාවක වෙනස් යෙදුම් ලෙස හැදිනිය හැකිය. වඩාත් නිවරදිව ඉතිහාසයතුළ ස්ථානගත කළහොත් කවියේ මූලික සංකල්ප පරිගණක තාක්ෂණයේ මූලික සංකල්පවල මුතුන්මිත්තන් ලෙස හැදිනිය හැකි වෙයි. පරිගණක තාක්ෂණය මිනිසා හසුරුවන්නට බොහෝ කලකට පෙරශබ්ද විද්‍යාව හරහා එම යාන්ත‍්‍රික භාෂාවේ මුලයන් සියවස් කිහිපයකට පෙර ඉන්දියාවේ උපත ලබාඇත. ඡුන්දස් ශ‍්‍රාස්ත‍්‍රය බයිනරී විෂයක් වන්නේ පරගණක බයිනරි ක‍්‍රමය උපයෝගී කරගන්නට බොහෝකලකට පෙරය. කවිය පරිගණක හරහා සයිබර් ගතවිම යනු එහි තිඹිරි ගෙය කරා යළි යෑමකට නොදෙවෙනිගමනකි.

ශබ්දයේ වෙනස්කම ද්විකෝටිකව උච්ඡුාවචනයවීම තුළ ලඝු ගුරු මාත‍්‍රා උපන්නේ යම් සේද එ්අයුරන්ම ඡුන්දස් ශ‍්‍රාස්ත‍්‍රය උපත ලබා ඇත්තේය. මේ සඳහා කදිම උදාහරණ ”එළු සදැස් ලකුණ” විමසාබලා සොයාගත හැක. එළු සදැස් ලකුණේ නෂ්ටප‍්‍රත්‍යය සෙවීමේ ක‍්‍රමය යනුවෙන් දක්වා ඇති මාත‍්‍රාප‍්‍රස්ථාරයක කිසියම් ලඝු ගුරුසංයෝජනයක් සොයාගැනීමේ ක‍්‍රමය යනු කිසියම් දශම සංඛ්‍යාවකට අදාලද්විමය සංඛ්‍යාව සොයා ගැනිමේ ගණිතමය ක‍්‍රමයම වේ. මෙනයින් කවියේ ප‍්‍රාග් අනුභූතිය ගණිතයේමූලික සංකල්ප හා අවියෝජනීයව සමපාතවේ. මේ කතාකරන පරිගණක තාක්ෂණයේ මූලික සංකල්පසමඟ අතිශය සූක්ෂම ලෙස එ්කාත්මිකවේ. කවියේ යුග ගැන සලකා බලද්දී ප‍්‍රාදේශීය වශයෙන්ද යුගවකවානු වශයෙන්ද බෙදී කාලයට එදිරිව විවිධාකාර වූ සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික හාආගමික වර්ණයෙන්ද වෙනස්කම් ඇතිව සංවර්ධනය වෙමින්ද අවවර්ධනය වෙමින්ද එන ඓතිහාසිකත්වයවර්තමානයේ පියතබන්නේ සයිබර් යුගයට යැයි කීම අතිශෝක්තියක් නොවනු ඇත. කවිය චිරාත් කාලයක්ද්විමාන තලයක ජීවත්ව එය වත්මනේ අන්තර්ජාලයට ඇතුළුව ඇත්තේ සිය දෙවන මානය සයිබර්අක්ෂය ලෙස තෝරා ගෙනය. මෙම සයිබර් අක්ෂය තුළ විරාජමානවන කවිය සුලභ කාව්‍ය කතිකාවතක්තුළ ගොඩනැගෙන චිරාත්කාලීන වාද ප‍්‍රතිවාද සහ සංවාද උඩු යටිකුරු කරමින් ශාබ්ධික ගතිගුණ සහ
අර්ථභාව පිළිබඳ පාරභෞතිකයන් විසද කරමින් නැගී එන්නේ පිස්කල් මතින් මැවෙන දෘශ්‍යමය චන්දසකටවිවිරයක් සඳමිනි.

නොවිරිත් වැකි බහුල එනමුත් දෘශ්‍යමය ප‍්‍රයෝගයෙන් අනුන නූතන සයිබර් කවිය හද බසටඔබ්බෙන් වන තාක්ෂණික බසින් විද්‍යාවේ මූලිකාංග ප‍්‍රතිකථනය කරන්නට සමත් ද්විතීක භාෂාවක් ලෙසසිය හැඩරුව වඩවා ගනිමින් සිටී. මාතර යුගයේ කවීන් බහුල ලෙස භාවිතා කළ කාව්‍යෝචිත බස් වහරවෙනුවට සිය පාණ්ඩිත්‍ය හුවා දැක්වීමේ අභිලාශය වැනිම යුග ධර්මතා හේතුවෙන් මේ නැගෙන සයිබර්කවි රළ ජන හද නැමති වෙරළ ඛාදනයකරන්නට වුව සමත්වන්නේයැයි කීම විවාදාත්මකය.පෙර සඳහන් කළ සංගීතය එහි නිම් වළළු තාක්ෂණයේ ව්‍යවහාරයෙන් කර්ණ ශංඛය කරා ගමන් කළපථය අවකාශ ගතවීමෙන් සිදු වූ ප‍්‍රාතිහාර්ය වෙනුවයට කාව්‍ය සයිබර් අවකාශ ගතවීමෙන් උපනති වූසාධනීයත්වය පිළිබඳ අතිවිශාල අභියෝගයන් වත්මනට විවිරව ඇත්තේය. විචිත‍්‍ර වූ භාෂා භාවිතයේ හාරසවත් සංකල්පනා එළි දැක්වීමේ භාෂා ප‍්‍රවීණත්වය මතින් වැඩුනා වූ සාහිත්‍යකලා විහීන මානසිකත්වන්දරන අල්පභාෂීන් ජාතකවීමේ සමාජ සංස්කෘතික අවනතිය පසුගිය දශක ගණනාවක් තුළම සමස්ථසමජ අධ්‍යාප ක්ෂේත‍්‍රය තුළම පිළිකා ලෙස වර්ධනය වී ඇත්තෙන් මේ තාක්ෂණික පසුබිමට ඇතුළුවූවන්තුළ ඓතිහාසික සාහිත්‍යාවලිය පිළිබඳ ඇති භින්න රුචික බව සහ දුර්වල හැදෑරීම මෙන්ම සතතඅභ්‍යාස විරහිත භාවයෙන් සයිබර්කවියේ ගුණාත්මක පක්ෂය ගැන ධනාත්මකව යමක් සඳහන් කිරීමඋගහටය.

එමෙන්ම දැනට සයිබර් කවි නොවන වෙනත් අනෙක් සාහිත්‍ය ක්ෂේත‍්‍රවල පවා විධිමත් සාධනීය හානිර්මාණශීල්ී විචාරයක් පවතින්නේයැයි කිම ද අසීරු හෙයින් මේ අදහස වඩාත් සංකීර්ණ වේ.සයිබර් අවකාශය ආලෝකයේ කම්පන සංඛ්‍යාතයෙන් කම්පනය වේ. ආලෝකයේ වේගයෙන්සංසරණය වේ. එහි පරමාණුමය එ්කකය ද්විමය සංඛ්‍යාත පද්ධතියකි. එම ද්විමය සංඛ්‍යා බටයන්ගරිල්ලා සටනක යෙදෙමන් සිය සන්නද්ධ භාවිතය තුළ මිනිස් වර්ගයාට ආදරය යළි සොයා ගැනීමටතරු සිතියමක් සහ මාලිමාවක් තනමින් සිටියි. මේ මාලිමාව රැුගෙන මනුශ්‍ය සංහතියට පාර කියන්නටවෙබ් අඩවියක් පුරෝගාමී වේ. එ් බූන්දි වෙබ් අඩබියයි.ලොව පුරා විසිරී සිටින හුදකලාව නිර්මාණකරණයේයෙදී හුන් සුවහසක් නිර්මාපකයින් එක සෙවණක් යටතට ගාල්කර ඔවුන්ගේ සයිබර් කවි සමුච්චය ලංකාඉතිහාසයේ ප‍්‍රතම වරට අක්ෂර සෙනඟ නමින් ග‍්‍රන්ථාරූඩ කෙරුණේ බූන්දි වෙබි අවකාශයේ ආරම්භයත්සමඟය. ”ගොඩනැගෙන්නේ ගොඩනගන්නාය” යන සංකල්පයට ප‍්‍රතිපක්ෂව බූන්දිය විසින් ගොඩනැගූ
පූද්ගල ප‍්‍රතිරූප හෝ ප‍්‍රතිරූපයක් නැත. එය හුදෙක් නව කිවියේ හෘර්ද සාක්ෂිය වෙනුවෙන් කැපවූකණ්ඩායමක ප‍්‍රතිඵලයකි.

මේ එලබෙන්නේ අක්ෂර සෙනඟ ඩිජිටල් සොල්දාදුන් හා එ්කාබද්ධ හමුදාවක් ගොඩනගා කවියේගමන් මග එළි පෙහෙළි කරන මොහොතය. සයිබර් කවි අවකාශයේ බාධා නැත්තේද නොවේ. හැලහැප්පීම් නැත්තේද නොවේ. වාද විවාද නැත්තේ නොවේ. එනමුදු සයිබර් කවිය පෙර කිසි කලෙකත්සාහිත්‍ය අම්බරයේ නොදුටු තාරකාවන් නම් කරමින් ඉදිරියට ඇදෙන්නේ මිනිසාගේ හෘර්ද සාක්ෂියගවේෂණය කරමින් ඈත ආලෝක වර්ෂ ගණනාවකට ඔබ්බෙන්වන අපේ මුතුන් මිත්තන් සොයා යනඅහස් නැවක් ලෙසිනි.

බූන්දි මැදිහත් වීම මෙලෙස අංකුර කවියන් සොයා ලෝකය වෙත පෑමෙන් පමණක් නොනවතී.එය ලාංකීය කවියේ පුරෝගාමීන්ගේ සතපතල ඓතිහාසික නිමවුම්ද දේශදීපාංකරවල පොතක් පතක්සොයා ගැනීමේ දුෂ්කරතා මධ්‍යයේ සතත අභ්‍යාසයේ යෙදෙන්නන් වෙත උපුටා දැක්වීම ද කරයි. අන්තර්ජාලයේ කිසි වියමන් ඉඩක් නොලද ලාංකීය කවියේ හැඩරුව පෝෂණය කළ කිවිසුරුවන්ගේ නිර්මාණදසිංහල යුනිකේත හරහා නැවත ලියවී ආලෝක වේගයෙන් දශත පැතිරීමද අතිශය තීරණාත්මක මෙන්මභාරධූර කාර්යයකි. මේ අවකාශය විධග්ධ කවීන්ගේ නිර්මාණ තවදුරටත් ප‍්‍රචලිත කිරිම කිරීමේකාර්යභාරයද බූන්දියෙන් ඉටවන බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි. සිංහල කවියේ සඟරාමයයුගයන් කෙළඹ යුගයේ ප‍්‍රවණතා මෙන්ම නූතන කාව්‍යකරණයේ මංපෙත් විවරකළ ගුණදාස අමරසේකර,රත්න ශ‍්‍රී විජේසිංහ, ”නන්දන වීරසිංහ, සිරි ගුණසිංහ, දයාසේන ගුණසිංහ, කේ.කේ. සමන් කුමාර,ලක්ෂ්මන් කහටපිටිය, මංජුල වෙඩිවර්ධන, චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න, ජනක මහ බෙල්ලන, එරික්ඉලයප්ආරච්චි, විමල් දිසානායක, මහගමසේකර, තනුජා ධර්මපාල, මොනිකා රුවන් පතිරණ, බුද්ධදාසගලප්පත්ති, සමන්ත හේරත්, නිලාර් කාසීම්, සෙනරත් ගොන්සල්කෝරාල යන ආදී අප‍්‍රමාණ සක‍්‍රයතාවයකින්සිංහල කවි කෙත පෝෂණය කළ කවි කිවිද කිවිදියන් ගේ නිර්මාණ සියිබර් අවකාශය බූන්දිය හරහාමුදාහැර ඇත. එමෙන්ම නූතන සයිබර් අවකාශයේ නොනිත් කැපවීමෙන් වෙබ් අඩවි, බ්ලොග් අඩවිනඩත්තුකරමින් බූන්දියට උපදේශයෙන්ද සිය වටිනා කාලය විදෙස්හි සිට ආයෝජනය කරන සුනිල්ගෝවින්නගේ, රසික සූරිය ආරච්චි සහ ජගත් පේ.එදිරිසිංහ ද මෙහි නම් වශයෙන් සඳහන් කළ යුත්තේය.
සයිබර් නිර්මාණකරණයේ යෙදී ඉන්නා පරම්පරාව කුමක්ද ? මේ පරම්පරාව සුසැදෙන්නේකාලිදාසගේ සිට ෙහෙඩෙගර් සහ ඉන් ඔබ්බට ද මිනිස් සංහතිය තුළ සිය ප‍්‍රඥව දියකර ගවේෂණයෙන්වෙළුම් වශයෙන් ලියා තබා ගිය කවියේ මනෝ ගතික ස්වභාවයන් ගැන ලූහුඬින් කියවාගත් පරිගණකඅක්ෂර පුවරු මත සිය අතැගිලි මොට කරගත් පිස්කල් තිර මත සිය දෙනෙත් අලවා අඳකරගත් නූතනපරම්පරාවකි. මේ තත්ත්වය සයිබර් කවියේ වර්ධනයට ඉමහත් බාධාවක්ව ඇතිබව මගේ විශ්වාසයයි.සයිබර් කවියෙන් තම සමාජ සංස්කෘතික දේශපාලන හෘද සාක්ෂිය සොයා යන්නන් විරල වීම මීටසමාන්තරයි. මේ කාරණාවත් සිතියම්ගත කර ඊට දුෂ්කර මාවත් මගහැර සුමට මගක් සොයමින් ඉන්නේබූන්දි වෙබ් අඩවියයි. බූන්දිය ගෝලීයකරණයේ සිතියම සොයා යන්නෙකු මිස ගෝලීයකරණයේඅවජාතකයෙකු නොවේ.

බොහෝ විට පරිගණක ආශ‍්‍රිත රැුකියාවල නියුක්තිකයන් සිය සහෘර්දයන් සමග වෛකල්පිතසමාජ වෘත්තියන් බිහිකර ගැනීමේ සහ බොහෝ විට විදේශගතව හුදකලාවට පත් එනමුත් අන්තර්ජාලපහසුකම් ඇති හෙයින් අදහස් හුවමාරු කර ගැනීමේ පදනමින් ජාලගතව උනුනගේ විනෝදය සඳහාකවියක් වැනි යමක් ලියා ග‍්‍රැෆික් වලින් හැඩකර එහාට මෙහාට යැවීමෙන් ඇරඹෙන මේ කාව්‍යකරණයසීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියා ගිය අයවලූන් වත්මනට දායාද කළා වූ සේ යමක් අනාගතයටඉතිරිකරන්නට සයිබර් කවියන් සමත් වන්නේද යන්න කුකුසට හේතුවේ.

බොහෝවිට මෙවැනි දේ සිදු වූවත් සයිබර් කවියේ වර්ධනයට මේ සියළු දේ දායකවන බව අමතකනොකළ යුතුය. පුංචි පැලේ ගසවෙනා න්‍යායෙන් මේ සියළු දේ ඉවසා ගත යුතු වන්නේ එහෙයිනි. මේසියළු අභ්‍යාසයන් අනාගතයට උපදින දේශසීමා මායිම් නැති අභිනව කවියේ චන්දෝදයට පාර කපනුඇත.

එනමුදු නව කවියේ හැඩතල ඇදෙන මතුපිට ඇති දිශාව සුපැහැදිලි ලෙසම දිගුව ඇත්තේ මේනව අවකාශය වෙතය. එම දිශානතිය හේතුවෙන් නිර්මාපකයකු සිය නිර්මාණය බෙදා හදා ගත යුතුමොහොත මේ යැයි තීරණය කළ නැකතින්ම එයට ලැබිය හැකි සහෘද ප‍්‍රතිචාරය ක්ෂණිකව ලබා භුක්තිවිදීමේ ආලෝක වේගය හේතුවෙන් නිර්මාණකරණය වෙන කවරදාකවත් නොතිබි තරමින් මනරංජන සජීවීඅත්දැකිමක් බවට ප‍්‍රක්ෂේපනය වී ඇති වග ස්තීරය. සයිබර් කවිය ආලෝකයේ වේගයෙන් සහෘදයන් කරා ඇදේ. සහෘද ප‍්‍රතිචාරද ආලෝකයේ වේගයෙන් වයර් මතින් හඹා ගොස් පිස්කල් තිරමත වැටීනිර්මාණකරුවන් පුබුදුවයි. සයිබර් කවියේ නියමුවන් නොමැති වයර අවකාශයේ බූන්දිය නිර්මාණශීලීඅංකුරයන් සමග අත්වැල් බැද ලෝකය එකම කවි යායක් බවට පත් කිරිමේ වයර් දිගේ දුවන එ්කාත්මිකපාරභෞතිකයක බැඳී වෙලී සිටියි. කලින් සඳහන් කල ආකාරයෙන්ම සිංහල කවියේ වර්තමානය සහඅනාගතයේ සුභාවිතය වෙනුවෙන් අනාගත කවියේ අතීතය හැදෑරිමේ බලවත් අවශ්‍යතාව සහ චිරාත්කාලයක් ඉහල පහල යන සම්මුතින් විමසා විනිසා ගැනීමට අවැසි නූතන දැනුම සොයා යාමේ නොසිදිඋද්යෝගයෙන් ද එකට බැඳුනු පිරිසක් බූන්දියේ දිවා ? සිය වටිනා කාලය මිඩංගු කරමින් සිටියි. සයිබර්අවකාශයේ ඉමක් නැති අහු මුලූව රස්තියාදු වෙමින් හුන් කවි කිවිදියන් මහපොළවට ගැට ගසා දැමීමේඓතිහාසික කාර්යය 2008 දී අක්ෂර සෙනඟ පද්‍ය සංග‍්‍රහය එළි දැක්විමත් සමඟ සිදු විය. මේ එළඹෙනසැප්තෑම්බරයේ සයිබර් අංකුර කවියන්ගේ ශ‍්‍රම විභජනයෙන් සිය වර්ෂපූර්ණ සැමරීම හා සමඟාමීව එළිදක්වන්නට යෙදෙන කාව්‍ය ග‍්‍රන්ථ සයකින් මෙම ගමනේ තවත් සැතපුම් කණුවක් සලකනු කරනුනොවනුමානය.

කවියේ හැඩරුව කාලයෙන් කාලය වෙනස් වෙමින් පැමිණි මේ ගමන ඡුන්දසින් ඡුන්දස වෙන්වීඑනමුත් ඡුන්දස් ගතිගුණ ඡුායා මාත‍්‍ර ලෙස දරාගෙන නිර්ඡුන්දස් යැයි හැදින්විය හැකි නිදහස් හා සංයුක්තකවි හරහා රූපමය භාවිතාවෙන් සහ මතු දිනක බහු විධ මාධ්‍ය අනුකලනයෙන් විවිධාංගීකරණයටඑළඹෙන්නට නියමිත සයිබර් කවිය දක්වා පැමිණ ඇති මේ ගමන තව කොපමණ විවිධාංගයන්ගෙන්සමලංකෘතව මිනිස් සමාජයේ හෘද සාක්ෂිය සොයා සහෘර්ද ජන කොටස් ආමන්ත‍්‍රණය කරන්නටඑලඹෙන්නේද යන්න විවාදාභිමුඛය. ස්කන්ධයක් ආලෝකයේ වේගයට ලංවූ විට අපිරිමිත ලෙස සියස්කන්දය වැඩිකර ගනී. එබන්දකට ඉන්පසු චලනයක් විය නොහැක. භෞතික විද්‍යාත්මකව එය එසේයැයි කීවද එය ගණිතානුකූලව විනිශ්චයක් පමණි. කිසිවකු එය සාක්ෂාත් කරනු ඇත්දැයි නොසිතේ.

කවියේ වේගය දැන් ආලෝකයේ වේගයට ලං ව ඇත.

1 comment:

B.K said...

The background colour is not good. No contrast. Black letters on a white background are the best.