Wednesday, August 19, 2009

ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාව


" ජීවිතය රග මඩලකි. අපි එහි නළු නිළියෝ වෙමු. "

යැයි ප්‍රකට කියමනක් අසා ඇත්තෙමි. එය ඔබ අසා ඇතුවාටද කිසිදු සැකයක් නැත. එසේ නම් ඒ නළු නිළියන් අතරෙනුත් අති දක්ෂයන්ව මුලු මහත් ලෝකයා හමුවේ පෙන්වන්නා වූ අති ප්‍රබලම කැඩපත චිත්‍රපට කලාවයි. චිත්‍රපට කලාව වූ කලී ශ්‍රී ලාංකික අප හටද ආගන්තුක වූවක් නොවේ . " කඩවුනු ‍පොරොන්දුවෙන් ඇරඹී....රන්මුතු දූවෙන් ඔප වැටී..... රේඛාවෙන් නියම මගට වැටුනා වූ අති සුන්දර චිත්‍රපට ඉතිහාසයකි අපට උරුමව ඇත්තේ .
නමුත් අන් බොහෝ කාරනාවලදී මෙන්ම චිත්‍රපට කලාවේ මුල් යුගයේදීද බිහි වූ බොහෝමයක් සිංහල චිත්‍රපට අමු අමුවේම හින්දි කොපි බවට පත් විය. බොහෝ විට ඒවායේ ඇතුලත් සංගීතයේ සිට... රංගන වින්‍යාස දක්වාම හින්දි කොපියක් බවට පත් වි තිබුණි. නමුත් " හැමදාමත් හැමදෙයක්ම එකලෙසින් නොපවතී " යන කියමන පසක් කරමින් එම තත්වය කාලයත් සමගින් වෙනස් විය. ලාංකිකයන් චිත්‍රපට කලාවේ භාරදූර කාර්යයන්වලට අත ගැසීමත් සමගින් වාණිජමය හා කලාත්මක යන චිත්‍රපට අංශ දෙකෙහිම අදිසි පිබිදීමක් ඇතිවූ අතර එහි උච්චතම අවස්ථාව 70 දශකයයි. 70 දශකය වන විට චිත්‍රපට රංගනයට , අධ්‍යක්ෂනයට , නිෂ්පාදනයට මෙන්ම චිත්‍රපටවල සංගීත අංශය සදහාද අතිදක්ෂයින් පිරිසක් මෙරට තුල නිර්මාණය වී තිබුණි. එහෙත් තව දුරටත් චිත්‍රපටවල දෙබස් හඩ කැවීම් ඇතුලු තාක්ෂණික අංශයේ බොහෝමයක් කරුණු සපුරා ගත්තේද භාරතය තුලදී ය. මෙම යුගයේත් යම් යම් අවස්ථාවල හින්දි ආභාෂයෙන් යුතු චිත්‍රපට මෙරට තුල බිහිවිය.

කෙසේ වුවද අද පවා හදුන්වන්නා වූ චිත්‍රපට කලාවේ ස්වර්ණමය යුගය වන 70 දශකයෙන් පසුව උදා වූ 80 දශකය ශ්‍රී ලාංකීය චිත්‍රපට කලාවට එතරම් සුබදායක නොවීය. එවකට ශ්‍රීලංකාව තුල පැවති දේශපාලන හා ආර්ථිකමය රාමුව කිසිසේතම සාර්ථක චිත්‍රපට කලාවක් රදා පැවතීමට නොසෑහුනි. මේ කරුණ හේතුවෙන් බලා සිටියදීම අපේ නෙතුමානයෙන් ශ්‍රී ලාංකේය සැලෝලයිට් සිනමා කලාව හෙවත් චිත්‍රපට කලාව බිදී විසිරී යන්නට විය. නොසිතූ මොහොතක අපේ චිත්‍රපට කලාවට ගිම්හානය උදා විය. මෙම ගිම්හානය 80 දශකය අගභාගයේ සිට නවසියවස ඇරඹෙනතුරුත් පැවතුනි.

නමුත් පුරන්ව ගියා වූ සිනමාකෙත යලිත් සාරවත්ව අස්වද්දන්නට නව සහශ්‍රය තුල සිනමාවට පිවිසියා වූ නවකයන් මෙන්ම උදා වූ සහශ්‍රයත් සමග යලිත් කරලියට බට ප්‍රවීනයන් බොහෝ දෙනෙකු ද උත්සුක විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපට කලාවක් කෙමෙන් කෙමෙන් ගොඩ නැගෙන්නට විය. ඒ ඇසුරෙන් බිහි වූ බොහෝ චිත්‍රපටයන්ට ජාත්‍යයන්තරයේ යම් යම් සීමාවන් ජය ගැනීමට ද හැකි විය. මේ තත්වය මෙලෙසින් පවතිද්දී පසුගිය අවුරුදු දෙක තුනක කාලයේ නැවතත් ඉන්දියානු ආක්‍රමණයක් දැකගත හැකි විය. නමුත් ඒ ආක්‍රමණයන්ට නිසි පිළිතුරු චිතුපට කලාවෙන්ම ලබා දෙන්නට 100% යක්ම දේශීය වූ අපේ නිර්මාණකරුවන්ට හැකි විය.

ලෝකයේ චිත්‍රපටකලාව හා සසදද්දී තාක්ෂණය , රංගන වින්‍යාස සංගීතය යන අංශවලින් අප තවමත් ඉන්නේ ආරම්භක අඩියක වුවද මේ යන ගමන මෙලෙසින්ම ඉදිරියට ගලාගියහොත් අපේ රටේ සිනමාවේ හෙට දවස එතරම් කලුවර නොවනු ඇතැයි විශ්වාසයක් මසිතේ පවතී.

No comments: