Thursday, August 13, 2009

සංදේශයෙන් ආ ජීවරාණ -ගාමිණී වේරගම විවරණයක්...ි

ගාමිණී වේරගම විවරණයක්...

දසකයේදී ජනප‍්‍රියත්වයේ පෙරමුණේම සිටිතාරකාවන් අතර ජීවරාණිට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ෆ්ලොරීඩා හා ක්ලැරිස්ගෙන් පසුව1960 දසකයේදී ජනප‍්‍රියතම නිළියන් අතුරින්ප‍්‍රථමයෙන් සිනමාවට පිවිසෙන්නේද ජීවරාණිය. ඇයසිනමාවට පිවිසෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙවනචිත‍්‍රපටය වූ ”සංදේශයෙනි.” (1960* එවකට ජනප‍්‍රියතමතාරකාවක් වූ කාන්ති ගුණතුංග අවසන්වරට ප‍්‍රධානචරිතය ර`ගපෑ චිත‍්‍රපටයෙන්ම කෙටි දර්ශන දෙක තුනකපෙනී සිටිමින් ජීවරාණි රඟපෑමට පිවිස වසර දෙක තුනක්ඇතුළත කාන්ති ගුණතුංගට වඩා ජනාදරය දිනාගැනීමදචිත‍්‍රපට කතාවක් බ`දුය.””සංදේශය” ආරම්භ වන්නේ පෘතුගීසීන් විස#38;න්සිංහලයකුට මරණ ද`ඩුවම පැනවීමේ දර්ශනයකිනි.

ඔහුගේබිරි`ද හා දියණිය හ`ඩා වැටෙති. මවගේ චරිතය ර`ගපෑවේශාන්ති ලේඛාය. දියණිය ලෙස විනාඩි කිහිපයක් පෙනීසිටියේ ජීවරාණිය. එයට අමතරව ඇය මෙම චිත‍්‍රපටයේසමූහ දර්ශන දෙක තුනකද පෙනී සිටියාය. ඇගේ මේසිනමා ප‍්‍රවේශය එක් අතකින් ගාමිණී ෆොන්සේකා”රේඛාව” චිත‍්‍රපටයේ තත්පර කිහිපයක ධාවන කාලයකින්යුත් සමූහ දර්ශනයක පෙනී සිටිමින් රංගනයට ප‍්‍රවේශවීම හා සමානය. මා එම කරුණ ගෙනහැර දැක්වූයේ1960 දසකයේදී ජනප‍්‍රිය සිනමාවේ ගාමිණී ජීවරාණියුගයක්ද බිහිවූ නිසාය.සිනමාස් සමාගමේ නිෂ්පාදනයක් වූ ”වීර විජය”චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ර`ගපෑමේ අවස්ථාව ඇයටහිමිවිය.ජීවරාණි ජනාදරයේ ඉහළම තලයට පිවිසෙන්නේමෙරට ජනප‍්‍රිය සිනමාවේ කඩඉමක් වූ ”රන්මුතු ¥ව”චිත‍්‍රපටයේ (1962* කුමාරි ලෙස ප‍්‍රධාන චරිතය ර`ගපෑමෙනි.ගාමිණී ෆොන්සේකා ජනප‍්‍රියත්වයේ කිරුළ සෙසුනළුවන්ගෙන් පැහැර ගන්නේ මෙම චිත‍්‍රපටයෙනි.ජීවරාණිද ඒ ම`ග යමින් සෙසු නිළියන් අබිබවාප‍්‍රමුඛ පෙළේ ජනප‍්‍රිය නිළියක බවට පත්වූයේ ද මේචිත‍්‍රපටයෙනි.

ගාමිණී හා ජීවරාණි තිරයේ මැවූ පෙම් ජවනිකාඑතෙක් සිංහල චිත‍්‍රපටයකට නොපිවිසි ආකාරයේ තාත්විකලක්ෂණවලින් යුක්තවිය. සමකාලීන තරුණ පරම්පරාවේගති ලක්ෂණවලට සමීපව ප‍්‍රතිනිර්මාණය වූ මේ චරිතද්වයනිසා ගාමිණී - ජීවරාණි තරුණ පරම්පරාවේ නවතමආකර්ශනය බවට පත්විය. ඔවුන් දෙදෙනා එක්ව ර`ගපෑ”ගලන ග`ගකි ජීවිතේ” ගීත ඛණ්ඩය රැුගත් දර්ශන පෙළඑතෙක් සිංහල චිත‍්‍රපටයක නොදුටු සො`දුරුතම පෙම්දසුනක් විය.ජීවරාණි නර්තනයේ හා ගායනයේද කුසලතාපළ කළ ශිල්පිනියකි. පානදුරේ යහපත් එෙ`ඞ්රාගේකන්‍යාරාමයේ අධ්‍යාපනය ලද අවදියේ වජිරා-චිත‍්‍රසේනයටතේ නර්තනය හැදෑරූ ඇය ගීත ගායනය ප‍්‍රගුණකළේ තිලකසිරි ප‍්‍රනාන්දුගෙනි. ”එන්න මද නලේ” ගීතයගායනා කරමින් ජනප‍්‍රිය වූ තිලකසිරි ප‍්‍රනාන්දු සංදේශයචිත‍්‍රපටයේ කරත්තකරුගේ චරිතයද, රන්මුතු¥ව චිත‍්‍රපටයේකයිලාසගේ චරිතයද ර`ගපෑවේය.ජීවරාණී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හ`දුන්වාදෙනු ලැබුවේ තිලකසිරි විසිනි.

”ගම්මානය කලඑළිවූවා - මාලා මනමාලිය වූදා” ගීතය ජීවරාණී සමගගැයුවේද තිලකසිරිය. ජීවරාණී වේදිකාවට පිවිසෙන්නේඑස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා ලියූ,මාහේනේ රීරී යකා නාට්‍යයේ ප‍්‍රධාන චරිතයර`ගපාමිනි.ජීවරාණී දසක එකහමාරක පමණකාලයක් ප‍්‍රධාන චරිත නිරූපණය කළද දේශීයසිනමා රංගනයේ කඩඉමක් බ`දු චරිතයක්ප‍්‍රතිනිර්මාණය කිරීමේ අවස්ථාවක් ලැබුවේනැත.කිසියම් අවිහිංසක බවක් රැු`දි චරිතවැඩි වශයෙන් නිරූපණය කළ ඇයඑම`ගින් තමන්ට ආවේණිකඅනන්‍යතාවක්ද ගොඩනගා ගත්තාය.ඇය ගාමිණී ෆොන්සේකා සමගමෙන්ම ටෝනි රණසිංහ, ජෝඅබේවික‍්‍රම වැනි දක්ෂ නළුවන්සමග ද සමබර රංග රටාවකපිහිටන්නට සමත් වූවාය.

එහෙත්ඔවුන්ගේ ප‍්‍රශස්තම රංගන රැුගත්චිත‍්‍රපටවල චරිත නිරූපණයට ඇයඅවස්ථාව නොලැබුවාය.ඇය දේශීය සිනමාව තුළ නොමැකෙන නමක් බවටපත්වූයේ ඇගේ ර`ගපෑම්වල ගැබ් වූ සරල අවිහිංසක බවත්කැමරාගෝචරබවත් අනුකරණයක් නොවූ හැඩතල නිසාත්බව අමතක කළ යුතු නොවේ.ඇගේ සිව්වන චිත‍්‍රපටය වූ සිනමාස් සමාගමේමනිෂ්පාදනයක් වූ ”අදට වැඩිය හෙට හො`දයි” (1963* චිත‍්‍රපටයේඇය ර`ගපෑවේ ජීවිතයේ අනේකවිධ කම්කටොලූවලටමුහුණදෙන සොහොයුරියකගේ චරිතයකි. එහිදී ගාමිණීෆොන්සේකා හා ආනන්ද ජයරත්න ර`ගපෑවේ ඇගේ බාලසොහොයුරන්ගේ චරිතයි. අවිහිංසක හැඩතලවලින් මෙන්මභාවාතිශය අවස්ථාවලින්ද යුත් චරිත නිරූපණය ස`දහා ඇයයොදා ගැනෙන්නේ මෙම චිත‍්‍රපටයේ ර`ගපෑමත් සමගිනි.ඇයගේ පස්වන චිත‍්‍රපටයද සිනමාස් සමාගමේමනිෂ්පාදනයකි.

”මේන් චූප් රහුන්ගී” නම් හින්දි චිත‍්‍රපටයේඅනුකරණයක් වූ ”උඩරට මැණිකේ” 1963 චිත‍්‍රපටයේ ඇයර`ගපෑවේ ප‍්‍රභූ තරුණයකු වෙතින් අනාථව මවක බවටපත්වන ගැමි තරුණියකගේ චරිතයයි. මෙම කතා පුවතමරැුගත් ”කල්ලතූර් කන්නම්මා” දෙමළ චිත‍්‍රපටය ඇසුරින්තැනුණු ”මංගලිකා” චිත‍්‍රපටය තිරගතවූයේද ”උඩරටමැණිකේ” චිත‍්‍රපටය සමගිනි. එහි මෙම චරිතය නිරූපණයකළේ රුක්මනී දේවි ය. ඇගේ චරිත නිරූපණයේස්වභාවිකත්වය ඉක්මවා කළ ර`ගපෑමක් වුවද ජීවරාණිතාත්වික ර`ගපෑමක් ගෙන ඒමට සමත් වූවාය. මෙය ඇගේර`ගපෑම් සැස`දීමට ලැබුණු හො`දම අවස්ථාවක් වූ බවසිහිපත් කළ යුතුය.”යටගිය දවස” (1965* චිත‍්‍රපටයේ ගාමිණී ෆොන්සේකාසමග ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ඇය 1966 දී ”සැනසුමකොතැනද” චිත‍්‍රපටයේ ඔහු සමග නැවතත් ප‍්‍රධාන චරිතයරඟපෑවාය.

No comments: