Wednesday, August 19, 2009

ජීවිතයට ආදරය කරන්න

ජීවිතේ හරි අමාරු කාලවල් ආවහම කඩා නොවැටි ඉදිරියටම යන්න නම් අපි අපේ ජීවිත ශක්තිමත්ව ගොඩ නගා ගෙන තියෙන්නම ඕන. ජීවිතේ ප්‍රශ්ණ කවදා කොයි විදිහට ඒවිද කියන්න කව්ද දන්නේ ? අන්න ඒ නිසාම පාසල් කාලෙදිම අපි අපේ ජීවිත මොන විදියට ගොඩ නගාගන්නවද කියන එක තීරණය කරන්න ඕන. හැබැයි ඉත්න් අපි වටේ ඉන්න ගොඩ දෙනෙක් අපි ජීවිත ගොඩනගාගන්න හදන කොට අපේ කකුලෙන් ඇදලා අපව බිම වට්ටන්න හදන අය කියලත් තේරුම් අරගෙන ඉන්න එක වැදගත්. ඒ විදියට අමාරුවෙන් හරි ජීවිතය ගොඩ නගා ගන්නේ නැතුව " අනේ බං මේ ජොලිය තව ටික කාලයයි නේ තියෙන්නේ කියලා " ජීවිතේ තීරණාත්මක කඩඉම් පහුකරන මේ කාලේ හදවතට ඕන හැටියට ජීවිතේට රස්තියාදු ගහන්න දුන්නොත් නම් හැමදෙයක්ම එතනින්ම ඉවර වේවි.

තවත් එකක් , මුල ඉදලම ඔයාලගේ ජීවිතේ ගොඩනැගෙන විදියට එාලගේ මිත්‍ර සමාගමත් ප්‍රබලවම බලපානවා. ටිකක් විතර විපරම් කරලා බලන්න අධ්‍යාපනය අතින් ,බාහිර ක්‍රියාකාරකම් අතින් සාර්ථක වෙන හැම කෙනෙක් පිටිපස්සෙම හොද මිතුරු නඩයක් ඉදලා තියෙනවා. ඒක අපි අපේ ජීවිතවලටත් ආදර්ශයක් කරගත යුතුයි . මොකද , අපාය සහයලා , වචීපරමලා එක්ක ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමේ මේ මහා මෙහෙයුම දියත් කරන්න බැරිනිසා.

ඒ වගෙමයි ජීවිතය ගොඩනගා ගන්න යන මේ ගමනෙදි හැම වෙලාවකම අරටුවක් සහිත තීරණ ගන්න අපට පුළුවන් කමක් තිබිය යුතුයි.ඒ හැකියාව පෞරුෂය මුල ඉදලාම අප තුල ඇතිකර ගත යුතුයි. මොකද ඒක ජීවිතය ගොඩනගා ගැනීමේදී බලපාන ප්‍රබල සාධකයක් නිසා.

ඉතින් ඔය හැම දෙයක්ම සම්පූර්ණ කරගෙන ඔයාලා ඔයාලගේ ජීවිතය අනාගතයේ දවසක ගොඩනගාගත්තා කියමුකෝ හැබැයි ඉතින් එහෙම ගොඩනගාගත්තු ජීවිතේ ඒ විදිහට ගොඩනගා ගන්න පටන් ගත්තු විදිහ, ඒ පටන් ගැන්මට තමාට දිරි දුන්න අය අමතක කලොත් නම් ඉතින් උදේ ඉදලා වතුර ඇදලා හවස මුට්ටිය බිදගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ .

අනේ කිසිම කෙනෙක් එහෙම නම් වෙන්න එපා .මොකද අපි අපේ ජීවිත ගොඩනගා ගන්නවා වගේම හදවතත් පිරිසිදුව නිර්මලව ගොඩනගා ගත යුතුයි . එහෙම වුනොත් විතරයි යාළු අමාරුවෙන් ගොඩලගා ගත්තු ජීවිතේ වරිච්චි නොගැලවී තියෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතේ දැන්ම ඉදලම හෙමි හෙමින් ගොඩනගා ගන්න . එහෙම ගොඩනගා ගත්තු ජීවිත කල් පවතිනවා.

සේපාලිකා මල් ඉක්මනින් පිපෙනවා
ඒ ඉක්මනින් පරවෙනවා......
පොල් මලක් පූදින්න කාලයක් යනවා
එසේම පොල් මලක් කාලයක් පිපී තිබෙනවා.

මේ දහම ජීවිතයටත් අයත්.

No comments: