Thursday, October 2, 2008

ඔබගේ බ්ලොග් අඩවියට වීඩියෝවක්ඇතුලත් කරගන්නා අයුරු

YouTube වීඩියෝවක් බ්ලොග් අඩවියයේ දර්ශන කරවීම.
මේක ගැන ගොඩක් ආධුනිකයින් විමසන නිසා. මෙතනත් දාන්න හිතුනා.
පහත උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවියට YouTube වීඩියෝවක්ඇතුලත් කරගන්නා අයුරු දැනගැනීමට හැකිවේවි.
1. ඔබට අවශ්‍ය ඔබේ පරිගණකයේ ඇති වීඩියෝවක් YouTube මාර්ගයෙන් ඇතුලත්කිරීමට නම්, මුලින්ම ඔබේ වීඩියෝව www.youtube.com වෙතට Upload කර, අංක 1යටතේ ඇති පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවියට YouTube වීඩියෝවක්ඇතුලත් කර හැක2. ඔබට අවශ්‍ය YouTube මත දැනටමත් ඇති වීඩි‍යෝවක් ඇතුලත් කිරීමට නම්, අංක2 යටතේ ඇති පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවියට YouTubeවීඩියෝවක් ඇතුලත් කර හැක
1. ඔබේ පරිගණකයේ ඇති වීඩියෝවක්, YouTube මාර්ගයෙන් බ්ලොග් අඩවියේ දර්ශණයකරවීම
1. පළමුව YouTube (www.youtube.com) වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචිවන්න (Sign-Up) (Sign-Up Link එක YouTube වෙබ් අඩවියේ දකුණු ඉහල කෙළවරේමුලින්ම දැකගත හැක) 2. ලියාපදිංචි වීමෙන් අනතුරුව හෝ, ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම්,YouTube (www.youtube.com) වෙබ් අඩවියට ඔබගේ username එක හා password එකභාවිතා කර ඇතුලත් වන්න. (Sign-In ලින්ක් එක YouTube වෙබ් අඩවියේ දකුණුඉහළ කෙළවරෙන් ලබාගත හැක) 3. ඉන්පසු Upload Button එක ක්ලික් කරන්න (එසේත් නැතිනම්http://www.youtube.com/my_videos_upload link එක භාවිතා කරන්න) 4. ඉන්පසු ඔබට ලැබෙන online form එක සම්පූර්ණ කර Upload a video...button එක මත ක්ලික් කරන්න. 5. ඉන්පසු ‍ලැබෙන වෙබ් පිටුවේ, Browse button එක ක්ලික් කර ඉන්අනතුරුව ලැබෙන Dialog Box එකෙන් ඔබගේ වීඩියෝව තෝරා, ඉන් අනතුරුව "UploadVideo" button එක ක්ලික් කරන්න 6. ඉන්පසු ඔබේ වීඩියෝව YouTube වෙබ් අඩවියට Upload වනතෙක් රැඳීසිටින්න. වෙබ් අඩවියට වීඩියෝව Upload වීමට ගත වන කාල‍ය ඔබේ වීඩියොවේප්‍රමාණය මත රඳාපවතිනු ඇත. 7. වීඩියෝව Upload වීමෙන් පසු වෙබ් අඩවියේ ඉහළ දකුණු කෙළවරේ ඇති"Account" යන යොමුව වෙතට mouse pointer එක ගෙනියන්න. එවිට පහතට වැටෙනmenu එකෙන්, "My Videos" යන්න ‍තෝරා ක්ලික් කරන්න. 8. ඉන්පසු ලැබෙන පිටුවෙන් "Uploaded Videos" යටතේ ඇති ඔබ upload කරනලද වීඩියෝවට ඉදිරියෙන් දිස්වෙන ඊ-හිස මත ක්ලික් කරන්න. 9. අනතුරුව, "Play Video" මත ක්ලික් කරන්න. ඉන් පසු ලැබෙන ඊළඟ වෙබ්පිටුවේ, ඔබගේ වීඩියෝව දර්ශනය වනු ඇත. 10. එම පිටුවේ දකුණු පස, වීඩියෝවට සමාන්තරය ඇති තීරුවේ මුලින්ම ඔබගේYouTube username එක, ඉන්පසුව වීඩියෝවේ විස්තර දැකගත හැකි අතර, එයට යටින්වීඩියෝවේ "Embed" ‍කේතය දැකගතහැකි වනු ඇත. එම කේතය මත Right mouse buttonඑක ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවෙන් "Copy" යන්න ක්ලික් කරන්න 11. ඔබේ බ්ලොග් අඩවිය ඇත්තේ Blogspot (Blogger) මත නම්, Blogspot(Blogger) අඩවියට ඇතුලත් වී "Manage Your Blogs" යටතේ ඇති ඔබේ බ්ලොග්අඩවිය යටතේ ඇති "New Post" මත ක්ලික් කරන්න. Wordpress මතත් ඇත්තේ මේ හාසමාන ක්‍රියාවලියකි. 12. ඉන් අනතුරුව ඔබේ ලැබෙන පිටුවෙන්, "Edit Html" යන ටැබ් එකටමාරුවෙන්න එහි, ඔබ මුලින් YouTube වෙබ් අඩවියෙන් Copy කරගත් කේතය, MouseRight Click -> Paste යන්න මඟින් "Edit Html" බොක්ස් එක තුලට පේස්ට්කරගන්න ඊට පසු ඔබට අවශ්‍ය සටහන් යොදා Post එක Publish කරන්න 13. සුභපැතුම්! ඔබේ විඩියෝව දැන් ඔබේ බ්ලොග් සටහනට ඇතුලත් වී ඇත
2. YouTube මත දැනටමත් ඇති විඩියෝවක්, ඔබේ බ්ලොග් සටහනක දර්ශනය කරවීම
1. YouTube වෙබ් අඩවියට පිවිසෙන්න 2. ඔබට අවශ්‍ය වීඩියෝව Search කරන්න 3. ඉන් අනතුරුව ලැබෙන Search Results මඟින් ඔබට ඇතුලත් කරයුතු වීඩියෝවතෝරා වීඩියෝව ක්ලික් කරන්න 4. ඉන් අනතුරුව ලැබෙන ‍පිටුවේ වීඩියෝව දර්ශණය වනු ඇත 5. එම පිටුවේ දකුණු පස, වීඩියෝවට සමාන්තරය ඇති තීරුවේ මුලින්ම YouTubeusername එක, ඉන්පසුව වීඩියෝවේ විස්තර දැකගත හැකි අතර, එයට යටින්වීඩියෝවේ "Embed" ‍කේතය දැකගතහැකි වනු ඇත. එම කේතය මත Right mouse buttonඑක ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවෙන් "Copy" යන්න ක්ලික් කරන්න 6. ඔබේ බ්ලොග් අඩවිය ඇත්තේ Blogspot (Blogger) මත නම්, Blogspot(Blogger) අඩවියට ඇතුලත් වී "Manage Your Blogs" යටතේ ඇති ඔබේ බ්ලොග්අඩවිය යටතේ ඇති "New Post" මත ක්ලික් කරන්න. Wordpress මතත් ඇත්තේ මේ හාසමාන ක්‍රියාවලියකි.. 7. ඉන් අනතුරුව ඔබේ ලැබෙන පිටුවෙන්, "Edit Html" යන ටැබ් එකටමාරුවෙන්න එහි, ඔබ මුලින් YouTube වෙබ් අඩවියෙන් Copy කරගත් කේතය, MouseRight Click -> Paste යන්න මඟින් "Edit Html" බොක්ස් එක තුලට පේස්ට්කරගන්න ඊට පසු ඔබට අවශ්‍ය සටහන් යොදා Post එක Publish කරන්න 8. සුභපැතුම්! ඔබට අවශ්‍ය විඩියෝව දැන් ඔබේ බ්ලොග් සටහනට ඇතුලත් වී ඇත

No comments: