Thursday, August 13, 2009

සිනමා සාහිත්‍යයේ

ඇගේ ගමන සංඥාර්ථවේදී කියවීමක්දිනෙන් දිනම සිංහල සිනමාවට කසිකබල් චිත‍්‍රපටඑක්වේ. වට්ටෝරු ක‍්‍රමයෙන් මිදී කාලීන වැදගැම්මක්ඇති චිත‍්‍රපට බිහිවන්නේ කලාතුරකිනි. සිංහල සිනමාවහා ජනතාව ගැන කැක්කුමක් ඇති චිත‍්‍රපට අධ්‍යක්ෂවරුකිහිප දෙනෙක්වත් අප අතර සිටීම මහත් ආඩම්බරයකි.එබඳු සිනමාකරුවන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකුහැටියට වසන්ත ඔබේසේකර හඳුන්වා දිය හැකි ය.වසන්ත ඔබේසේකර තමන් හැ¥ චිත‍්‍රපට ගැන අපසමග කතා කළේ මෙසේ ය.ඔබ මෙතෙක් හැ¥ චිත‍්‍රපට තුන අතරින් මුලින් ම හැ¥‘වෙස්ගත්තෝ’ ගැන ඔබ දැන් සිතන්නේ කුමක් ද?මා හාපුරා කියා සිනමාකරණයට බැස්සේ ‘සත්සමුදුර’තුළින්. සත්සමුදුරේ සහාය අධ්‍යක්ෂක හැටියට මා කටයුතුකළා. ඇත්ත වශයෙන් ම සත්සමුදුර මුදල් ඉපැයීම අතින්අසාර්ථක වුණා. සත්සමුදුර නිපදවූ දිසානායක චිත‍්‍රපට සමාගමේ ඊළඟ අරමුණ වූයේ සිනමානුරූපී වූත්, ජනප‍්‍රිය වූත්චිත‍්‍රපටයක් නිපදවීමයි. ඒ කටයුත්ත ඔවුන් මා වෙත පැවරුවා.‘වෙස්ගත්තෝ’ බිහි වූයේ ඒ අන්දමටයි. වෙස්ගත්තෝ චිත‍්‍රපටයනිපදවන අවධියේ දී සිනමාකරණය පිළිබඳව මට තිබුණේපොත්පත් කියවීමෙන් වර්ධනය කරගත් දැනුමක් හා සත්සමුදුරටසම්බන්ධ වීමෙන් ලබාගත් සීමිත අත්දැකීම් ප‍්‍රමාණයක්පමණයි. චිත‍්‍රපටය නිර්මාණය කරද්දී මුහුණපාන්නට වූදුෂ්කරතාවයන් මඟහරවා ගැනීමට, කැමරා ශිල්පී විලීබ්ලේක්ගෙන් ලැබුණු සහයෝගය මා ඉතා අගයකොටසලකනවා. වෙස්ගත්තෝ තුළින් මා කියන්නට අදහස් කළේලොකු හොරු නිදැල්ලේ හැසිරෙද්දී පුංචි හොරු පමණක්නීතියේ රැුහැනට හසු වූ ආකාරයයි. වෙස්ගත්තෝ වාණිජමයඅතිනුත් සිනමාරූපී බවිනුත් බොහෝදුරට සාර්ථක වුණා. ඒදෙස ආපසු හැරී බලද්දී මා දකින දුර්වලකම්වලට හේතුවසිනමාකරණය පිළිබඳව එවකට මා තුළ වූ සීමිත අත්දැකීම්කියල මට හිතෙනවා.‘වල්මත්වූවෝ’ කාලීන වැදගැම්මක් ඇති චිත‍්‍රපටයක් ලෙස ඔබඅගය කරනවා ද?ඇත්ත වශයෙන් ම ඔව්. ‘වල්මත්වූවෝ’ චිත‍්‍රපටයටපසුබිම් වුණේ කාලීන වැදගැම්මක් ඇති තේමාවක්. මෙහි දීතරුණ අසහනය ඉතාම වැදගත් කාලීන ප‍්‍රශ්නයක්. තරුණඅසහනය ගැන කතාකරද්දී අපට කෙළින් ම ඊට තුඩු දුන්විරක්ෂා භාවය ගැන කතා කරන්න සිදු වෙනවා. 1956ටපෙර විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය හදාරා පිටවූ තරුණතරුණියන්ට පැහැදිලි අනාගතයක් තිබුණා. නමුත් ඒ අවධියේවිශ්වවිද්‍යාවලට යෑමේ වරප‍්‍රසාද හිමිවෙලා තිබුණේ එක්තරාසීමිත කොටසකට පමණයි. නමුත් 1956න් පසු ඒ තත්වයවෙනස් වුණා. නිදහස් අධ්‍යාපනයට දොර විවර වීමත් සමඟ ඕනෑ ම තරාතිරමක ම තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලවලටඇතුළු වීමේ අවස්ථාව හිමි වුණා. මේ අවස්ථාව භාග්‍යයක්කොට සැලකූ ඈත පිටිසර දෙමාපියන් තම ඉඩකඩම් පවා උකස්කොට තම දරුවන් විශ්වවිද්‍යාලවලට යවන්නට කටයුතු කළා.නමුත් ඉන්පසු විශ්වවිද්‍යාලවලින් පිටවූ දහස් ගණන් තරුණතරුණියන්ගේ රැුකීරක්ෂා ප‍්‍රශ්නය උග‍්‍ර වුණා. අනාගතය පිළිබඳවිශාල බලාපොරොත්තු ඇතිව තම ¥දරුවන්ගේ අධ්‍යාපනයටමඟපෑ¥ දෙමාපියන්ට මෙය අදහාගත නොහැකි ප‍්‍රශ්නයක්වුණා. අවසානයේ තම ඉඩකඩම් පවා අහිමි වීමෙන් හටගත්කම්පනය කොයිතරම් ද කිවහොත් ඔවුන් කිසිවක් කරකියාගතනොහැකි ව ගොළු වුණා. ‘වල්මත්වූවෝ’ හි එන සමන්ගේපියා තුළින් මා සංකේතවත් කළේ ඒ දෙමාපියන්ගේ මානසිකතත්වයයි. තම ඉඩකඩම් සින්න වීමත්, පුතාට රැුකියාවක්නොලැබීමත් ඔහුට ඔරොත්තු නොදෙන ඉවසුම් නොදෙන,මානසික ප‍්‍රශ්නයක් වුණා. ඔහු ගොළුවත රකින්නේ ඉවසාගතනොහැකි කෝපය නිසා විරක්ෂාභාවය නිසා තමන් ඇතුළුසෙසු තරුණයන් යම් යම් විෂම ක‍්‍රියාවන්ට පෙලඹීම අපටඅසාධාරණයි කියලා අපට කියන්න බෑ. ඔවුන් මුහුණපෑවේසමාජය විසින් ඇති කරපු ප‍්‍රශ්නවලට. සමාජය විසින් මමෙහෙයවන ලද මේ තරුණයන්ගේ විෂම ක‍්‍රියාවලට වගකිවයුත්තේ සමාජයයි. ඔවුන්ගේ ක‍්‍රියාවන් සාධාරණ ද අසාධාරණ දයන වග තීරණය කළ යුත්තේ සමාජය විසින්මයි.‘වල්මත්වූවෝ’ තුළින් නූතන තරුණ පරපුරේ ප‍්‍රශ්න ගැඹුරෙන්විග‍්‍රහ වුණාය කියා ඔබ සෑහීමකට පත්වෙනවා ද?ඇත්ත වශයෙන් ම ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතාකරනවාකියන්නේ දේශපාලනය ගැන කතාකිරීමක් නේද? ජනතාවගේප‍්‍රශ්න කතාකරන කලාකරුවා ජනතාවගේ පැත්ත ගත යුතුයි.නමුත් පවතින තත්වය යටතේ මීට වඩා ඒ ප‍්‍රශ්න ගැන ගැඹුරින්කතා කරන්න ගියා නම් මගේ චිත‍්‍රපටය තහනම් කරන්නත් ඉඩතිබුණා. චිත‍්‍රපටය හදනකොට මට අපේ පරීක්ෂක මණ්ඩලයගැනත් හිතන්න සිද්ධ වුණා. උදාහරණයක් හැටියට කියනවානම් පරීක්ෂක මණ්ඩලය ගැන හිතලා සමන් උපාධි සහතිකයගිනිබත් කරන දර්ශනය මට දෙපාරක්ම දර්ශනගත කරන්නසිද්ධ වුණා.‘වල්මත්වූවෝ’ චිත‍්‍රපටයේ සමන්ගේ චරිතය හැර සෙසු චරිතයදිහා ඔබ මතුපිටින් බැලූව කියලයි අපට හිතෙන්නෙ. ඒ ගැනඔබේ අදහස මොකක් ද?සීමිත කාලයක් තුළ ඒ එක් එක් චරිත ගැන කතාකිරීම අපහසුයි නේ ද? අනිත් අතට එහෙම කළා නම්මගේ සංදර්ශයෙන් පිට පැනලා චිත‍්‍රපටය අච්චාරු හැළියක්වෙන්නත් තිබුණා. ඒ නිසා මං කළේ සමන්ගේ චරිතය හැරඅවශේෂ චරිත පිළිබඳ දළ සටහන ඉදිරිපත් කිරීම පමණයි.එ ් එ ් දළ සටහන ් තළු නි ් එ ් එ ් චරිත කොයති රම් දුරට විගහ‍්‍රවුණා ද කියලා මට කියන්න අමාරුයි. කොහොම වුණත්වල්මත්වූවෝ මගේ ශ්‍රේෂ්ඨතම චිත‍්‍රපටය කියලා මං සෑහීමකටපත්වෙන්නෙ නෑ.වෙස්ගත්තෝ, වල්මත්වූවෝ වැනි චිත‍්‍රපට කළ ඔබදියමන්ති වැනි පොදුජන අනුභූතින්ගෙන් ඈත් වූ චිත‍්‍රපටයක්නිපදවීමට අදහස් කළේ ඇයි?දියමන්ති මගේ මුල් නිෂ්පාදනය. චිත‍්‍රපටයට අතගැසුවේවිශාල පරිත්‍යාගයන් කිහිපයක් කරලයි. මට මෙහි දී සෑහෙනආර්ථික දුෂ්කරතාවයන්ට මූණ දෙන්න සිද්ධ වුණා. තත්වයඑහෙම නම් චිත‍්‍රපටය අසාර්ථක වුණොත් ඇතිවන තත්වයමොකක්ද? හැකිතරම් සිනමානුරූපීව ජනප‍්‍රිය චිත‍්‍රපටයක්තැනීමට කළ උත්සාහයේ ප‍්‍රතිඵලයක් දියමන්ති. දියමන්තිමගේ මුල් චිත‍්‍රපට දෙකට වඩා ශිල්පීය අතින් උසස් කියලාමට හිතෙනවා.මින් ඉදිරියට ඔබ ‘වල්මත්වූවෝ’ වැනි චිත‍්‍රපට කිරීමටබලාපොරොත්තුවෙන්නේ නැද්ද?මින් ඉදිරියටත් මං බලාපොරොත්තු වෙන්නෙහැකි තරම් කාලෝචිත ප‍්‍රශ්න සාකච්ඡුා කෙරෙන චිත‍්‍රපටතැනීමටයි. මගේ මීළ`ග චිත‍්‍රපටයත් ඒ වගේ එකක්. ඉවක් බවක්නැතිව බිහිවෙච්චි හරසුන් බොළ`ද පේ‍්‍රමකතා - මාරක කතාකියවීමෙන් හදාගත්ත මනඃකල්පිත ලෝකයක ජීවත් වෙන්නඋත්සාහ කළ තරුණියක්, හරි පදනමක් නැතිව එහෙන්මෙහෙන් කියවූ දේශපාලන ප‍්‍රචාරක පොත්පත්වලින් අවුල්කරගත් හිසක් ඇති තරුණයෙකු සමග විවාහ වී තම තමන්විසින් ඇති කරගත් ලෝකවල ජීවත් වන්නට උත්සාහ කළත්තත්‍ය ලෝකය ඉදිරියේ ඔවුන්ගේ අර මනඃකල්පිත ලෝකයදෙදරා යන අයුරු කියන්නට මා උත්සහා කළා.සිංහල සිනමාවේ උන්නතිය ගැන කතා කරන චිත‍්‍රපටසංස්ථාවට, සිංහල සිනමාව දැනට වැටී ඇතිවාණිජත්වයේ මඩ වගුරින් ගොඩ ගන්නට හැකිවේයැයිකියා ඔබ සිතනවාද?සිංහල සිනමාව දැනට තියෙන තත්වයෙන් ගොඩගන්නසංස්ථාවට ලේසි පහසු වෙන්නේ නැහැ. නමුත් සංස්ථාවඋසස් චිත‍්‍රපට බිහි කිරීමට 50% හා 100% ණය දීමේක‍්‍රමය වැදගත් පියවරවල් හැටියට අපි අගය කරන්න ඕන. චිත‍්‍රපටකරණය පිළිබ`ද කාර්මික දැනුමක් ඒ තරම්නැතිවුණත් නිර්මාණාත්මක කුසලතා ඇති කොටසක්අපි අතර සිටිනවා. නමුත් සංස්ථාවේ නීතිරීති හැටියටඔවුන්ට එකවරම චිත‍්‍රපටයකට අතගසන්නට අවස්ථාවක්නොලැබීයාම මහත් කනගාටුවට හේතුවක්. මෙයින්සිදුවන්නේ එදා පටන් සිනමාව අරක්ගත් පිරිස පමණක්සිනමාකරණයේ නියැළීමයි.සිංහල සිනමාව ජාත්‍යන්තර චිත‍්‍රපටවල මට්ටමට ගෙනඒමට ඇති බාධක මොනවාද? ඒවා ම`ග හරවා ගැනීමටඔබ ගෙනෙන යෝජනා මොනවාද?නිර්මාණාත්මක හැකියාවන් ඇති අධ්‍යක්ෂවරු හි`ගවීම ඊට ප‍්‍රධාන හේතුවක්. නිර්මාණාත්මක කුසලතාවයන්ඇති චිත‍්‍රපට අධ්‍යක්ෂවරු කී දෙනාද අප අතර ඉන්නේ?අනිත් එක සිංහල සිනමාවේ ආරම්භයේ පටන්ම අරක්ගත්තු, යල් පැනපු අදහස් ඔලූව උඩ තියාගෙන වන්දනාවේයන චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් අපට කවදාවත් උසස්චිත‍්‍රපට බලාපොරොත්තු වෙන්න බෑ. නව තරුණපරපුරෙන් විතරයි අපිට යමක් බලාපොරොත්තු වෙන්නපුළුවන්කම තියෙන්නෙ.සිනමාකරණය විශ්වවිද්‍යාලවල විෂයයන් හැටියටඋගන්වා උපාධි ලබන්නවුන්ට කෙළින්ම සිනමාවටසම්බන්ධ වීමට ඉඩකඩ සැලැස්වීම සිංහල සිනමාවේදියුණුවට හේතුවේ යයි මං හිතනවා.මෙරට සිනමා මාධ්‍යයේ වර්ධනය උදෙසා සිනමා සාහිත්‍යයෙන් වූ අනුග‍්‍රහයඉමහත් ය. එබැවින් සිනමා සාහිත්‍යයත්, ඉතිහාසයත්, අධ්‍යයනයකරන්නන් හා උනන්දුවක් දක්වන්නන්ට එදා සිනමාව උදෙසා පළකෙරුණු ප‍්‍රකාශන හා ඒවායේ පළ වූ ලිපි හඳුනාගැනීම වැදගත්වේ යැයි සිතමු. ඉකුත්සති කිහිපය තුළ මෙම තීරයෙන් මතක සටහන් අතරට එක් කළ ‘සිනමා ප‍්‍රකාශන’අද දක්නට නැත. ඇතැම් ප‍්‍රකාශන දුර්ලභ ය. මෙවර අප පළ කරන්නේ 1976 ජුනි 25පළ වූ ‘සකුරා’ සිනමා අර්ධ මාසිකය හා එහි පළවූ ලිපියකි. ‘සකුරා’ සංස්කරණය කරඇත්තේ ගුණසිරි සිල්වා, වී.එන්. නිෂාම් සහ ජී.එල්. ආරියපාල විසිනි. ගුණසිරි සිල්වාමහතා වර්තමානයේ ක්බන්ිජරුැබගජදප වෙබ් අඩවියේ සංස්කාරකවරයා ය. ජී.එල්.ආරියපාල මහතා වර්තමානයේ ද ලේඛකයෙකි. කලක් මහ බැංකුවේ සේවය කළනිෂාම් මහතා මෑතක දී කලූරිය කළේ ය.ගුණසිරි සිල්වාසිනමා සාහිත්‍යයේඩකශ ඬෙඳැුච‰මා හැ¥චිත‍්‍රපටවසන්ත ඔබේසේකර කියයි

No comments: